|

NPP රජයේ වසරක ප්‍රගතිය..!

-Ranjana Senanayake.

මේ වනවිට තුනෙන් දෙකකටත් වඩා ජනවරමක් ලබා බලයට පැමිණි ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේග (NPP) රජයට වසරක කාලය සම්පූර්න වෙමින් තිබේ. මේ ජාතික ජනබලවේගය රජයට ගතවූ වසරක කාලය පිළිබඳව විචාරයක් ගෙනඒම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ බව කිව යුතුය.

NPP කෙටිකලකින් කඩාවැටීමට ඉඩකඩ අති බවට වූ මිත්‍යාව.

මැතිවරණයට කලින් සෑම කිලෝ මීටර් හතරක් හෝ පහක් ඇතුලතම පාසලක් හදන බවත් වසරක් අවසානයේ එම කියමන සෑම කිලෝ මීටර් හතරකට හෝ පහක් ඇතුලත නව වැසිකිලි පද්ධති සෑදීම දක්වා පල්ලම් බැසීම මේ ජාතික ජනබලවේගය ආන්ඩුවේ ගතවූ වසර විශ්ලේෂණාත්මක නිරීක්ෂණයකට යම් දිශානතියක් සපයයි.

මේ NPP රජය බලයට එන අවස්ථාවේදීම නව රජයේ විරුද්ධවාදීන්, විවේචකයින්, වාමාංශිකයින් ප්‍රමුඛ විචාරකයින්ගේ අදහස වූයේ මෙම ජාතික ජනබලවේගය රජය ඉතා අපරිනත සහ පාලනයට ආගන්තුක බැවින්ද එය ඉතා කෙටි කාලයක් තුලදී කඩාවැටීමට නියමිත බවයි. මේ පුරෝකථනය අදවන විට පුස්සක් බවට පැම්ණ තිබෙන බව කිව යුතුය. මක්නිසාදයත්, මේ නව රජය මේ ගතකරනු ලැබුවේ ඔවුනට පසුකර යායුතු ඉතාම අපහසුවූත් ආගන්තුකවූත් අපරිනතවූත් වසර වීම නිසාය. එබැවින් ඔවුන් මේ වසර යම් සාර්ථක සහ අසාර්ථක කම්, අවමන් සහ උපහාස මැද ඔවුන් පසුකර ගොස් ඇත.

නැවත කවුරුන්හෝ මේ රජය ඉදිරියේදී බිඳවැටීමට නියමිත බව පවසන්නේනම් එයට හේතුවිය හැකි පිලිගතහැකි සුදුසුම හේතුව නම් මේ ජාතික ජනබලවේගය තුලම අභ්‍යන්තර ආරවුලක් මගින් එය බිඳීයෑමෙන් මිස වෙනත් ආකාරයකින් නොවේ. තවත් අය පවසන්නේ 2028 දී එළඹෙන විශාල ණය වාරිකයේදී විශාල ආර්ථික අර්බුධයක් ඒමට හැකියාව ඇතිබවයි. එහෙත් මා මෙය ග්‍රහනය කරගන්නා අයුරින් NPP රජය අලකොල කමින් හෝ එම ණය වාරිකය ගෙවා දැමීම සිදුකරනු ඇති බවයි. ඒ සඳහා මූලික සූදානම් වීමක් වියදම් කපාහැරීම මගින් මේ රජය සිදුකරමින් යන බවද පෙනෙන්නට තිබේ.

image source
https://static.wixstatic.com/media/8f16d8_06d4c8aa1f324607b337e5ebe384c62d~mv2.jpg/v1/fill/
w_700,h_524,al_c,q_85/8f16d8_06d4c8aa1f324607b337e5ebe384c62d~mv2.jpg

අනෙත් වැඳගත් කරුණ නම්, මේ රජය පත්වීමේදී විදේශ රටවලට විශේෂයෙන් බටහිර සහ ඇමරිකාව වැනි රටවල් වලට මේ රජය ගැන තිබූ සැකසංකා බොහෝ දුරට සමහන්වී ඇති බවද පෙනේ. බලයට පත්වීමත් සමගම අනුර කුමාර ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය මගින් එතෙක් කාලයක් ජනතා විමුක්ති පෙරමුණට තිබූ “ඉන්දීය විරෝධය” නැමැති ළඳරු වලිප්පුව සුනු විසුනු කර දමමින් කළාපීය බලවතා සමඟ ඉතා හොඳ මිත්‍ර කමක් වර්ධනය කරගන්නා ලදී. එය ඉතාමත් ප්‍රශංසනීය බව කිවයුතුය. එමෙන්ම IMF සමග මේ දක්වා ගණුදෙනු කල ආකාරයද මගේ ප්‍රශංසාව හිමිකර දෙමි. එම ගණුදෙනුව තුල නව රජයට ඔවුන්ගේ අපරිනත බව නිසාම යම් යම් තාක්ෂනික දෝෂ ඇතිවූ නමුත් ඔවුන් ඉතා සාර්ථකව රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කල පිළිවෙත ඒ ආකාරයෙන්ම පරිණත අයුරින් නොවුනත් ඊටත් වඩා අරපිරිමැස්මෙන් හැන්ඩ්ල් කල බව කිවයුතුය.

image source
https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/06/anura-germany-03.jpg

අධිරාජ්‍ය විරෝධී ආකල්පය.

අනිත් අතට ජනාධිපතිවරයාගේ ජර්මන්, ඇමරිකා සහ ජපන් සංචාරයන් ගැනද ඔහුවෙත විශේෂ ප්‍රශංසාවක් හිමිවිය යුතුමය. ඔහුට විරුද්ධවාදීන්ගෙන් එල්ලවී තිබූ එක් ප්‍රභල චෝදනාවක් වූයේ බලය ලබාගත් පසු ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය රජය නව ලෝකයෙන් කොන්වී ඇෆ්ගන් පන්නයේ රෙජීමයක් ඇතිකරගෙන රට ආගාධයකට රැගෙන යනු ඇති බවයි. එහෙත් වසර ගණනාවක පාර්ලිමේතුව තුල ප්‍රජාත්‍රන්ත්‍රවාදී දේශපාලණය කිරීමේ හේතුවෙන් අනුර කුමාර ජනාධිපතිවරයා ජවිපෙ නහරගතව තිබූ “අධිරාජ්‍ය විරෝධි ආඛ්‍යානය” කරතබාගෙන ගියේ නැත.

image source
https://grantha.lk/media/catalog/product/cache/
175651ac17c935233c05d95a2405d148/l/e/lenin_1.jpg

ඇත්තටම වාමාංශිකයින් වෙත විශේෂයෙන්ම ලාංකීය දේශීය පන්නයේ සුළු ධනේෂ්වර වාමවාදීන් වෙත මේ කියන “ අධිරාජ්‍යවාදී විරෝධය” පැළපදියම් වුනේම කාල් මාක්ස් විග්‍රහකොට දුන් ධනවාදය තුලදී අපට සම්මුඛවන අධිරාජ්‍යවාදී අර්ථයෙන් නොවේ. එම මාක්ස්ගේ ප්‍රවාදයන් ඇසුරින් ධනවාදය සහ අධිරාජ්‍යවාදය හුදෙක් විග්‍රහ කරන්නේ ආර්ථික මොඩලයක් ලෙස ගෙන එහි අන්තර්ගතයන් ලෙස නමුත් ඒවා අවබෝධකරගැනීමට ජවිපෙ සහ ඉහත සඳහන් කල වාමාංශික කංඩායම්වල  සිටි සහ දැනුත් සිටිනවායැයි කියන හෝ එසේ සිටිනවායැයි සිතා සිටින “ඇවිදින පුස්තකාල” වලට අධිරාජ්‍යවාදීන්ව සම්මුඛ වන්නේ රුසියාවේ “ ලෙනින්” ලියූ සහ සිංහලට පරිවර්ථනය කල ලෙනින්ගේ වෙළුම් ටික හරහාය.

