නායකත්වය Leadership..!
-බදුගේ සමන්

මේ concert එකේ එකිනෙකට වෙනස් විවිධ සංගීත භාන්ඩ සමූහහයක් තමයි වාදනය කරන්නේ.ඔවුන් ඉස්සරහ තියෙන ස්ටූල් වල තියෙන්නේ තමන් වාදනය කලයුතු සංගීත භාන්ඩයේ සංගීත සටහන. ඒවා ඔක්කොම එක සමාන නැහැ. එක එක සංගීත භාන්ඩයට ඒකට අදාල නෝට් එකක් තියෙන්නේ. එතකොට නායකත්වය යනු කුමක්ද? යන්න මේ කන්ඩායම මෙහෙයවන පුද්ගලයා මනාසේ අවබෝධ කරගෙන තියෙනවා.
නායකත්වය යනු?
අර කෝටුවක් අතේ තියෙන කෙනා තමයි මේ සියලුම දෙනාගේ සඟීතය කෝඩිනේට් කරන්නේ. ඔහු තමයි මෙතන leader. කොච්චර වාදකයින් පිරිසක් හිටියත් එක්කෙනෙකුට හෝ පොඩි හෝ වැරදීමක් උනත් ලීඩර්ට ඒක තේරෙනව. ඔහු තමයි නැවැත්විය යුතු තැන් වල නවත්වන්න. ශබ්දය වැඩිකලයුතු තැන්වල වැඩිකරන්න. මොන සංගීත කාන්ඩයද වාදනය කරන්නේ අදියට මග පෙන්වන්නේ. කොටින්ම කියනව නම් මුලසිට අග දක්වාම මෙම සංගීත සංදර්ශනයේ සමස්වරත්වය Harmony පවත්වා ගනිමින් කන්ඩායමට නායකයා යනු, කන්ඩායම අරමුණ කරා මෙහෙයවන රෝල් එක තමා ඔහුගේ රෝල් එක.
නායකයා කියන්නේ, නැත්නම් නායකත්වය යනු? කන්ඩායම මෙහෙයවන කෙනා. අර concert එකේ ලීඩර්ගේ රෝල් එක වගේ. ඔහු නායකත්ව leadership එක කරන්නේ නැතුව team member ගේ role එක ප්ලේ කරන්න ගියොත් වැඩේ අවුල් වෙනව. නායකයා ටීම් මෙම්බර්ගේ වැඩේ කරාම ඔහු නායක කමට සුදුසු නැහැ කියල තමයි අපි නොදැනුවත්ම ජනවිඥ්ඥානයේ පැලපදියම් වෙන්නේ

ඒකට හොදම උදාහරනය ගෝඨාභය. කොල්ලෙක් යවල පිටකොටුවේ හාල් මිල කීයද කියල දැනගන්නනවා වෙනුවට ඔහුම පිටකොටුවේ කඩවල් ගානේ රස්තියාදු උනා හාල්මිල දැනගන්න. තමන්ගේ යටතේ ඉන්න ඇමතියෙක් හෝ නිලධාරියෙක් යවනව වෙනුවට RMV එකේ වැඩකටයුත නිරීක්ෂනයට තමන්ම ගොස් කිච උනා. අන්තිමට ඝෝඨාභය කියන්නේ මොකුත්ම බැරි පුස්සක් කියල ජනගත වෙන්න ගියේ ඉතාමත් කෙටි කාලයයි.
මේ දවස්වල සමාජ මාධ්‍යවල අපිට නිතරම පේනව මැති ඇමතිවරු මේසන් වැඩ කරනව, වැලිහලනව ජපන් ජබර අයින් කරනව, තණකොල කපනව වගේ ඒව. ඒවැඩ තාවකාලිකව ගැලරිය චූන් කරාට දිගු කාලීනව ඔවුන්ගේ දේශපාලන නායකත්වයට ඉතාමත් අහිතකරයි. එය නායකත්වය යනු? කුමක්ද කියලා අවබෝධයක් නොමැති කමයි.
නායකයා ටීම් මෙම්බර්ගේ වැඩේ කිරීම.
නායකයෝ ටීම් මෙම්බර්ගේ වැඩේ කරන්න ගත්තම සමාජ විඤ්නානයේ අවිඤ්ඤානිකව ඇතිවන අදහස තමයි ඔවුන් ගැලපෙන්නේ තණකොල කපන්න, මේසන්බාස් වැඩේ කරන්න මිසක් නායකත්වයට, රාජ්‍ය පාලනයට නොවේය යන්න.[ ජන විඥ්ඥානයේ අදහස් පැලපදියම් වෙනහැටි දැනගන්න රූපවාහිනියේ වෙළද දැන්වීම් නිරීක්ෂණය කරන්න. විකුණන භාන්ඩය ගැන කියනවා වෙන්නුවට බොහෝ වෙලාවට මුලින්ම පෙන්වන්නේ විකුණන දේට කිසිම අදාලත්වක් නැති වගේ පේන රූපරාමු. නමුත් ඒකෙන් එම භාන්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයෝ පෙලෙබවෙනව. ඒ තමයි ජන විඥ්ඥානය වැඩකරපු හැටි.]

මේකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ මැති ඇමතිවරු, නායකයෝ ජනතාවට ඉහලින් විශේෂ වරප්‍රසාද විදිමින්, වාහන පිරිවරාගෙන VIP ල වෙන්න ඕන කියල. සරල ජීවිතයක් ගතකරන්න. තමන්ට පවරපු රෝල් එක කරන්න.
