|

ඉන්දීය ආරක්ෂක ගිවිසුම් ගැන ඊනියා දේශප්‍රේමීන්ගේ භීතිකාව..!

ගාමිණී ජයසූරිය.

image source-https://cdn.optcms.com/www.indianewsnetwork.com/assets/2024/202412/20241216-wsfl20241216131as.jpg

මේවනවිට විදුලිබලමංඩලයේ මුල් කාර්තුවේ මූල්‍ය වාර්ථාව  එලිදක්වා ඇති අතර එනම් මාර්තු දක්වා අලාභය රුපියල් බිලියන 17 කි. නමුත් මේ විදුලි බල මංඩලයේම ගියවසරේ ලාභය එනම් රනිල් වික්‍රමසිංහ පාලනය  යටතේ එම කාර්තුවටම ඉපයූ ලාභය රුපියල් බිලියන 88කි. දැන් හොරුත් නොමැතිව හොරකමුත් නොමැතිව එසේ වන්නේ කෙසේද? එපමණක් නොව වසර 77 ක ශාපය යටතේ පාලනය තිබෙන විට ලංකාවේ ලුණු කිලෝව රුපියල් 150න් හෝ 180 න් ඉහලට ගොස් නැත. නමුත් දැන් හොරු නැතිවිටදීත්, හොරාකෑම නැතිවිටදීත් ලුණු කිලෝව රුපියල් 400 ඉක්මවා ගොස් ඇත. දැන් ආන්ඩුව ඒවාට විසඳුම් සෙවිය යුතුවේ. එසේම රට තුලම පවතින මෙවලම් වලින් සහ රාජ්‍ය යාන්ත්‍රණය උපයෝගි කොටගෙන මහා ගමණක් මේ පවතින පර්‍යාය තුල යාමට නොහැකි බවත් ඒ සඳහා රටේ මුහුදු සීමාවෙන් එපිට පවතින ප්‍රාග්ධනය රටතුලට ගෙනවිත් මහා කර්මාන්ත සඳහා ආයෝජන යොදවාගතයුතු බවත් අප අවබෝධ කොටගත යුතුවේ. මේ සඳහා අවශ්‍ය පියවරවල් ගැනීමට මේ කියන ඊනියා බුද්ධිමතුන් සහ ඊනියා දේශරේමීන් පවතින රජයට ඉඩදිය යුතුය. රටේ ස්ථිරසාර සංවර්ධනයක් ලබාගැනීමට හැකියාව ඇත්තේ ඒ හරහාම පමණි. ඒ සඳහා රට-රටවල් අතර ගිවිසුම් වලට එළඹිය යුතුවේ. ඒ එළඹෙන ගිවිසුම් ආරක්ෂක ගිවිසුම් විය හැක, නැතිනම් වෙළඳ ගිවිසුම් වියහැක. නමුත් මේ උදවිය ඉන්දියානු-ලංකා ආරක්ෂක ගිවිසුම ඉහළටම ඔසවාගෙන ඇත.ඒ මගින් ඉන්දියාව අපේ රට ආක්‍රමනයට මග පාදගන්න බවට මිත්‍යා අදහස් ප්‍රකාශ කරමින් සිටිනු පෙනේ. 

image source-https://cdn.optcms.com/www.indiavsdisinformation.com/assets/2023/202310/20231005-wsfl20231005131as.jpg

image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_6668008dd6.jpg

එමනිසා  මේපවතින සංදර්භයන් තුලදී  ගිවිසුම් කියන්නෙම බොහෝවිට වෙළදාම මුල්කරගත්  ගනුදෙනුවකටමය. එහෙම බලනකොට මේ ඉන්දියා ශ්‍රීලංකා ආරක්ෂක ගිවිසුම පාදක වෙන්නේ  ඉන්දියාව අපේ රටේ ආයෝජනය කරන්නාවූ ප්‍රාග්ධනයට ආරක්ෂාව සැලසීම අරමුණු කොටගෙන වියහැකි ය. අපිට ඒක හොදින් නිරීක්ෂණය කිරීමට හැකියාව ඇත. මොකද ඉන්දියාව බල ශක්තිය සදහා මෙහි ආයෝජනය කිරීමට නියමිතයි. මෙම බලශක්ති සැපයීමට ආරක්ෂාව අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවාමය. මොකදවෙන රටකින් හෝ වෙනයම් දෙයක බලපෑමෙන් මෙයට සිදුවිය හැකි බලපෑමකට ආරක්ෂාව ලබාදිය යුතුමය. ඒ සදහා ඉන්දියාවේ අවධානය ඒ ගැන යොමුවීම අප බලාපොරොත්තු විය යුතුය. මක්නිසාදයත්, භු පිහිටීම අනුවත්, පවතින කළාපීය බලදේශපාලනය අනුවත් එවැනි ආරක්ෂක ගිවිසුම් නොමැතිව ඉන්දියාව ලංකාවේ මහාපරිමාණ ආයෝජන කිරීමට අකමැතිය. නමුත් මෙවැනි තත්වයක දී  ශ්‍රීලංකා රජයට විදේශ කටයුතු කළමනා කරණය පිළිබඳව මනා හැකියාවක් තිබිය යුතුමය. මෙවැනි අවස්ථාවක කදිරගමාර් ,හමීඩ්, මංගල සමරවීර යනදින්ගේ නාමය නිතැතින්ම මතකයට ඒම නොවැළෙක්විය හැක. වර්තමාන විදේශ කටයුතු ඇමති තුමාත් එසේම ස්මාර්ට් වියයුතුමය. හේතුව ගිවිසුමක් කියන්නේ  ද්විපාර්ශ්වික මැදිහත් ක්‍රියාවක් බැවිනි. එමනිසා අපේ රජයටත් ලොකු වගකීමක් මෙහිදී ඇති බවනම් සැබෑවක්මය.

යම්කිසි විධියකට හෝ චීනය හා ඉන්දියාව අතර යුද්ධයක් ඇතිවුවහොත් මේ කලාපයම යුධමය කලාපයක් වීම කෙසේවත් වැළැක්විය නොහැකිය. එහිදී ලංකාව වටේටම ඉන්දියන් සාගරයේ යුද්ධය පැතිරී යනු ඇත. එවිට ඉන්දියන් සාගරයේ නාවික කටයුතු පවත්වාගැනීම ඉතාමත්ම දුෂ්කර වීම අනිවාර්ය දෙයකි. මෙවැනි තත්වයක දී ලංකාවට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් ,බෙහෙත් යනාදිය ආනයනය කිරීමට සිදුවන්නේ ඉන්දියානු මිලිටරිනැව් මගිනි. ලංකාවේ දියැඩියාව, හදවත් රෝග ඇතුළු බොහෝ රෝගයන් සදහා බෙහෙත් ගෙන්වන්නේ ඉන්දියාවෙනි. මෙවන් තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා ඉන්දීය රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අප රජයේ වගකීමක් වනුඇත. රජයේ විදේශ කටයුතු පිළිබද උපාය මාර්ගික සම්බන්ධයක් අවශ්‍යවන්නේ මෙනිසාය. එහිදී රජය ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කලයුතුමය.

ඉන්දියාව හා පකිස්ථානය අතර  යුද්ධයේදී සින්දු ගංගාව සම්බන්ධයෙන් දෙරට 1960 දී ඇතිකරගත් ගිවිසුම එක මොහොතකින් ඉන්දියාව කඩාබිඳ දැම්මා. ගිවිසුම්වල ඇත්ත ස්වභාවය පැහැදිලි කරගැනීමට මෙය හොදම නිදසුනකි.

මෙහිදී සලකා බැලිය යුතු තවත් ප්‍රධාන වූ කරුණක්  විශේෂයෙන් අවධාරණය කලයුතුයි. එයනම් අපේ රටේ ඉන්න ඊනියා බුද්ධිමතුන් හා ඊනියා දේශප්‍රේමීන් යන කොටස්වල ක්‍රියාකාරීත්වයයි. ඔවුන් සෑමවිටම ක්‍රියාකරන්නේ අදහස් දක්වන්නේ ගෝත්‍රික මානසික ත්වයකසිටය. මෙයනම් ඉතාම භයානක තත්වයකි. හේතුව ලාංකික ජනතාව ඔවුන් බුද්ධිමතුන් ලෙස පිළගැනීමට ලක්වී ඇතුවාසේම ඔවුන් කියන දේවල් හිස්මුදුනින් පිළිගනියි. ඇත්ත වශයෙන්ම ඔවුන් උගතුන් ය. ඒ වගේම බොහෝ අද්දැකීම් බහුල, ලෝකයේ ඇසූ පිරූ තැන් දන්නා අය වියහැක. මෙවන් පිරිසක් විසින් ගෝත්‍රිකමත ප්‍රකාශකර සිටීම අපේ රටේ තිබෙන්නාවූ මහත්ම ඛේදවාචකයකි.

ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර ඇතිකරගත්  ආරක්ෂක ගිවිසුම පිළිබඳව  විවිධවූ මතවාද දැන් ඉදිරියට පැමිණෙමින් තිබේ. මෙහිදී විශේෂයෙන් ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ මතය ජනතාවට මහත් බලපෑමක් ඇතිකිරීමට හැකියාවක් තිබේ. ඒකට හේතුව ශ්‍රී ලංකාවේ ආචාර්ය බුද්ධිමතුන් අතරින්, විදේශ කටයුතු පිළිබඳවත්, දේශපාලනය පිළිබඳවත් හසල දැනුමක් ජයතිලක මහතාට තිබෙන බැවිනි. ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමැතිවරු, තනාධිපතිවරු, යනාදී ඉහළතලය සමග සමීපව කටයුතුකළ අයෙක් වශයෙන් ඔහුට රාජ්‍ය පාලනය පිළිබඳව මනා දැනුමක් ඇතුවාට කිසිම සැකයක් නම්නැත.

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSJd3Jzm_8A2WDQ9EFJs-45v6KJp_HBDWnLbA&s

ජනතා විරෝධය මැද ඇදිරි නීතිය දමාගෙන අත් සන් කළ ඒ ගිවිසුමට අනුව පිහිටුවන ලද උතුර නැගෙනහිර පළාත් සභාවේ  දයාන් ජයතිලක මහතා ඇමති ධූරයක් දරමින් කටයුතු කරන ලදී.එදා මෙතු මලා  ජනතා විරෝධය දැඩි ලෙස මර්දනය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ  දේශප්‍රේමී යුද්ධයට මග සකස්කර දුන්නේය.

ජනතා විරෝධය මැද ඇදිරි නීතිය දමාගෙන අත්සන්කළ ඒ ගිවිසුමට අනුව පිහිටුවන ලද උතුර නැගෙනහිර පළාත් සභාවේ  දයාන් ජයතිලක මහතා ඇමතිධූරයක් දරමින් කටයුතු කරනලදී. එදා මෙතුමලා  ජනතා විරෝධය දැඩි ලෙස මර්දනය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ  දේශප්‍රේමී යුද්ධයට මග සකස්කර දුන්නේය.

කෙසේවෙතත් දැන් පවතින ජාතික ජනබල වේග රජයෙන් දයාන් ජයතිලක මහතාට කිසිම තනතුරක් පිරිනමා නැත. බැරිවෙලාවත් එසේ පිරිනමා තිබුනානම්, තත්වය මීට හාත්පසින්ම විරුද්ධවිය හැකිව තිබුණි. එසේනම් ආචාර්යතුමාගේ කථාව අපට බලාගන්න වන්නේ මෙයට ප්‍රතිලෝමවය. එදා ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා  දයාන් ජයතිලක මහතාට ධූරයක් ප්‍රධාණය කළවිට ප්‍රේමදාස ජනාධිපති වරයාගේ ප්‍රකාශ හරියට “හවානා ප්‍රකාශණ “වගේ කියලයි ජයතිලක මහතා ප්‍රකාශ කළේ.

image source-https://lankaleader.com/runningimages/candidate/lankaleader/media/image/1743158684.jpg

රජය මැදිහත්වෙලා අත්සන්කරන ගිවිසුම් ජනතාවට හෙළිකරන්න කියලා කියන කථාවේ ප්‍රායෝගික තත්වයක් පෙනෙන්නේනැහැ. ඇත්තවශයෙන්ම එයද මහා මිත්‍යාවක්මය. කෝවිඩ්වලට බණ්ඩාර පැනිය බීපු දොස්තරලා  හෙදියෝ ඉන්න රටක; ගංගාවක්  දෙබෑකරගෙන නාග ලෝකයෙන් නයෙක් ඇවිත් ප්ලාස්ටික් බෝතලයක හිරවෙලා හිටියබව විශ්වාසකළ ජනතාවක් සිටින රටක, වදකොත්තු, වද බ්‍රසියර් පිළිබඳව විස්වාසය තැබූ ජනතාවක් ඉන්න රටක, අවබෝධය වෙනුවට රැල්ලට ඡන්දය දෙන බහුතර ජනතාවක් ඉන්න රටක, මේ වගේ සංකීර්ණ රාජ්‍යයතාන්ත්‍රික ගණුදෙනුවක් තේරුම් ගන්නේ නම් කෙසේද? කෙසේ හෝ බහුතරයක ජනවරමකින් පත්කළ ජනාධිපතිවරයෙක් ඇතුළු පාර්ලිමේන්තුවක් තිබෙනවා. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි. බොරු බිල්ලො මවන්නේ නැතුව ,කොරහේ කිඹුල්ලු දකින්නේ නැතුව  සාධාරණ විවේචනයන් ඉදිරිපත් කිරීම උගතුන්ගේ කාර්යභාරයක්ව පවතිනබවනම් සැබෑවකි.

ගාමිණී ජයසූරිය.

(අධ්‍යයන කවය) ” 89-සහෝදරත්වය”

Author

Similar Posts

2 Comments

  1. ඇත්තට ඔය ගාමිණි ජයසුරිය ලා වගෙ පහත් මානසිකත්වය තියෙන අයකි එදා 86-90 කාලයෙ තරුණ තරුණියො ප්‍රේමදාස රජයෙ මැර හමුදාවන්ට පවා දුන්නා වංචනික නුගත් අන්තවාදියෙක්ය. ඉන්දියාව අපරට අල්ලාගත් නෙවෙයි එන්නෙ අපරටෙ සම්පත් හුරාකන්නයි, යුද්ධය කදි අපරට භුමිය යොදගැනිමටය, ඉලගට ඔවුන්ගෙ බාල බෙහෙත් වැඩිගානකට අපට විකිණීමට ය,අපි රටට අයොජන ගෙන එන්නෙමි වෙනත් රටවල් ඕනැ තරම් තියෙනවා,ගාමිණි ට තියෙන්නෙ ඉන්දිය පරගැති භාවයයි.ඉනියා දෙශප්‍රමින් හා බුද්ධිමතුන් කියන්නේ ගාමිණි නුගත් කමින් හා පරගැති යෙක් නිසාය ඔහුට අපරට දවසින් දවස පහතට වැටෙනවා ට හරි කැමතියි,මොවුන් රට පවා දි සල්ලි හොයන නපූසංක වින්‍ය.

    1. හැමදාම අපි හිතුවේ විදේශ ආයෝජනයක් එනකොට අපිව හූරාකන්න එනවා කියලයි. ඒක අමු ගෝත්‍රික ලක්ශණයක් කියලයි ගන්න වෙන්නේ. ඕනෑම රටක් තව රටක ආයෝජනය කරන්නේ ලාභය වෙනුවෙන්. අපිට අපේ සම්පත් හරියාකාරව නිස්සාරනය,පිරිපහදුව හා කළමණාකරනය කිරීමට අපේම ප්‍රාග්ධනය නැත්නම් ඒවට ප්‍රාග්ධනය පිටින් යෙදවිය යුතු වෙනවා නේද. එතකොට ඒ ගේන ප්‍රාග්ධනය එන්නෙ අපිව හූරාකන්නයි කියලා ඔබ නිර්වචනය කරන්නෙ කොහොමද. උදාහරණයක් ලෙස, මාලදිවයිනේ 2027 විත වෙන පාවෙන දූපතට වැයවන ඩොලර් බිලියන 8.8 වැයකරන්නේ විදේශීය සමාගම්.එතකොට වසර ගනනාවක ලාභය ඒ සමාගමට යන්නේ.ලඟදී ඉන්දියාවේ කේරළයේ විවෘත කරපු නවීන වරායට වැයවුනු ඩොලර් බිලියන 5 ක පමණ ප්‍රාග්ධනය යෙදෙව්වේ අදානි සමාගම. හැබැයි ඒ වරායෙ ලාභය වසර 40 ක් යනකම් අදානි සමාගමට යන්නේ.ඉන්දියාවේ මහා ආන්ඩුවට යන්නේ වරායේ බදු මුදල් සහ වක්‍ර ආදායම් විතරයි. ඒකත් සූරාකෑමක්ද එතකොට. ලඟදී නවසීලන්තයේ හමුවූ ඩොලර් බිලියන ගණනාවක් වටින රත්‍රන් නිධිය තුල රත්‍රන් නිපදවීම මුළුමනින්ම දෙන්න යන්නේ ඕස්ට්‍රේලියා සමාගමකට.එතකොට ලාභයෙන් වැඩි කොටසක් ඒ සමාගමට.ධනවාදය වැඩකරන්නේ. ඒක ඔබලාට වටහෙන්නෙ නති එකයි අවුල.
      අනික ඉතිං අපේ ආයෝජනයන් වලට ඉන්දියාව කරහගහනවා ඇරෙන්න වෙන කවුද ඉන්නේ ලංකාවෙ ආයෝජනය කරන්න එන්නේ.ලංකාව බංකොලොත් වෙලා පෙට්‍රල් ගෑස් නැතිව හොම්බෙන් යද්දී ඉන්දියාව තමයි ඩොලර් මිලියන 300 ක් එව්වේ තෙල් ටික ගන්න.එතකොට ඔබලා ඔය ඉන්දියන් පරගැති බවක් කීවෙ නෑ නේද.
      ගාමිණී ජයසූරිය යනු 89 දි අනුරාධපුරයේ ජවිපෙ පූර්ණ කාලීනව වැඩකරලා අත් අඩංගුවට පත්වෙලා බූස්ස, කලපලුවාව, පල්ලෙකැලේ කඳවුරුවල වසර 4 ක් පමණ රඳවා ඉඳලා නැවත පේරාදෙනිය සරසවියෙන් උපාධිය හදාරලා වරායේ විධායක ශ්‍රේනියේ රැකියාවක් කරන කෙනෙක්. ඔඉහු ජවිපෙ පූර්ණකාලීනව දේශපාලනය කලේ 1981 ඉඳලා ගම්පහ ජයසිංහ ලොකු තාබුගල සහ මීරිගම චන්දරේ වැනි අය සමග.දැන් ඔය ජාතික ජනබල වේගයට උඩින් පාත් උනු දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදැන පාර්ලිමේන්තුවට ගිය අය වගේ නෙවෙයි.
      කෙසේ වෙතත් ඔබගේ අදහස් දක්වීම ගැන LANKAPOWERNEWS වෙබි එකේ ප්‍රධාන කතෘ හැටියට ඔබට ස්තූතියි.
      Ranjana Senanayake.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *