දැන් ඇති, මාලනීට යන්න දෙමු.
මේ මොහොත වනවිට මාලනී පිළිබඳ යතාව සත්‍යයෙන් ඔබ්බට බොරු වර්ණනා සර්වපිත්තල අගයකිරීම් සහිතව සීමාවෙන් ඔබ්බට ප්‍රසාරණය වෙමින් පවතිනු පෙනේ. ලංකාවේ පුද්ගල වර්ණනා සහ දේශපාලන රැළි ගමන්කරන්නේ එකම ගතිකයක් සහිතවය. යම් කන්ඩායමක් විසින් රැළ්ල ඔසවාදෙනු ලැබූ පසු එය සීමාවක් නොමැතිව ඔහේ පිම්බෙයි. අවසානයේ වර්ණනා රැල්ල පිපිරී විනාශවෙන තුරුම එය පිම්බනු ලබයි.
දැනටමත් වැඩේට විජය කුමාරනතුංග, ලකී ඩයස් පමනක් නොව චන්ද්‍රිකා බන්ඩාරණායකත් කලවම් කරගෙන රැල්ල වෙන වෙන පැතිවලටද ඇදී යන බවක්ද පෙනෙන්නට තිබේ.
එක අතීත යුගයක මාළනී යම් ප්‍රේක්ෂක කුළකයක ක්‍රෂ් එකවී සිටි බව බවත් එසේම ඇගේ රූසපුව සහ ඇය පන දුන් ඇතැම් චරිත විසින් එකී ප්‍රේක්ෂකයන්ට ආනන්දයක් ලබා දුන් බවද සැබෑවකි. නමුත් ඇයගෙන් පසු ලංකාවේ නැවත නිලි රැජිනියන් හෝ දක්ෂ නිලි චරිත බිහි නොවනු ඇත යන්න කිසි පදනමක් නැති බොරුවකි.
ඇය අයත්වන්නේ ලංකාවේ සිනමාව තාක්ෂණයෙන් සහ රංගනයෙන් නර්තනයෙන් ඇතැම්විට අධ්‍යක්ෂනයෙන් පවා ඉතාම දුප්පත්ව තිබූ යුගයකටය. ඇත්තෙන්ම ගත්කල දැන් ඇය සිනමාවේ සිහින කුමරියවන්නේ වයස හැට හැත්තෑව පැනපු ප්‍රජාවකගේ පැන්ටසියක් තුල පමණි.
ඉදිරියේදී ලංකාව තුල විවිධ ජාත්‍යන්තර ශානරවල දක්ෂතා පෙන්වන දෙස් විදෙස් සම්මානාදරයට පාත්‍රවන මාලනීලා, ගීතලා, අනෝජලා පසුකරගෙන යන ජැකොලින්ලා වගේ නව නිලියන් තව බිහිවෙයි. ඒ නිසා අතිශෝක්තිය නවත්තලා මාලනීට දැන් සැහැල්ලුවෙන් යන්න දෙමු.
දැන් ඇති, මාලනීට යන්න දෙමු.
මේ මොහොත වනවිට මාලනී පිළිඹඳ යතාව සත්‍යයෙන් ඔබ්බට බොරු වර්ණනා සර්වපිත්තල අගයකිරීම් සහිතව සීමාවෙන් ඔබ්බට ප්‍රසාරණය වෙමින් පවතිනු පෙනේ.
ලංකාවේ පුද්ගල වර්ණනා සහ දේශපාලන රැළි ගමන්කරන්නේ එකම ගතිකයක් සහිතවය. යම් කන්ඩායමක් විසින් රැළ්ල ඔසවාදෙනු ලැබූ පසු එය සීමාවක් නොමැතිව ඔහේ පිම්බෙයි. අවසානයේ වර්ණනා රැල්ල පිපිරී විනාශවෙන තුරුම එය පිම්බනු ලබයි. දේශපාලනයේද ඇතිවන රළීවල ස්වභාවය මේ ආකාරයම ගනී. මේ දක්වා රට පාලනය කිරීමටත් ඒ ඒ දේශපාලකයින් සිහසුනට නැංවීමටත් පැමිනි රැළී තොගය සලකූ විට එය හොඳටම තේරුම් යන කරුනකි.
දැනටමත් වැඩේට විජේ, ලකී, චන්ද්‍රිකාත් කලවම් කරගෙන රැල්ල වෙන වෙන පැතිවලටද ඇදී යන බවක්ද පෙනේ.
එක අතීත යුගයක මාලනී යම් ප්‍රේක්ෂක කුළකයක ක්‍රෂ් එකවී සිටි බව බවත් එසේම ඇගේ රූසපුව සහ ඇය පන දුන් ඇතැම් චරිත විසින් එකී ප්‍රේක්ෂකයන්ට ආනන්දයක් ලබා දුන් බවද සැබෑවකි.
නමුත් ඇයගෙන් පසු ලංකාවේ නැවත නිලි රැජිනියන් හෝ දක්ෂ නිලි චරිත බිහි නොවනු ඇත යන්න කිසි පදනමක් නැති බොරුවකි.
ඇය අයත්වන්නේ ලංකාවේ සිනමාව තාක්ෂණයෙන් සහ රංගනයෙන් නර්තනයෙන් ඇතැම්විට අධ්‍යක්ෂනයෙන් පවා ඉතාම දුප්පත්ව තිබූ යුගයකටය. ඇත්තෙන්ම ගත්කල දැන් ඇය සිනමාවේ සිහින කුමරියවන්නේ වයස හැට හැත්තෑව පැනපු ප්‍රජාවකගේ පැන්ටසියක් තුල පමණි.
ඉදිරියේදී ලංකාව තුල විවිධ ජාත්‍යන්තර ශානරවල දක්ෂතා පෙන්වන දෙස් විදෙස් සම්මානාදරයට පාත්‍රවන මාලනීලා, ගීතලා,අනෝජලා පසුකරගෙන යන ජැකොලින්ලා වගේ නව නිලියන් තව බිහිවෙයි.
ඒ නිසා අතිශෝක්තිය නවත්තලා මාලනීට දැන් සැහැල්ලුවෙන් යන්න දෙමු.
ප්‍රියශාන්ත රාජපක්ෂ.
“89-සහෝදරත්වය”

