|

අලි මිනිස් ගැටුමට ඉන්දියාවෙන් විසඳුමක්..!


ලංකාවෙ වගෙම ඉන්දියාවෙ විවිධ ගම්මාන වල අලි මිනිස් ගැටුම තියෙනව. එය වීශාල රටක් වුවත් ජනගහනය ඉහල නිසා ලංකාවෙ වගෙම මෙම වන අලි ආහාර සොයා ගම් වදිනව. අලියකුට දිනකට ආහාර කිලොග්‍රැම් 300 ක් විතර ඕන. මහගස් වල ඇති කොල අතුවලින්, ගෙඩි වලින් කැලෑව තුලම ආහාර වලින් 60 % ක් විතර සොයා ගන්නව. ඉතිරි ප්‍රමාණය හොයා ගන්න ඇවිල්ල තමයි ගැටුම ඇතිවෙන්නෙ.

අලින් රාත්‍රියේ ගම් වැදීම.

අලින් වනයෙන් එලියට එන්නෙ හවස් වෙන කොට ජලය ඇති ස්ථාන වලින් වතුර බීල තෘණ වර්ග කන්න තමයි හොයන්නෙ. දැන් ලංකාවේ අලි රංචුවක සාමාන්‍යන් 20 ක් විතර ඉන්නව. මින්නෙරිය වැවට පායන කාලයට විවිධ පැති වලින් ආපු රංචු දකින්න පුලුවන්. ඒ කාලයේ වැව් පිටියෙ අලින් 400 ක් විතර ගැවසෙනව. වැව් පිටි වල, අලි එන මාර්ග වල අලින් ප්‍රිය කරන බෝග නෑ. ඒ නිසා අලි රාත්‍රියේදි ගම් වදිනව ඒ ආහාර සොයාගෙන පොල් ගස්, බඩ ඉරිගු, කුඹුරු වල වී මුන්ගෙ ප්‍රියතම ආහාර වෙලා. මිනිස්සුන්ගෙන් පහසුවෙන් මුන්ට ගැලවීමටද බෑ. සාධරණ සටනක් දෙපැත්තෙන්ම වෙන්නෙ. අලි මිනිස් ගැටුම නිසා දෙපැත්තෙන්ම මැරෙනව අවසානයේදි. නගරෙ ඉන්න අලි ලවර්ස්ල අලි වෙනුවෙන් පෙනී හිටිනව. පරිසර ඇමතිට ගෙදර යන්න කියනව. ගමේ ගොවීන් කනගාටුවෙන් මේ විපත්තියෙන් ගැලවෙන්නෙ කොහොමද කියල දෙවියන්ගෙන් අහනව. අලියෙක් ලිඳකට වැටිල හිටියොත්, ලෙඩ වෙල හිටියොත් එයාලව ගලව ගන්න මැදිහත් වන්නෙත් මේ අසරණ ගොවීන්මයි.


ඉන්දියාවෙ උදාහරණ.

මම කියන්න ගියෙ ඉන්දියවෙන් උදාහරණ ඇරගෙන මේ කරදර අවම කර ගත්ත වීදිය. සංවිධානයක් මැදිහත් වෙලා ගැමියන් එක්ක එකතු වෙලා වන අලි වෙනුවෙන් තණ කොල වගා කලා. ඒ රක්ෂිත හා වැව් පිටි වල. නේපියර්, බ්‍රකේරිය වගෙ තණ කොළ වගා කලේ. අක්කර 20 ක විතර වගා කරල. ශ්‍රමදායකත්වය ගමේ ගැමියන්ගෙන්. මෙහයවීම සතුන්ට ආදරය කරන සංවිධානයක්. මාස 2 ක් යන විට මෙම තෘණ වර්ග ඉතා හොදින් වැවෙනව. දැන් අලින් ගමේ කුඹුරට, හේනට එන්නෙ නෑ ආහාර සොයාගෙන . ගැටුමද සමතයකට පත්වුනා. මෙම සාර්තක ව්‍යපෘති ය පිලිබදව දැනුවත් වු ගැමියන් තමන්ගෙ ප්‍රදේශ වලද අත් හදා බැලුව. එය සාර්තකයි.


ඉන්දියවෙ අගමැති නරෙන්ද්‍ර මෝඩිද මේ පිලිබදව සොයා බලා එහි සාර්ථක බව ගැන ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරමින් කතා කරා. අපේ ලංකාවෙ තත්වය එයට වඩා වෙනස් පරිසර අමාත්‍යංශයේ නිළධාරින් මේ වගාවට කැමති නෑ. මා යෝජනා කල ව්‍යපෘති ය මෙවැනි වගාවන් ගැන. රු. ලක්ෂ 5 කින් කරන්න පුලුවන් නමුත් අනුමැතියක් නැතිව කරන්න බැ. මුදල් අපිට සොයා ගන්න පුලුවන් .


මේ ව්‍යපෘති ය පිලිබදව ජනාධ්පති ලේකම් තුමා වෙත දැන් වුවා, එතුමා මේ ගැන උනන්දුවෙනව. ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්ගෙන් මෙයට අනුමැතිය ඉල්ලල ලිපියක් යවනව මටද පිටපතක් එවා තිබුන. නමුත් මාසයක් ගත වෙලත් පරිසර ලේකම් එයට පිලිතුරක් එවා නැති බවයි දැන ගන්න තියෙන්නෙ. මේ අතර පරිසර අමාත්‍යංශයෙන් තබුත්තෙගම ජීව වැටක් තැනීමට මුදල් වෙන්කලා කියල දැනගන්න ලැබුන. එහි සිටවන්නෙ කටු සහිත ශාක ඒ අලින් ගමට ඇතුල් විම වැලක්විමට . දැන් මෙවනි ව්‍යපෘති වලට රුපියල් කෝටි ගනන් වියදම් කරල ප්‍රතිපල නෑ. නමුත් අපි ඉල්ලනෙ අනුමැතිය පමනයි. ඒ අලින්ට තෘණ හා ශාක වවන්න මුදල් අපි සොයා ගන්නම්.

අලි මිනිස් ගැටුමෙන් උගත් පාඩම් !


සාමාන්‍යයෙන් වසරකට වන අලින් 400 ක් පමන මිය යනව. අලි ගහනය දල වශයෙන් 5000 ක් විතර ඉන්නෙ. පසුගිය වසර 10 ක වියදම් කරල තියෙනව රු.බිලියන 1.5 ක් සූපෝෂණ ව්‍යපෘති සදහා. නමුත් කිසිම පසු විපරමක් කරල නැ. ඒ නිසා ප්‍රතිපල නොදනී. අලින් ගම් වැදිම හා මිය යාම වැඩි වීමක් නෑ. පසුගිය වසර වල සිදුවිම් වලට සමානයි. මේ පිලිබදව පරිසර ඇමතිට , ආන්ඩු කාර වරුන්ට යෝජනා කලත් එම ලිපි ලැබුනු බව වත් දන්වා නැ. ඒ මට පමනක් වුන දෙයක් විය හැකියි. නමුත් ජනාධ්පති ලේකම් කාර් යාලයට මා යවන ලිපි වලට පිලිතුරු එනවා. එමෙන්ම ඒ සම්බන්ධව සොයා බලනව. කෘෂි කර්ම අමාත්‍යංශය ට යොමු කරන ලිපි කොහාට යනවද දන්නෙ නැ. සමහර විට එහි ඊ මේල් ලිපිනය වැරදි ඇති. උතුරු මැද ආන්ඩුකාර කාර් යලයද එසේය. රජයේ දෙපාර්තමේන්තු , අමාත්‍යංශ පුරවැසියන්ගෙ ඉල්ලිම් හා යෝජනා වලට මෙයට වඩා සංවේදි වී කටයුතු කරනව නම් හොදයි.


දිස්ත්‍රික් කමිටු.

ජනාධ්පති කාර්යාලයෙ අතිරේක ලේකම් වනසිංහ මහතා ගෙන් අනිකුත් නිළධාරින්ට මේ සන්නිවේදනය ඉගෙන ගන්න
පුලුවන් . ජනාධ්පති ලේකම් වෙත ආහාර සුරක්ෂිතතාවය පිලිබදව යොමු කරන යෝජනා යොමු වෙන්නෙ වනසිංහ මහතා වෙත. ඔහුගෙ කාර් යමන්ඩලය ඒ පිලිබදව සොයා බලා පිලිතුරු එවිම සාමාන්‍යන් සිදුවෙනව. අලි ගැන කියමින් සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් දීල තියෙනව හැම දිස්ත්‍රික්කයෙම කමිටුවක් ගොඩ නගන්න වන අලි මිනිස් ගැටලුව ගැන. අනුරාධපුර දිස්ත්‍රික්කයෙ එහෙම කමිටුවක් තවම නෑ වගෙ. අපි උත්සහ කරන්නෙ ඉන්දියවෙන් උගත් පාඩම් ලෙස වන අලින්ගෙ ආහාර ගැටලුවට ව්සදුමක් දෙන්න. සරලව කිවොත් තෘණ, වී, සෝගම් වැනි දේ රක්ෂිත වල වගා කරන්න එය සරල ව්‍යපෘතියක්. නමුත් වැහි කාලය අවසන් වුනොත් තව වසරක් බලන් ඉන්න වෙනව. පරිසර ඇමතිගේ උපදේශකයන් අලින්ට කන්න දෙනවට අකමැති වගේ. ඒ නිසා බිහිරන් වගේ ඉන්නව.


මේ වන විට සමාජ ජාල වල පරිසර ඇමති ගෝ හෝම් කියල වලියක්. ඉන්දියවෙ ආදර්ශය ගැන මම ලිව්ව ලිපියට 500 ක් විතර ප්‍රතිචාර දක්වලා තිබුනා. සමහර අය තන කොල වවන්න මුදල් දෙන්නත් සුදානම්. රු ලක්ෂ 5 ක් අවශ්‍ය‍යි. එය සුලු මුදලක් , නමුත් පරිසර අමාත්‍යංශයේ න් අවසර නොදීම නිසා මෙය කරන්න බැරි වේවි. මුහුනු පොතේ වීරෝධය උත්සන්න වෙල නිසා අමාත්‍යංශයේ පේජ් එකේ කොමෙන්ට් දාන්න දීපු ඉඩ අහුරලා.


පශුවෛද්‍ය කීර්ති කුමාර මද්දුමගෙ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *