
ඔස්ට්‍රෝ හන්ගේරියාවේ (Austro-Hungarian Empire) වල ප්රාග් නුවර (Prague) 1833 දී මධ්‍යම පාංතික ජර්මානු යුදෙව් පවුලක උපන් ෆ්රාන්ස් කෆ්කා අද්විතීය නවකතා කීපයක්ම ලියනවා. The Metamorphosis, The Trail සහ The Castle වගේ අතිශය වැදගත් පොත් කීපයක් ලියනවා. මෙයින් The Trail ඔහු අතින් ලියවුනේ 1914 අවුරුද්දේ. පොතේ නම විනිශ්චය. නැත්නම් නඩු විභාගය. ඉංග්‍රීසි පරිවර්තනයේ නම The Trial.
above image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTxt04eOFZl9cO-ej_Blyo8tVlA7BWxNvCORw&
මේ කතාවේ සුවිශේෂ බව රැඳෙන්නේ සමස්ත කතාව ඇතුලේ තියන කුඩා කතාවක් එක්ක. ඒ කතාවේ නම ‘නීතිය ඉදිරිපිට’ (Before the Law).
මේ කතාවේ ඉන්නවා දොරටුපාලයෙක්. පොර ඉන්නේ නීතිය නම් දොරටුව ඉදිරියේ. ඉතිං නීතිය ඉදිරියට එන හැමෝම මේ දොරටුපාලයාගෙන් අවසර ගන්න ඕනි නීතිය ඉදිරියට යන්න අවශ්‍ය නම්.
දවසක් ගමේ ඉඳන් මනුස්සයෙක් එනවා නීතියේ පිළිසරණ හොයාගෙන. දොරටුපාලයා කියනවා දැන් මේ උඹට ඇතුලට යන්න වෙලාව නෙවෙයි. පොඩ්ඩක් ඔහොම හිටපන් කියල. ගැමියා බලාගෙන ඉන්නවා පැත්තකට වෙලා. දින සති මාස අවුරුදු ගණන් ගතවෙනවා. තවමත් අර දොරටුපාලයා යන්න දෙන පාටක් නැහැ. දැන් මේ ගමේ මිනිහගේ ජීවිත කාලෙත් ඉවර වෙලා මැරෙන්න ඔන්න මෙන්න තියනකොට ආයෙත් ගිහිල්ල අහනවා ඇතුලට යන්න දෙන්න පුළුවන්ද කියල. එතකොට දොරටුපාලයා කියනවා ”මේ දොර ඇත්තටම තිබ්බේ උඹ වෙනුවෙන්ම තමයි. ඒත් දැන් උඹට ඇතුළට යන්න කාලයක් නැහැ. දැන් උඹ මැරෙන්න යන්නේ. මම දොර වහනවා” කියල.

DV චානක කියනවා අගමැතිණි හරිණි අමරසූරිය මහත්මිය පාසැල් වලට දේශපාලඥයින්ට යන්න එපා කියල තිබ්බ නිසා අපි දැන් මාස හයක් එහෙම ගියේ නැහැ .දැන් කොහොමද මාලිමාවේ රංවල එහෙම ඉස්කෝලේ යන්නේ කියල. එතකොට හරිණි අමරසූරිය මහත්මිය කියනවා එහෙම නීතියක් තිබ්බේ නැහැ කියල. ඒ කියන්නේ ඒ දොරටුපාලය කියන දේ ඇත්ත නෙවෙයි කියන එක. බාධාව තිබිල තියෙන්නේ අපි ඇතුලේ විතරයි.
මම DV චානක මන්ත්‍රීවරයට කියන්නේ උඹල එහෙම හිටියොත් ජීවිත කාලෙම හරිණි අමරසූරිය කියන එක අහගෙන ඉන්න වෙයි. හරිණිම කියනවා එහෙම නීතියක් නැහැ කියල. ආයේ තවත් මොනවද?
මේ කිව්ව දේ මේ නැහැ කියන ගල් පැලෙන බොරු කියන්න දක්ෂ මෙයාල තව මොනවා නොකියයි ද?
රංවල ඒ කතා ගණන් ගන්නේ නැතුව තමන්ගේ වැඩේ කළා.
උඹලත් කරපල්ලා. යන්නේ කොහේද ඇහුවොත් දොරටුපාලයගේ හොම්බට දමල ඇනපල්ල.
අපරාදේ අර මාස හය.
