ශාන්ත විජේසූරියට මාධ්‍ය සඳහා වාරණයක්..!

ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ශාන්ත විජේසුරියට රජයේ ප්‍රව‍ෘත්තී සාකච්ජා තහනම්

ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ශාන්ත විජේසුරියට රජයේ ප්‍රව‍ෘත්තී සාකච්ජා තහනම් කරයි

අතීතයේ පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිටි පුද්ගලයෙකුට පුවත්පතක් මගින් රජයේ හැදුනුම් පතක්  ලබා දීමට කටයුතු කර ඇති බව අප්‍රේල් (02) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ත‍ි සාකච්ජාවේදී ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින් ද ජයතිස්ස හෙළි කළේය. රජයේ අනිකුත් ආයතන මෙන්ම විශේෂයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්තී සාකච්ජාව සහභාගි වන මාධ්‍යවේදීන් හට රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කරන බව අමාත්‍යවරයා එම ප්‍රවෘත්තී සාකච්ජාවේදි පැවසිය. ඊට විරෝධය පල කළේ විජේසුරිය ඇතුළු තවත් එක් මාධ්‍යවේදීයෙකු පමණි.

විජේසුරිය මාධ්‍යවේදියෙකු යැයි රටම දනිද්දීත් , ශ්‍රී ලංක වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය ඒකාබද්ධව නිකුත් කරන ලද හැදුනුම් පතක් ඔහු සතුව තිබියදී විජේසුරියගේ මාධ්‍ය අනන්‍යතාවය තහවුරු කර ගැනිමට නොහැකි බව කියමින් විජේසුරියට අද පැැත්වෙන කැබ්නට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්තී සාකච්ජාවට සහභාගි වීමට ඉඩ දි නැත.

ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ශාන්ත විජේසුරියට රජයේ ප්‍රව‍ෘත්තී සාකච්ජා තහනම් කරයි
ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ ශාන්ත විජේසුරියට රජයේ ප්‍රව‍ෘත්තී සාකච්ජා තහනම් කරයි

මාධ්‍යවේදි විජේසුරිය ප්‍රව‍ෘත්තී සාකච්ජාව පැවැත්වෙන ගොඩනැගිල්ලෙන් එළියට බැස යද්දී , අමාත්‍ය නලින් ද ජයතිස්ස ප්‍රවෘත්තී සාකච්ජාවට යන අතර තුරදි ඔහුට මුහුණට මුණ ගැසි ඇති අතර ආ ඇමතිතුමා ඔගොලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මරු ඔහොම යමු යැයි මාධ්‍යවේදී විජේසුරිය පවසා ඇත.

මාධ්‍යවේදී ශාන්ත විජේසුරියට කැබිනට් ත‍ීරණ දැනුම්දීමේ ප්‍රවෘත්තී සාකච්ජාව රජයේ හැදුනුම් පතක් නැතැයි තහනම් කිරීම ඔහුගේ ප්‍රශ්නයක් නොවන අතර එය මේ රටේ මහජනයාට තොරතුරු දැන ගැනීමේ අයිතියට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ආණ්ඩුව විසින් එල්ල කළ ප්‍රහාරයකි.

ජාතික ජන බල ආණ්ඩුව මෙරට කම්කරු -පීඩිත මහජනයාට ලබා දුන් පොරොන්දු මොනම තත්වයක් ඇතුලේ ඉටු කිරීමට අසමත් විමත් පළාත් පාලන ජන්දයේ පසු බැසීමත් නිසා බලය රැක ගැනීමට ඉදිරියේදී රුදුරු ක්‍රියා මාර්ග වලට හැරීමට නියමිතය. ආණ්ඩුවට පොලිස් රාජයක් වෙත හැරීම වැළැක්විය හැක්කේ කම්කරු පන්ති නායකත්වය යටතේ පීඩිත මහජනයා පෙළගැසීමෙන් පමණි.

උපුටාගැනීම-Lankaskynews

LANKAPOWERNEWS කතෘ සටහන

image source-https://lankarealnews.wordpress.com/wp-content/uploads/2013/05/sam_1378.jpg?w=584

Previous

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *