හේගල්ගේ දයලෙක්තිකය..!

දයලෙක්තිකය යනු ඉතාමත් සංකීර්ණ  සංකල්පයකි. බොහෝ දෙනා මෙය සරලව වටහාගෙන සිටින්නේ ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් එකට ගැටී තුන්වන දෙයක් බිහිවීමක් ලෙසිනි.(වාදය-ප්‍රතිවාදය=සහවාදය) නමුත් සැබැවින්ම දයලෙක්තිකය යනු අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියකි. මෙහිදී අදහස්, තර්ක හෝ සංසිද්ධි එකිනෙක ගැටෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඒවායේ ඇති දුර්වලතා මගහරවා ගනිමින් වඩාත් යහපත් තත්වයක් ඇතිවේන බව බොහෝ දෙනා සිතති.හේගල්ගේ දයලෙක්තිකය ගැන ලංකාවේ ජවිපෙ ඇතුළු වම කියන්නේ එහෙම දෙයක් ගැනද.

සංකල්පයේ ගතිකත්වය.

ජර්මානු දාර්ශනිකයෙකු වන ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඩ්රික් හේගල්ගේ (Georg Wilhelm Friedrich Hegel) දර්ශනයට අනුව, දයලෙක්තිකය යනු එක් ඒකත්වයක් අභ්‍යන්තරිකව විරුද්ධතා වලට බෙදී යාමකි. සරලව කිවහොත්, යම්කිසි දෙයක් තුළම එහි විරුද්ධ පැත්තද පවතී.උදාහරණයක් ලෙස  එක් ගසක් තුළම ජීවිතය (පත්‍ර, ඵල) සහ මරණය (වියළීයාම, කොළ හැලීයාම) යන විරුද්ධ ගතිකතා එකට පවතී.  ඔබ ජීවිතයේ අර්ථය සොයන විට, එය හිස් බවක් ලෙස පෙනෙන්නට පටන් ගනියි. මෙය පැවැත්මේම අඩංගු වන පරස්පර විරෝධී ස්වභාවයයි.

සංකල්පයේ ගතිකත්වයට අනුව  හේගල්ගේ දයලෙක්තිකය තේරුම් ගැනීමට යෑම වැදගත්ම කරුණකි. අපට පෙනෙන දේ භෞතික යථාර්ථයයි (මිනිස්සු, පොත්, ගස් වැනි දේ).  හේගල්ගේ තර්කනයට අනුව අපට හමුවන සෑම දෙයක්ම සංකල්පමය ලෙස පමණක් ග්‍රහණය වේ. උදාහරණයක් ලෙස ඔබ පුද්ගලික රෝහලකට ගොස් එහි සිටින දොස්තර වරයෙකු” හමු වූ විට, ඔබ හමුවන්නේ භෞතික මිනිසා නොව “දොස්තර” යන සංකල්පයයී. මුලින් ඔබ ඔහු “හොඳ පුද්ගලයා” යැයි සංකල්පගත කරයි (හේතුව: ඔහු සිනහසෙයි, උදව් කරයි, රෝගය හදුනා ගනියි). පසුව ඔහු “වංචාකාරයෙක්” බව පෙනේ (හේතුව: ඔබට වැඩි මිලට බෙහෙත් විකුණයි).

සංකල්ප තුලවන පැල්ම.

මෙහි සංකල්පයේ ගතිකත්වය මෙසේ දැකිය හැක. “හොඳ පුද්ගලයා” යන සංකල්පය තුළම එහි විරුද්ධය (“වංචාකාරයා”) සැඟවී ඇත.  සංකල්පයේ අභ්‍යන්තර පැල්ම (contradiction) නිසා එය එක් ස්වරූපයකින් තවත් ස්වරූපයකට වෙනස් වේ.  භෞතික පුද්ගලයා වෙනස් නොවූවත්, ඔහු පිළිබඳ අපගේ සංකල්පය (හොඳ → නරක) වෙනස් වෙයි.  පොදුවේ පවතින වැරදි අදහසක්‌ වන්නේ සමාජය සහ පුද්ගලයා වෙන්වූ දෙයක් ලෙස දැකීමයි (උදා: “සමාජය මා මත බලපායි”).  හේගල්ගේ දයලෙක්තිකය අනුව පුද්ගලයා යනු එකම ඒකත්වයයි. සමාජය යනු පුද්ගලයාගේම අභ්‍යන්තර සංකල්පයකි. උදාහරණයක් ලෙස  ඔබ  දයාබර පියෙකු”සමලිංගික අයට විරුද්ද කෙනෙකු, “කතෝලික බැතිමතෙකු, හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට වෙහෙසෙන කෙනෙකු” යනුවෙන් කටයුතු කරන්නේ සමාජය ඔබ තුළම සැඟවී ඇති නිසාය. සමාජීය අරමුණු (ධනවාදය, ජාතිවාදය)යනු පුද්ගලයාගේ මනසේ සංකල්ප ලෙස පමණක් පවතී. අවසාන වශයෙන් හේගල්ට අනුව, ලෝකයේ සෑම වෙනසක්ම ඇතිවන්නේ සංකල්ප තුළම ඇති වන අභ්‍යන්තර පැල්ම නිසාය. භෞතික ලෝකය වෙනස් වන ආකාරය පෙන්වන්නේ මෙම සංකල්පමය ගතිකත්වයයි.

