සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, ආත්මය සහ ඊගෝ එක..!
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපිව දැනුවත් කළේ ‘ආත්මයක්’ (subject) ගැන. ඒ ආත්මය, අපේ ‘ඊගෝ’ (ego) එකට වඩා වෙනස්ව, ඊගෝ එකේ බලපෑමෙන් තොරව ක්‍රියාත්මක වෙනවා. ඊගෝ එක කියන්නේ අපි හැමදාම දන්න, හිතන, දේවල් කරන, “මම” කියන හැඟීම තියෙන කොටස. ඒ කියන්නේ අහම. මේ ‘ආත්මය’ (subject) අවිඥානය (unconscious) තුල තියෙන දේවල් එක්ක ක්‍රියා කරනවා. ඒක අපේ හැඟීම්, හිතුවිලි සහ හැසිරීම් වලට බලපානවා. ඒක තමයි අපේ නොදැනුවත්වම තියෙන ආශාවන්, ගැටුම් සහ හැඟීම් වල මූලාශ්‍රය. මේ ‘ආත්මය’ සහ ඒක වැඩ කරන විදිය තේරුම් ගන්න අමාරුයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ෆ්‍රොයිඩ්ගේ වැඩ වල ප්‍රධාන අරමුණ වුනේ, මේ නොදැනුවත් (unconscious)අවිඥාන කලාපය , එහෙමත් නැත්නම් “ආත්මය” ගැන තේරුම් ගැනීම පහසු කරලා දෙන එක. ඒත් ඒක ගොඩක් සංකීර්ණ දෙයක්. සරලවම කිව්වොත්, ෆ්‍රොයිඩ්ගේ අදහස වුනේ අපේ (unconscious mind) සහ ඒක අපිව කොහොමද හැඩ ගස්වන්නේ කියන එක. ඒක අපිට සාමාන්‍යයෙන් නොපෙනෙන ලෝකයක්.

https://data.atomiyme.com/image/3e460596703c0ea7.jpg
ෆ්‍රොයිඩ් පැහැදිලිකල ” ආත්මය” පිළිබඳ සංකල්පය.
මනෝ විශ්ලේෂණයේදී, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් හඳුන්වා දුන් ‘ආත්මය’ පිළිබඳ සංකල්පය, මිනිස් සිතුවිලි සහ හැසිරීම් පිළිබඳව අපගේ අවබෝධය ගැඹුරින් වෙනස් කළේය. මෙම සංකල්පය, අපගේ එදිනෙදා අත්දැකීම් වලදී දක්නට ලැබෙන බෙදීම් සහ විෂමතාවයන්ට රහසිගත එකමුතුවක් ගෙන එන, ඉතාමත් වැදගත් අංගයකි. සාමාන්‍ය මිනිස් ජීවිතයේදී, අපගේ ආශාවන් සම්බන්ධයෙන් අපි බොහෝ විට ව්‍යාකූලත්වයට පත්වෙමු. අපගේ හැඟීම්, ආශාවන් සහ අරමුණු අතර ගැටුම් ඇති වේ. නමුත්, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වා දුන්නේ මෙම බෙදීම් පිටුපස සැඟවුණු එකමුතුවක් ඇති බවයි. මෙම එකමුතුව ගොඩනඟනු ලබන්නේ අප විසින් හඳුනා නොගන්නා, නොදන්නා ‘ආත්මයක්’ විසිනි. අපගේ සිතුවිලි සහ ක්‍රියාවන් පාලනය කරන, අපගේ පාලනයෙන් තොර බලවේගයන්ගෙන් අප වට වී ඇත. අපගේ සැබෑ අරමුණු මොනවාදැයි අප නොදැන සිටිය හැක.

අපගේ එදිනෙදා අත්දැකීම් බොහෝ විට කැබලිවලට කැඩී ඇත. අපි විවිධ ආශාවන්, හැඟීම් සහ විශ්වාසයන් අතර බෙදී යා හැක. ‘ආත්මය’ මෙම බෙදීයාම් පිටුපස සැඟවුණු එකමුතුවක් පවතින බව පෙන්වයි. අපගේ සැබෑ අභිප්‍රේරණයන්ගෙන් අපි වෙන් වී සිටිමු. අප ඇයි එසේ කරන්නේ දැයි අපට නොතේරෙන ක්‍රියාවන්හි අපි නිරත විය හැකියි. මෙහි වැදගත්ම කාරණය වන්නේ, ‘ආත්මය’ සාමාන්‍යයෙන් අප හඳුනා ගන්නා ‘මම’ නොවන බවයි. එය අපගේ විඥානයෙන් බැහැරව පවතින වෙනස් දෙයකි. එමනිසා, මෙම ප්‍රකාශය අවධාරණය කරන්නේ, නොදන්නා සිතුවිලි, අපගේ සිතුවිලි සහ හැඟීම් සමූහයක් පමණක් නොව, අපව හැඩගස්වන මූලික වශයෙන් ‘බාහිර ’ බලයක් බවයි. මෙම ‘බාහිරත්වය අපට තේරුම් ගත හැකිද.
මනෝවිශ්ලේෂණයේ ප්රිථිකාරයේ අරමුණ.
මනෝ විශ්ලේෂණයේ මූලික හරය වන්නේ, අපගේ හැසිරීම් සහ අත්දැකීම් බොහොමයක් අපගේ සිහියෙන් තොරව සිදුවන බවයි. (unconscious) විශ්ලේෂණ ක්‍රියාවලියේදී සිදු වන්නේ ප්‍රධාන වශයෙන් රෝගියාගේ සිහියෙන් තොර සිතුවිලි, හැඟීම් සහ අත්දැකීම් ගවේෂණය කිරීම තුළින් ගැටළු වලට හේතු වන දේ හඳුනා ගැනීමට උත්සාහ කිරීමයි. ලැකාන්ට අනුව, මනෝ විශ්ලේෂණ ප්‍රතිකාරයේ අරමුණ වන්නේ මනුෂ්‍යයෙකුගේ යහපැවැත්ම හෝ සාර්ථක සමාජ ජීවිතයක් ගත කිරීම හෝ පුද්ගලික ස්වයං-තෘප්තිය සදහා උදව් කිරීම නොව, ඔහුට හෝ ඇයට ජිවිතේ තිබෙන සැබෑවට මුහුණ දීමේදී සිදුවන ගැටළු සහ ඒවායේ මූලාරම්භය පිළිබද අවබෝධයක් ලගා කර දීමයි.
ඔහුගේ හෝ ඇයගේ තිබෙන ආශාවේ අවහිරතා වලට මුහුණ දීමේදී ඇති වන ගැටළු වටහා ගැනීමයි. ලැකාන්ගේ ප්‍රධාන විවේචනය වුනේ අනෙකුත් මනෝ විශ්ලේෂණ දිශානතියන්ගේ සායනික දිශානතියන් පිළිබඳවයි.” ලැකාන්ගේ මනෝ විශ්ලේෂණ ක්‍රමය අනෙකුත් ප්රවේශයන්ට වඩා වෙනස් වන්නේ( ෆ්‍රොයිඩ්වාදය, ජුංගියානු ක්‍රමය) මෙ හේතුව නිසයි. අනෙකුත් ක්‍රමවල අරමුණ වන්නේ රෝගියා සතුටින් තැබීම, සමාජයේ සාර්ථක කෙනෙකු වන්නේ කෙසේද හෝ පුද්ගලික ඉලක්ක සපුරා ගැනීම විය හැකියි. නමුත් ලැකාන් ඊට වඩා ගැඹුරු දෙයක් ගැනයි කතා කරන්නේ. ලැකාන්ගේ අරමුණ වන්නේ රෝගියාට තමන්ගේ පැවැත්මේ මුලික හරය, (elementary coordinates) තේරුම් කර ගැනීමටත්, තමන්ගේ ආශාවන් නිසා ඇතිවන ගැටළු සහ අවහිරතා (deadlocks) හඳුනා ගැනීමටත් උපකාර කිරීමයි.

අවහිරතාවල ස්වභාවය.
පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හැදිලා තියෙන්නේ භාෂාව සමග ඇති සම්බන්ධය මතයි. ආශාවන් සහ සිහියෙන් තොරව සිදුවන දේවල් වැනි ඔහුගේ හෝ ඇයගේ පැවැත්මේ මූලික අංගයන්ය. ආශාවේ අවහිරතා කියලා අදහස් කරන්නේ මිනිස් ආශාවන් තුළ ඇති නොගැලපීම්, පරස්පරතා සහ නොවිසඳුණු ගැටළුය. ලැකාන් විශ්වාස කළේ ආශාව තුළ යමක් අඩුවෙන් පවතින අතර එම නිසා යම් යම් “අවහිරතා” වලට මග පාදන බවයි. පුද්ගලයෙකු මෙම අවහිරතා වල ස්වභාවය තේරුම් ගත යුතුයි. සරලව කිව්වොත්, ලැකාන්ගේ ක්‍රමය වන්නේ ඔහුගේ හෝ ඇයගේ අභ්‍යන්තරික අත්දැකීම් වල මූලික හරයට (ආත්මීයත්වයට )එබී බැලීමට උත්සාහ කිරීමයි. ඒක සතුටුදායක දෙයක් නොවෙන්න පුළුවන්, නමුත් එය ඉතා වැදගත් වන්නේ ඔහුගේ හෝ ඇයගේ ගැටළු මොනවාද සහ ඒවාට හේතු මොනවාද යන්න තේරුම් ගැනීමටයි. ඉතින්, ලැකාන්ගේ අදහසට අනුව, ප්‍රතිකාරයේ අවසානය වන්නේ රෝගියාගේ ගැටළු නැති කිරීම නොව, ඒවායේ ස්වභාවය සහ ඒවා රෝගියාගේ ජීවිතයේ කොටසක් ලෙස අවබෝධ කර ගැනීම තුලිනුයි.
