|

ප්‍රගීත් එක්නැලිගොඩට යුක්තිය කෝ..!

Dr. Lionel Bopage.

වසර 16 ක නෛතික සටන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ කඩ කළ පොරොන්දු වලින් පසුව, ශ්‍රී ලාංකික මාධ්‍යවේදීප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම තවමත් නොවිසිඳී පවතී. එය ශ්‍රී ලාංකාවේ මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් තවමත් පීඩාවට පත් කරන දණ්ඩ මුක්තිය පිළිඳව තියුණු ලෙස යලි යලිත් මතක්කර දීමකි. ඔහුහගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වත්මන් ජාතික ජනබල වේග ආණ්ඩුව යටතේ පවා අපයෝජන සහ මරණ තර්ජනවලට මුහුණ දෙමින් සිටී. මෑත කාලීන තර්ජනය (https://www.facebook.com/share/p/1DEuibCbve/) විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු ලෙස හඳුනා අයකු විසින් සිදුකර ඇති බවට වාර්තා වෙයි. මෙය හුදෙක් භයානක ක්‍රියාවක් පමණක් නොවේ, එය කාන්තාවකගේ සහ වින්දිතයෙකුගේ ආත්ම ගෞරවයට එල්ල කරන ලද ප්‍රහාරයකි.


2010 ජනවාරි 24 වන දා ශ්‍රී ලාාංකික මාධ්‍යබේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නඇලිගොඩ කිසිදු හෝඩුවාවකින් තොරව අතුරුදහන් කර තිබිණී. වසර දහසයකට පසු, ප්‍රමාද කිරීම්, තර්ජනය කිරීම් සහ ආයතනික ප්‍රතිරෝධයන් නිසාවෙන් පීඩාවට පත්අධිකරණ පද්ධතියක් තරණය කරමින්, සන්ධ්‍යා එක්නැලිගොඩ සත්‍ය සොයා කරන ඇයගේ නිර්දය ගවේශණය නොකඩවා කරගෙන යයි. ඔහුව බලෙන් අතුරුදහන් කිරීම පිළිඳ සාංවත්සරය 2026 යලිත් වරක් ගෙවී යද්දී මෙම නඩුව, ශ්‍රී ලාංකාවේ වගවීම සහ මාධ්‍ය නිදහස සඳහා ගෙනයන අඛණ්ඩ අරගලයේ බේදනාකාරී සාංකේතයක් ලෙස පවතී.


නීතිමය සීමාව තුල කොටුවීම.


එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ගැන චෝදනා ලැබ සිටින හමුදා බුද්ධි නිලධාරීන් නව දෙනෙකුට එරෙහි නඩුව විභාගය ඉතාමත් මන්දගාමීව ව ඉදිරියට ඇදේ. ප්‍රගීත් පැහැර ගැනීමෙන් පසු ඔහුව දුටු බවට සාක්ෂිකරුවන් වාර්තා කළ ගිරිතලේ හමුදා කඳවුටරේ හිටපු අණබදන නිලධාරී විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න ද චූදිතයින් අතර වේ. සථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව වසර ගණනාවක් විභාග කර තිබියදීත්, කලකිරවන අන්දමින් තීන්දුවකට එළඹීමට නොහැකිව පවතී.


නඩුවිභාගයේ වත්මන් අදියරේ අවධානය යොමු වන්නේ වාර්තා සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ඇතුළු අවස්ථානුකූල සාක්ෂි විශ්ලේෂණය කිරීම මත බවයි. එමඟින්, ප්‍රගීත් මහ දවාලේ අතුරුදහන් වීමෙන් පසු ඔහුට සිදුවූ දේ අවසාන වශයෙන් ගොනු කර ගත හැකියි. මුල් විමර්ශනය මෙහෙයවූ අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර නඩුවේ 109 වන සාක්ෂිකරු ලෙස නම් කොට ඇත. එය, නඩුවට නව ජවයක් වනු එනු ඇතැයි නීතිඥයින් අපේක්ශා කරන තීරණාත්මක එකතු කිරීමකි.


කෙසේ වෙතත්, 2025 අගභාගයේ සිට 2026 දක්වා පැවති නඩු කටයුතුවල ලක්ෂණය වී ඇත්තේ යලි යලිත් කරන ලද කල් දැමීමය. ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ල අඛණ්ඩ පුරප්පාඩුවලට මුහුණ පාතිබේ. නඩු විභාග මාස ගණනින් කල් දැමුණි. අධිකරණ පත්වීම් නිලධාරිවාදී අවිනිශ්චිතතාව තුල ගිලී තිබේ. වසර 16 ක් තිස්සේ මෙම සටනට උරදී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩට, හැම ප්‍රමාදයක්ම තම සැමියාගේ ඉරණම නොදැ සිටීමේ වේදනාව තවත් උග්‍ර කරවයි.


2024 අවසන් වන විට පැවති බලාපොරොත්තුව 2025 අවසානය වන විට බිඳ වැටී ඇතැයි යන ප්‍රකාශය පිළිබිඹු කරන්නේ නඩුවට සමීප අය පල කරන කලකිරීමයි. රාජපක්ෂවරුන් බලයේ නොමැති විට පවා පුරප්පාඩුවූ අධිකරණ තනතුරු සඳහා විනිසුරුවරුන් පත් කිරීම මාස හයක් හෝ හතක් ප්‍රමාද වනු ලැබීම අවාසනාවන්ත තත්වයකි.


තර්ජනය කිරීමේ සේයාවන්.


සමහර විට යුක්තිය ඉටු කරගැනීම අඩපණ කර දැමීමට සාක්ෂිකරුවන් ක්‍රමානුකූල ව බියගැන්වීම් තරම් වෙනත් කිසිදු සාධකයක් හේතුවී වී නැත. ප්‍රධාන සාක්ෂිකරුවෝ ඔවුන්ගේ සාක්ෂි ඉල්ලා අස්කර ගන්නා බව හෝ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට අපොහොසත් වී ඇත. ඔවුන්ගේ නිහඬතාව මෙම නඩුව වටා පවතින භීතියේ වාතාවරණය ගැන බොහෝදේ කියාපායි. බියගැන්වීම් රටාව කොතරම් මුල් ඇද තිබේද යත්, කතා කිරීමට එඩිතර වන අයව නිහඬ කිරීමට උත්සාහ කිරීමේදී දී චූදිතයින් පවා පැටලී ඇත.


2025 ජුනි මාසයේදී දී, සාක්ෂිකරුබවකුට තර්ජනය කිරීබම් චෝදනාව මත ෂම්මි කුමාරරත්න කෙටි කලකට රක්ෂිතබන්ධනාගාර ගත කරන ලදී. එය, මාධ්‍යවේදියෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් විවෘතව යුක්තියට බාධා කිරීමට තරම් එඩිතර වන ආකාරය ඉස්මතුකර දක්වන මුරණ්ඩු ක්‍රියාවකි. ගිරිතලේ හමුදා කඳවුරේ සිදුවූ දේ පිළිබඳව තීරණාත්මක සාක්ෂි ලබාදියහැකි සාක්ෂිකරුවන්ට මෙයින් ලබාදෙන පණිවිඩය පැහැදිලිය. එනම් සහයෝගීතාවය පුද්ගලික අවදානමක් සමඟ එන බවයි. මෙම බිය ගැන්වීමේ වාතාවරණය පුද්ගල තර්ජනවලට වඩා ඔබ්බට විහිදේ. විස්තර ලබාගැනීම සඳහා උත්සාහ කල හැම අවස්ථාවකම ජාතික ආරක්ෂාව පිළිබඳව උපුටා දක්වමින් ශ්‍රී ලාංකා යුද හමුදාව ඓතිහාසිකව නඩුව පිළිඳව තොරතුරු සඟවා ඇත. හමුදා නිහඬතා පවුර හේතුවෙන් සාක්ෂිකරුවන් හමුදා කඳවුරේදී ප්‍රගීත් අවසන් වරට දුටුවාට පසු ඔහුට සිදුවූයේ කුමක්දැයි තහවුරු කරගැනීමට නොහැකිව ඇති තරම්ය.


දෙන ලද පොරොන්දු සහ කඩකළ පොරොන්දු.


2024 සැප්තැම්බර් මාසයේදී දී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අය සහ ප්‍රගීත්ගේ පවුලේ අය අතර මුලදී නව බලාපොරොත්තු ඇති විය. ජාතික ජන බල ආන්ඩුව විසින් මෙහෙයවනු ලබන නව පරිපාලනය දිගු කලක් නොවිසිදී තිබූ දේශපාලණ පැහැර ගැනීම් සහ ඝාතනවලට අදාළ නඩු කඩිනම් කිරීමට පොරොන්දු විය. සුළු මොහොතකට, අවසානයේ යුක්තිය වෙත ළඟා විය හැකි බවක් පෙනෙන්නට තිබුණි. අවසානයේ , එම බලාපොරොත්තු ඉතා කෙටි කාලීන වූ බව සනාථ විය.


2026 ජනවාරි මාසයේදී, වග වීම ගැන පොරොන්දුවූ මේ ආණ්ඩුවම ම එක්නැලිගොඩ නඩුවේ සැකකරුවකු වන ටී.ඊ.ආර්. (එරන්ත) පීරිස් වාර්තා වූ අන්දමට කර්නල් තනතුරට උසස් කරනු ලැබීය. මානව හිමිකම් ප්‍රජාව දැඩි කම්පනයට ලක්කරන ලද මෙම උසස් කිරීම ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ තියුණු විවේචනයටද ද ලක් විය. මාධ්‍යවේදියෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනාවයට ලක්වූ අයකුගේ හමුදා වෘත්තීන්ට උසස්වීම් ලබාදෙන අතරම, ආන්ඩුවක් යුක්තිය ඉටු කරන බව ප්‍රකාශ කරන්නේ කෙසේද?


මෙම පරස්පරතාව පෙර පැවති පරිපාලනවල රටා පිළිබිඹු කරයි. හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ යටතේ, දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමක් චූදිත නිලධාරීන් නව දෙනාම නිදහස් කිරීමට නිර්දේශ කිරීම දක්වා ගියේය. ජාත්‍යාන්තර නිරීක්ෂකයෝ එම පියවර විමර්ශනය අඩපණ කිරීමට හිතාමතා ගන්නා ලද උත්සාහයක් ලෙස හෙලා දුටුවේය. දඬුවම් නොබලා එවැනි නිර්දේශ ඉදිරිපත් කළ හැකිය යන කරුනින් හෙලිවන්නේ හමුදා නිලධාරීන් සම්බන්ධ නඩුවල දී වග වීමට එරෙහිව පවතින ආයතනික ප්‍රථිරෝධයේ ගැඹූරයි.


ජාත්‍යාන්තර අවධානය.


එක්නැලිගොඩ නඩුව මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකාවේ පුළුල් අරගලවල සංකේතයක් වවට පත්ව තිබේ. 2025 වන විට, ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ රටවල් 180 අතරින් ශ්‍රී ලාංකාව 150 වන ස්ථානයේ සිටී. එය රට තුළ මාධ්‍යවේදීන් මුහුණ දෙන භයානක පරිසරය පිළිබිඹු කරන කණගාටුදායක තත්ත්වයකි. ජාත්‍යාන්තර සංවිධාන නිහඬව සිටියේ නැත. දේශ සීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders) සහ ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානය (Amnesty International), යුක්තිය ඉටු කිරීමට හැකි වන පරිි නිශ්චිත ප්‍රතිසංස්කරණ කරන බලකර ඉල්ලා සිටිමින්, නොකඩවා බලපෑම් කරමින් සිටී. විශේෂයෙන් ප්‍රගීත්ගේ අතුරුදහන් වීම වැනි අතීත අපරාධ සඳහා ඇතිවීම නිරීක්ෂණය කිරීමට අදාලව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2025 ඔක්තෝබර් මාසයේදී දී ශ්‍රී ලාංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වරම වසර දෙකක් දීර්ඝ කලේය.


මෙම ජාත්‍යාන්තර නිරීක්ෂණ කණ්ඩායම් එක්නැලිගොඩ නඩුව අවසන් කිරීම සඳහා තීරණාත්මක අවශ්‍යතා තුනක් හඳුනා ගෙන ඇත. ඒවා නම්, සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව, පූර්ණ හෙලිදරව් කිරීම සහ අධිකරණමය අඛණ්ඩතාවයි. හමුදා නිලධාරීන්ට එරෙහිව සාක්ෂි දෙනඅය බියගැන්වීම් වලින් සහ පළි ගැනීම් වලින් ආරක්ෂා කිරීම සඳහා ඵලදායී යාන්ත්‍රන ස්ථාපිත කළ යුතුය. එවැනි රැකවරණයන් නොමැතිව සත්‍යය භීතියේ ස්ථරයන් යට වැළලී පවතිනු ඇත.

ගිරිතබල් හමුදා කඳවුරේදී දී ප්‍රගීත්ව දුටුපසු ඔහු සිටි ස්ථාන සම්පූර්ණයෙන්ම හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් හමුදාව වග කිව යුතු බවට පත් කල යුතුය. මානව හිමිකම් උල්ලාංඝනය කිරීම් ආවරණය කිරීම සඳහා සදාකාලික පලිහක් ලෙස ජාතික ආරක්ෂාව භාවිතා කළ නොහැක. ඊට අමතරව, මෙම නඩුව විදහා පා ඇති උපක්‍රමික ප්‍රමාද කිරීම් වළක්වාලීම සඳහා විශේෂ මහාධිකරණ විනිසුරු මුල්ලට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන් ලබාදිය යුතුය. ඒ, යුක්තිය ප්‍රමාද කිරීම යුක්තිය ප්‍රතික්ශේප කිරීමක් වන බැවිනි. විනිසුරු මඩුල්ලේ පවතින නිදන්ගත පුරප්පාඩු බාධාවක් ලෙස මිස මිස වෙනත් අරමුණක් ඉටු නොකරයි.


බිරිඳකගේ නොසැලෙන අධිෂ්ඨාණය.

image source
https://i0.wp.com/vivaranews.com/wp-content/uploads/2023/01/sandhya-eknaligoda-modara-kovil.png?fit=896%2C394&ssl=1


නීතිමය සටන්, කඩවුණු පොරොන්දු සහ ආයතනික ප්‍රතිබරෝධ රැසකින් සමන්විත වූ මෙම වසර 16 පුරාවටම, සන්ධ්‍යා එක්නැලිගොඩ නොසැලී සිට ඇත. යුක්තිය සඳහා ඇය ගෙනයන මහජන ව්‍යාපාරය ඇගේ සැමියාගේ අතුරුදහන් වීම ශ්‍රී ලාංකාවේ කරදර පිරි ඉතිහාසයේ පසුබිමේ මැකී යාමට ඉඩ නොදී ඔහුගේ නඩුකරය ජාතික විඥානය තුළ බහා ඇත.
“ප්‍රගීත්ගේ නඩුව ඉක්මනින් ම අවසන් කළ යුතුයි. මේ ඉල්ලීම කිරීමට මට අයිතියක් තිබෙන බවට මම විශ්වාස කරනවා” යනුවෙන් ඇය උදාර අධිෂ්ඨානයකින් යුතුව ප්‍රකාශ කර ඇත. ඇගේ වදන්වල ඇත්තේ, යුක්තිය ඉටු කිරීමට වඩා වෙහෙස කරවන්නට නිර්මාණය කර ඇති ක්‍රම පද්ධතියක් තරණය කරමින්, පිළිතුරු සොයමින් ඇය ගතකළ දශක දෙකකට ආසන්න කාලයක මහා බරයි.


සන්ධ්‍යාගේ සටන තනි පුද්ගලයෙකුගේ අතුරුදහන් වීම ගැන පමණක් ම නොවේ. එය ශ්‍රී ලාංකාවට එහි දණ්ඩ මුක්ති සංස්කෘතියෙන් මිිදිය හැකිද, සිවිල් වැසියන්ට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් වහකිව යුතු බවට පත් කල හැකිද සහ මාධ්‍යවේදීන්ට සදහටම නිහඬ කරනු ලැබීමේ බියෙන් තොරව වැඩ කටයුතු කළ හැකිද යන්න පිළිඳව වේ.


නිමාව සඳහා පවතින හිදිසි අවශ්‍යතාවය.


2026 ජනවාරි 24 වනවිට ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කර වසර 16 ක් සපිරේ. ඔහුගේ නඩුව අවසන් කිරීමේ අවශ්‍යතාවය මීට පෙර කිසිදා මෙතරම් හදිසි කාර්‍යයක් වී නොමැත. විනිවිද පෙනෙන සහ අපක්ෂපාතී අවසාන තීන්දුවක් යනු නීතිමය වශයෙන් කළ යුතු විධිමත් කටයුත්තක් පමණක් නොවේ. එය, තම අධිකාරවාදී අතීතයෙන් ඔබ්බට යාමට උත්සාහ කරන සමාජයක සදාචාරාත්මක අවශ්‍යතාවයක්ද වේ.


සාක්ෂිකරුවන් බියගැන්වීම, ආයතනික ප්‍රතිරෝධය, ආණ්ඩුවේ එකිනෙකට පරස්පර ක්‍රියාමාර්ග සහ ස්වකීයන් ආරක්ෂා කරගැනීමටම කටයුතු කරන හමුදාවක් වශයෙන් පවතින භාදක ඉතා බලවත්‍ ය. එහෙත් මෙම අභියෝග වලට යුක්තිය දින නියමයක් නොමැතිව වළක්වා ලන්නට ඉඩ තැබිය නොහැකිය. මෙම නඩුව සදහටම නොවිසිඳී පවතින අපමණ අනෙකුත් අතුරුදහන් වීම් අතරට එක් වේද, නැතහොත් තරාතිරම හෝ නිල ඇඳුම නාසලකා, කිසිවක් නීතියට ඉහළින් නොසිටින බව රට අවසානයේ විදහා දක්වයි ද යන බව යනුවෙන් ශ්‍රී ලාංකාව මුහුණ දී ඇති ප්‍රශ්නය තියුණු ය. සන්ධ්‍යා එක්නැලිගොඩට සහ මාධ්‍ය නිදහස හා මානව හිමිකම් ගැන විශ්වාස තබා කටයුතු කරන හැම කෙනෙකුටම, එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ශ්‍රී ලාංකාවේ අතීතය තරමටම, එහි අනාගතයද ද නිර්වනය කරනු ඇත.


වසර දහසයක් යනු යුක්තිය බලාපොරොත්තුවෙන් බලා සිටීමට තරම් වුවමනාවටත් වඩා ප්‍රමාණවත් කාල සීමාවකි. දැන් එළඹ ඇත්තේ අවසාන නිගමනයකට පැමිණිය යුතු කාලයයි.

(2026 ජනවාරි 17 )
( ශ්‍රී ලාංකාබේ ගිරිතලේ හමුදා කඳවුර හමුදා පහසුකමකි. එය විශේෂයෙන් ශ්‍රී ලාංකා හමුදා පොලිස් බලකාය (SLCMP) සමඟ සම්බන්ධවේ. 2015-2016 දී රහස්
පොලිස් දෙපාර්ථමේන්තුව විසින් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශනය කරන විට එයට සැලකිය යුතු මාධ්‍ය අවධානයක් යොමුවිය විය)

ආචාර්‍ය ලයනල් බෝපගේ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *