දොස්තර කුලය ගොවිගම කුලය පරදයි..!

අද වන විට ලංකාවේ වෛද්‍යවරු න් තමන්ගේ “ප්‍රභූත්වය” නැතිවන වැටුපකට ඔවුන් ඇද දමා ඇති බව පවසයි. වැඩ වර්ජනය කිරීමට සැලසුම් කරයි. වෛද්‍යවරු යනු කවරෙක්ද? ලංකාවේ රජයේ රෝහල් වල සිටින නිදහස් අධ්‍යාපනයෙන් මහජන මුදල් වැය කරමින් රජයේ විශ්ව විද්‍යාල වලින් බිහිකරන ලාංකීය පුරවැසියන්ය. ඔවුන් තම දක්ෂතාවය හා කැපකිරීම මත වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර අවුරුදු පහකට හෝ ඊට පස්සේ වැඩි කාලයක් තම වෘත්තිය වෙනුවෙන් ඉගෙනගත් අය වන අතර විශාල වගකීමක් තිබෙන වෘත්තියක නියුතු වෘත්තිකයන්ය.
above image source-https://divaina.lk/wp-content/uploads/2022/11/doc-1.jpg
ඉතා ඈත අතීතයේ රජ කාලේ පටන් වෛද්‍යවරයෙකුට සැලකීමක් තිබුනේ මිනිස් ජීවිතයක් බේරා ගැනීමට ඔවුන් කළ මෙහෙය නිසාය. ඒ වෙනුවෙන් ඔවුන්ට පඬුරු ලැබුණි. බුලත් අතක් දී අසනීපය ගැන කියා බෙහෙත් ප්‍රතිකාර ලබා ගත්තත් එය වෛද්‍යවරයා සැලකුවේ සමාජයේ මෙහෙවරක් ලෙස ය. ඒ වෙනුවෙන් මිනිසුන්ගේ භක්තිය ඔවුන්ට ලැබුණි. ඔවුන් මේ ස්වේච්ඡා සේවය නිසා ගෞරවයට පත් විනි. ඔවුන් තම අභිමානය රැක්කේ ඒ අයුරිනි. පාරම්පරික වෛද්‍යවරු තම පරම්පරාවෙන් ලැබුණු වෙදකම පිට අයට නොදුන්හ. එනිසා වෙද පරපුරවල් ලෙස ඔවුන් රජවරුන්ගේද ප්‍රසාදයට පත්වූහ.
එකල සිට අද දක්වාම පැවත එන කුල ක්‍රමය තුළට ඔවුන් අන්තර් ගහණය නොවුනි. රජාට පසුව රදළ සිට තමන් කරන වෘත්තිය අනුව මිනිසුන් කුල ක්‍රමයට අන්තර්ගත වුනත් ස්වේච්ඡා සේවයක් කළ වෙද මහතා වෘත්තිකයෙක් නොවූ ස්වේච්ඡා සේවයක් කරන්නෙකු නිසා කාගේත් ගෞරවයට පාත්‍ර විය.
අද වෛද්‍යවරයා වෘත්තිකයකි.තමන් කරන සේවයට වැටුප් ලබන්නෙකි. ඔහුට වැටුපක් ලැබෙන අතර වෘත්තීය අයිතිවාසිකම් බ්හුල ලෙස ඇත්තේය.
නමුත් අද ගොවිතැන් කිරීම ලංකාවේ කුඹුරු හෝ ඉඩම් ඇති මිනිසුන් කරයි. කෘෂිකර්මාන්තයේ නියැලෙයි. නමුත් ඔවුන් වෘත්තිකයන් නොවන්නේ වැටුපකට සේවයක් සලසන්නන් නොවීම නිසාය. ගොවියා යනු අතීතයේ ලංකාවේ උසස් කුලයකට අයිති පිරිසකි.” ගොවිගම” යන කුලය තුළින් වරප්‍රසාද හා ගෞරවය ඔවුන්ට ලැබිණි. ජනතාවට බත සපයන ඔවුන්ට පහත් කුලවල මිනිසුන්ට “අණකර” තම ගොවිතැනට අවශ්‍යය මීහරකුන් ලබා ගැනීම ගෙදර අවශ්‍යතා සඳහා සහාය ලබා ගැනීම ආදියද කල හැකි විය. අද ද ගොවිගම කුලය තිබුණත් ඔවුන්ගේ අතලොස්සක් පමණක් ගොවිතැන කරයි. අනෙක් අය වැටුපට විවිධ වෘත්තීන්වල නියැලේ. ඉඩම් කුඹුරු තිබෙන බොහෝම දෙනෙක් කුලභේදයකින් තොරව ගොවිතැන කරයි. එය තමන්ගේ ස්වයං රැකියාවකි.
දැන් කතාවට බැස්සොත් අද වන විට ස්වේච්ඡා සේවයක් නොවන වෛද්‍යය වෘත්තියෙහි යෙදෙන වෛද්‍යවරයා අතීතයේ වෙද මහතාසේ නොවූවත් අසරණ ලෙඩුන්ගෙන් ජනතාවගෙන් නැතිනම් රජයෙන් වෘත්තීය ගෞරවයක් පිළිගැනීමක් බලාපොරොත්තු වූවත් ඔහු රජයේ වැටුප් ලබන වෘත්තිකයෙකි. වෙනත් වෘත්තිකයන්ට වඩා වැටුප්, වාහන පර්මිට්, ඇඟිලිසලකුණු යන්ත්‍ර ප්‍රතික්ෂේප කිරීම, රෝහලේ අන් වෘත්තිකයන් සහ ලෙඩුන්ගේ ගෞරවය ආදිය ඔවුන් බලාපොරොත්තු වේ.

ස්වේච්ඡා සේවයක් නොවන වෛද්‍යය වෘත්තිකයන්ද වෙනම කුලයක් ලෙස වෘත්තිය සමිති පිහිටුවා ගනිමින් අනික් පුරවැසියන්ට වෘත්තිකයන්ට නැති වරප්‍රසාද ලබා ගැනීමේ මානසිකත්වයකට පත්වීම ඛේදජනකය. විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයේ, සමහර පාසල් වල ජීව විද්‍යා උසස් පෙළ පන්තිවල ශිෂ්‍යයන්, තුළද ගොඩ නැගෙමින් පවතින මානසික තත්ත්වයකි. එයට හේතුව ලංකාවේ වෛද්‍යවරයාගේ මෙම රංගනය මය.
above image source-https://www.channelnewslanka.com/wp-content/uploads/2021/05/Doctors-960×640.jpeg
කාල් මාක්ස්ට අනුව, ධනේෂ්වර ක්‍රමය තුලදී වෘත්තීන් සතු ප්‍රභා මංඩල ප්රාග්ධනය හමුවේ වියකී අහෝසිවී යයි. ඒතුල ඉතිරිවන්නේ නග්න වැටුප් වෘත්තිකයා පමණි. එවිට ඒ තුල ගුරු වෘත්තිකයා මිස ගුරු දෙවියකු නොමැත. ඒ අයුරින්ම වෛද්‍ය වරයාද ජීවකයෙකු නොව වැටුප් ශ්‍රමිකයෙකු වන්නේය. එහෙත් අද පවතින තත්වයට අනුව ලංකාවේ තවමත් වෘත්තීයන් සතු ප්‍රභා මංඩලවල දිස්නය තවමත් විහිදෙන්නේ ලංකාවේ හරි ආකාරයට ධනවාදය ඇතිවී නැතිබවිනි. තවමත් ලංකාව පවතින්නේ වැඩවසම් ක්රමයේ නටබුන් ලෙසය. රජයේ රෝහල්වල ප්‍රධාන වෛද්‍යවරු වාට්ටුවල විසිට් කිරීමේදී ලෙඩ්ඩුන් ඇඳෙන් බස්සවන්නේද, වෛද්‍යවරුන් චැනල් කිරීමට පැමිණ වාහනයෙන් බහිනවිට බෑග් එක රැගෙන යාමට එම ආයතනවල සේවිකාවන් යායුතු වන්නේද, දොස්තරවරුන් එක්තරා කුලයක් ලෙස වර්ධනයවී ඔවුන්ගේ පැවැත්මද “අභිමානය”රකගැනීමේ මුවාවෙන් තම තමන් භුක්තිවිඳින අයිතිවාසිකම් වැඩිකර ගැනීමේ වෑයමක යෙදෙන්නේද මේ දනවාදය තුල නොව වැඩවසම් වාදයේ නටබුන් තුල තම පවත්ම ස්ථානගතව පවතින බවිනි.
