මිල්කො ශක්තිමත් කරමු..!

කිරිමන්ඩල ආරම්භ කරන අවස්තාවේ කිරි එකතු කිරිම හා අගය එකතු කර නිෂ්පාදන වෙලඳ පොලට ලබා දීමට පුද්ගලික අංශයක් නොතිබිනි. වර්තමානයේ පුද්ගලික අංශයෙන් වීශාල තරගයක් ඇති කරමින් කිරි ග්‍රාමීය ගොව්පල වලින් එකතු කරයි. තරගය ඉහලයාම නිසා එළකිරිවල ගුණාත්මක බවද නොසලකා කිරි මිලදි ගැනිමට සමහර සමාගම් පෙළඹි ඇත.
above image source-https://divaina.lk/wp-content/uploads/2021/10/milco.jpg
ඕස්ට්‍රෙලියාවේ සමාගම් කිරි වල ඇති වීශේෂ ප්‍රොටීනයක් පිලිබදව උනන්දුවක් දක්වමින් එම කිරි නිෂ්පාදනය ඉහල නැන්විමට අභිජන්න ක්‍රමද වෙනස් කරමින් A 2 නමින් කිරි අලවි කරයි. එම රටවල යුරොපියන් එලදෙනුන් ගෙන් 40 % ක පමන පමනක් මෙම ප්‍රෝටීනය සහිත කිරි නිෂ්පාදනය වේ. අපේ රටේ දේශිය හා ඉන්දියානු ආරයක් සහිත ගවයන්ගේ කිරි වල මෙම A 2 beta casin ප්‍රොටීනය 100 % ක් අන්තර්ගතය. නවසිලන්තයෙ මහාචාර් ය කීත් වුඩ් ෆෝඩ් (Keith Woodford) මෙම වීෂය සමාජගත කර ලෝකයම හෙල්ලුවේ 2007 දිය. ඔහු ලියු ඩේව්ල් ඉන් ද මීල්ක කෘතිය මේ ව්ෂය පිලිබදව උනන්දුවක් දක්වන අය කියවනව නම් හොදය. මා 2017 මේ පිලිබදව දෙපාර්තමේන්තුවේට ව්‍යපෘති වාරතාවක් ඉදිපත් කරමින් කිවේ මෙම ජාන සංයුතිය ආරක්ෂා කිරිම අපේ වග කිම බවය. එවකට සිටි නිළධාරින් ඒ පිලිබදව උනන්දු වුවත් වර්තමානයේ එය නොසලකා හැර ඇත. මධ්‍යම පලාත ,වයඹ මේ පිලිබදව කිසිදු උනන්දුවක් නැත. ඔවුන් කියන්නෙ මෙය මාර්කට් එකේ මගුලක් බවය. එම මගුලෙන් වත් ප්‍රයෝජනයක් ගැනිමට මිල්කො එකට වත් උනන්දුවක් නැත.

Prof-Keith Woodford.
මිල්කො එක ශක්තිමත් වෙනවාට අපි කැමතිය. වී අලවි මන්ඩලයට අත් වී ඇති ඉරණම මිල්කො එකට අත් නොවිය යුතුය. වර්තමාන පාලනය මේ පිලිබදව උනන්දුවකින් වැඩ කරයි. නමුත් කිරි එකතු කිරිම ප්‍රමාණවත් නොවේ. සමහර පුද්ගලික සමාගම් දෙපාර්තමෙන්තුව සමග එකතු වී නොමිලේ කෘතිම සිංචන කීරිම හා පශු වෛද්‍ය සේවාද ලබා දෙයි. මිල්කොද මෙවැනි සේවා ලබා දෙනවනම් ගොව්න් ආන්ඩුවේ ආයතන පිලිබදව සතුටු වෙනු ඇත. මා පුද්ගලික සමාගමක කන්ඩායමක් සමග කෘතිම සිංචන ප්‍රවර්ධනයට දායක වන බැවින් ඒයට ගොව්න්ගේ ඇති ප්‍රසාදය දනිමි. අද ඇති පහසුකම් නිසා බොහොමයක් සතුන්ගේ රෝග වලට ප්‍රතිකාර කිරිමට ගොව්පලට යාමට අවශ්‍යම නොවේ. වීඩියො කෝල් වලින් මෙම ප්‍රතිකාර කල හැකිය. මෙයට රජයේ නිළධාරින් සීනාසෙනු ඇත. නමුත් එම සේවය පිලිබදව මට පසුගිය වසර කීපයේ අත්දැකිම් ඇත.

මීල්කො බලධාරින් ගොව්න්ගේ අවශ්‍යතාව පිලිබදව උනන්දු වේ නම් අලුත් ක්‍රම පිලිබදව සිතන්න සිදු වෙනු ඇත. නැතිනම් වී අලව් මන්ඩලයේ අර්බුදය මිල්කො එකටද එනු ඇත.
