|

පෙරටුගාමීවාදය සහ කුමේණි වාදය..!

මම හිතෙන්නේ මේ පෙනීසිටීමට හේතුව ආගමික මූලධර්මවාදය සහ කොමිනිස්ට් මූලධර්මවාදය  අතර පවතින  යම් පෑහීමක්  නිසාය. කොමිනිස්ට් මූලධර්මවාදීන් සහ ආගමික මූලධර්මවාදීන් යන දෙපාර්ශවයම මැතිවරණය වලට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී බාවිතාවන්ට  විරුද්ධය..මේ අය ප්‍රජාතන්ත්‍රවාදය දකින්නෙ බටහිර  ධනවාදයේ ප්‍රෝඩාවක් ලෙසය.

ආගමික මූලධර්මවාදීන් විශ්වාසකරන්නෙ දෙවියන් තුලින් එන ආගමික ඒකාධිපතිවාදයක් ගැනය. කොමිනිස්ට් මූලධර්මවාදීන් විස්වාස කරන්නේ නිර්ධන පංති ඒකාධිපතිවාදයක් ගැනය.

එතෙන්දිත් නිර්ධන පංති ඒකාධිපතිවාදයක් ගැන කිව්වට ලෝකෙ මෙතෙක් කොමිනිස්ට් පාලනයන් තුල නිර්මාණය වී ඇත්තේ  ව්‍යාජ නිර්ධනයන් ලෙස ඇඳගත් පොල්පොට් වර්ගයේ නැත්තං කිම් ජොං වර්ගයේ ඒකාධිපතියන්ය. මේ වර්ගයේ පාලනයන් ඇතුලේ ජනතාවට ස්වාධීන මතයක් දැරීමටවත් ජනතාවට තමන්ගෙ ස්වාධීන මතය වෙනුවෙන් පෙනීසිටීමටවත් නොහැකිය ..

එහිදී සියලු ස්වාධීන මත පාලක ඒකාධිපතිවාදයේ ගල් රෝලෙන් යටකර දැමේ. ඉන් පසු  ඒ සියල්ල සිදුකලේ දෙවියන් වෙනුවෙන් නැත්නම් නිර්ධන පංතිය වෙනුවෙන් යැයි පැවසේ.

එසේම මේ දෙපාර්ශවයටම යතාර්තයේ පවතින දර්ශනයක් හෝ ආර්ථික  වැඩපිළිවෙළක් හෝ නැත. ඒ වෙනුවට මොවුන්ගේ   සමස්ත දර්ශනයම සෑදී ඇත්තේ අපහැදිලි යුතෝපියානු දෘෂ්ඨිවාදීමය පරිපූර්ණත්වයකිනි

එසේම  මොවුන් තද බටහිර විරෝධියො වන අතර ඔවුන්ගේ බටහිර විරෝධයද විද්‍යාත්මක පදනමක් සහිත විරෝධයක්ද නොවේ.

ඔවුන්ගේ මේ අන්ද බටහිර විරෝධයේ මූලය  ඇත්තේ උග්‍ර ජාතිකවාදයක් තුලය..එසේම ඒ ජාතිකවාදයේ පතුල සෑදී ඇත්තේ අතීත ඝනගෝත්‍ර  වාද මතය. එමෙන්ම මේවර්ගයේ පාලනයන් අවසන් වන්නේ උක්ත රටවල් නට්ටංකොට අවසානයේ අදාල රටට, ජනතාවට කුරිරු  විනාශයක් අත්පත් කරදීමෙන් අනතුරුවය.

ප්‍රියශාන්ත රාජපක්ෂ.

(අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *