ලැකාන් ට අනුව, අවිඥ්ඥාණය යනු දේශපාලනයයි..!
ලැකාන්ට අනුව අවිඥ්ඥාණය යනු දේශපාලනයයි. මෙයින් ඔහු අදහස් කරන්නේ පුද්ගලයෙකුගේ අවිඥානය (ඔහු/ඇය නොදන්නා හෝ පාලනය කළ නොහැකි මානසික ක්‍රියාවලි ඇති වන කලාපය) තනි පුද්ගලීය කාරණයක් නොව, සමස්ථයක් ලෙස සමාජයේ දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික ව්‍යුහයන් (විශේෂයෙන්ම ධනවාදය, නිදහස් වෙළඳපොල ආර්ථිකය, පුද්ගලවාදය) විසින් ගැඹුරින් සැකසී ඇති බවයි. අපේ ආශාවන්, බියවීම්, පීඩාවන් ආදිය තනිකරම පුද්ගල ගැටළු නොවේ, ඒවා අප ජීවත් වන ලෝකයේ දේශපාලනික ව්‍යුහයන්ගෙන් බලපෑමට ලක්ව ඇත.
ලැකාන්ට අවශ්‍ය වූයේ කුමක්ද?
ලැකාන්ව 1963 දී ජාත්‍යන්තර මනෝ විශ්ලේෂණ සංගමයෙන් (IPA) නෙරපනු ලැබීය. මෙයට හේතුව ඔහුගේ ඉගැන්වීම් (විශේෂයෙන්ම විශ්ලේෂණ කාලය කෙටි කිරීමේ එකඟතාවයට ඔහු විරුද්ධ වීම) IPA හි සම්මත පිළිවෙත් සමඟ ගැටුණු නිසාය. මෙම නෙරපා හැරීම වෙනුවෙන් සහ එයට ප්‍රතිචාරයක් ලෙස, ලැකාන් පැරිසියේදි ඉකෝල් ෆ්‍රොයිඩියන් (EFP)නම් නව මනෝ විශ්ලේෂණ පාසලක් ආරම්භ කළේය. මෙම පාසල ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ෆ්‍රොයිඩ්ගේ මුල් සොයාගැනීම් (විශේෂයෙන්ම අවිඥානයේ මැදිහත් වීම සහ එහි නිශේදනාත්මක ස්වභාවය) නැවත අවධාරණය කරමින්, මනෝ විශ්ලේෂණය යනු ශ්‍රමයක් (work) බවට පත් කිරීමටයි. මෙම ශ්‍රමයට අන්තර්ගත වන්නේ, විශ්ලේෂණයේ තියුණු සත්‍යයන් නැවත සක්‍රිය කිරීමයි.මනෝ විශ්ලේෂණයේ මුල් ප්‍රතිපත්ති සමඟ නොගැළපෙන (විශේෂයෙන් ඇමරිකානුකරණය වූ අපගමනයන් සහ සම්මුතීන් හඳුනා ගෙන විවේචනය කිරීමයි.)ලැකාන්ගේ විවේචනයේ ප්‍රධාන ඉලක්කය වූයේ ඇමරිකාවේ සහ විශේෂයෙන්ම බටහිර ලෝකයේ වැඩි වශයෙන් මනෝ විශ්ලේෂණය ආර්ථික ලිබරල්වාදය (නිදහස් වෙළඳපොල ධනවාදය)සමඟ ඒකාබද්ධ වීමයි. මෙම පද්ධතිය නිදහස, සමානාත්මතාවය, පෞද්ගලික දේපළ සහ පෞද්ගලික උනන්දුව යන මූලධර්ම මත පදනම් වී ඇති අතර, ලැකාන් මෙය මානව ස්වාර්ථවාදය ලෙස හඳුන්වයි.

මෙම දෘෂ්ටිවාදය (ideology) ෆ්‍රොයිඩ්ගේ විප්ලවීය සොයාගැනීම්වල ගැඹුරු අර්ථය විකුර්ති කර ඇත. එනම්, අවිඥානයේ තිබෙන නිශේදනාත්මක බලය, පුද්ගලයා සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි බව, පුද්ගලයා වස්තු කරනයට(අන් අයගේ කැමැත්තට යටවීම) සහ අසම්පූර්ණ බවයන කරුණු අමතක කරවා ඇත. ඇමරිකානු මනෝ විශ්ලේෂණය (උදා: Ego Psychology) බොහෝ විට පුද්ගලයා සුවපත් කිරීමට සහ ඔහු/ඇය ධනවාදී සමාජයට ගැළපෙන පරිදි ගොඩනැගීමට උත්සාහ කළ අතර, අවිඥානයේ නිශේදනාත්මක ස්වභාවය අවධාරණය නොකළේය.ලැකාන්ට අවශ්‍ය වූයේ තවත් මනෝවිශ්ලේෂණය පිළිබද ආයතනයක් හෝ දැනුම ලබා දේන පාසලක් ගොඩනැගීම නොවේ. ඔහුට අවශ්‍ය වූයේ ෆ්‍රොයිඩ්ගේ මුල් සොයාගැනීම් වෙත නැවත පැමිණ, ඒවායේ දේශපාලනික, දාර්ශනික සහ නිශේදනාත්මක මානයන් අවධාරණය කරන පිරිසක් ගොඩ නැගීමයි.ඔහුට අවශ්‍ය වුයේ ශ්‍රමය සඳහා අවකාශයක් විවෘත කිරීමයි.එනම්, සත්‍යය සෙවීම සහ සම්මතයන්ට විවේචනයක් ඉදිරිපත් කිරීම මනෝ විශ්ලේෂණ ක්‍රියාවලියේම අංගයක් බවට පත් කිරීමයි.මෙයට න්‍යායාත්මක පර්යේෂණ පමණක් නොව, ෆ්‍රොයිඩ් වෙත නැවත ආපසු පැමිණීම (මනෝ විශ්ලේෂණයේ මුල් මූලධර්ම අධ්‍යයනය කිරීම) ද ඇතුළත් විය. ඔහු නිර්දේශිත ආයතනයක් ගොඩ නැගීමට අකමැති වූයේ, එවැනි ආයතනයක් අවශ්‍ය වෙනස්කම් කිරීමේ හැකියාව අහිමි කරන බැවිනි.(ස්පිනෝසාවාදීන්ට යුදෙව් සමාජයෙන් නෙරපා හැරීම උදාහරණයක් ලෙස දක්වමින්)
ලැකාන්ගේ සරල පණිවිඩය තුල තිබෙන ගැබුර තමයි මනෝ විශ්ලේෂණය දේශපාලනික ව්‍යාපෘතියකි යන්න තේරුම් කර ගැනීම. එයට අවිඥානයේ සත්‍යයන් හෙළිදරව් කරන අතරම, ඒ සත්‍යයන් තමා තුළට උකහා ගන්නා සමාජයේ දේශපාලනික සහ ආර්ථික ක්‍රමයන් (විශේෂයෙන් ඇමරිකානු ධනවාදී ලිබරල්වාදය) ගැන ද විවේචනාත්මක විය යුතුවිය. ඔහුගේ නව පාසල (EFP) ආරම්භ කිරීමේ අරමුණ වූයේ මනෝ විශ්ලේෂණය එහි මුල්, වඩාත් නිශේදනාත්මක සහ දේශපාලනික වූ මූලධර්ම වෙත ගෙන ඒම සඳහා “ශ්‍රමයක්” (විවේචනාත්මක අධ්‍යයනය සහ ප්‍රතිපත්ති) කිරීමට සුදුසුකම් ලත් අය එකතු කිරීමයි. ලැකාන්ට අවශ්‍ය වූයේ තවත් බලය ඇති ආයතනයක් නොවේ, එහි මූලධර්ම තුළින්ම විවේචනය සහ සත්‍ය සෙවීම අඩංගු වන පරිදි මනෝ විශ්ලේෂණය නැවත සකස් කිරීමයි.

ලැකාන් තර්ක කරන්නේ සාම්ප්‍රදායික ආයතන (පාසල්/පක්ෂ) (Transference)මත පදනම් වීම ගැටලු සහගත බවයි.Transference යනු (ඔබ වෙනත් කෙනෙකු පිළිබඳ තිබෙන හැඟීම් ඔබේ විශ්ලේෂකයා වෙත ප්‍රක්ෂේපණය කරන විටය)
විශ්ලේශීතයා (රෝගියා) විසින් විශ්ලේෂකයා කෙරෙහි ඇති කර ගන්නා අතාර්තික ආකර්ෂණය හෝ විශ්වාසයයි.උදාහරණයකට “ඔහු/ඇය සියල්ල දනී යන්න.මෙය අර්චනාකාමී බවක් (fetishization) ඇති කරයි.විශ්ලේෂකයා “දැනුමේ ආත්මයක්” (subject supposed to know) බවට පත්වේ. එනම්, ඔහු/ඇයට සියලු පිළිතුරු ඇතැයි මවා ගැනීම.මෙහිදී සිදුවිය හැකි අනතුර තමයි මෙය සත්‍යය සෙවීම වෙනුවට “ධනාත්මක දැනුමක්(positive knowledge) නිපදවීමට ආයතනයෙන් බල කරයි. එනම්, අවිඥානයේ තිබෙන නිශේදනාත්මක සංකීර්ණ සත්‍යයන් වෙනුවට සරල, “උපකාරක” න්‍යායන් නිපදවීමයි.
මෙතනදි දැනගත යුතු විෂය යනු කුමක්ද?(subject supposed to know)
මෙය ලැකාන්ගේ මූලික සොයාගැනීමකි.විශ්ලේශීතයා විශ්ලේෂකයා කෙරෙහි දැනුමේ ආත්මයක් ලෙස ආරෝපණය කිරීම(ඔහු/ඇය සියල්ල දන්නා අය ලෙස මවා ගනී නමුත් සත්‍යය නම් විශ්ලේෂකයාට නිසැක දැනුමක් නැත ඔහු/ඇයත් අවිඥානයේ බලපෑමට යටත් වන ආත්මයකි.එබැවින්, මෙම දැනුමේ විෂය” යනු මායාවකි (illusion). එය Transference වීමකි.
ලැකාන්ගේ පාසල (EFP) අවසානයේ සාම්ප්‍රදායික ආයතනයක් බවට පත් විය.සාමාජිකයින් ලැකාන්ව දැනුමේ ආත්මයක් ලෙස ආරෝපණය කළහ. (ඔහු සියල්ල දන්නා ස්වාමියා ලෙස).
මෙය Transference තහවුරු කළේය.සත්‍යය සෙවීම වෙනුවට ලැකාන්ගේ දැනුම පිළිබඳ විශ්වාසය මත පද්ධතිය ගොඩනැගිණි.ලැකාන් මෙය ප්‍රතික්ෂේප කළේය “මම දැනුමේ ආත්මයක් නොවෙමී යැයි ඔහු පවසයි. ගැටලුවට ලැකාන් යෝජනා කළ විසඳුම විධිමත්කරණයයි.
සත්‍යය ඇත්තේ කතෘගේ පුද්ගලිකත්වය මත නොව විධිමත් පද්ධති (ගණිතය, තර්කය, භාෂා ව්‍යුහය) හරහා සම්ප්‍රේෂණය කළ යුතුයි යන්න. උදා: ගණිතමය සූත්‍ර මගින් අවිඥානයේ ක්‍රියාකාරිත්වය විස්තර කිරීම,මෙහි ප්‍රයෝජනය වන්නේ විශ්ලේෂකයා “දැනුමේ විෂය” ලෙස හඳුනා නොගනීමයි.සාමාජිකයින් විවේචනාත්මකව සත්‍යය සොයයි (කතෘගේ මැදිහත් වීමෙන් තොරව)ආයතනය මූලධර්මවාදී මූලධර්මය(dogmatic doctrine)මත පදනම් නොවී ශ්‍රම ක්‍රියාවලියක් (work in progress) බවට පත්වේ.
පාසලේ අරමුණ දැනුම නිෂ්පාදනය නොව ශ්‍රමය මාරු කිරීමයි. සෑම අධිෂ්ඨානශීල සේවකයෙකුම (committed worker) තම ඒකීය අත්දැකීම (singular experience) විශ්වීය කරයි (උදා: තම මනෝවිශ්ලේෂණ අත්දැකීම් න්‍යායාත්මක කිරීම)මෙය “ඒකීය විශ්වීයත්වයක් (singular universal) ගොඩනන්වයි. විශේෂිත අත්දැකීමකින් විශ්වීය සත්‍යයක් ගොඩනැගීම. මෙම ක්‍රියාවලිය ශ්‍රමය හරහා දැඩි විධිමත් පර්යේෂණ මගින් සිදුවේ.
ලැකාන් විසින් දිගින් දිගටම ෆ්‍රොයිඩ්ව නැවත කියවයි. එතැනදී අවිඥානය භාෂාවක් මෙන් ව්‍යුහගත වී ඇති බව අවධාරණය කරයි.මෙය ඔහුගේ ව්‍යුහාත්මක මනෝවිශ්ලේෂණයේ (Structural Psychoanalysis) හරයයි.ලැකාන්ගේ පාසල අසාර්ථක වූයේ එය Transference (විශ්ලේෂකයා “දැනුමේ විෂය” බවට පත් කිරීම) මත පදනම් වූ බැවිනි.විසඳුම වන්නේ ආයතන විධිමත්කරණය මත පදනම් විය යුතුය (පුද්ගල ආරෝපණයෙන් තොරව).අරමුණ විදිහට ඔහු දැක්කේ ශ්‍රමය මාරු කිරීමයි.(සෑම කෙනෙකුම තම ඒකීය අත්දැකීම විශ්වීය කරයි)සාර්ථකත්වය යනු ආයතනය ශ්‍රම ක්‍රියාවලියක් (work in progress)තවමත් එකතු වෙමින් පවතින හෝ සංවර්ධනය වෙමින් පවතින නිම නොකළ ව්‍යාපෘතියකි. බවට පත් කිරීමෙන් “දැනුමේ විෂය” නැමැති මායාව බිඳ දැමීමයි. මනෝවිශ්ලේෂණයේ සත්‍යය ආයතනික බලයේ හෝ පුද්ගල ආරෝපණයේ නොව, විවේචනාත්මක ශ්‍රමයේ අඛණ්ඩ ක්‍රියාවලිය තුල පවතින්නේ යැයි ලැකාන් පවසයි.
ලැකාන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණ න්‍යාය “නැවත කියවීමෙන්” එය මාක්ස්ගේ දේශපාලන ආර්ථික විවේචනය සමඟ සම්බන්ධ කළේය. එනම්, අපේ අවිඥානික මනස (ෆ්‍රොයිඩ්) සමාජ-ආර්ථික ක්‍රමයෙන් (මාක්ස්) වෙන්කර බැලිය නොහැකි බවයි. මෙය පැහැදිලි කරගන්නේ කෙසේද?ලැකාන්ගේ නැවත සොයාගැනීම (Lacanian Return to Freud)කියලා කියන්නේ මනුෂය මනසේ අවිඥානය (Unconscious)නැමැති කොටසක් තිබෙන බවත්, එය අපේ චර්යාව, ආශා හා මානසික ගැටළු පාලනය කරන බවත් ෆ්‍රොයිඩ් තර්ක කළේය. මාක්ස්ගේ විවේචනය තුල තියෙන්නේ සමාජයේ ආර්ථික-දේශපාලන ක්‍රමය( අසමානතා, ධනපති පාලනය) මිනිසුන්ගේ සිතුවිලි හා ජීවිත පාලනය කරයි යන්න.
මානසික තුවාල.
උදාහරණයකට දුප්පත්කම නිසා ඇතිවන මානසික වියවුල ගන්න පුළුවන්. ලැකාන්ගේ දැක්ම වුයේ මෙම දෙක එකට බැඳී පවතින බව පෙන්වා දීමයි.ලැකන් සරලවම කිව්වේ පුද්ගලයාගේ අවිඥානය (ෆ්‍රොයිඩ්) ගොඩනැගෙන්නේ සමාජයේ ආර්ථික-දේශපාලන ව්‍යුහ (මාක්ස්) තුළින්ම යන්නයි. උදාහරණයකට දුප්පත් කමෙන් පීඩා විඳි පවුලක දරුවෙකු තුළ ආර්ථික අවපාතය (මාක්ස්) නිසා දෙමාපිය ආතතිය වර්දනය වීම ඇතුලේ දරුවාගේ මානසික තුවාල (අවිඥානය, ෆ්‍රොයිඩ්) ඇතිවීම සහ එය පසුව භාෂාමය ලකුණු ලෙස පෙන්නුම් කල හැක. (ආතතිය, බිය, අකීකරුකම)ලැකන් කියන්නේ මානසික ගැටළු යනු ඔබේ අවිඥානයේම නිපදවූවක් නොවේ. ඒවා ඔබ ජීවත් වන සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය තුලින්ම සෑදී ඇත.
(ලැකාන් මෙය සමාජීය අවිඥානය ලෙස හඳුන්වයි). මෙය මනෝවිශ්ලේෂණයේ දේශපාලනකරණය ලෙස සැලකේ පුද්ගල ගැටළු සමාජයෙන් වෙන්කර බැලිය නොහැකි බව ලැකාන් තහවුරු කළේය.

This is a good effort to heal human mind to challenge unconsciousness and darkness of mind …
Thanks
yes my friend. Thanks for your comment.