සෝමවංශ අමරසිංහ වංශකථාව..!

-ප්‍රියශාන්ත රාජපක්ෂ.
(සෝමවංශ අමරසිංහයන් මියගොස් වසර නමයක් පිරීම වෙනුවෙන්)
88,89, සන්නද්ධ අරගලය සමූල ඝාතනය වූපසු පක්ෂ දේශපාලන මණ්ඩලයේ ඉතිරිවූ එකම සාමාජිකයා වූයේ සෝමවංශ සහෝදරයාය. පක්ෂයේ නායකයා ඇතුලු සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයන් කිසිවෙකුටවත් දිවිබේරා ගැනීමට නොහැකිවූ සන්ධර්බයක් තුල දිවි බේරාගෙන රටින් පැනගත් එකම පුත්ගලයා ලෙස ඔහු වීරවික්‍රමාන්විත බුද්දිමත් නායකයෙකු ලෙස එවකට ඔහුව වර්ණගැන්වී තිබින..
above image source-https://www.lankaweb.com/news/items/wp-content/uploads/2016/06/dharman18061502.jpg
නමුත් ඔහු ලංකාවට පැමිනි පසු ප්‍රසිද්ධ වේදිකාවේ ඔහු පැවැත්වූ දේශපාලන ආමන්ත්‍රණයන් තුලින් පමණක් නොව ඔහුගේ සියළු දේශපාලන බාවිතාවන් හරහාද එතෙක් ඔහු ගැන ලියවී තිබූ සියළු කුසලතා වර්ණ දිනපතා සේදී යන්නට විය.
ඇත්තෙන්ම 94දී මර්ධනයේ ටයර් දුම පහව යන්නත් මත්තෙන් ජ.වි.පෙ.නැවත කෙසේ හෝ කරළියට ගෙන ඒමට ඔහුට අනවශ්‍ය කලබලයක් තිබුනද ඉන් ඔබ්බට පක්ෂය රැගෙන යායුතු මග සම්බන්දවද ඔහුට දැක්මක් තිබුනේ නැත. සැබැවින්ම ගත් කල බාලම ජාතිකවාදය මිස වෙනත් දියුණු මතවාදයක් හෝ බිමේ දේශපාලන අනාගතය කල් තබා හඳුනාගත හැකි සියුම් දේශපාලන බුද්ධියක් හෝ ඔහු සතුව කිසිදා තිබුනේ නැත.
එය මුල් වරට පැහැදිලිව හෙලිවූයේ 94 මහමැතිවරණය සඳහා ජ.වි.පෙ. සාදාගත් දේශපාලන පෙරමුණ “ජාතිය ගලවාගැනීමේ පෙරමුණ” ලෙස සෝමවංශ අමරසිංහ මැදිහත්ව නම තැබීමෙනි.
පක්ෂයක බලවත් පුද්ගලයෙක් මෙවන් නොගැඹුරු චරිතයක් වීමට බලපෑ හේතුව කුමක්ද?
මෙසේ වීමට හේතුව 89 සහ ඊට පෙර ජ.වි.පෙ. දේශපාලනය මණ්ඩලයට තෝරා ගනු ලැබුනේ ජනවාර්ගික ගැඨළුව හෝ මොනම මතයක් සම්බන්දව හෝ පක්ෂ නායකයාට පිටින් ස්වාධීන අදහස් නැති සහ නායකයාගේ ඕනෑම මතයක් ප්‍රශ්න නොකර පිළිගන්නා සුවචකීකරු චරිත වීමයි.( තනි පුත්ගල මතයක් රජයන ඕනෑම දේශපාලන බලවේගයක පොදු හැඩය මෙයයි)
ජ.වි.පෙ. තුල ස්වාධීන දේශපාලන මතයන් දැරූ ලයනල් බෝපගේ වැන්නන්ට ජ.වි.පෙ. අතහැර යෑමට සිදුවූයේද මේ පසුබිම නිසාය. විජේවීරයන් යට සිටියදී මේ විජේවීරවාදී සෙවනැලි නායකයන්ගේ ස්වරූපය විජේවීර ප්‍රතිරූපයෙන් වැසී තිබුනද ඔවුන් සමාජය හමුවේ තනිව පෙනෙන යුගය පැමිනිවිට ඔවුන්ගේ සියළු දුර්වලතා නිරාවරණය වෙයි.
කෙසේ හෝ මේ තත්වය තුල 93න් පසු ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයට පසුව පැමිණි ඇතැම් දක්ෂයින් හමුවේ සෝමවංශ අමරසිංහයන් ජ.වි.පෙ. තුලම පසුතලයකට විසි විනි. ඔහු ජ.වි.පෙ. තුල සිටි අවසාන කාලයේ ඔහුට ඒ තුල හිමිව තිබුනේද විජේවීරයන් සමඟ එකට දේශපාලන මණ්ඩලයේ සිටී අතීත සංඛේත වටිනාකම පමණි.
අවසානයේ ඔහුම මැදිහත්වී දෙවනවර ගොඩ නැගූ ජ.වි.පෙ. පෙරටම ගිය අතර සෝමවංශ අමරසිංහ ඉන් එලියටම විසිවී ගියේය. අවසානයේ ඔහු මතවාදයෙන්ද හද්දා නන්නත්තාර වී දේශපාලන අනාතයෙක් ලෙස තද හිත්වේදනාවකින් මියගියේය..
(සෝමවංශ අමරසිංහයන් මියගොස් වසර නමයක් පිරීම වෙනුවෙනි)

ප්‍රියශාන්ත රාජපක්ෂ. (අධ්‍යයන කවය) “89-සහෝදරත්වය”
කතෘ වාක්‍යය.
සෝමවංශ අමරසිංහ සහෝදරයා මියගොස් වසර 09 ක් ගතවීම නිමිත්තෙන් ඔහු පිළිබඳව් යම් සංවාදාත්මක කථිකාවක් ගෙනඒමේ අරමුණින්, “සෝමවශ වංශකථාව” මැයෙන් අපගේ Lankapowernews වෙබ් අඩවිය මගින් ළිපි මාලාවක් ගෙනඒමට ගත් උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස “මාකස් අබේගේ වංහුං” කොළම යටතේ ලිපි මාලාවක් සැකසීමටත් එහි පළමු ලිපිය පසුගිය සතියේ අප වෙබ් අඩවියේ පළකිරීමටත් හැකිවිය.
මේ ඉහත පළවෙන්නේ “89-සහෝදරත්වය” අධ්‍යයන කවයේ සාමාජික ප්‍රියශාන්ත රාජපක්ෂ සහෝදරයා සෝමවංශ අමරසිංහ පිළිබඳව ඔහුගේ අදහස් විස්තර කරන ආකාරයයි.
සෝමවංශ අමරසිංහ සහෝදරයා පිළිබඳව ධනාත්මක මෙන්ම නිෂේධාත්මක විනිශ්චයන් අපට ඇත. ජවිපෙ නායකත්ව භූමිකාවට ඔහු පණපොවන අවධියේ ඔහු අනුගමනය කල සහ නායකත්වය දුන් බොහෝ දේවල් පිළිබඳව විවේචනාත්මක දැක්මක්ද අපවෙත ඇත. විශේෂයෙන් මහින්ද රාජපක්ශ බලයට ගෙනඒම සඳහාත්, චන්ද්‍රිකා අන්ඩුවේ ඇමති ධූර දැරීම ගැනත්, එසේම උතුරේ ජනවාර්ගික යුද්ධයේදී රජය පාර්ශ්වයට සහාය දෙන ස්ථාවරයක සිට කටයුතු කිරීමත්, විශේෂයෙන් ජවිපෙ ජාතිවාදී මඩගොහොරුවේ ලැගීමට සහ දිගින් දිගටම සුළු ජනවාර්ගයන් වෙනුවෙන් පෙනී නොසිටීම යන කාර්‍යයන් හිදී ජවිපෙ ඒ සඳහා මෙහෙයවීමට නායකත්වය දීම ගැනද අපට සෝමවංශ අමරසිංහ සහෝදරයා වෙත විවේචන ඇත. එසේම 89න් පසු ජවිපෙ පොළවටම සමතලාවී තිබුනු අවධියක නැවත ජවිපෙ සංවිධානය කොට නැවත කරලියට ගෙනඒමට මූලිකයාවීමත්, නැවත ජවිපෙ කැළයට රැගෙන නොගොස් “දතට දත,ඇසට ඇස” න්‍යායෙන් මිදී නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ජවිපෙ එකතු කිරීමත් ගැන සෝමවංශ අමරසිංහ සහෝදරයා වෙත ප්‍රශංසාවක්ද අපවෙත ඇත.
සෝමවංශ අමරසිංහයන් ගැන ධනාත්මක හෝ නිෂේධාත්මක කවර හෝ අදහසක් ඔබවෙත ඇත්නම් එය අපවෙත [email protected] හරහා එවන්නේනම් එම අදහස්ද මෙම “සෝමවංශ වංශකථාව” යටතේ පළකිරීමට අප සූදානම් බවද කීමට කැමැත්තෙමු.
ස්තූතියි.