L.T.T.E ඉහල පෙළේ හිටපු නායක “රහීම්”..!

රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්)

කැප්ටන් කොතලාවල ගැන හිටපු එල්.ටී.ටී.ඊ නායක රහීම් කතා කරයි…

කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකි. ඔහු යාපනය කොටුව එල්.ටී.ටී.ඊ ග්‍රහණයට අසු නොවීමට ඉඩ නොදී සටන් කල නිලධාරියෙකු විය. මුහුණ පුරා රැවුල වවාගෙන සිටි කැප්ටන් කොතලාවල හයයි හයේ පුරුෂයෙකු විය. ඔහු සහ එවකට යාපනයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) අතර අපූරු මිතුදමක් වූයේය . මේ මිතුදම ගැන රොහාන් ගුණරත්න මෙන්ම මහාචාර්‍ය රාජන් හූල් පවා ඔවුන් ගේ පොත් වල ලියා තිබේ. පසුකාලීනව එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් වන රහීම් වර්තමානයේ කැනඩාවේ ජීවත් වෙයි. පහත දැක්වෙන්නේ වෛද්‍ය රුවන් ජයතුන්ග විසින් රහීම් සමග කපිතාන් කොතලාවල ගැන කරන ලද සංවාදයයි

1) ඔබට කපිතාන් කොතලාවල මුලින්ම මුණ ගැසෙන්නේ කොහොමද ?


එය සිදු වූයේ 1986 වසරේදී. 1986 ඔක්තෝබර් 12 දින අඩම්පන් හි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර අවි ගැටුමක් ඇති උනා. මේ ගැටුමේදී මන්නාරමේ එල්.ටී.ටී.ඊ නායක වික්ටර් ඔස්කා ඇතුළු පිරිසක් මිය ගියා. එසේම හමුදාවේ සාමාජිකයන් අට දෙනෙකුද මිය ගියා. එක් සෙබලෙක් සහ දෙවන ලුතිනන්වරයෙක් අප ජීවග්‍රහයෙන් අල්ලා ගත්තා. ඔවුන් සෙබළ බණ්ඩාර සහ දෙවන ලුතිනන් අජිත් චන්ද්‍රසිරි. ඔවුන් දෙදෙනා සිටියේ අප ඔවුන්ව මරා දමයි කියන බියෙන්. මම ඔවුන් වෙත ගොස් කිව්වා අපි අත් අඩංගුවට ගත් සතුරාව මරා දමන්නේ නැති බව. ඒත් මිය ගිය ගිය හමුදා සෙබළුන් ගේ මෘත ශරීර වලට කරන්නේ කුමක්ද කියා අප දැන සිටියේ නෑ. එවකට යාපනයේ සිටි එල්.ටී.ටී.ඊ නායකයා වූයේ කිට්ටුයි. එහිදී මම යාපනය කොටුවේ හමුදා කඳවුරට කතා කොට කැප්ටන් කොතලාවලව අමතා මේ මළ සිරුරු මා ගෙන එන බව කීවා. ඉන්පසු මළ සිරුරු අට ලොරියක දමාගෙන යාපනය කොටුව අසල සුබ්‍රමනියම් පිට්ටනියට ගියා. මම ගියේ නිරායුධව. කොටුව අසලදී කැප්ටන් කොතලාවලව මට හමු උනා. ඔහු මගෙන් ඇහුවා මේ මළ සිරුරු භාර දීමට සිතුනේ මන්ද කියා. එහිදී මම කිව්වා මේ සටනේදී මා මිය ගියහොත් මගේ අවසාන කටයුතු කිරීමට මගේ මවට මගේ දේහය ඕනෑ වෙනවා. ඒ වගේ මේ සෙබළුන් ගේත් අම්මලාට මේ මෘත ශරීර වටිනවා. ඒ නිසා මා මනුෂ්‍යත්වය විශ්වාස කොට නායක කිට්ටු ගේ අවවාදයවත් නොසලකා නිරායුධව ඔබලාගේ කඳවුරට ආවා මේ මිනී භාර දීමට කියා. එහිදී ඔහු ඉතාම හැඟීම් බරව මාව වැළඳගෙන සෙබළුන් ගේ මෘත ශරීර භාර ගත්තා . ඒ අපගේ ප්‍රථම හමු වීමයි

රහීම් 1987 දී…

2) ඉන්පසු ඔබට ඔහුව හමු වූයේ කොහේද ?

3) සමහරු කියනවා ඔබ සහ කැප්ටන් කොතලාවල ක්ලාස්මේට්ලා කියලා

4) තවත් ජනප්‍රිය කතාවක් තමයි කැප්ටන් කොතලාවල තම සොල්දාදුවන්ට නියෝගයක් දී තිබුණාලු ඔබව යම් ලෙසකින් අත් අඩංගුවට ගතහොත් ඔහු වෙත ගෙන ආ යුතු බවට. එසේම ඔබ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ටම එවැනි නියෝගයක් දී තිබුණාලු. එසේම රාජන් හූල්ගේ Sri Lanka: The Arrogance of Power: Myths, Decadence & Murder පොතේ සඳහන් වෙනවා වරක් එල්.ටී.ටී.ඊ ස්නයිපර් කෙනෙක් කපිතාන් කොතලාවලට වෙඩි තැබීමට ගිය විට ඔබ එය වැලැක්වූ බව සහ එයට නායක කිට්ටුට තරහා ගිය බව. මේ කතා සත්‍යද ?


මේවා ඔක්කොම විහිළු කතා. අප අතර එහෙම ගිවිසුමක් තිබුනේ නෑ. තවත් කතාවක් තමයි යාපනය කොටුව කඳවුරට දර අවශ්‍ය වූ විට මම දර ලොරියක් ගෙනා බව. මේවා එකක්වත් ඇත්ත නෙවෙයි. අපි ප්‍රති විරුද්ධ සංවිධාන දෙකක සාමාජිකයෝ මට ඔහුව යුද භූමියේ සටනේ මුහුණට මුහුණ හමු උනා නම් මම ඔහුට වෙඩි තියනවා. එසේම එම තත්වය යටතේ ඔහුද මට දෙවරක් නොසිතා වෙඩි තියනවා. අප අතර තිබුනේ මනුෂ්‍යත්වය හරහා ගිය බැඳීමක් පමණයි. තමන් සොල්දාදුවෙකු බව ඔහු අමතක කලේ නෑ. ඒ වගේම මම ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයෙකු බව මම අමතක කලේත් නෑ. නමුත් අපි එකිනෙකාට ගරු කලා.

විජය කුමාරණතුන්ග යාපනයට ගියවිටදී…

5) මේ අමුතු මිත්‍රත්වය නිසා ඔබලාට ගැටළු මතු උනේ නැද්ද ?


අප දෙදෙනාගේ මිත්‍රත්වය ගැන කිට්ටුට යම් අවබෝධයක් තිබ්බා. ඒ නිසා මට ඉන් පීඩනයක් ආවේ නෑ. නමුත් යම් යම් අවස්ථා වලදී කපිතාන් කොතලාවලට උසස් නිලධාරීන් පීඩනය එල්ල කලා. තවත් එකක් ඔහු ඇරොගන්ට් චරිතයක්. උසස් නිලධාරීන්ව සමහර විට කෙයාර් කලේ නෑ. ඒ නිසා ඔහුට උසස්වීම් පවා ලැබුනේ ප්‍රමාදවී. වරක් මම විහිළුවට කිව්වා ඔබ තමයි ආසියාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම කපිතාන්වරයා කියලා. අපි අතර මිත්‍රත්වයක් තිබුනත් එකිනෙකා හමුදාමය තොරතුරු හුවමාරු කර ගත්තේ නෑ. බුද්ධි වාර්තා ගැන කතා කලේ නෑ. අප අතර තිබ්බේ උසස් මිත්‍රත්වයක්. වරක් අපගේ මිත්‍රත්වය ගැන ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා ඔහුගෙන් අසා තිබුනා. ඔහු ඊට නියම පිලිතුරක් දී තිබුණා. ඔහු කිව්වාලු දෙවන ලෝක යුද සමයේ නත්තල් දිනක ඉංග්‍රීසි හමුදාව සහ ජර්මන් හමුදාව පාපන්දු තරඟයක් පැවැත්වූවා කියා. සමහර විට සතුරා සමග යම් මිත්‍රත්වයක් තිබිය යුතුයි කියා ඔහු කීවාලු. ලලිත් ඇතුලත්මුදලි උගත් පුද්ගලයෙක් ඔහු එය වටහා ගත්තා. මගේ පියා සහ රවී ජයවර්ධන එක පාසලේ එක පන්තියේ මිතුරන්. එයද ඇතුලත්මුදලි දැන සිටියා.

6) පසුකාලීනව ඔබට ඔහුව හමු වන්නේ කොහොමද ?


1990 වන විට මම එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්වී කැනඩාවට යනවා. 1991 වගේ කාලයක ඔහු පුහුණුවක් සඳහා ඇමරිකාවට එනවා. කෙසේ හෝ මගේ දුරකතන අංකය සොයාගෙන ඔහු මට කතා කරනවා. ඉන් පසු අපි දෙදෙනා ටොරොන්ටෝ නගරයේදී හමු වෙනවා.

7) ඔහුගේ මරණය ඔබට ආරංචි වන්නේ කොහොමද ?

8) මේ මිත්‍රත්වය ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක්ද?


අද ජයන්ත කොතලාවල කියන හමුද නිලධාරියා ජීවතුන් අතර නෑ. හිටපු සටන්කරුවෙකු වූ මම දැන් සන්නද්ධ අරගලයෙන් ඉවත් වෙලා සාමකාමී සිවිල් ජීවිතයකට ඇතුල් වෙලා. ප්‍රභාකරන් ගේ සටන පරාජයන් අවසන්. මේ ගතවූ කාලය ගැන බලන විට සිතට එන්නේ කොපමණ ජීවිත යුද්ධය නිසා විනාස උනාද , කොපමණ දේපළ විනාශ උනාද කියා. අවසානයේ අපි හැමෝම ලබා ගත් දෙය මොකක්ද කියා මම ප්‍රශ්න කරනවා. යුද්ධය නම් අවලස්සන තරඟයෙන් ඉතිරි උනේ අපගේ මිත්‍රත්වය පමණයි. අපි එකිනෙකා සමග සටන් කරත් , ගහ මරා ගත්තත් අපට යම් අවස්ථාවක් එනවා සතුරා සමග මානවවාදී ලෙස ගණුදෙනු කරන්න. එය මඟ හැරීම නුසුදුසුයි. ඒ මානුෂික ගනුදෙනුව සිදු වන අවස්ථාවේදී අප එකිනෙකා වටහා ගන්නවා. ඒ අවබෝධය ලැබුණු පසු අපි කා කොටා ගන්නා තිරිසනුන් නොව තවත් මිනිසෙකු දෙස මානුෂික ඇසින් බැලිය හැකි මිනිසෙකු බවට පරිවර්තනය වෙනවා.

රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්)

සාකච්ඡා කලේ,

වෛද්‍ය රුවන් එම් ජයතුංග.

කතෘ සටහන.

හිටපු හමුදා නිලධාරියෙකු වන එවක කපිතාන් කොතලාවල යනු, අපගේ “89-සහෝදරත්වය” හි (අද්‍යයන කවය) විසින් 89- අරගලය තුල සිදුවූ ක්‍රියාකාරකම් පිලිබඳව සිදුකල හැදෑරීමේදී අපට හමුවූ ඉතා විශ්වාසදායක තොරතුරු වලට අනුව, අතිශය කෲර ලෙස තරුණයන් ඝාතනය කල හමුදා නිලධාරියෙකි. ගම්පහ “නයිවල” කඳවුරේදීද, මහනුවර සිංහ රෙජිමේන්තුව තුලදීද, කන්තලේ හමුදා කඳවුර තුලදීද කපිතාන් කොතලාවල, පසුව (මේජර් කොතලාවල) අතින් පයින් පහරදී මරාදැමූ තරුණයන් ගණනද සලකිය යුතු ප්‍රමාණයකි.

මහනුවර සිංහ රෙජිම්‍ර්‍ර්න්තුවේ එවක සිටි හමුදා කෝප්‍රල් වරයෙකු සමග මෙම වෙබ් අඩවියේ කතෘ විසින් කරන ලද සාකච්චාවකදී මෙම කෝප්‍රල් වරයා හෙලිකලේ, දළඳා මාලිගාවේ ප්‍රහාරයට සහභාගිවූ 17 හවිරිදි පමණ ජවිපෙ ක්‍රියාකාරිනියක් අල්ලාගත් වේලාවේදී කොතලාවල නම් මෙම නිලධාරියා ඒ අවස්තාවේ සිටි සෙබලුන් අමතා, “කැමති ඕනෑම කෙනෙක් ඉන්නවානම් මේකිව දූශණය කරන ලෙස” දනුම් දුන් අතර, පසුව සමූහ දූශණයට පත්වූ මෙම තරුණීය කපා කොටා අති දරුනු තුවාල සිදුකොට මරා දමා සිරුර මහනුවර නගරයට නුදුරින් මහමග ප්‍රදර්ශනය සඳහා දමන ලදී.

කන්තලේදී කොත්ලාවලගේ කෙරුවාව මහනුවරදී සහ නයිවලදීට නොදෙවෙනි විය. සරත් ෆොන්සේකා ගේ නායකත්වයෙන් තිබූ ත්‍රිකුනාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ කඳවුරේදී කොතලාවල යටතේ සිටි පේරාදෙනිය කෘෂී විද්‍යා පීඨයේ එවක පළමු වසර සිසුවකු වූ හෙට්ටිපොල රණසිංහ ඇතුලු තරුණයන් විශාල ප්‍රමාණයක් මරාදමන ලද්දේ මෙම කොතලාවල නිලධාරියාගේ අධික්ශණය යටතේදීය. අත් පා බැඳ දමා බිම දමා සිටින සැකකරුවනට හැඩි දැඩි සිරුරකින් හෙඹීව සිටි මෙම කොතලාවල නම්වූ නිලධාරියා පා පහර දීමේදී ඔවුන් අඩි ගණනාවක් ඈතට විසිවෙන අයුරු මහත් ආශ්වාදයෙන් යුතුව බලා සිටි බව එම කඳවුරේ සිට ජීවත්වීමට වසනාව ලබූ අය සමඟ කල සාකච්චාවකදී අපවෙත වාර්ථා විය.

කොතලාවල නිලධාරියාගේ මෙම මිනීමරු ක්‍රියාවන් අපි විසින් ඉදිරියටත් හෙළිකරනු ලබන අතර ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ ජීවතුන් අතර සිටින කොතලාවලගේ ඥාතීන් වෙත යම් අපහසුතාවයක් ඇතිවී නම් ඒ පිළිබඳව අප කණගාටුව පලකිරීමටද කැමැත්තෙමු. එසේම මේ විස්තරයට කවුරුන් හට හෝ යම් අදහසක් දැක්වීමට අවශ්‍ය නම්, කරුණාකර [email protected] වෙත ලියා එවනමෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *