මහාචාර්‍ය ඩී. එස් රණවක යනු වංචනිකයෙක්ද ?
මනෝ විද්‍යාත්මක උපදේශනය ලංකාවේ ජනප්‍රිය වන විෂයකි. දිවයින පුරා බොහෝ පුද්ගලික ආයතන මනෝ උපදේශන පාඨමාලා පවත්වති. මාස 6 -8 අතර පවත්වන මෙම උපදේශන පාඨමාලා නිම කරන පුද්ගලයන් පුද්ගලික සායන පවත්වමින් මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම දක්නට ලැබීම සුලබ කරුණකි. මෙය බරපතල තත්වයක් වන අතර ඇතැම් ඊනියා මනෝ උපදේශකයෝ ඖෂධ පවා රෝගීන්ට නිර්දේශ කරති. තවද ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ප්‍රදර්ශනය කරමින් මනෝ උපදේශන පාඨමාලා පවත්වන පුද්ගලයෝ සිටිති. අප විසින් ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ප්‍රචාරය කරමින් මනෝ උපදේශන පාඨමාලා පවත්වන එක් පුද්ගලයෙකු හඳුනා ගත් අතර ඔහු පිලිබඳව අනාවරණය කිරීමක් කරන්නෙමු. (මෙයට පෙර මේ හෙලිදරව්ව සහෝදර වෙබ් අඩවි වන Lanka News Web, Lanka Dawasa සහ තවත් සමාජ මාධ්‍ය ගණනාවක අනාවරනය කල බව කරුණාවෙන් සලකන්න)

මහචාර්‍ය ඩී.එස්. රණවක.
image source-https://www.lankadawasa.com/wp-content/uploads/2021/07/d.s.ranawaka.png
දොන් සෝමදාස රණවක නොහොත් ඩී එස් රණවක පෙනී සිටින්නේ මනෝ විද්‍යාඥයෙකු වශයෙනි. ඔහු ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. එසේම ඔහුගේ ආයතනය විසින් උපදේශනය සඳහා උපදේශකවරු පුහුණු කරයි. මේ සඳහා රුපියල් 100,000 සිට 200, 000 මුදලක් අය කරනු ලැබේ. මේ වන විට විවිධ රජයේ ආයතන විසින් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා මේ ආයතනයේ උපදේශකවරු පුහුණු කොට තිබේ. එසේම පුද්ගලික වශයෙන්ද සිසුන් මුදල් ගෙවා මේ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරා මානසික උපදේශකවරුන් ලෙස රට පුරා සේවය කරති.
මාධ්‍යවේදීන් පිරිසක් විසින් කල විමර්ශනයකදී හෙළි වූ කරුණු අනුව ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය යනු අධ්‍යාපනික ආයතනයක් නොව පුණ්‍යයතනයක් ලෙස ලියාපදිංචි කරන ලද ආයතනයකි. එහි අධ්‍යක්ෂකවරයා වන ඩී එස් රණවක තමන්ට FIPC සහ MICP යන මනෝ චිකිත්සක උපාධි ඇති බවට රටට හෙළි කර තිබුනද මේ උපාධි ඔහු විසින් වංචනිකව තම ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය මගින්ම තමන්ටම පිරිනම්මවා ගෙන තිබෙන උපාධි වේ. මනෝ විද්‍යාව සඳහා සාමාන්‍ය හෝ ශාස්ත්‍රපති උපාධියක් කිසිම පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඔහු ලබාගෙන නැත.
පිළිගත් විශ්ව විද්‍යාලයකින් මනෝ විද්‍යාව සඳහා සාමාන්‍ය උපාධියක්වත් නැති ඩී. එස්. රණවක මහතා විසින් මනෝ උපදේශකයන් පුහුණු කරන අතර මුදල් ගෙවා ඕනෑම අයෙකුට මනෝ විද්‍යාව පිළබඳ MICP සහතික ලබා ගත හැකිය. මේ සහතික දරන්නන් බොහොමයක් අධ්‍යාපන දෙපර්තමේන්තුවේ සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශ ආදී ආයතනවල මෙන්ම පුද්ගලික සායන ආරම්භ කොට මනෝ උපදේශකයන් වශයෙන් සේවය කරති. කිසිම දැනුමක් සහ වෘත්තිය පුහුණුවක් නැති මේ පුද්ගලයන් ජනතාවගේ මානසික සෞඛ්‍යය සමග සෙල්ලම් කිරීම බරපතල ගැටලුවක් බව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ජේෂ්ඨ මනෝ වෛද්‍යවරයෙකු පවසයි. වෘත්තිය පසුබිමක් හෝ පිළිගත් විශ්ව විද්‍යාල උපාධියක් නොමැති රණවක මහතා කොළඹ 3, ඇල්ෆ්‍රඩ් ඇවනිව්හි (යාබද ධර්මරාජ මාවතේ ) තම ආයතනය පවත්වාගෙන යමින් පාඨමාලා කරගෙන යනු ලබන අතර මනෝ වෛද්‍ය උපදේශන උපාධි පවා පිරිනමනු ලැබයි.
ඩී.එස්.රණවක කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හා මනෝ විද්‍යා පීඨයෙහි හිටපු සහාය මහාචාර්යවරයෙකි (Associate Professor). ඔහුට තිබූ සුදුසුකම වන්නේ BEd (hons) සහ MA යන සහතික දෙකයි.මනෝ විද්‍යාව විෂයයෙන් හෝ වෙනත් කිසිදු විෂයකින් ඔහු ආචාර්යය උපාධියක් ලබා නොමැත. විශ්ව විද්‍යාල සම්ප්‍රදාය අනුව කලක් සේවය කිරීමෙන් පසුව ඔහු සහාය මහාචාර්‍යවයෙකු බවට පත්විය.අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීමේදී මනෝවිද්‍යාත්මක කරුණු අධ්‍යයනය කළ පමණින් මනෝ විද්‍යා මහාචාර්යවරයකු ලෙස පෙනී සිටීමේ හැකියාවක් රණවකට නැත. තවද විශ්‍රාම ලැබීමෙන් පසු ඔහුට මහාචාර්‍ය (Professor) නාමය භාවිතා කල නොහැක.

image source-https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2022/01/mano.jpg
සහාය මහාචාර්යවරුන් (Associate Professor) විශ්‍රාම ගිය පසු මහාචාර්ය යන පදවිනාමය භාවිතා කළ නොහැකි අතර එය වෘත්තිය ආචාර ධර්මවලට මුළුමනින්ම පටහැනිය. කෙසේවෙතත් රණවක මහතා තම ව්‍යාපාර දියුණුවට අත්වැලක් වශයෙනුත්, තම පාරිභෝගික ජනතාව සහ සිසුන් මුලා කිරිම සඳහාත් තමන්ව හඳුන්වා ගැනීම සඳහා මහාචාර්ය නාමය යොදාගනිමින් සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසිය.
රණවක සහ ඔහුගේ ගෝලයන් විසින් රට පුරා මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන අතර මෙය රජයේ මනෝ සෞඛ්‍ය පනත සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රෙගුලාසි බරපතල උල්ලංඝනය කිරීමක් වුවත් ඔහු වර්ෂ ගණනාවක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව මෙම කටයුත්ත පවත්වාගෙන යයි. ඔහු මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ව්‍යාජ උපාධි සහතික ඉදිරිපත් කර පාඨමාලා පවත්වමින් රටක් රවටා මුදල් වංචා කළ පුද්ලයෙකි. ඔහුගෙන් ව්‍යාජ සහතික ලත් විශාල පිරිසක් මනෝ විද්‍යා පාඨමාලා පවත්වමින්ද මනෝ වෛද්‍යවරුන් ලෙස දිවයිනේ විවිධ ස්ථානවල වෛද්‍ය සායන පවත්වමින්ද රණවකගේ වංචාව ඉදිරියට ගෙනයති. කොරෝනා ව්‍යසනයේදීද රණවක රූපාවාහිනියෙන් මුදල් ගෙවා වැඩසටහන් ප්‍රචාරය කරන අතර උපදේශනය සහ මානසික ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වෙයි. ලංකාවේ හොර වෙදුන් 50,000 පමණ සිටින බව කියන සෞඛ්‍ය බලධාරීන් තම එවැනි හොර වෙදුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියා කරන බව කීවද සෞඛ්‍ය අමාත්‍යංශයේ සිට කිලෝමීටර් 5-6 දුරකින් පිහිටා ඇති මෙම නීති විරෝධී ප්‍රතිකාර මධ්‍යස්ථානය තවමත් ක්‍රියාත්මකය.

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSXuv-IWXORzc6_Q2PezEbESGfgYzTyyu7zew&s
ඩී එස් රණවක ගේ වියාජ උපාධි කඩයේ අනෙක් බරපතල කරුණ නම් මෙම MIPC , AMPC Dip in Counseling , PGDE Dip in Counseling , යන කිසිදු ප්‍රමිතියක් නැති මනෝවිද්‍යා උපාධි මගින් බොහෝ පිරිසක් රජයේ නිලධාරීන් නොමග යවා රැකියා සහ උසස්වීම් ලබාගෙන තිබීමයි. මෙම කරුණ ගැන කොළඹ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අංශයේ මහාචාර්යවරියක ගෙන් විමසු විට ඇය ප්‍රකාශ කලේ මෙය ඉතා බරපතල තත්වයක් බවයි. මෙම රැකියා සහ උසස්වීම් ලබාගත් පිරිසට නිසි දැනුමක් සහ පුහුණුවක් නැති බවත් ඔවුන් දැන් වසර ගණනාවක් පුරා අධ්‍යාපනය සහ උපදේශන කටයුතු වල නිරතවන අතර බරපතල ගැටළු ඉන් මතු වී ඇති බවද එම මහාචාර්යවරිය ප්‍රකාශ කලාය.
.
ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටියත් මාසිකව විශාල මුදලක් උපයන ආයතනයකි. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල ප්‍රධානීන්ට නොමිලේ උපාධි පිරිනමා හෝ මුල්‍යමය තෑගි දී ඔවුන් මගින් ආයතන සේවකයන්ට රාජ්‍ය මුදල් වලින් පුහුණුව ලබා දෙයි. මේ සියලු මුදල් අධ්‍යක්ෂකවරයාගේ සාක්කුවට බැර වන මේ මුදල් සඳහා කිසිම් අදායම් බදු මුදල් නොගෙවයි. මේ ආයතනය ලියාපදිංචි කරන ලද්දේ ද අල්ලස් පිරිනැමීමෙන් බව විමර්ශනදී හෙළිවී තිබුණි.
තම ව්‍යාපාරික කටයුතුවලට නීත්‍යානුකුල මුහුණුවරක් ලබාදීම සඳහා ඩී. එස්. රණවක මහතා තම ශ්‍රී ලංකා වෘත්තිය මනෝ විද්‍යා උපදේශක ජාතික ආයතනය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලේකම්ගේ සහය ඇතුව, එකී දෙපාර්තමේන්තුවේ, ලාභ නොලබන සමාජ සේවා ආයතනයක් වශයෙන් ලියාපදිංචි කරනු ලබන අතර එවකට එහි ලේකම්වරිය වූ වීජී ජෙගරාජසිංහම් මහත්මියට නොමිලයේම MICP උපාධිය පිරිනමනු ලබයි.
ඩී. එස්. රණවක තමන්ගේ අයථා ක්‍රියාවලිය වසන් කරගනු සඳහා පොලිසියේ, හමුදාවේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පමණක් නොව මාධ්‍යවේදීන්ට පවා මෙම උපාධිය පිරිනමා ඇත. බොහොමයක් පොලිස් නිලධාරීන්ට මෙම MICP උපාධිය පිරිනමා ඇති අතර ඔවුහු නීතියේ රැහැනින් ඔහුව ආරක්ෂා කරති.
ඩී. එස්. රණවක තම ව්‍යාජ පාඨමාලාවට ආවරණයක් ලබාගැනීම සඳහාත් ඇතිවිය හැකි හිරිහැර වලවා ගැනීම සඳහාත් උපක්‍රමයක් යොදයි.එනම් උපාධි සහතික මගින් මර්මස්ථාන හීලෑකරගැනීමය. එහි එක් පියවරක් වන්නේ බලගතු පුද්ගලයන්ට තම ව්‍යාජ උපාධි පිරිනමා ඉදිරියේදී ඇතිවිය හැකි බාධා ඉවත්කර ගැනීමය. එයින් තවත් අරමුණක් ඉටුවේ. එනම් ආයතන ප්‍රධානියකු හට ව්‍යාජ උපාධි පිරි නැමීම මගින් එම ආයතනයේ සේවකයන් හට පාඨමාලා පවත්වා මුදල් ඩැහැ ගැනීමය.

