ප්‍රංශ තැපැල් සේවයේ ආදර්ශය..!

බදුගේ සමන්.

මේ දිනවල කතාබහට ලක් වී ඇති පන අදිමින් තිබෙන ලංකාවේ තැපල් සේවය අර්බුදයට පිලියමක් සෙවීමේදී මෙවැනි තොරතුරු  වලින් යමක් ගතහැකි වේයයි සිතන නිසා මෙය ලිවීමට අදහස් කලෙමි.

තැපැල් සේවය ජනජීවිත සමඟ තිබූ බැඳීම.

තැපැල් සේවය යනු එක්තරා වකවානුවක ජනජීවිතය සමග ඉතාමත් ලඟින්ම බැඳුනු සේවාවකි. අදවැනි සංනිවේදන මාද්‍ය නොතිබූ කාලෙක අපි දුරස්තයන් සමග ගනුදෙනු කලේ තැපෑල මගින් පමණයි කිවහොත් නිවැරිදිය.

ලංකාවේ තැපැල් සේවය  ලියුම් බෙදීමේ කටයුත්තේදී   ඉතා උසස් තත්වයක තිබූ බව තමයි මම අහල තියෙන්නේ. සෑම නගරයකම, ගමකම තැපැල් කාර්යාල තිබුනා. බොහෝ වෙලාවට තැපැල් ස්තානාධිපති තනතුර ගියේ තාත්තගෙන් පුතාට. අපේ ගමේ තැපැල් ස්තානාධිපති මියගියාට පසුව ඒ වැඩේට පත්වුනේ ඔහුගේ පුතා. තැපැල් ස්තානාධිපතිතුමා ලියුමට සීල් එක ගහපු හැටි මටනං තාම මතකයි. 

image source
https://assets.thelocal.com/cdn-cgi/rs:fit:1200/quality:75/plain/https://apiwp.thelocal.com/wp-content/uploads/2022/12/000_Par7654383.jpg@webp

ප්‍රංශ තැපැල් සේවය( LA POSTE)

ඉතිං ප්‍රංශයේ තැපැල් සේවයත් ලංකාවේ වගේම ප්‍රංශ ජනතාවගේ ජනජීවිතය සමග ලඟින්ම බැදී තිබූ සහ තියෙන ආයතනයක්. ලංකාවේ තැපැල් පෙට්ටි රතුපාට වගේ ප්‍රංශ තැපැල් පෙට්ටි කහපාටයි. ක්‍රි.ව.2000 පමණවන තුරු ලියුම් හා පාර්සල් බෙදාහැරීමේ ඒකාධිකාරය ප්‍රංශයේ La poste නමින් හදුන්වන ප්‍රංශ තැපල් සේවය සතුවිය. ඊට අමතරව ප්‍රංශයේ ඉතාමත් ප්‍රසිද්ධ livret A ආ නමින් හදුන්වන ඉතිරි කිරීමේ ගිණුම  ග්‍රාමීය වැඩිහිටි පරම්පරාව අතර තවත්මත් ජනප්‍රියය. මම ප්‍රංශයට ආපුකාලේ ඉස්සර වෙලාම ගිනුමක් ආරම්භකලේ තැපැල් කන්තෝරුවේය. එවකට  තැපල් සේවයේ ප්‍රධානම කාර්ය හා ආදායම් මාර්ගය වූයේ ලිපි හා පාර්සල් බෙදා හැරීමේ කටයුත්තයි.

නමුත් 2000 න් පසුව ප්‍රංශ තැපැල් සේවයට විශාල අභියෝග වලට මුහුණදෙන්නට සිදුවිය. ඒ අලුත්  සංනිවේදන මාධ්‍ය සමාජයට පැමිණීමත් සමග. E mail, WhatsApp, sms වැනි පණිවිඩ හුවමාරු විදි ජනප්‍රිය වීමත් සමග ලිපි මගින් ගනුදෙනු කිරීම වේගයෙන් පහත වැටින. මම ඉස්සර  සෑම මාසයකම වගේ carnet නමින් හඳුන්වන මුද්දර 10 ක් තියෙන කොලයක් මිලදීගන්නව ලියුම් යැවීම සදහා. නමුත්  දැං  එහෙම ගන්න අවශ්‍ය නැහ. අන්තිමට මම මුද්දර 10 ක් අරං තියෙන්නේ දැනට අවු.5 ට විතර කලින්. ඒ ඊ මේල් මගින් කලින් කල ගනුදෙනු කරන්න පුලුවන් නිසා.

ප්‍රතිව්‍යුහගත කිරීම.

දැනට අවු.15-20 කට පමණ පෙර මම තත්වය වටහා ගත් බලධාරීන් තැපැල් සේවය ප්‍රතිව්‍යුහ ගතකිරීමට පටන් ගන්නා ලදි. එහි පලමු පියවර ලෙස ඔවුන් සිදුකලේ  කලක් යනතුරු අලුතින් තැපෑලට බදවා ගැනීම් නතර කිරීම හා කැමැත්තෙන් විශ්‍රාම යන අයට අවශ්‍ය පහසුකම් සැපයීමයි.( මේ බොහෝ  තොරතුරු එසේ විශ්‍රාම ගිය ලියුම් බෙදන්නෙකු දැනට ටික කලකට පෙර මා සමග කතාකල දේවල් ය.)

image source
https://www.frenchentree.com/wp-content/uploads/2021/05/394x254_la_poste_bicycle_by_lemezza_via_flickr.jpg

ඉන් පසුව තැපැල් සේවය වර්තමාන තරගකාරී වෙළද පොලට ගැලපෙන ලෙසට ප්‍රතිසංවිධානය කරන ලදි. ඒ සදහා   වෙලදපොල තරග කාරීත්වයට මුහුණ දීමට හැකිවන පරිදි  තියෙන සේවාවන් නවීකරනය කිරීම හා අලුත් සේවාවන් පටන් ගැනීම සිදු කරන ලදි.

ඒ අනුව  වෙලදපොලේ තියෙන අනෙකුත් පාර්සල් බෙදාහැරීමේ සේවාවන්ට නොදෙවෙනි කාර්‍යක්ෂම chronopost  නමින්  කූරිය සර්විස් එකක්  පටන් ගන්නා ලදි. ඊට අමතරව දුරකතන ජාල සේවාවක් ද අරබන ලදි. වෙළඳපොලේ ඇති අනෙකුත් දුරකතන සමාගම් වගේ  wifi  අඩංගු ගෘහස්ථ ඉන්ටෙර්නෙට් ජාල,දුරකතන සංනිවේදන සිම් කාඩ් ඊට ඇතුලත්ය.  ඉන් නොනැවතී වෙලද පොලේ වානිජ බංකුවලින් සිදුකරන මූල්‍ය කටයුතු කිරීමටද  ලා පෝස්ට් ෆිනන්ස් නමින් අංශයක් තැපැල්  කන්තෝරුව විසින් ආරම්බ කරන ලදි. ඒ අනුව ප්‍රංශයේ තියෙන බැංකුවකින් කෙරෙන ඕනෑම මූල් ය කටයුත්තක් තැපැල් කන්තෝරුව මගින්  ද  කල හැක. නිවාස ණයදීම, වාහනයක් මිලදී ගැනීම ආදී මිලදී ගැනීම්සදහා ණය දීම    කන්තෝරුවෙන් කරනු ලැබේ. තවද නිවාස,වාහන, ව්‍යාපාර ඉන්ෂුවරන්ස් කටයුතුද එහි කරනු ලබේ.


image source
https://cdn.wan-ifra.org/wp-content/uploads/2020/03/24135338/la-poste-economie-economies-courrier.jpg

රාජ්‍ය-පුද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස.

පුද්ගලික බැංකු මගින් නිකුත් කරන ඕනෑම වර්ගයේ  ක්‍රෙඩිට්  කාඩ් තැපැල් කන්තෝරුවෙන්ද ලබාගත හැක. ඉන් නොනැවතී පරණ කංතෝරු ගොඩනැගිලි අලුත්වැඩියා කර හෝ අලුත් ගොඩනැගිලි වලට කන්තෝරු ගෙනයාමෙන් නව පෙනුමක් ලබාදෙන ලදි. තවද නවීන electronic උපකරන මගින් සේවාව නවීකරණය කරණ ලදි. දැං ලිපියක් හෝ පාර්සලයක් යැවීමට මුද්දර මිලදී ගැනීමට පෝලිමේ සිටීමට අවශ්‍ය නැත. මැෂින් එකෙන් අපිටම ඒ වැඩේ කරගත හැක. ලියා පදිංචි තැපෑලෙන් යැවීමට අවශ්‍ය පෝරමය ගෙදර සිටම ඔන් ලයිං ක්‍රමයට අපිට කර ගත හැක. මේ ආකාරයට ප්‍රති සංවිධානය කරපු ප්‍රංශ තැපැල් සේවාවට දැං අලුතින් රැකියාවට බදවා ගන්නවා කියන දැන්වීම් කන්තෝරුවේ අලවා තියෙනව. තැපැල් කරුගේ බයිසිකලෙත් එම දැංවීම් අලවා තිඑයෙනවා මා දැක ඇත. දැං ලියුම් බෙදන්නන්ට ඇත්තේ ඉලෙක්ට්‍රික් බයිසිකල්ය. තැපැල් සේවයට රජයෙන් මුදල් යොදවන්නේ නැත. රාජ්‍ය, පුද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත් වාගෙන යන තැපැල් සේවයට රජයෙන් මුදල් පොම්ප කරන්න අවශ්‍ය නැහැ.

ලංකාවේ පණ අදින තැපෑලත් ගොඩගන්න වෙන්නේ මේ වගේ අලුත් විදියට වෙළඳපොලේ තරගකාරීත්වයට ගැලපෙන ලෙස නවීකරණය වීමෙන් පමණි. පාඩු ලබන නිසා විකුනනවට වඩා ජනතා සේවයක් ලබා දෙමින් වෙලදපොලට ඇතුල් වීමෙන් තැපෑල බේරා ගැනීමට පුලුවන් යන්නට හොඳ උදාහරණයක් තමා මේක.

බදුගේ සමන්.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *