පර්සි මහේන්ද්‍ර පුනරාගමණය..!

-Priyashantha Rajapaksha
ලංකාව බංකොලොත් රාජ්‍යයක් වෙන්න හේතු උනේ මේකේ කාලයක් තිස්සෙ රජයපු දූපත්වාදී චින්තනයම මිසක් පිටත සතුරෙකුගෙ බලපෑමක් නෙමේ.
above image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTwYxJwakv3UnP5K0a7tjt5Znm_CPWswlnrZ_4scx7H3XtMbifq_VBuL34jUDyXzKSrXlg&usqp=CAU
දේශපාලන ලෝකය තුල මේ චින්තනයේ නියමුවා බණ්ඩාරනායක. පසුව ඒක නැවතවතාවක් අඬබෙර ගහලා තමන්ගෙම වර්ශන් එකකට මහපොලොවේ හිටෙව්වෙ පර්සි මහේන්ද්‍ර රාජපක්ශ.

තව ටිකක් බාල විදියට අනුරලා කරගහගෙන යන්නෙත් ඒ චින්තනයමයි. පොඩි වෙනසක් තියෙනවා වගේ අපිට පේන්නෙ ඔවුන්ට ගැලවෙන්ට බැරි අයි.එම්. එෆ්. ෆ්‍රෝගෑම් එක නිසා..
වාර්ශිකව බිලියන ගනනින් ලංකා රාජ්‍යයට පාඩු පිට පාඩු ගේන ශ්‍රී ලංකා ගුවන් සේවය විදේශ ආයෝජකයෙකුට නොදී බංකොලොත් රාජ්‍යයේ බාන්ඩාගාරෙ සල්ලි වලින් පරන ගුවන් යානා ගෙන්වන දූපත්වාදී සංදර්ශන යනු පර්සි මහේන්ද්‍රගෙ මිහින් එයාර් චින්තනයේම පුනරාගමනය විදියට තමා අපිට විග්‍රහ කරගන්ට වෙන්නෙ.

image source-https://www.colomboxnews.com/wp-content/uploads/2016/10/013.jpg
කඩදාසි නිශ්පාදන තාක්ෂණයේ පැරණි සහ ප්රාථමිකම මට්ටමක පවතින වාලච්චේනේ සිරිමගේ කඩදාසි පැක්ටෙරියට ආපහු මුදල් පොම්ප කිරීම අපිට තේරුම් ගන්න වෙන්නෙත් වීරවංශ දූපත් චින්තනයේම පුනරාගමනයක් විදියටයි.

image source-https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/06/sunil-handun-valachchanai.jpg
පොදුවේ ගත්තම බන්ඩාරනායකලගේ, මහින්දලගෙ, අනුරලගේ, සමස්ත චින්තනයම හැදිලා තියෙන්නේ ලාංකීය ජාතිකවාදී දූපත් චින්තනයෙයි අසාර්ථක සෝවියට් සම්පකාර චින්තනයෙයි අඩු වැඩි එකතුවකින්.
ඒ ඇරෙන්න පිටින් ගාපු සායම් මිසක් වෙන දියුණු මොකවත් ඒකේ ඇතුලේ නෑ.
ඒ කෙසේ වෙතත් “මහේන්ද්‍ර ප්‍රසාදිනී” ගෞරව නාමය අනුරට දෙන්න පුලුවන් හොඳම ගෞරව නාමය විදියට දකින එකේ වරදකුත් නෑ. මොකද මේ දූපත් චින්තනයට මහින්ද ඇරෙන්න ලංකාවේ මෑත යුගයකයදී ආදර්ශයට ගන්න පුළුවන් වෙන චරිතෙකුත් නෑ.

ප්‍රියශාන්ත රාජපක්ශ.
(අධ්‍යයන කවය)