image source-https://i.ytimg.com/vi/G5hNO6Jr064/maxresdefault.jpg
රාවය පුවත්පතේ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහතා විසින් ඩී. එස්. රණවක මහතාගේ වංචනික ක්‍රියා සම්බන්දයෙන් ප්‍රථම වරට ප්‍රශ්න කරනු ලැබීය. මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, ඩී. එස්. රණවක ඇතැයි කියන FICP සහ MICP යන උපාධි ව්‍යාජ බවත් ඔහුට උපදේශන මනෝ විද්‍යාඥ සන්නාමය භාවිතා කල නොහැකි බව පෙන්වා දුන්නේය. . රණවක මේ සම්බන්ධයෙන් පුවත්පත් කොමිසමට පැමිනිලි කරන අතර පුවත්පත් කොමිසමේ සාමාජිකයන් වූ ලුසිල් විජේවර්ධන සහ ධර්මසිරි බණ්ඩාරනායක යන මහතුන් විසින් එකී උපාධි සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කරන ලෙසට දන්වා ඇති මුත්, මේ වනතෙක් ඒවා ඉදිරිපත් කිරීමට රණවක අපොහොසත් වී ඇත. පැමිණිල්ල එනයින්ම අවසාන විය. මේ සම්බන්ධව තවදුරටත් ක්‍රියාකිරීමෙන් තමන්ට සිදුවන අවැඩ වටහාගත් රණවක, ඉන්පසු පැමිණිල්ල හකුලා ගත්තේය.
රණවකගේ වෙබ් අඩවිය ඔහු ගැන පහත විස්තර දක්වයි.
මහාචාර්ය රණවකගේ පර්යේෂණ ක්ෂෙත්‍රය වනුයේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යල සිසුන්ගේ “සාංකා සන්කුලතාවයි” පශ්චාත් උපාධි පර්යේෂණයන්ගෙන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මානසික රෝග අංශයෙන්ද, ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා සායනයෙන්ද, ඩෙන්මාර්කයේ කොපන්හේගන් වෛද්‍ය පිඨයෙන්ද සායනික පුහුණුව ලැබිය. කොලඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ මනෝ විද්‍යාඥවරියක් අප සමග පැවසුවේ ඩී. එස්. රණවකගේ එවැනි පර්යේෂණයන ගැන වාර්තා වී නොමැති බවත්, ඒවා මුළුමනින්ම ගොතන ලද දේ බවත්ය. මෙකී පර්යේෂණ ලිපි කිසිම වෛද්‍ය හෝ මනෝ වෛද්‍ය සඟරාවක පළවී නොමැත. මෙය සම්පුර්ණයෙන්ම සිසුන් මුලාවේ දැමීම සඳහා ගොතන ලද වංචනික ප්‍රකාශයන්ය.
මෙකි වංචාව ගැන පරික්ෂා කල වින්යා විජේතිලක මහතා තවත් වැදගත් කාරණයක් හෙළිදරව් කරයි. රණවක මහතා ප්‍රකාශ කරන ආකාරයට ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත, විශ්ව විද්‍යලයේ, මනෝ වෛද්‍ය පීඨයෙන් සායන පුහුණුව ලබා ඇත. මෙය මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයකි. ඔහු ඔස්ට්‍රේලියාවට ගියේ සංචාරක විසා යටතේය. විජේතිලක මහතා මහතා මේ සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ ප්‍රධානීන්ගෙන් විමසු විට, ඔස්ට්‍රේලියානු මහාචාර්ය සොෆ්රනොෆ් සහ ඔහුගේ සහාය අංශ ප්‍රධානි පොල් හොර්නට් මහතුන් ප්‍රකාශ කළේ රණවක නමැති පුද්ගලයෙක් ගැන අසා නැති බවත්, ඔහු එහි අධ්‍යයනය කල බවට වාර්තා නොමැති බවත්ය.
විදේශිකයෙකුට ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය සායනයක කටයුතු කිරීමට හෝ ස්වේච්චාවෙන් සේවයේ නිරත වීමට හෝ සුදුසුකම් රාශියක් සපුරාලිය යුතු බව පොදුවේ කවුරුත් දන්නා සත්‍යකි. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හෝ මැලේසියාවේ හෝ ජපානයේ විශ්ව විද්‍යාලවල තත්ත්වයද එයමය.
තවත් බරපතල කරුණක් වන්නේ ඔහු මනෝ වෛද්‍යවරයකු හැටියට තම ආයතනයට පැමිණෙන මානසික ආබාධවලින් පෙළෙන තරුණියන්ට ප්‍රතිකාර කිරීමයි. ඔහුගේ ආයතනයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන ධනවත් තරුණියන්ට සිදුවන ඇබැද්දි වෙනම සොයා බැලිය යුතුය.
වෛද්‍ය සභාව මේ පිළිබඳව ගන්නා පියවර කුමක්ද? වංචා විමර්ශන අංශ රණවකගේ මුදල් බදු වංචාව පිළිබඳ විමර්ශනය කරන්නේද කියා අප ප්‍රශ්න කරන්නෙමු.