|

වතු කම්කරු පන්තියේ අනාගතය හා වැටුප්..!

තොන්ඩමන්-ජේ.ආර්

image source-https://upload.wikimedia.org/wikipedia/en/8/8f/Savumiamoorthy_Thondaman.jpg,https://dbsjeyaraj.com/dbsj/wp-content/uploads/2015/05/IMG_9703.jpg

වතු කම්කරුව න්ගේ ජීවන මට්ටම අනිකුත් කම්කරුවන් සමග සැසදිමේදි පහල තත්වයක් ඇත. මොවුන් ලංකාවේ ශ්‍රමිකයන් බවට පත් වී වසර 200 ක් ඉක්මවා ගොස් ඇත. නමුත් ඔවුන්ගේ නිවාස සුදු පාලකයන් ව්සින් ලබා දුන් ලයින් කාමර වල එතරම් වෙනසක් නැත. කොටි සංව්ධාන යේ බෙදුම් වාදයට ඔවුන් පක්ෂ නොවිනි. මේ වන ව්ට ජාතික ජන බල වේගය තුල මෙම ප්‍රජාව නියෝජනය කරන මන්ත්‍රිවරු ද ඇත. එමෙන්ම පලාත්පාලන ආයතන වල බලය ගැනිමට කම්කරු කොන්ග්‍රසය ද මාලිමාවට සහාය විය. මේ කාටත් වුවමනාව ඇත්තෙ තම ජනතාවගෙ ජීවන තත්වය ඉහල දැමිමය. ඒ සදහා මෙවනි වමේ බලයක් සහිත ආන්ඩුවකට කල නොහැක්කක් නැත.


ඇමති සමන්ත විද්‍යරත්න කියන්නෙ දිනක වැටුප ‍රු 1700 සමාගම් විසින් ගෙවිමට අදිමදි කරන බවය. මේ අවස්තාවෙ මෙය කල නොහැකි නම් වතු සේවකයන් සමග එකතුව ව්ප්ලවයක් කිරිමට ආන්ඩුවට හැකිය. වතු කිපයක් පවරාගෙන මෙම වතු වල නිෂ්පාදනය ඉහල දමා වියදම් අඩුකර සමාගම් වලට කල නොහකි වැටුප් ඉහල දැමිම කල හැකිය. සිරිමාවො ගේ ආන්ඩුව වතු රජයට පවරා ගත්තත් පසුව ඒවා නිළධාරින් විසින් අරමුණ කරා ගෙන ගියේ නැත. නමුත් සේවක සමාගම් හා ජව්පෙ කැපවිම මත මෙම වතු සංවර්ධනය කල හැකිය.


වතු ජනතාවගෙන් සුලු පිරිසක් කිරි ගවයන් පාලනය මගින්ද ආදයම් උපදාව ගනි. දිනකට කිරි ලිටර 20 ක් එක් එල දෙනුකුගෙන් හෝ දෙදෙනකුගෙන් ගැනිමෙන් දිනකට රු 3500 ක් පමන ආදයමක් ලැබේ. මෙම පවුල් වලට ස්වයන් රැකියාවක් ලෙස කිරි දෙනුන් ලබා දීමද කල හැකිය. මෙම වතු ඉඩම් වල ප්‍රධාන බෝගයට අමතරව අතුරු බෝගද වැවිය හැකිය. එමගින් ආදයම් දෙගුන කල හැකිය. වෙනත් රටවල මෙවනි වතු දියුනු කර ඇති ආකාරය වතු ජනතා නියෝජිතයන් අධ්‍යනය කර සැලසුමක් හැදිය යුතුය. තවම එවන්නක් දකින්නට නැත.

වෛද්‍ය කීර්ති කුමාර මද්දුමගේ.

(කෘෂි අරගල ව්‍යාපාරය)

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *