චෙම්මනි මිනී වල..!
ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් පාලන සමයන් තුලදී විවිධ රටවල් වල ඇතිවූ සිවිල් යුද්ධ වාතාවරනයන් තුලදී සිදුකෙරුනු අමානුශික මිනිස් ඝාතන පිලිබඳව විවිධ විස්තර නිරාවරණය විය. ඒවායේදී සමූහ මිනිස් ඝාතන ලෙස සිදුවුනු බිහිසුනු අපරාධ ඒ ඒ වකවානුවලදී ඒ ඒ රටවල් පාලනය කල පාලකයින් සහ ඔවුන්ගේ පාලක රෙජීම් මගින් සිදුකරන ලදී. ඔවුන් පාලන බලතල සහ මිලිටරි බලතල උපයෝගි කරගනිමින් මෙම සමූහ ඝාතන සිදුකරනු ලැබූවද ඔවුන්ගේ පාලන කාල ඉකුත්වූ පසු ලෝක ප්‍රජාවේ සහ බටහිර මානව හිමිකම් පිලිබඳව කටයුතු කරන සංවිධාන හරහාද විශේෂයෙන් අතුරුදහන්වූ සහ මෙසේ අනආනුශික ලෙස මරාදැමූ ජනයාගේ සමීප ඥාතීන් සහ හිතවතුන් මෙන්ම පොදුවේ මානව හිමිකම් උල්ලංඝණය ගැන ප්‍රශ්න කරන ජනතාවන් හමුවේ එවන් අමානුශික සමූහ ඝාතන පිලිබඳව නැවත පරීක්ෂන පවත්වමින් නැවද ඒ අතුරුදහන් වූවන් ගන සොයමින් කරුනු අණාවරනය කරගනීමේ අවස්ථාවන් මතුවෙමින් පවතී.
ශ්‍රී ලංකාවේද වසර 30 ක් පුරාවට සිදුවූ උතුරු සහ නැගෙනහිර සිවිල් යුද්ධයේදී අතුරුදහන් කල සහ සමූහ වලවල් වල බිහිසුනු ලෙස ඝාතනය කොට වළලා දැමූ විශාල ප්‍රමානයකගේ මළසිරුරු කොටස් සහ එවන් සමූහ වලවල් පිලිබඳ පරීක්ෂන සිදුවෙමින් පවතී. ඒ අතුරින් චෙම්මනි සමූහ ඝාතනය ගැන කෙරෙන පරීක්ෂන පිලිබඳව මේ වනවිට විශාල සංවාදයක් ගොඩනගී අත. මෙම චෙම්මනි සමූහ ඝාතනය පිලිබඳව ප්‍රියශාන්ත රාජපක්ෂ විසින් ලියන ලද ලිපියක් මේ සමග ඉදිරිපත් කිරීමට අප තීරනය කලේද එම සංවාදය ඉදිරියට ගෙනයාමේ අදහසිනි.
ගෝත්‍රික ප්‍රශ්න.
කරුණාකරලා “චෙම්මනි සමූහ ඝාතනය ළමයි ගැන විතරක් කතාකරන්නෙ ඇයි, කොටි සිංහල ළමයිත් කොච්චර මැරුවද” වගේ ගෝත්‍ර ප්‍රශ්න අහන්ට එපා.

image source-https://theleader.lk/images/2023/cghdcvcg.jpg#joomlaImage://local-images/2023/cghdcvcg.jpg
දෙමළ සිංහල මගුලක් නෑ මේ මරලා දාලා තියෙන්නේ කවුරු හරි දරුවෙක්, අම්මා තාත්තා ඔක්කොම එක ගොඩට.
එල් ටී ටී ඊ එක ළමයි මැරුවා, ළමා සොල්දාදුවෝ හැදුවා කියලා අපි දන්නවා. හැබැයි හරි වැරදි හොයන්ට ඉතිහාසයේ විත්ති කූඩුවට නග්ගන්න අද එල්.ටී.ටී.යක් නෑ.
එල්.ටී.ටී.ය ප්‍රබාකරනුයි, පොට්ටුඅම්මානුයි ඔක්කොම පරාජිතයො විදියට ඉතිහාසයේන් චුත කරලා ඉවරයි. දැන් තියෙන්නේ ආයේ උතුරෙ ප්‍රබාකරන්ලා හැදෙන්නෙ නැතිවෙන්න වැඩකරන්නයි.
චෙම්මිනී සමූහ ඝාතනය වෙලාතියෙන්නෙ ශ්‍රීලංකා රාජ්‍යයේ නිල හමුදාවක පිරිසක් අතින්. ඒක එහෙම වෙන්ට බෑ. දැන් හෝ අපි ශිෂ්ඨ රාජ්‍යයක් දක්වා යන්න නම් චූදිතයන් හොයලා දඩුවම් දීලා දැන් ලංකාවේ පවතින ආන්ඩුව වර්ගවාදී හෝ පක්ෂග්‍රාහී නෑ කියලා ලෝකෙට පෙන්නන්න ඕන.
සුනිල් රත්නායක නැමති යුධ අපරාධකරුට ගෝඨාබය විසින් ජනාධිපති සමාවදුන්නු කැත ගෝත්‍ර දේශපාලනය රාජපක්ෂවාදය සමඟම දැන් වලපල්ලට යවන්න ඕන.

ප්‍රියශාන්ත රාජපක්ෂ.
(අද්‍යයන කවය)

One Comment