ලෙනින් හඳුන්වාදුන් අධිරාජ්‍යවාදය ඔහුටම ඔහුගේ ආත්මීය තුවාලයක් ලෙස සම්මුඛ වන්නේ ලෙනින්ගේ වැඩිමහල් සහෝදරයා සාර් විසින් එල්ලා මරනු ලැබීමත් සමගය. එතැන් පටන් ඔහුගේ එනම් ලෙනින්ගේ Project එක උනේම සාර් අධිරාජ්‍යයා පලවාහැරීමේ උපාය මාර්ග සම්පාදනයටය. මෙහිදී ලොව වටා අධිරාජ්‍යවාදීන්ගේ විය ගසට යටවී යටත් විජිත රාජ්‍ය ලෙස සූරාකෑමට ලක්වන යටත් විජිතවලට අධිරාජ්‍යවාදීනට විරුද්ධව සටනද ලෙනින්ගේම ආත්මීය තුවාලයක් වුනු සාර් අධිරාජ්‍යවාදයේ වියගසින් මිදීමේ සටනද ලෙනින් එකට අමුනා එය තුන්වන ජාත්‍යන්තරය හරහාද “ මාක්ස්- ලෙනින්වාදය” හරහා ලොවපුරා කම්කරු පංතියට පමණක් ධනපති පංතිය සමඟ තිබූ සටන, පහල ආන්තික සෑම ස්ථරයක් සඳහාම විවෘත කොට දෙන ලදී.

ජවිපෙ උපන්ගෙයි දෝෂ.

ජනතා විමුක්ති පෙරමුනේ ඇවිදින පුස්තකාල (Mobile Library) යැයි කියාගන්නා සහ සිතා සිටින පැරණි සෙට් එක මේ ලෙනින්ගේ සිංහලෙන් ලියූ වෙළුම් ටික හරහා ඔළුවට ගත්තේ මේ කියන අධිරාජ්‍යවාදීනගේ විරෝධයයි. එතැනින් ධනපතියන් නැති භංගකොට අරුම පුදුම සමාජවාදයක් ලංකාවේ ගොඩනැගීමට විජේවීර ප්‍රමුඛ මෙකී ජවිපෙ කාඩරය පෙළගැසිනි. එහෙත් මේ න්‍යායාත්මක පීලිපැනීම අනුර කුමාර දිසානායක ජනාධිපති වරයා න්‍යායාත්මකව අවබෝධ කොට නොගෙනම කුඩුපට්ටම් කරමින් ඔහුගේ පාලනය බටහිර ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ලෙස නම් දැරූ ඇමරිකාව, ජර්මනිය ඇතුලු ධනවාදී රටවල් සමඟ ඉතා හොඳ සබඳතා ගොඩනගාගෙන යමින් සිටී. එය ඉතාමත්ම යහපත් ලක්ෂනයක් බවද කිවයුතුය. මෙය වඩාත් සරලව පවසන්නේනම් ජනතා විමුක්ති පෙරමුනට තිබූ “උපන්ගෙයි දෝෂ” බොහොමයක් අනුර කුමාරගේ නායකත්වයෙන් බිහිවූ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ පළමු වසර තුලදීම සුවවී ඇතිබවනම් පෙනෙන්නට තිබේ. එය ඉතා යහපත් ලක්ෂණයක් බවද කිවයුතුය. එහි මූලිකත්වය ගනීම ගැනද අනුර කුමාර ජනාධිපති වරයාට ප්‍රශංසාව හිමිවිය යුත්තේ තම නායකත්වයෙන් පසුව ජවිපෙ නැවත කැළැවට දක්වන්නේ නැතිව පවතින ධනේශ්වර ලෝක පර්‍යාය තේරුම් ගෙන කටයුතු කිරීමටත් තම බලවේගය ඒ අනුව ඉදිරියට ගෙනයාමටත් උත්සාහ කිරීම ගැනය.

image source
https://lankatruth.com/si/wp-content/uploads/2021/03/JVP-2021.03.22-7-1.jpg

වෘත්තීය සමිති මාෆියාවේ අභියෝග.

මේ ගතවූ වසර තුලදී NPP රජයේ ඊලඟ ක්‍රියාමාර්ගය ලෙස රාජ්‍ය වෘත්තීය සමිති මාෆියාවට හිස නොමැමීම්ට ඔවුන් තුල දක්නට ලැබෙන අධිෂ්ඨානයයි. මේ ඊනියා රාජ්‍ය වෘත්තීය සමිති වලට කිරිපොවා ඇතිදැඩි කලේද, ඒවා පසුගිය රජයන් වලට එරෙහිව උසිගැන්වූයේද ජවිපෙ ප්‍රමුඛ ඔවුන්ගේ කම්කරු සටන් මධ්‍යස්ථාන විසිනි. මේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති කුලප්පු කිරීමේ ඔස්තාර්ලා වුනේද ජවිපෙ මිස වෙන කවුරුන් හෝ නොවේ. රාජ්‍ය සේවය අන්ත දූෂිත, කුසීත, වගකීමෙන් බැහැරව, වරප්‍රසාදිත සහ කිසිවෙකුට වගනොකියන මාෆියාවක් බවට පත් කලේද ජවිපෙ මිස වෙන කවුරුත් නොවේ.

දැන් ජවිපෙට Pay Back Time පැමිණ තිබේ. එබැවින් මේ රාජ්‍ය  වෘත්තීය සමිති මාෆියාව පරාජය කොට, අනවශ්‍ය සහ පාඩු ලබන රාජ්‍ය ආයතන ඉවත් කොට, අවශ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ හැකියාව ඇත්තේද ජවිපෙ ප්‍රමුඛ NPP රජයට පමණි. මීට කලින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අනවශ්‍ය රාජ්‍ය ආයතන විකිණීමට හෝ ඉවත් කිරීමට තැත් කලද ඔහුට ජතතා බලයක් නොතිබිනි. එබැවින් රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලීකරණය වැඩපිලිවෙලට විශාල ජනතා විරෝධයක් එල්ල විණි. නමුත් තුනෙන් දෙකක බලයක් සහිතව පැමිණි, ඇරත් මැතිවරණයට පෙරදීමත් IMF ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යනබව ප්‍රකාශ කොට ඇති නිසාත් රාජ්‍ය ආයතන සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට මාලිමා රජය වෙත පූර්ණ අයිතියක් ඇතිබවද මතක් කර දිය යුතුය.

කයියනායකවරු සහ බෝසත් චරිත.

එමෙන්ම ගතවූ වසර තුලදී ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය මැතිවරන වලට කලින් ජනතාව හමුවේ ගොඩනැගූ ප්‍රභල මතවාද Fallacies බොහොමයක් මෙම පලමු වසර තුලදීම ඔවුන් විසින්ම බොරු බවටත්, ඒවා හුදු සම්පප්‍රලාප පමනක්ම බවත් පෙන්වා දෙන ලදී. මේවා අතර රාජපක්ශලාගේ උගන්ඩාවේ සඟවා ඇති සල්ලි කන්දරාව, චිචී මහජන මුදලින් යැව්වා යැයි කියූ රොකට්ටුව, මුදල් නාස්ති කිරීමක් ලෙසත්, ඇඹුල්-තියල් ගෙනයාමටත් පමණක් වැඳගත් බව කී රාජපක්ෂලා සෑදූ අධිවේග මාර්ග, ජනතා මුදල් නාස්ති කොට රාහජපක්ෂපවුලට තරු ගැනීමට හැදුවායැයි කියන “නෙලුම් කුලුන” යනාදී වශයෙන් ගොඩනැගූ Fallacies බොහොමයක්ම ජාතික ජනබලවේගයේ පළමු වසර අවසානයේදීම පදනම් විරහිත ඒවා බවට පත්වී තිබීම විශේෂත්වයකි.

එහෙත් විශේෂයෙන් මෙම ජාතික ජනබල වේග රජයට  වසරක් ගෙවීම තුලදී පැහැදිලිවුනු තවත් කරුණු ගණනාවක් ඇතිබව මතක් කලයුතුය. බලයට පැමිණීමට පෙර, ලංකාවේ NPP එකට චන්දය දුන් සාතිශය බහුතරය සිතා සිටියේ මේ ජාතික ජනබලවේගය තුලින් චන්දය ඉල්ලනු ලබන්නේ පුදුමාකාර උපාසක, උගත්, බුද්ධිමත් සහ පුදුමාකාර දක්ෂ කොටසක් බවයි. එහෙත් මේ ගතවූ වසර තුලදී ඔවුන් බොහොමයක් ගැන ජනතාව තුල ඔවුන් පිළිබඳව තිබූ යහපත් පිංතූරය විනාශකොටගෙන හමාරය. බලයේ සිටින සහ උසස් තනතුරු හොබවන සමහරු කට ඇරපු ගමන් කියන කථාවලින්ම ඔවුන්ගැන මැතිවරණයට පෙරතිබූ පිංතූරය සේදීයයි. ඔවුන්ගේ දේශපාලණ අපරිනත බව මැනවින් ප්‍රදර්ශනය වෙයි. සමහරුනට තම කයියනායකකම් සඳහා නොබෙල් ත්‍යාගය වුවද පිරිනැමීමට සුදුසුවේ.

image source
https://vigasa.lk/wp-content/uploads/2025/09/2025.9.4.9h28m17s.jpg

වත්කම් එළීදරව්වෙන් කියන රහස.

එසේම සමහරුන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කලවිට ජවිපෙ පාක්ෂිකයින් සහ හිතවතුන් පවා අන්දුන් කුන්දුන් විය. NPP අන්ධ භක්තිකයින් පවා ගැස්සී ගියවගක්ද පෙනුනි. එම වත්කම් සෙවූ ආකාරය ගැන එම දේශපාලකයින් පැවසූ අඳබාල කථාද පසුගිය සති  දෙකේ සමාජ මාද්‍ය ජාලවල විශාල වශයෙන් විහිළුවලට පවා ලක්විය. ඒ අනුව ගතවූ NPP ආන්ඩුවේ පළමු වසර තුල ජෙප්පෝ යනු හිඟන්නන් නොවන බවද, දැන් දැන් ඔවුන්ගේ නායකයින් කීප දෙනෙක් හෝ කෝටිපතියන් බවද හෙලිවුනු වසරක් විය. එසේම මේ ගතවූ වසර තුලින් ගම්‍ය වන්නේ පසුගිය 76 වසර පුරා රටේ පැවතියේ ශාපයක් නොව, කෙනෙකුට දුම්රියේ සුලුවෙන් වෙළඳාම් කරමින් සිට වාමාංශික පක්ෂයක පූර්ණකාලිකයෙකුවී සිටින අතරම බිස්නස් කිරීමෙන් කෝටිපති ව්‍යාපාරිකයින් පවා වියහැකි සත්‍යයයි. 

තවද ගතවූ වසර තුලදී ජාතික ජනබලවේග රජයේ ක්‍රියාකාරකම් සහ සමහරුන්ගේ වත්කම් එළිදරව් කිරීමෙන් ගතවූ වසර තුලදී ජනතාවට පෙන්වාදුන් පනිවිඩයක් නම්, පූර්ණකාලිකයා යනු නැවත ලාංකීය පොලවේ වලංගු චරිතයක් නොවන බවයි. පූර්ණකාලීන දේශපාලන ක්‍රියාධරයා සත්‍යලෙසම වලංගු වූයේ එදා 71 සහ 89 අරගල වලදීය. එම අරගල වලදී පූර්ණකාලිකයා වෙත ජනතාවගේ විශාල ගෞරවයක් සහ විශ්වාසයක් ගොඩනැගී තිබිනි. ඒ ගොඩනැගී තිබූ විශ්වාසය මත ජවිපෙ ක්‍රියාධරයින් හට පසුගිය වසරේ මැතිවරණය දක්වා හිතවතුන් විසින් ඇඳුම්, කෑමබීම, නවාතැන් පමණක් නොව යටඇඳුම පටන් නොමිලේ ලබාදුන් අතර ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ වසරක ගමන් මග අවසානයේ මේ පූර්ණකාලිකයාගේ දෙබිඩි ජීවිතය ජවිපෙ සමහර වත්මන් නායකයින්ගෙන්ම මනාවට පසක් විය.

තම දුවා දරුවාට වියදම් කිරීමට තිබූ සොච්චම් මුදල පූර්ණ කාලිකයාට මහත් භක්තියෙන් ප්‍රධානය කල ජවිපෙ හිතවතුන් මේ රජයේ වසරක ගමන් මගින් පසු දැනගනු ලැබුවේ තමන් එසේ ඉතා අමාරුවෙන් නඩත්තු කල පූර්ණකාලික නායකයින් කෝටිපතියන් වී සිටි බවයි. එයද මේ රජයට වසරක් පිරීමෙන් පසු ජනතාව ඉගෙනගත් වටිනා පාඩමකි.

NPP බලවේගය තුල ජීවමාන එකම මිනිසා.

එසේම ගතවූ වසරේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේග ආන්ඩුවට රාජ්‍ය නිලධාරීන් හරිහැටි කළමණාකරනය කරගැනීමට අපොහොසත්වූ බව මාගේ හැඟීමයි. ඔවුන්ගේ නිලධාරීන් පත්කිරීමේදීද විපක්ෂයේ එල්ලවන චෝදනාවලට යම් බියක් දක්වන බව පෙනීයයි. විශේෂයෙන් දූශිත නිලධාරීන් නැවත පත් කලා යැයි චෝදනාවලට ඔවුන් දැඩි බියක් දක්වන බව පෙනේ. කෙසේ වෙතත් කොපමණ දූෂනවලට පසුගිය පාලන කාලවල නිලධාරීන් වගකිව යුතු වූවද ඔවුන් දක්ෂනම් ඔවුන් ගේ සේවය ලබාගත යුතුමය.

ජර්මනියේ හිට්ලර්ගේ නාසි පාලනය අවසානයේ හිට්ලර්ට සේවය කල විද්‍යාඥ්ඥයින් දහස් ගණනක් ඇමරිකාවට ගෙන්වාගෙන එවක ඇමරිකන් බලධාරීන් ඔවුන් සමග අපූරු ඩීල් එකක් දමන ලදී. එනම් ඔවුන්ගේ සේවය ඇමරිකාවට ලබාදෙන්නේ නම් ඔවුන්ගේ නාසිවාදය තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් මකාදමන බවට ඇමරිකාව දුන් පොරොන්දුවයි. එයට එකඟවූ ජර්මන් විද්‍යාඥ්ඥයින් ඇමරිකාවේ සේවය කරමින් රුසියාව සමග තිබූ “අභ්‍යවකාශ තරඟය” Space Race වල ඉහලින්ම තැබීය. නාසා ආයතනයේද ඉහලම තනතුරු දැරුවේ එකල මම නාසි විද්‍යාඥ්ඥයින් විසිනි. ඒ අනුව දක්ෂයින්ගෙන් සේවය ලබාගැනීමට ජාතික ජනබලවේග ආන්ඩුව ඔවුන් කලින් දූශිතද නැද්ද බලනවාට වඩා ඉදිරි දැක්මක් සහිතව ඔවුන් කළමණාකරනය කරගෙන ඔවුන්ගේ සේවය ලබාගැනීමට දක්ෂ වියයුතුය. නැතිනම් මෙම රජයට ඉතිරි අවුරුදු හතරත් අත්හදා බැලීම් වලින් පමණක් ගෙනයාමට සිදුවනු ඇත.

It is a historical fact that the U.S. brought in thousands of Nazi German scientists, such as Wernher von Braun, who played a massive role in American space achievements, including the Apollo missions.

In fact, I think that the current National People’s Power (NPP) government should also be skilled enough to manage and utilize “talent” for the country’s progress, rather than dismissing individuals solely based on past political affiliations or corruption allegations. You imply that a visionary approach is needed to avoid spending the next four years in a cycle of mere experimentation.

We can discuss this perspective across several dimensions:

1. Pragmatism vs. Ethics

Back then, the U.S. chose pragmatism. Their priority was achieving technical superiority over the Soviet Union rather than strict moral accounting. However, the situation in Sri Lanka today is different because the NPP came to power on the core promises of “eliminating corruption” and “system change.” Giving space to individuals perceived as corrupt could lead to severe backlash from their own voter base.

2. State Officials vs. Politicians

The other thing i try to indicate to professionals and bureaucrats, my argument is very obvious. A government cannot learn everything from scratch. Utilizing skilled, experienced officials already within the system—regardless of their past political leanings—is a sign of a government’s maturity and stability.

3. Management and Accountability

While Nazi scientists were brought to the U.S., they were kept under strict monitoring. Similarly, if a talented but “controversial” individual is given an opportunity:

  • They must be given clear KPIs (Key Performance Indicators).
  • An accountability mechanism must be in place to ensure past mistakes are not repeated.
  • The government must harness their talent while keeping the ultimate decision-making power in check.

4. The Time for Experimentation

The NPP government’s “honeymoon period” is limited. Instead of wasting time on trial and error, managing existing resources and human capital effectively is essential for rebuilding the economy.

In short: Recognizing talent and steering it toward the common good is a hallmark of any successful administration. However, in a country like Sri Lanka, the biggest challenge for the government will be maintaining a fine balance between “social justice” (the demand of the people) and “practical politics.”

In this process of “managing talent,” which specific sector (e.g., Economy, Energy, Education) do you think the government should prioritize first?

මෙසේ ගතවූ වසර තුල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය ආන්ඩුවේ වසරක ප්‍රගතිය සමාලෝචනයේදී අපවෙත නිරීක්ෂණයවූ තවත් ඉතා වැඳගත් කරුණක් සඳහන් කලයුතුය. එනම් ගතවූ වසර පුරාම පත්වූ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය තුල ක්‍රියාත්මකව ඇත්තේ එකම එක චරිතයක් පමණක් බවයි. මෙම චරිතය අනිත් අයගේ කයිවාරු වරද්දාගැනීම්, අනාගැනීම මෙන්ම නාගැනීම්ද හැකිතරම් නිවැරදි කරමින් ඉතා අපහසුවෙන් නමුත් ඉලක්කය වෙත යාමට අදිශ්ඨාන කොටගෙන ඇත්තේ එකම එක පුද්ගලයෙකු පමණි. ඔහු වෙන කවරෙකුවත් නොව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය. ඔහු හැරෙන්නට වෙනත් කිසිවෙක් මේ බලවේගය තුල ජීවමානව ක්‍රියාත්මකවන බවක් හෝ නායකත්ව භූමිකාවක් දරන බවක් නම් පෙනෙන්නට නොමැති බව මේ ගතවූ වසර පුරාවටම මනාසේ ප්‍රශර්ශනණය වුනු බවනම් කිවයුතුමය.

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *