අප්‍රෙල් 5 හා ඉන්දු ලංකා ගිවිසුම..!


1971 අප්‍රෙල් 5 ලාංකිකයන්ට වීශේෂ දවසකි. එය තරුණයන් සිරිමාවොගේ නව රජයට විරුදධව අයුධ ගත් දිනයයි. එයට නායකතවය දුන්නෙ ජවිපෙ රෝහණ සහොදරයාය. එවකට මා හතර පන්තියේ සිසුවකි. නමුත් කලබලය අපේ ගෙදරටද දැනී තිබුනි. කඩවත ප්‍රදේශයේ ජීවත් වු අප කඩවත පොලිසියට පහර දිම නිසා ගමම කලබලයට පත් වි තිබුනි. තාත්තා චීන කොමිනිස් පක්ෂයේ ක්‍රියාකාරිකයකු නිසා රතු පොත් වලින් හා පත්තර වලින් නිවසේ කබඩ් එකක් පීරි තිබුනි. අයියලා ගැනද අම්මට බියක් තිබුනි. පොත් වල දැමිම , පීච්චිම ඉක්මනින්ම සිදු විය. මට එය එතරම් ගැටලුවක් නැත. පාසල් සියල්ල වසා දැමිම සිදු විය. එය සතුටට කරුනක් විය. නමුත් මා තරුණයකු ලෙස එකල ආපසු හැරි බැලිමේදි මෙම නැගිටීම සිය දිව් නසා ගැනිමක් ලෙස හැඟුණි. නව රජයකට තරුණයන් ආයුධ ගෙන අභියෝග කිරිම හා එයට තරුණයකු නායකතවය දීම සුවශේශී සැමරිය යුතු සිදුවීමකි. එයින් පාඩම් ඉගෙන ගත යුතුය.


ඉන්දු ලංකා ගිවිසුම සමග මර්ධනය.

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන විට මා පේරදෙනිය සරසවියේ සිසුවකි. එමෙන්ම නිෂ්මි ගේ නායතවයෙන් යුත් සිසු ක්‍රියාකාරි කමිටුවේ සාමාජිකයකි. එවන විට දේශප්‍රේමි ජනතා ව්‍යපාරය පල්ලෙ කැලේ හමුදා කදවුර ට ඇතුල් වි කිසිදු ජිවිත හානියක් ඇති නොකර ආයුධ රැගෙන ඒම සිදු වි තිබුනි. මෙයට පේරා සිසුන් සම්බන්ද බවද පොලිසිය සැක කරන බවද ආරංචි විය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරිමට ආසන්නයේ සරසව් සිසුන් 200 ක් පමන එක් රැයකදි අත් අඩංගුවට පත් විය. මා අත් අඩංගුවට ගත්තේ වත්තල පොලිසියෙනි. මගේ මිත්‍ර ඩේමියන්ද එදිනි අත් අඩංගුවට පත් විය. මැගසින් බන්ධනාගාරයේ වාට්ටු පිරි ගියේය.


ඉන්දු ලංකා ගිවිසුමට විරුදධව ජවිපෙ , අන්තරේ , විපක්ෂය පාරට බැස කොටුවේ සත්‍යග්‍රහයක් පැවත්විම වීශේෂ යක් විය. අපි එදිනි රංජිතම්ගේ නායකතවයෙන් බන්ධනාගාරයේ කලු කොඩි ඔසවා ආහාර වර්ජනය කර ජනතාවගේ ඉන්දිය විරෝධයට සහාය විය. පසුව වසර දෙකක් ගත වි මහා ඛේදවාචකයකින් එම පරිච්ඡේදය අවසන් විය. අදටද බටලන්ද හා අනිකුත් අතුරදහන් විම් ගැන කතා කරයි. තරුනයන් 60000 ක් පමන ඝාතනය වු බව කියවේ.

ඉහත දේ ලියන්න හිතුනේ නැවතත් එවැනි ඛේදවාචකයක් කිසිම රටක සිදු නොවිය යුතු නිසය. එවනි උනුසුම් සටන් ඇති වන්න්නේ ආන්ඩු ප්‍රජාතන්ත්‍ර විරොධි ලෙස පාලනය ගෙනයාමේදිය. හෙට දිනයේදි ඉන්දියාවේ අගමැති ලංකාවෙ සංචාරයක් සදහා එන බව ප්‍රකාශයට පත් වි ඇත. එයද මව්බිමට තීරනාත්මක ගිවිසුම් කීපයක් අත්සන් කිරිමටය. ජේ ආර් මෙන්ම අනුරද ජනතාවගෙන් අදහස් වීමසිමකින් තොරව ගිවිසුම් ගත වෙන බව පෙනේ. ව්පක්ෂයෙන් මේ ගැන එතරම් වීරෝධයක් නොමැත. සජිත් මේ ගැන කිසිත් නොකියයි. රනිල් අනිවාර්යෙන්ම මෙම ගිව්සුම් වලට එකග වෙන ලෙස අනුරට කියයි. මෙම ගිව්සුම් වල අන්තර්ගතය කවුරුත් නොදනී.


ජනතාව අනුරව විශ්වාස කරයි. ඒ නිසා මේ පිලිබදව බියක් ජනතාවට නොමත. නමුත් වැදගත් වෙන්නේ අනුර ප්‍රජාතන්ත්‍රවාදි නායකයකු බව ජනතාව තුල තහවුරු විමට මෙම ගිවිසුම් වල අන්තර්ගතය ප්‍රකාශයට පත්කිරිම හා පාර්ලිමේන්තුවෙ සාකච්චා කිරිමය .

කීර්තී කුමාර මද්දුමගේ.
2025/04/04

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *