පශු සම්පත් මණ්ඩල ගොවිපළවල් බදු දෙයි..!
පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති ගොව්පල 6 ක ඉඩම් අක්කර 6000 ක් පමන බදු දිමට තීරනය වි ඇත. මේ අයුරින්ම ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයද වසා දමන ලිස්ට් එකේ පවතී. නිළධාරින් දන්නෙ රජයට කල නොහැකි නම් පුද්ගලික අංශයට සම්පත් බදු දීමය. එයද එක විකල්පයකි. අඹේවල එසේ දිම නිසා එහි සාර්තක බව හා නවින කිරි ගව පාලනය ගැන අපි කතා කරයි. අඹේවල සාර්තක වෙන්නෙ කලාපයට ගැලපෙන ඩේරියක් ඔවුන් කරන නිසාය. රීදියගම කරගෙන යන්නෙ අන්ඩුවට පාඩුවන ඩේරියක් ය. වත්වමන් අධ්‍යාක්ෂකලද රැ වැටුනු වලේ දවල්ද වැටි වීශාල වියදමක් කරමින් රිදියගම වෙනස් නොකර කලමනාකරනය කරයි. එහි ඉන්න ජර්සි දෙනුන් 750 නුවර එලියේ ඩයගමට යවා එය ජර්සි අභිජනන ගොව්පලක් ලෙස පවත්වන්නෙ නම් වියදම් අඩු කරගත හැකිය. රීදියගම දෙමුහුම් ජර්සි හෝ නුමුහුම් මී ගවයන්ට කදිමට ගැලපෙන ගොව්පලකි. මෙය නුමුහුම් ජර්සි ගොව්පලක් ලෙස පවත්වා ගෙන යාමෙන් ඇතිවන ආර්තික අවාසිය නිළධාරින් ගෙන් හා නව සභාතිගෙන් ඉදිරියේදි අය කර ගැනිම සුදුසුය.

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSThvFvOqcf0lYs6hFOf_rPwDDungndBIWD2w&s
ලියන්න අදහස් කලේ ඉඩම් බදු පදනමට දීම ගැනය. අමාත්‍යංශයේ ඉහලම නිළධාරින් දන්නෙ රනිල්ගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමටය. ඔවුන් පබ්ලික් ප්‍රයිවෙට් හැරෙන්න වෙන උපාය මාර්ග නොදනි. මාලිමාවෙ ප්‍රතිපත්තියේ ඉඩම් බදු නොදි සංවර්ධනය ගැන කතා කරයි. එසේ නම් අපි වෙනත් උපාය මාර්ග සෙව් ය යුතුය. අපේ අමාත්‍යංශයේ නිළධාරින් අහන්නෙ ආන්ඩුවට සල්ලි නැත්නම් මොන මගුලක් කරන්නද කියාය. මුන් දන්නෙ විකුණන මගුල පමනක් බැව්න් එය ගැන කනගාටු වි පලක් නැත.

https://www.nldb.gov.lk/images/portfolio/farm/Dayagama/Dayagama2.png
මේ සම්පත් ඉන්දියාවෙ කිරි ගොව්න්ට තිබුනා නම් ආචාර්ය කූරියන් වැනි නායකයකු සිටියානම් අමුල් වැනි සමුකාරයක් බිහි වනු ඇත. අපේ මිල්කො කිරි ගොවීන් අමුල් එකෙන් ඉගෙන ගත් අයය. ඩේරි හබ් දමන්නෙ ඒකය. මිල්කොද අසරන වි ඇතිමුත් ගොව් සමුකාර සමග එකතු වි මෙම පශු සම්ත් මන්ඩලයෙ ගොව්පල කීපය අත්පත් කරගෙන ආචාර්ය කූරියන් කෙනකු ලංකාවෙන් සොයා ගෙන මෙම සම්පත් පුද්ගලිකරනය නොකර ජනතාවට ප්‍රතිලාභ ගෙනෙන සුදු අලි නොවන කලු ඇත් රජුන් ලෙස සංවර්ධනය කල හැකිය.
අපිට කූරියන්ලා 20 ක් වුවත් සහායට ඉන්න බව ලාල් කාන්තට මතක් කරමි.
නාමල් කරුණාරත්න හා ගොව්න් ගැටේ !

https://lankatruth.com/si/wp-content/uploads/2024/07/Namal-Karunarathne-2024.07.26-1.jpg
අද මැදිරිගිරියෙ ගොව්න් නාමල් කරුනාරත්න නියොජ්‍ය ඇමති මුනගැසි ඇත. ඔවුන් සුහදව ගෝෂාවක් සහිත සාකචාවක් හිරු නාලිකාවෙ පෙන්වීය. හිරු ප්‍රසිද්ධ මෙවනි අවස්තා විකාෂනයටය. ගොවීන් අහන්නේ ගොව්න් නගා සිටවිමට ආන්ඩුවෙ ඇති සැලස්ම කුමක්ද කියාය. මේ වි ගොව්න් නගණ ප්‍රශ්නයයි. එසේ ඇසීමට ඔවුන්ට අයිතියක් ඇත. ඒ මාලිමාවට බලය දෙන්න මෙම ග්‍රමීය ජනතාව ලොකු තල්ලුවක් දුන් නිසාය. එසෙම ලාල් කාන්ත කියන පරිදි ඔවුන්ව බලයට ගෙනාවේ නොව්සුදුනු ගැටලු විසදිමට බවය.
නාමල්ට කරුණාරත්නට ගොව් ගැටලු වලට පිලිතුරු නැත. ගැටලු ලෙස ඉදිරිපත් වන්නේ නිෂ්පාදන වීයදම් ඉහල බව හා යෙදුයුම් වල ප්‍රමතිය අඩු බවය. වී වලට දි ඇති අවම මිල ප්‍රමානවත් නොවන බවය. මෙය හැම කන්නෙයම ගොව්න් කියන දුක්ගැනිවිලි වේ. නාමල්ට හෝ ලාල් කාන්තට මේවාට පිලිතුරු නැත්තෙ කෘෂි දෙපාර්තමෙන්තුව මෙම ගැටලු විසදිම සදහා සැලසුම් සකසා නැති නිසාය. ගෝටභයට වුනෙත් මෙයමය කෘෂි නිළධාරින් ගැටලු වලට විසදුම් නොදිම නිසා හා ඩොලර් හිගකම හා ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර වල මිල අධික නිසා ඔහුගේ උපදේශකයන් ගේ උපදෙස් පරිදි එක රැයෙන් කෘෂි ව්ප්ලවයක් කිරිමට ගොස් ඇන ගත්තේය.
රාජ්‍ය නිලධාරීන්ගේ ස්වභාවය.
අපි මෙ ආන්ඩුව ඇන ගන්නවට කැමති නැත. එම නිසා ගොව් ගැටලු විසදිමට ක්‍රියාත්මක සැලසුමක් ගොව් නායකයන් සමග එක් වි සැදිය යුතුය. මෙයට ආන්ඩුවෙ මාකදුරෙ පර්යේෂණ ආයතනයේ හා බතල ගොඩ වී පර්යේෂණ ආයතනයේ සහාය ගත හැකිය. ඔවුන් සොයා ගත් දැනුම ගොව්න් වෙත යනවා නම් වී අස්වැන්න ඉහල දැමිය හැකිය. මේ පිලිබද ව ලියා ඇති බැව්න් නැවත නොලියමි. පෙරටුගාමින් ද ගොව්න් වෙනුවෙන් වංකව පෙනි සිටි ඔවුන් ඉල්ලන්නෙ ගොවින් තවත් දුප්පතුන් කරන ඉල්ලිම් ය. මහාචාර්ය සුමනසිරි පෙරටුගාමින් ගේ ගොව් අරගලය වීවෙචනය කර තිබුනි. ඔහු ලීනස් සහෝදරයගේ කෘෂි ප්‍රතිපත්ති සමග එකඟව කටයුතු කරයි.
අලෙවි ගැටලු විසදිමට ලාල් කාන්ත ඇමතිවරයාට වැඩ පිලිවලක් ඇත. ඔහු කියන්නේ වගාව සැලසුමකට අනුව කිරිම හා ඉදිරි වෙලද ගිව්සුම් ශක්තිමත් විය යුතු බවය. නමුත් කෘෂි කමිටු වල මෙවා කතා නොකරයි. ප්‍රාදේශිය ලේකම්ලා හා කෘෂි උපදේශක වරු තම ඇමති වරයාගේ ව්සදුම් ක්‍රියාත්මක කිරිමට උත්සහ ගෙන නැත.
මේ පිලිබදව අප ජනාධ්පති ලේකම් වෙතද, කෘෂි ලේකම් වෙතද ව්සදුම් යෝජනා ඉදිරිපත් කර ඇත. නමුත් ඒ පිලිබදව කෘෂි ලේකම් උනන්දු නැති බව වගකිමෙන් ලියමි. ඒ අපේ රාජ්‍ය නිළධාරින් ගේ ස්වභාවය වේ. ඔවුන් හිතන්නෙ ඔවුන් සියලුදේ දන්නා බවය. ඇමතිවරු ගුටි කන්නෙ මෙවනි නිළධාරින් ගේ මග පෙන්විම නිසාය.