පරමාත්මය.

“සාරාත්මයේ ප්‍රපංචවේදය(“Phenomenology of Spirit )යනු සම්පූර්ණයෙන්ම වර්ධනාත්මක කථාවක් බවට පරිවර්තනය නොකළ යුතුයී. මෙහිදී, වර්ධනාත්මක කථාවක් යනු ඉලක්කයක් කරා ගමන් කරන (teleological) හෝ චක්‍රීය (cyclical) ස්වභාවයක් ගන්නා කථාවක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, මෙය නූතන, හෝ අවම වශයෙන් වර්තමාන, ඕනෑම මතයකට අයත් චින්තනය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ යුතුය. සරලව කිවහොත්, මෙහිදී  කියවෙන්නේ “සාරාත්මයේ ප්‍රපංචවේදය  තුළ සිදුවන දේවල්, ඉලක්කයක් කරා ගමන් කරන හෝ චක්‍රීය රටාවකට අනුව සිදුවන දෙයක් ලෙස නොසැලකිය යුතු බවයි. ඒ වෙනුවට, එය නූතන චින්තනයට අනුකූලව තේරුම් ගත යුතු බවයි.

“එසේ නම්, මෙය අපෝහක න්‍යායේ අවසාන එළිදරව්ව ලෙස සැලකිය යුතුද? (හේගල් මෙම වචනය ඉතා කලාතුරකින් භාවිතා කරයි). නැතහොත්, හේගල් නිතර භාවිතා කිරීමට කැමති “සමපේක්ෂන”” ලෙස හඳුන්වන දෙයක අවසාන ආරම්භය ලෙස සැලකිය යුතුද?” යන්නයි. මෙම විස්තර වල යම් සත්‍යතාවයක් ඇත. සරලව කිවහොත්, මෙහිදී අසනු ලබන්නේ “පරමාත්මය” යනු අපෝහකය න්‍යායේ අවසානයද, නැතහොත් හේගල් නිතර කතා කරන “සමපේක්ෂන” ක්‍රියාවලියේ ආරම්භයද යන්නයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී යම් සත්‍යතාවක් ඇති බවද සඳහන් කල යුතු වේ.

හෙගල්ගේ දයලෙක්තිකය අනුව “Verstand” (සාමාන්‍ය ජන වහර) තේරුම් ගැනීම හෙවත් “Understanding” සිට “Vernunft” (හේතුව) හෙවත් “Reason” දක්වා සිදුවන වෙනස, සාමාන්‍ය ජන වහර සහ “අනුභූතිවාදී චින්තනය” සමඟ ඇති වන තියුණු බිඳීමක් ලෙස වටහා ගත යුතු බවයි. කෙසේ වෙතත්, “Logic” ග්‍රන්ථයේදී, “Verstand” හි අවලංගු කිරීම සහ පරිවර්තනය (මෙය සැබවින්ම “Aufhebung” ලෙස සැලකිය හැකියි) සිදුවේ. සරලව කිවහොත්, මෙම ඡේදය මගින් “සාමාන්‍ය ජනවහර තුල ඇති හැගීම්” සහ “තර්කය” අතර වෙනස පැහැදිලි කරයි. සාමාන්‍ය දැනුම හා අනුභූතිවාදී චින්තනයෙන් මිදීමක් ලෙස විස්තර කරන අතර, “Logic” ග්‍රන්ථයේදී “සාමාන්‍ය ජන මනස” පරිවර්තනය වන ආකාරය පැහැදිලි කරයි. “Aufhebung” යනු එහි වැදගත්කමයි.

තරිඳු මෙන්ඩිස්.

Author

Similar Posts

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *