මාළිමාව යනු රාජපක්ෂවාදයේම පුනරාගමනයක්ද?

above image source-https://sinhala.news.lk/images/2025/02/23/template%202_large.jpg

image source-https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQqYxKpB8l9RH2dGd9Xw5rHWkn9vvByafCkiA&s

ඔවුන්ට ඒ අපහාස තාඩන පීඩන එල්ල කල බලවේගය තුල ලොකුවටම ජ.වි.පෙ. ප්‍රමුඛ මාළිමා බලවේගයත් හිටියා. හැබැයි මාළිමාවේ අපවාදවල ගොදුරුවූ ඒ හැටනම ලක්ෂෙ ප්‍රජාව පසුගිය චන්දෙදි මාළිමාවටම සිය චන්දය දුන්නා මිස වෙන දේශපාලන කඳවුරුවලට ජන්දය දුන්නේ නැත..

ඇත්තටම ඇයි එහෙම උනේ?

හේතුව රාජපක්ෂවාදය සහ ජ.වි.පෙ.,මාළිමා ජනතාවාදය ජාඩියට මූඩිය සේ සෙට්වීමත් සහ මේ හැටනව ලක්ෂෙ ප්‍රජාව වෙනත් දේශපාලන බලවේග සමඟ නොපෑහීමත් ය. රාජපක්ෂවාදය සහ ජ.වි.පෙ. මාළිමා වාදය යනු සමාන්තරව යන දේශපාලන දහරාවෝ දෙකකි..

විමල් වීරවංශ වැනි උග්‍ර ජාතිකවාදීන් සහ ඊට පෙර ජ.වි.පෙ. සිටි ලොකු අතුල, මහින්ද විජේසේකර වැන්නන්ද  ජ.වි.පෙ. සිට රාජපක්ෂ කඳවුරට නැත්නම් සිරිම ටයිප් හෝ බන්ඩාරනායක ටයිප්  ජාතිකවාදයට මාරු උනා මිස වෙනත් දේශපාලන කඳවුරකට හේත්තු නොවීමේ හේතුවද මේ මතවාදී සමානකමය..

image source-https://lh6.googleusercontent.com/proxy/Y7l4Rdq5SuTtjtRBxg3Fq-eeFlpMrdtO-vLBVboOoHt4obKo-T_05jRo4GheDZIhfWmQJeTbkK9m9UG2Vmk8Hwu7KMT-v5TqThCeTn-C

මෙතනදි නිර්මාල්ගෙ විග්‍රහය ප්‍රසස්ථය.

හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ අර මැක්කගෙ කතාව වගේ මොන සම්බාව්‍ය විචාරයෙන් පටන් ගත්තත් නිර්මාල් කතාව අවසන් කරන්නෙ කෙසේ හෝ මේ ආන්ඩුව රැකගත යුතුය යන යන ලොන්ඩරි අස්තානයට රෙදි නැතිව පල්ලම් බැසීමෙන් වීමය..

ප්‍රියශාන්ත රාජපක්ෂ.

(අධ්‍යයන කවය)

” 89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *