|

මාළිමාවේ සහ ලංකාවේ ඊළඟ මොහොත?

මාළිමාවටම අනුව මාළිමා ආන්ඩුව යනු රට වැසියා සියවස් ගනනාවක් බලා සිටි සුසමාදර්ශී රාජ්‍ය පාලනයයි. එසේම ඔවුන්ටම අනුව ඔවුන්ගේ ආන්ඩුව යනු පරමාදර්ශී, අසමසම සියල්ල දත්, (උද්දච්ච ) දේවමණ්ඩලයක් වන්වූ පාලක මණ්ඩලයකි. එබැවින් ඔවුන් තව වසර විස්සක්, තිහක්, ඇතැම් විට සදහටම රට පාලනය කිරීමට අපේක්ෂාවෙන් සිටී.

සිස්ටම් ආර්ථිකයට ගොඩවීමට.

නමුත් යථාර්ථය ඇත්තේ අන් තැනකය. මාළිමා ආන්ඩුව බලයට පත්වීම යනු ලංකාව තුල සිදුවූ ආර්ථිකයක බංකොලොත්බාවයේම විකෘති දේශපාලන පෙරලියම මිස අන් දෙයක් නොවේ. පූර්ව ජනතා විමුක්ති පෙරමුණ යනු ප්‍රායෝගික දේශපාලන දර්ශනයක් නැතත් අවංකබව, කැපවීම අතින් ඉදිරියෙන්ම සිටි පක්ෂයකි. නූතන ජ.වි.පෙ. යනු ඒ අතීත අවංකබව, කැපවීම මග හලාදමා සිස්ටම් ආර්ථිකයට ගොඩවීමට තටමන පක්ෂයකි. මෙහිදී සිස්ටම් ආර්ථිකයට අදාල සවිඥ්ඥානික බවින් මාළිමාව සිටින්නේ පෙර සිටි දේශපාලකයින්ට වඩා යුග ගණනක් පසුපසිනි.

ඒ අනුව නූතන ජ.වි.පෙ. යනු පෙර තිබූ අවංකබව කැපවීම අහෝසිකරගත් සහ වරද්ද වරද්ද සිස්ටම් ආර්ථිකය කරගෙන යාමට ඳගලන දවල් මිගෙල් රෑ දනියෙක්  දේශපාලන ප්‍රපංචයකි. මාළිමා නායකයින් මුලින් කියාසිටියේ  තමන්ද මේ රටේ නිවෙස් බිත්තිවලට ඉටිකොල ඇදගෙන ජීවත්වෙන අන්ත පීඩිත ජනයාසේම ඉල්ලගෙන දිවිගෙවන ජීවිතයක් ගතකරන බවයි..නමුත් දේශපාලකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හරහා කෝටි විස්සෙ තිහේ වත්කම් ප්‍රකාශ එළි බහිද්දී  වෙනත් නාටකයක්  මිනිසුන් හමුවේ දිග හැරුනි.

ඇතිවිය හැකි ඉරණම.

ලක්ෂ දොලහේ රිට්ස් කාර්, බදු නැතිව ලැබෙන ඉන්දන, ගොවීන්ට, කම්කරුවන්ට දෙනවා කිවු ස්වර්ග සහන යනු අන්කවරක්වත් නොව පෙර දේශපාලකයන් දෙසාබෑ බේගල්ම මිස වෙන අන් කවරක්වත්  නොවන බවත් රැවටිලිකාර දේශපාලකයා යනු රැවටිලිකාර දේශපාලකයාම බවත් එය නොවෙනස් ප්‍රපංචයක් බවත් ජනයාට දිනපතා එළිදරව් වෙමින් පවතී. මෙවන් බංකොලොත් ආර්ථික සන්ධර්බයක් තුල වසර විසි තිස් ගානක් යන තුරුත් එවන් ආර්ථිකයකට ගොඩයෑමක් නැතිබවත් එහිම දේශපාලන ප්‍රකාශනය ලෙස ආන්ඩු ළඟ ළඟ පත්වෙමින් නැවත බිඳවැටෙමින් දිගුකල් පවත්නා අරාජිකබවක් රට තුල ඇතිවීම අනිවාර්‍ය තත්වයක් බව ලෝක ඉතිහාසය ගැන අවබෝධය ඇත්තෝ දනිති.

මේ සන්ධර්බය තුල මෙහි ඇතිවිය හැකි නරක ඉරණම නම් යම් හෙයකින් මාළිමා ආන්ඩුව බිඳවැටුන හොත් ඊළඟට නිර්මාණය වියහැකි ආරාජිකබව කවරාකාර තත්වයක් රටතුල ඇතිකරන්නේද යන්නෙහිය. සජිත් යනු දේශපාලන අඳබාලයෙකි, නාමල් යනු දේශපාලන නොදරුවෙකි.

ටිල්වින් සිල්වා වූ කලී.

වාම මතවාද හමස් පෙට්ටියට.

මුල්කාලීන ජ.වි.පෙ.ට අනුව අයි.එම්.එෆ්. යනු කොන්දේසී විරහිතව පහරදිය යුතු අධිරාජ්‍යවාදී මර උගුලකි. වෙළදපොල ආර්ථිකය නැත්නම් විවෘත ආර්ථිකය යනු යක්ෂයෙකි..ඒකාලේ ජ.වි.පෙ. ට ජේ.ආර්.ව වහකදුරු උනේ ඔහු ගෙනා විවෘත ආර්ථිකය නිසාය. එකල ජ.වි.පෙ.ට මැතිවරණ යනු ධනවාදයේ මහා ප්‍රෝඩාවකි.

මෑතකදි බලය සඳහා පහසු මාවතක් සාදාගනුවස් ඔවුන් විසින් ඔවුන්ගේම ගුරුන් දෙසූ පරණ වාම සහ ජාතිකවාදී මතවාද මහ දවල් හමස් පෙට්ටියට ඔබන ලදී. ඒ කෙසේ හෝ බලය රස විඳීමේ තක්කඩි මාවතක් සාදාගැනීම වෙනුවෙනි. ඔවුන් එසේ කලේ පැරණිමතවල ඇති අවලංගුබව පිළිඹඳ ගැඹුරු අවබෝධයෙන් නොවන බව මගේ අදහසයි. මෙහිදී පක්ෂයේ යට මට්ටමේ සිටි, පරන වාම මතවල  ආධානග්‍රාහීව එල්ලී සිටි පක්ෂ සාමාජිකයා විශ්වාසකලේ පක්ෂය යන අලුත් මාර්ගය යනු උපායමාර්ගයක් පමණක්වනු ඇත සහ වමේ වැඩේ ටිල්වින් අයියා යටින් අරන් යනු ඇතැයි යනුවෙනි.

එහිදී පක්ෂය රවුමෙන් රවුමෙන් රවුමෙන් සමාජවාදය වෙත යනු ඇතැයි යන මෝඩ විස්වාසය තුල අසරණවූ පරන පක්ෂ සාමාජිකයා රඳවා තබා තිබුනේ ටිල්වින් නැමති රූපකය විසිනි. අන්තිමේදී ඔවුන්ටම වහකදුරුව තිබූ අයි.එම්.එෆ්. වලිගයක සමස්ත පක්ෂයම එල්ලුවා මිස ඔවුන් ගිය සමාජවාදයක්ද නැත. අවසානයේ උනේ ගමේ ගොඩේ පක්ෂ සාමාජිකයා පයින් ගිහින් අතින් වියඳම් කරගෙන අනුර රජවූ අයි.එම්.එෆ්. කැම්පේන් එකකට නොමිලේ පාවිච්චිවූවා පමණකැයි යන්න මගේ විස්වාසයයි.

ප්‍රියශාන්ත රාජපක්ශ.

( අධ්‍යයන කවය)

“89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *