ඇත් රජුනි, යදම් බර වැඩිද පාබැඳි…?
උදේනි සමන් කුමාර.

නුවර දළදා පෙරහැරට ඇතුන් ගෙන යන දර්ශනය මේ දිනවල නිතර දකින්නට ලැබේ. එය ඇසට කදුළු උණන දර්ශනයකි. ඇතුන් අමාරුවෙන් කඩුගන්නාව කන්ද නගිනවා දකින කාට වුවද හිත වාවන්නේ නැත.
ජීවිත කාලයම සිරකරුවන් ලෙස.
“මේ සත්තු මොන තරම් අහිංසක ද? වනාන්තරයෙන් අල්ලා ගත් දවසේ සිට කොපමණ නම් දුක් විඳින්නට ඇත්ද?” මව් ඇතිනියගෙන් නෑදෑ අලිරංචුවෙන් පැහැර ගත් දවසේ සිට ඔවුන් ජීවත් වන්නේ යදම් වලින් බැඳ විලංගුලාබව සියල්ලෝ දනිති. සමහර ඇතුන් මේ වන විට පසු කරන්නේ මහලු වියයි. මුළු ජීවිත කාලයම වේවැලට, හෙන්ඩුවට, බියේ ටොන් කිහිපයක් බර දම්වැල් බෙල්ල වටේ දාගෙන මේ අසරණයෝ ජීවත් වෙති.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_338794a332.jpg
නිදහසේ තම වර්ගයා සමග අලි රංචුවක නායක ඇතාවී ගතකරන්නට තිබුණු ජීවිතය මිනිස්සු මේසතුන්ගෙන් උදුරා ගෙන පෙරහැරට දක්කන් යති. සඳ එළිය ගලන රාත්‍රියක වනන්තරේ වැව් තාවුල්ලක ඇතින්නියන් පිරිවරාන නිදැල්ලේ ඉන්නවාට වඩා යදමින් බැඳ විලංගු ලා පෙරහැරක දක්කන් යාම වාසනාවන්ත වෙනේනේ කොහොමද යන්න ශ්‍රද්ධාවන්තයින්ට වැටහෙන්නේ නැත. මුහුණු පොතේ කමෙන්ට් දමන සියල්ලන්ම කියන්නේ, “පුදුම වාසනාවන්ත පිං ඇති සතෙක් පෙර ආත්මයේ පතාගෙන පැමිණ පෙරහරේ ගමන් කරනවා. ” යනුවෙනි. පොරවා ඇති විසිතුරු කබාය නිසා තැම්බෙන තැම්බිල්ලවත් පාද සතරට විලංගු ලා ඇති නිසා ගාට ගාටා යන්නට සිදුවීමෙන් සතා විඳින වේදනාව උපාසක අම්මලාට දැනෙන්නේ නැත.

https://srilankatravelpages.com/my_content/uploads/2023/12/Where-to-See-Sri-Lankan-Elephants.jpg

https://i.ytimg.com/vi/xdw98qGC6-M/maxresdefault.jpg
සංස්කෘතික සහ ආගමික කාරණා වලට මුවා වෙමින්.
ඇතාට ආගමක් නැත. ජාතියක් නැත. වසර මිලියනයකට වැඩි කාලයක් ඔවුන් මේ බිමේ නිදහසේ ජීවත් වී තිබේ. ඇයි? අපි අපේ සංස්කෘතික කාරණා වලට අහිංසක සතුන්ට වදදෙන්නේ. මේක ඉන්තේරු වෙන්ම අපරාධයකි. බුදුන් වහන්සේ බෞද්ධ දර්ශනයේ කොතනක හෝ මෙහෙම සතුන්ට හිංසා කරන්න දේශනා කර නැත. ඒ නිසා මෙවැනි වැඩවලට බුදු දහම සම්බන්ධ කර ගැනීම අත්‍යන්තයෙන්ම වරදකි. බෞද්ධ දර්ශනය අපට මග පෙන්වූයේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා, යනුවෙන් ප්‍රාර්ථනය කරන්නටය. ඒ අනුව ක්‍රියා කරන්නටය.
ලෝකයේ කිසිදු රටක හීලෑ අලි ඇත්තු කියා ජාතියක් නැත. අප කොතෙකුත් දැක තිබෙන්නේ දම්වැල් දමා හෙන්ඩු වෙන් බයකර ගෙනයන අලි ඇත්තුය. අනන්ත දුක් විඳලා හෙන්ඩු පාරවල් කා අන්තිමට මනුසතාට තිබෙන මරබිය නිසාම තේජෝ බල පරාක්‍රමයෙන් යුතු හස්තීන් පූස් පැටවුන් මෙන් කීකරුවෙති. නුවර පෙරහැරේ උඩුකය නිරුවත් වයසක සීයලා තුන් කන්සෙන් දහදිය නාගෙන ගිනි හට්ටි ඔසවාගෙන යද්දි, නිලමෙලා තුප්පොට්ටිය ඇදලා මුතුකුඩ යට වඩම්මනවා දකිනකොට ඇතිවෙන අප්‍රසන්න හැඟීමම සතුන්ට වද දෙනවා දකිද්දී ඇතිවෙන බව කිව යුතුය.
“ඇතා ගිය ආත්මේ පිං කරලා මේ ආත්මේ කරඬුව වඩම්මන්න ලැබුණා. ඊළග ආත්මෙ බුදු වෙනවා සත්තයි. වගේ මතවල ඔබ ඉන්න. ඒ වුණත් අහිංසක දරුවන්ගේ ඔළු වලට ඒ වැරදි අදහස් දමන්න එපා. සතුන්ටත් අපට වගේම නිදහසේ මිහිතලය මත ජීවත් වෙන්න අයිතියක් ඇතිබව දරුවන්ට කියාදෙන්න.

https://i.imgur.com/BHkVwik.jpg
අපගේ හෘද සාක්ෂීය.
සංස්කෘතිය කියන මාතෘකාව යට සඟවලා තියෙන බිහිසුණු යථාර්ථය තේරුම් ගන්න. එහෙම තේරුම් නොගත්තොත් කාලි අම්මාන් කෝවිලේ සිද්ද වෙන බිලිපූජාවන්ටත් අපට එකඟ වෙන්න සිදුවෙනවා, එය ඔවුන්ගේ සංස්කෘතිය කියා. දෙමව්පියන් සතුන්ට ආදරේ නොවුනොත් දරුවන්ද සතුන් ගැන මෛත්‍රියෙන් ක්‍රියා කරන්නේ නැත.
ලංකාවේ ඇතැම් පළාත්වල දඩයමේ යන තාත්තාගේ උදව්වට පවුලේ සියල්ලන්ම එකතු වී රාත්‍රී කාලයේ හක්ක පටස් ඔතන බව අප අසා තිබේ. ඇතැම් විට ඔවුන් පන්සලේ හොඳම දායකයන්ය. පෙරහැර සංස්කෘතිය, බිලි පූජා සංස්කෘතිය, ආහාර සංස්කෘතිය, ආදී වශයෙන් සංස්කෘතීන්ගේ ප්‍රභේද තිබේ. අප ඒවා නඩත්තු කළ යුතු යැයි සිතීමම මුලාවකි. අපට බෞද්ධයින් විය හැක්කේ හෘද සාක්ෂියට එකඟව මේ පටලැවිල්ල ලිහා ගතහොත් පමණි.