|

මැදවච්චිය ලඟ වලහැංගුනාව..!

image source
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcT9Y6hUjsGE9WFJS43pZjYlgizmrYDUGQpm3g&s

කතාව ඒක නෙවෙයි , @ ඔය ගං වල උපන්න සමහර මිනිස්සු වලස්සු වගේ තමයි. බොහොම හයි හත්තිය තිබුණු මිනිස්සු .

ඒත් ඔය ගමේ තියෙන ,  ගොවිතැනට , බීමට , අනෙක් සියලු ශරීර කෘත්‍යයන්ට වටිනා ජලය දානය කරන වැවේ  නෑවම පිරිසිදු වෙන්න පුළුවං කියල හිතන වලස්සු තාම ඉන්නවා . මිනිස්සු නෙවෙයි ඕං . ඒ වුනාට ඒ වලස්සුංගෙ  කහකඩ ගඳ නං ඒකෙං අරින්න බෑ ..!!

ඒ ගැන එච්චරයි.

ඔය නුවර කලාවියෙ ඔයවගේ සත්තුංගෙ නම් සම්බන්ධවෙච්ච වාරි ගම්මාන තව බොහොමයක් තියෙනවා .

ගෝනමරියාව , ගෝනහත්දෙනාව , වලහිද්දෑව , වගේ. ඒවැයෙං බොහොම උගත් මිනිස්සු රටට දීල තියෙනවා, කහකඩයො නෙවෙයි ..!!!

ඔය ගම්මාන ආශ්‍රිතව 87 – 89 කාලෙත් පුංචි කැලෑ කුට්ටි තිබුණා . දැං ඒවත්  ” සංවර්ධනය ” වෙලාද දන්නෙ නෑ. ඔය ගම්මානවල ඒ කාලෙ රෑ ගතකරන්න ගියහම , ගෙවල්වල නිදාගන්නෙනෑ .

කියල කිව්වට අන්තිමට අමන විදිහට මරා දැම්මෙ ගමේ යූ.එන්.පී ශාඛාවෙ සභාපතිව , ලේකම්ව හෝ ක්‍රියාකාරිකයෙක්ව …!!!

 මං හිතන්නෙ, මේ ඇත්තො, ඒ වස්දොස් යන්න, තමංගෙ එවුංව මරාපු , මරල පදක්කං ගහපු අරුණ ජයසේකරලට ඒකටම අදාළ නියෝජ්‍ය ඇමති කොමක් පූජා කරල දැං මල් තියල ඒකයි  වන්දනාමාන කරන්නෙ.

තෝරදෙණියටත් ඉඩ හැදුවෙ ඒ නිසා කියලයි හිතෙන්නෙ .

අපරාදෙ කියන්න බෑ තමංගෙ එවුන්ට වන්දි ගෙවන්න නෙවෙයි, ඒ පවුලක දරුවෙකුට, මුනුබුරෙකුට පැන්සලක් පෑනක් අරන්දෙන්න වත් නොහිතපු මේ විප්ලවවාදී මහත්තුරු, තමං විසින් මරා දාපු, ගම්වල යූ.එන්.පී. කාරයන්ට කරන සැලකීමක් විදිහට, එහෙමම  තමංගෙ උංව මරාපු ෆොන්සේකව ජනාධිපති කරන්න ට්‍රයි කරපු එකයි , තමංගෙ නායකයව අමු අමුවෙ මරාදාපු තෝරදෙණියට පාවඩ එලපු එකයි, තමංගෙ එවුං තොග පිටින් සුද්ද කරපු අරුණ ජයසේකරට ආරක්ෂක නියෝජ්‍ය ඇමතිකම, ජනාධිපති යටතේම දීපු එකයි, යන කාරණා,” විප්ලවවාදී ව්‍යාපාරයක් ඇතුලතින්ම වළලා දමන්නේ කෙසේද.? ” 

නන්දන ගුණතිලක.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *