ගිලටීනය ම්ලේච්චත්වයේ සංකේතයක්ද..?
වර්තමාන අපි ජීවත්වන සමාජ සංදර්භය තුලදී ගිලටීනය කීවිට එය අපට සිහිගන්වන්නේ ම්ලේච්චත්වයයි. නමුත් මිනිසුන් මරාදැමීමට භාවිතා කල එම උපකරනය එය නිපදවූ කාලයේ සමාජ සංදර්භයට අනුව එය එසේ නොවේ. 1789 ජූලි 14 ට පෙර ප්‍රංශයේ පැවති වැඩවසම් නොහොත් රාජාන්ඩු සමයේදී චූදිතයින් මරා දැමීම සදහා විවිධ ක්‍රම භාවිතා කරනලදි. චූදිතයාගේ සමාජ මට්ටම අනුව මරණ දඩුවමේ ස්වභාවයද වෙනස් වෙන ලදි. ප්‍රභූවරුයෙකුට මරණ ඩඩුවම දෙන්නේ නම් ඔහු හිස ගසා දමයි. අවශේෂ ජනකොටස් වලට අයිති වැරදිකරුවෙක් නම් ඔවුන්ට මරණ දඩුවම පැමිණ වූයේ පහරදීම, වතුරේ ගිල්වීම, අත්පා අස්වයන් 4 ගේ බැද ඔවුන් දුවන්නට සැලැස්වීම, පුලුස්සා මැරීම ආදී විවිධ වධබන්දනයන්ට ලක්කිරීමෙනි.

මරණ දඬුඅවම කාටත් සමසේ එකලෙස ගිලටීනය තුලින්.
නමුත් 1789 ජූලි 14 වෙනිදින බැස්ටීලයට පහර දීමෙන් ඇරඹී ප්‍රංශ විප්ලවය මෙතෙක් පැවති සිස්ටම් එක මුලුමනින්ම උඩුයටිකුර කරන ලදි. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් පවා වෙනස් කිරීමට එම විප්ලවය සමත්විය. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය ප්‍රංශ විප්ලවයේ තේමා පාඨය විය. මරණ දඩුවම දෙන ආකාරයද මේ අනුව වෙනස් විය. එයටද සමානාත්මතාවය සංකල්පය ආදේශ කලයුතු බව සමාජයේ කතාබහට ලක්විය. ඒ අනුව මරණය සමාජ බේදයකින් තොරව වේදනාවකින් තොර, ක්ෂනික මරණයක් සියලුම මරණදඩුවමට ලක්වූවන්ට දියයුතුයයි ඔවුන් කල්පනා කරන ලදි.
ඒ අනුව වෛද්‍යවරයෙක් වූ Joseph Guillotin, ගිලටීනය වැනි උපකරණයක් නිපදවියයුතු බව මහජන නියෝජිත සභාවට යෝජනා කරන ලදී. එම යෝජනාව අනුව ශල්‍ය වෛද්‍ය වරයෙකු වූ ,Antoine Louis මෙය නිර්මාණය කරන ලදි. ප්‍රථම ගිලටීනය 1792 දී පැරිසියේ ප්‍රසිද්ධ සථානයක සවිකරනලදී.බැස්ටීලයට පහරදී ඇරබී විප්ලව සමයේ දහස් ගනනින් මෙම උපකරනයෙන් මරාදමන ලදි. ප්‍රංශයේ අවසන් රජු 16 වෙනි ලුවී සහ ඔහුගේ බිසවද පැරීසියේ ජනතාවගේ ප්‍රීතිඝෝසා මැද 1793 ජනවාරි 21 වෙනිදින ගිලටීනයෙන් බෙල්ලකපා මරාදමන ලදි. 1939 දී ගිලටීන නගරයේ පොදුස්ථාන වලින් ඉවත් කොට සිර ගෙවල්වල ස්ථානගත කරනලදි. ගිලටීනය අවසන් වරට භාවිතාකරන ලද්දේ 1977 දීය. 1981 වසරේදී ප්‍රංශය මරණදඩුවම අහෝසි කරනලදි.
ප්‍රංශයේ භීෂණ යුගය.
ගිලටීනයෙන් මරණයට පත්කල පලමුවෙන්නා මිනීමැරීම් චෝදනා ලද Nicolas Jacques Pelletier ය. ඒ 1792 අප්‍රේල් 25 දාය. ගිලටීනයෙන් මරාදමන ලද අවසන් තැනැත්තා මංකොල්ලයකට වරදකරුවෙකු වූ Amida Djandoubi ය. ඒ 1977 සැප් 10 දිනය. ප්‍රංශ විප්ලවයේ දෘශ්ඨීවාදී තලයේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටුකල පුද්ගලයෙක් වූයේ Maximilien Robespierre ය .ඔහු ප්‍රංශයේ අද දක්වාම ආන්දෝලාත්මක චරිතයක් සේ සැලකේ. එවකට පැවැති වහල් වෙළඳාම අහෝසි කිර්ම, නීතිය ඉදිරියේ සියලුම දෙනා සමානව සැලකීම, සර්වජන චංදබලය ආදී සමාජ ඉදිරිගාමී ක්‍රියාමාර්ගවල ආරම්බකයා ඔහුය. නමුත් විප්ලවයට විරුද්ධ වූවන් මරණ දඩුවම් පැමිනවීම දිරිමත් කිරීම ඔහුට ඇති චෝදනාවයි. 1789/1790 අතරකාලය ප්‍රංශය හදුන්වනු ලබන්නේ Period of Terror වශයෙනි.

මෙම කාලය තුල ගිලටීනයට යැවූ සංඛ්‍යාව නිලවශයෙන් නොවුනත් 17000 ක් පමණ යයි සැලකේ. Robespierre ට ඇති චෝදනාව වන්නේ ඔහු එය මෙහෙයවීම යන්නයි. ඔහුටද ගිලටීනයට යාමට සිදුවන චෝදනාව මෙයයි. ප්‍රංශයේ හිටපු Louis 16 රජු ගිලටීනයෙන් බෙල්ල කපා මරා දැමූයේ 1793 ජනවාරි 21 වෙනිදින වන අතර ඔහුගේ බිසව Marie-Antoinette 1793 ඔක්තෝබර් 16 දින එම ඉරණමටම ලක්විය. ඔවුනට එල්ලවූ චෝදනාව වූයේ ප්‍රංශ විප්ලවයට එරෙහිව විදේශීය රාජ්‍යන් සමග එක්ව කුමන්ත්‍රණය කිරීමයි.

දැං ඒවෙනුවට කරනුයේ ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීමයි. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත්ම දියුණු, මානව හිමිකම් වඩවඩාත් ආරක්ෂාකරන ෆින්ලන්තය, නෝර්වේ වැනි රාජ්‍යයන් සිරගෙවල් සිටින සිරකරුවන් ගැනද මානුෂිකලෙස සිතීමට පටන්ගෙන ඇත. සිරගෙදර සිරකරුවන්ට සීමාකරනුයේ නිදහස පමණි. ඔවුනට ජීවිතයේ අවශ්‍ය ක්‍රීඩා කිරීම, සතුටුවීම, වැනි බෞතික පහසුකම් සිරගෙදර තුලදීද ලබාදී ඇත.
ඉතිං ගිලටීනය ම්ලේච්චත්වයේ සංකේතයක්ද? සමානාත්මතාවයේ හා මානුෂිකත්වයේ සංකේතයක්ද?