ගාමිණී ලොකුගේ..!

ඔහුගේ ජීවිතය නිශේධනයේ නිදසුනක්ද?

ජනතාව ඔහුට චන්දය දුන්නේ ඇයි?

 පුංචි මනස්  විසින් මරණින් පසු පළ කරන වෛරය, මිනිස් සිතේ අදුර පෙන්වයි. මියගිය අයකු ගැන වෛරයෙන් සතුටු වීමෙන් ලැබෙන ජයග්‍රහණය කුමක්ද? මෙය මරණය පවා  අවබෝධ කර ගැනීමට අපොහොසත්  සමාජයක් නිර්මාණය වුයේ කෙසේද. ලොකුගේ ගේ නරක හෝ නපුර ලෙස සමාජය විසින් පිළිගත් පසුත්, ඇත්ත වශයෙන්ම දේශපාලනයේ  අඳුරු අවශ්‍යතාවයකට (බලය රැකගැනීමට ප්‍රචණ්ඩත්වය, මිනි මැරීමට) සේවය කළේය. ජනතාව තමන් විවේචනය කරන දේටම ඡන්දය දෙයි. මන්ද? යහපත්  දේශපාලනයට “නරක” යුතුකම් අවශ්‍ය වන බැවිනි. ගාමිණී ලොකුගේගේ ජීවිතය අපට උගන්වන්නේ මිනිස් සමාජයේ පරස්පරතා ගැඹුර ගැනයි. ඔහුව “නරක” ලෙස වර්ගීකරණය කිරීම පහසුය. නමුත් සැබෑ නිශේදනය වන්නේ මිනිසුන් තමන් විවේචනය කරන දේට ඡන්දය දෙන්නේ ඇයිද  යන ප්‍රශ්නයයි. මෙය දේශපාලනයේම මූලික පරස්පරයයි. යහපත පතන අපි, නරක නොමැතිව එය ලබා ගත නොහැකි බව නොසලකා හරිමින් සිටිය යුතුද?

ගාමිණී ලොකුගේ ජනතා සතුරෙක්ද?

ලොකුගේට මේ මොහොතේ ගෞරව කරන්නේ කව්ද. ගෞරව කරන්නේ ජනතාවගේ තේරීමටයි. ඔවුන්ට ඔහුව අවශ්‍ය කළා නම්, එයින් අදහස් කරන්නේ ඔහු ඔවුන්ගේ යථාර්ථයේ කොටසක් බවයි. එය ගැන විස්මය විය යුත්තේ ඔවුන් නොව, යථාර්ථයයි. ලොකුගේ ගේ ජීවිතය මෙම විරෝධාභාසය තුල ජීවත් කළේය. ජනතාව ඔහුට විරුද්ධ වූයේ ඔහුගේ “නරක” ගුණ නිසා වුවද, ඔවුන්ම ඔහුව තෝරා ගත්තේ එම “නරක” ගුණ බලය රැක ගැනීමට අවශ්‍ය නිසාය. ගාමිණී ලොකුගේගේ ජීවිතය අපට උගන්වන්නේ මිනිස් සමාජයේ සත්‍යයන් ඒකාකෘතික නොවන බවයි. හොද සහ නරක එකිනෙක නිශේධනය කරන නමුත් එකිනෙක අර්ථ දැක්විය යුතු වන්නේ එම නිශේධනය හරහාමය. ලොකුගේ “නරක” සමාජ විවේචනය තුළම, ඔහුගේ “අවශ්‍යතාවයේ” යථාර්ථය ගැබ් වී ඇත.  යහපත යනු නරක නොවන දෙය නොවේ. එය නරක අවශ්‍ය කරන ලෝකයක යහපත ලෙස පැවතීමේ විරෝධාභාසයයි. ලොකුගේගේ ඡන්ද ජයග්‍රහණ ජනතාවගේ අර්බුදය නොව, ඔවුන්ගේ යථාර්ථයේ පවතින නිශේධන ද්වන්ද්වය පෙන්වයි.

ගාමිණී ලොකුගේ ප්‍රචන්ඩත්ව ආකෘතිය.

දේශපාලනයේදී ජනතාවට යහපත විතරක් ඕනේ නෑ. ඔවුන්ට යහපත ආරක්ෂා කරන නරක  අවශ්‍ය වෙනවා. ලොකුගේගේ ජීවිතයේ පරස්පරය තියෙන්නේ එතැනයි. විවේචනය කරනවා  ඔහුගේ නරක ගුණ ගැන. ඡන්දය දෙනවා ඒ නරක ගුණ තම යහපතට ඕන නිසා(ජනතාව). යහපත පමණක් බලය රැකගන්න බැහැ. එයට “නරක” යන ආරක්ෂක වළලු අවශ්‍යයි. ලොකුගේගේ ජීවිතය තමයි වළලු. එබැවින් ඔහු මැරිලා ගියත්, නව ලොකුගේවරු ඉපදෙනු ඇත. මන්ද? ජනතාවට ඔවුන්ගේ යහපත”රැක ගැනීමට අදත් ඒ නරක වළලු අවශ්‍ය නිසා.

තරිඳු මෙන්ඩිස්.

Author

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *