|

ඩයස්පෝරික සාහිත්‍යය සහ සංස්කෘතිමය බාධාවන්..!

above image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/The-first-3-Copy.jpg


19 වන සියවසේ අග භාගයේ දී ලාංකීය සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාවට පැමිණීමට පටන් ගත්තේ ක්වීන්ස්ලන්තයේ පැවති ශ්‍රම හිඟය හේතුවෙනි. ආචාර්ය වික්‍රම වීරසූරිය මෙම මුලින් පැමිණි අය ගැන අවධානය යොමු කර ඇත. මහාචාර්ය මයිකල්රොබට්ස් මේ සම්බන්ධයෙන් තිරු ආරුමුගම් විසින් 2019 දී ලියන ලද ලිපියක් උපුටා දක්වා ඇත. මේ ලාංකික සංක්‍රමණිකයන්ගෙන් බොහෝ දෙනෙක් ආර්ථික දුෂ්කරතා මඟ හරවා ගැනීම සඳහා පිටත්ව ආ දක්ෂ වෘත්තීය ශිල්පීන් වූහ. ඒ සංක්‍රමණිකයන්ගෙන් මේ දක්වා ම පැවතෙන අප්පො සහ අප්පු වැනි නම් තවම ක්වීන්ස්ලන්තයේ දක්නට ඇත. 1970 ගණන්වල පටන් පැවති දේශපාලන නොසන්සුන්තා විසින් බොහෝ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා පොලඹවන ලදි. අද ඕස්ට්‍රේලියාවේ පවතින විවිධ සමාජ-ආර්ථික හා දේශපාලන තත්ත්වයන් හේතුවෙන් බොහෝ විට ශ්‍රී ලාංකික සරණාගතයින් පිටුවහල් කිරීමට මුහුණ දී සිටිති. ඩයස්පෝරා සාහිත්‍යය විදේශගත හෝ ඩයස්පෝරික සාහිත්‍යය යනුවෙන් ද හැඳින්වේ; එම සාහිත්‍යය ආවරණය කරන්නේ, තම මව් රටෙන් පිට ජීවත් වන ලේඛකයන් විසින්තම මව් සංස්කෘතිය හා අනන්‍යතාවය මෙන්ම, තම විතැන් වීම හෝ සංක්‍රමණය පිළිබඳ අත්දැකීම් පිළිබිඹු කරන කෘතීන් ය. ඔවුන්ගේ පුද්ගලික අත්දැකීම් උකහා ගන්නා සහ ඔවුන්ගේ උරුමය හා වත්මන් පරිසරය අතර පවතින සංස්කෘතික ආතතීන් හසුරුවන මෙම ලේඛකයෝ අහිමි වීම හා දුරස්ථ වීම පිළිබඳ තේමාවන්ආමන්ත්‍රණය කරති.

image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/The-first-1.jpg

දිගු කලක් තිස්සේ නොසලකා හරින ලද ජාතික සාහිත්‍යයක් ඉස්මතු කරන මෙම සංග්‍රහය, සංක්‍රමණය හා කෲර කම කවියට නැංවීම පිළිබඳව අප සතු අවබෝධය යලි හැඩ ගන්වයි. ආදරය, කලාව සහ සොබාදහම පිළිබඳ කවි මෙන්ම 1971 සහ 1988-89 ජවිපෙ කැරලි, 2004 සුනාමිය හා එහි ප්‍රතිඵල, මුස්ලිම් ප‍්‍රජාවන්ට බලපාන සිද්ධි සහ සිවිල් යුද්ධය වැනි තීරණාත්මක සිදුවීම් ගවේෂණය කරන කාව්‍යයන් ද එයට ඇතුළත් වේ. කාව්‍ය ශාස්ත්‍රය රටේ කැළඹිලිකාර අතීතය විමර්ශනයට ලක් කරන අතර යටත් විජිත භාවිතාවන් ගේ සිට රටේ ගැටුම් මත පදනම් වුනු ඉතිහාසය දක්වා වන විවිධ ජීවන අත්දැකීම් සිහියේ තබා ගැනීමේ වැදගත්කම අවධාරණයට ලක් කරයි.

විවිධ ආරවල් යොදා ගනිමින් ඉන්දියානු ඩයස්පෝරික ලේඛකයෝ අනන්‍යතාවය, සංස්කෘතිය හා සමාජ ගැටළු යන තේමාවන් ගවේෂණය කරති. කැපී පෙනෙන කතුවරුන් අතරට ජුම්පා ලහිරි, සල්මන් රුෂ්ඩි, අරුන්දතී රෝයි සහ වික්‍රම් සෙත් ඇතුළත් වේ. ඉන්දියානු සමාජයේ පවතින සංකීර්ණතාවයන් පිළිබිඹු කරන ඔවුන්ගේ කෘති සහකම්පනය හා සංස්කෘතික අවබෝධය දිරිමත් කරයි. මාර්ටින් වික්‍රමසිංහ වැනි ශ්‍රී ලාංකික කතුවරු, රවින්ද්‍රනාත් තගෝර් වැනි බෙංගාල කතුවරු සහ ඉන්දු-ෆීජි ලේඛකයෝ යටත් විජිත කරණය සහ සංස්කෘතික අවතැන් වීම වැනි මාතෘකා ආමන්ත්‍රණය කරති. ඩයස්පෝරා සාහිත්‍යයෙන් සංක්‍රමණය හා අදාල අභියෝග, අනන්‍යතාවයේ ඇති කරන විපර්යාස සහ සංස්කෘතික කම්පන ඇති කරවන මානසික බලපෑම් අවධාරණය කෙරේ. ඩයස්පෝරා සාහිත්‍යය විසින් බහු සංස්කෘතික සන්දර්භයන් තුළ සංස්කෘතික අනන්‍යතාවයන් දිග හැරෙන ආකාරය සහ ආර්ථික ගෝලීයකරණය හා සමාජ සංකලනය සංස්කෘතික ගතිකත්වය කෙරෙහි දක්වන බලපෑම් අනාවරණය කරනු ලැබේ. අවසානයේ දී, විවිධ ස්වර හා ඉදිරි දර්ශන හඳුන්වා දීම මගින් ජාතික හා ගෝලීය සාහිත්‍ය සම්මත පුළුල් කරවා ලමින් සහ යළි අර්ථ දක්වමින් ඩයස්පෝරා සාහිත්‍යය ජාත්‍යන්තර සාහිත්‍ය භූමිකාව කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑම් කර ඇත. ආසියානු සාහිත්‍යය බටහිර ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින් දෘශ්‍යතාවක් සහ පිළිගැනීමක් අත් කර ගෙන ඇත. කතුවරු අනන්‍යතාවය, සංක්‍රමණය, ඉතිහාසය සහ මතකය වැනි තේමා ගවේෂණය කිරීම හේතුවෙන් මෙම පිබිදීම, ආසියාවේ පවතින සංස්කෘතික විවිධත්වය සහ ඓතිහාසික සන්දර්භය ඉස්මතු කර දක්වයි. ඉහත දී භාෂාව හා අදාල බාධාවන් හා යුරෝපය කේන්ද්‍ර කර ගත් මනාපයන් විසින් වළක්වා ලන ලදුව, ගෝලීයකරණය ආසියානු සාහිත්‍යයේ ග්‍රහණය පුළුල් කරවා ඇත.


පරිවර්තනය කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල ආයෝජනය කරන ප්‍රකාශකයෝ ද ආසියාවෙන් සහ ඩයස්පෝරාවෙන් නැඟෙන නව ස්වරයන් බලා පොරොත්තු වෙති. ඩිජිටල් වේදිකාවන් සහ තමන්ම කරන පළ කිරීම මගින් ආසියානු කතුවරුන්ට නානාප්‍රකාර අන්දමේ සාහිත්‍යමය භූමිකාවකට දායක වෙමින් ගෝලීය ප්‍රේක්ෂකයන් සමඟ සම්බන්ධ වන්නට අවස්ථාවන් සලසා දෙයි. මෙම වෙනස් වීම වඩා විශාල සංස්කෘතික හුවමාරුවක් සහ ඇතුළත් කර ගැනීමක් පිළිබිඹු කරයි. සාහිත්‍ය ශික්ෂාව තුළ ආසියාතික සාහිත්‍යය ගතික බලවේගයක් බවට පත් කරවමින් පාඨකයෝ ගෝලීය සංකීර්ණත්වය පිළිබිඹු කරන කතා වස්තු වෙත ආකර්ෂණය කර ගනු ලැබේ. ආසියාවේ කතා වස්තු අපගේ අවබෝධය සාරවත් කරන අතර සාහිත්‍යයේ සීමා මායිම් අභියෝගයට ලක් කරයි. ආසියානු ඩයස්පෝරාවේ, විශේෂයෙන්ම, ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ පවතින අඩුපාඩුව වන්නේ, ඔවුහු තම සාහිත්‍ය කෘති සඳහා තිබෙන වෙළඳපොළ ලෙස, තම ශ්‍රාවක පිරිස ලෙස අවධානය යොමු කරන්නේ තමන්ගේම වන ප්‍රජාවන් කෙරෙහි වන බවයි. ඔවුන්ගේ අවධානය සිය දේශීය පාරිභෝගික පදනම තෘප්තිමත් කිරීම කෙරෙහි යොමු වී ඇති නිසා, ජාත්‍යන්තර අංගනයට පිවිසෙන්නට හැකිව ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණි. බොහෝ සිංහල ලේඛකයෝ ලියන්නේ සිය සිංහල ප්‍රේක්ෂකයන් සඳහා පමණක් වන අතර බොහෝ දෙමළ ලේඛකයෝ ද එසේම කරන බව පෙනේ. බොහෝ ඉන්දියානු සහ අනෙකුත් ආසියානු ලේඛකයින් ද එසේම කරති. ජාත්‍යන්තර ශාස්ත්‍රීය වෙළඳපොළට සේන්දු වන්නට නම් ඩයස්පෝරා ලේඛකයන්ගේ කතා වස්තුවල අවධානය යොමු විය යුත්තේ ජාත්‍යන්තර වෙළඳ පොලේ අවශ්‍යතා සපුරා ලීමත්, එම වෙළඳපොළ ආකර්ෂණය කර ගැනීමත් කෙරෙහි ය. මෙය අපේ ඩයස්පෝරික ලේඛකයන්ට කරන්නට නොහැකි දෙයක් නොවේ. එසේ කරන්නට අවශ්‍ය කුසලතා, හැකියා සහ වෘත්තීය දක්ෂතා ඔවුන් සතුව ඇත. මා විශ්වාස කරන අන්දමට අපට නැත්තේ ඒ සඳහා තිබෙන අධිෂ්ඨානය සහ කැපවීමයි. අපේ ඩයස්පෝරා සාහිත්‍යධරයන් වෙත මා දෙන පණිවිඩය වන්නේ, එම බාධක ජය ගෙන ජාත්‍යන්තර සාහිත්‍ය අංගනයට පිවිසෙන්නට අවශ්‍ය ධෛර්යය අත් කර ගත යුතුය යන්නයි.


සියළු දේ සාර්ථක වේවා යයි මම ඔබට සුබ ප්‍රාර්ථනා කරමි.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *