|

වලිගය පාගා ගත් වමේ මිනිස්සු..!

ගිය ශතවර්ෂයේ වාම ව්‍යාපාරය (Leftist Movement) තුල ප්‍රජතනත්රවාදයේ සතුරා වුයේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ය. එහෙත් 21 වන සියවසේ ලෝකයේ වාම ව්‍යාපාරයේ මෙන්ම ප්‍රජාතන්ත්රවාදයේ සතුරා වී තිබෙන්නේ රුසියව සහ චීනයයි. මිතුරා වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල් ය.

බටහිර සහයෝගය සහ වමේ කුහකකම.

ලංකාවෙන්ම උදාහරණ දැක්වුවහොත් 2022 අරගලයේදී වාම ව්‍යාපාරය (Leftist Movement) තුලවූ රුසියාව හෝ චීනය හෝ කියුබාව හෝ වියට්නාමය හෝ අරගලයට කිසිදු සහයක් නොදැක්වූ අතර ඇමරිකව සහ බටහිර රටවල් ඊට පුර්ණ සහය දැක්වුහ. එම සහය නොදක්වුයේනම් අරගල කරුවන් ගණනවක් වෙඩි කා මියයන බවට සැකයක් නැත

අරගලය පවතිද්දී දිනක් රාත්‍රියේ ගාලු මුවදොර පිටිය පොලිස් ට්‍රක් රථවලින් වටකළ අවස්තාවේදී ඇමරිකානු තානාපතිනි ජුලි චන් ගේ මැදිහත්වීම නිසා එම රථ එම රාත්‍රියේම ආපසු ගියහ

අරගලකරුවන් ජනාධිපති මන්දිරය අල්ලගන්න අවස්ථාවේදී හමුදාව වෙඩි තිබ්බේ අහකටය. ඒ ඊනියා කොමියුනිස්ට් චීනය ඊට විරුද්ධ වූ නිසා නොවේ.

මීට වසර කීපයකට පෙර මියන්මාරයේ හමුදාව විසින් මැතිවරණයෙන් දිනු අවුන් සං සුකිට (Aung San Suu Kyi) රාජ්‍ය බලය ගැනීමට ඉඩ නොදී මැතිවරණ ප්‍රතිඵල අවලංගු කොට බලය තම අතට ගත්තේය. ඊට විරෝධය දැක්වූ මියන්මාරයේ ජනතවට හමුදා විසින් වෙඩි තබමින් ගුවනින් බෝම්බ දමමින් දහස් ගණනින් ඝාතනය කල විට හමුදා පාලනයට සහය දක්වමින් ඔවුන්ට ආයුධ සපයන ලද්දේද ඔවුන් සමග වෙළඳ ගන දෙනු අඛණ්ඩව පවත්වාගෙන ගියේද චීනය සහ රුසියාවයි.

මියන්මාරයේ ඝාතන වලට එරෙහිව සම්බාධක පනවනු ලැබුවේ ඇමරිකාව සහ බටහිර රටවල් විසිනි. මියන්මාරයේ ජනයා වෙනුවෙන් හඬ නැගුවේ බටහිර රටවල් විසිනි.

ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මානව හිමිකම් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන්නේ ඇමරිකාව සහ බටහිර රටවල් විසිනි. ලංකාව ඇතුළු තෝරාගත් රටවල් ගණනාවකට GSP+ සහනය යුරෝපය ලබා දී ඇති අතර තීරු බදු සහනය යුරෝපය වසින් ලබා දෙන්නේ මානව අයිතීන් සහ කම්කරු අයිතීන් ආරක්ෂා කරන්නේ නම් පමණකි.

නිකලස් මදුරෝ විසින් වෙනි සියුලාවේ මහජනයා ට වෙඩි තබමින් ඔවුන්ගේ මානව අයිතින්උල්ලංඝනය කරමින් ප්‍රජතනත්ත්රවාදය අහෝසි කරමින් හොර චන්ද පවතවමින් රට බංකොලොත් කරමින් බලහත්කාරයෙන් පාලනය ගෙන යාම ගැන වාමව්‍යාපාරය තුල වාමන්ශිකයන් කට හෙල්ලුවේ නැත. ඔවුන්ගේ කටට පන ආවේ ට්‍රම්ප් විසින් මදුරෝව ඇමරිකාවට පැහැරගෙන යාමෙන් පසුවය.

අද ඉරානයේ විශාල මිනිස් ඝාතනයක් සිදුවේ . මානව අයිතීන් බල්ලට දමමින් නිදහස ඉල්ලන කාන්තවන් ඝාතනය කරමින් පාලනය කරන පුජක පැලැන්තියට පාලනය ගෙනයාම පහසු වී තිබෙන්නේ වාමව්‍යාපාරය (Leftist Movement) තුල කොමියුනිස්ට් කියන චීනයේ සහ රුසියාවේ සහය නිසාය මහජනයා ඝාතනය කිරීම ට විරුද්ධව එම රටවල නායකයන් එක කෙල බිඳක් බිම හෙලන්නේ නැත ඒ වෙනුවට අවි ආයුධ නැව් ගනනි සපයන්නේ චීනය සහ රුසියාවය.

ඉරානයේ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇමරික එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසිනි.

බොහෝ මාක්ස්වාදීන් සමාජවාදීන් වාමව්‍යාපාරය (Leftist Movement) තුල අතීතයෙදී පෙනී සිටියේ නිදහස වෙනුවෙන් මානව අයුතින් වෙනුවෙනි. කම්කරු අයිතීන් වෙනුවෙනි. ප්‍රජාතනත්‍රවාදී අයිති වෙනුවෙනි. එසේ වුවත් අද වලිගය පාගාගෙන සිටින මාක්ස්වාදීන් සමාජවාදීන් වාමන්ශිකයන් අද පෙනී සිටින්නේ එම අයිතීන් පාගාගෙන සිටින ඒකාධිපති යන් වෙනුවෙනි.

Bertie Ranaweerage.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *