අනුර කුමාර ජැකට් එක සහ රනිල් වික්‍රමසිංහ කලිසම..!

image source_https://www.onlanka.com/wp-content/uploads/2025/01/anura-kumara-dissanayake-arrived-in-china.jpg

විශේෂයෙන් සඳහන් කරන්නේනම්, අනුර දිසානායක ප්‍රමුඛ ජවිපෙ නායකයින් අඳින ඇඳුම්, පළඳින ටයිපටි සහ බෙල්ට් පිළිබඳව විවිධ කථා මීට පෙරද සංවාදයට ලක්වුනු මුත්, අනුර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර කල ඉන්දීය සංචාරයේදී පලඳින ලද ටයිපටිය පිලිබඳවද ගැටලුවක් පැනනගින ලද බවක් බොහෝදෙනා නොදනී. එහිදී ඔහු පැළඳි ටයි පටිය දැන් කාලයේ පලඳින ටයි පටියක් නොවන බවත් එය විශේෂයෙන් සේල්ස් රෙප්ලා (sales reps) පලඳින ටයිපටියක් බවටත් කථවක් ඇතිවුනු අතර ඕස්ට්‍රේලියාවේ ජාතික ජනබල වේගයේ හිතවතුන් විසින් ජ.වි.පෙ ඉහල සංවිධායකයිනට යැවූ පනිවිඩයක් නිසා අනුර දිසානායක පසුදා සිට එම ටයිපටිය ඉවත්කොටගෙන තිබිණි.

දේශපාලණ පෞරුෂය ඇඳුමෙන් මැණීම.

කෙසේ නමුත් ජාතික ජනබල වේගයේ රැළ්ලට මහින්ද රාජපක්ෂ පිළෙන් කඩාවැදුණු මෙලෝ දේශපාලණ අවබෝධයක් නැති පිරිසත්, බුකියේ අතිජාතික වාමාංශික ලෝලීන් සෙට් එකත් රනිල් වික්‍රමසිංහ මහතා කලිසම අඳින ආකාරය පිළිබඳ අතිවිශාල ගැරහීමක් සමාජ මාධ්‍ය පුරාම ගෙනයන විටත් අපිනම් කීවේත්, ලීවේත් දේශපාලණ පෞරුෂය යනු අඳින්නාවූ ඇඳුම මත නොව, ගන්නා සෘජු ක්‍රියාමාර්ග මතත්, සිදුවන චලණය (entelechy) තේරුම් ගැනීම මතත්, කෙරෙනා පරිකල්පණය මතත් පාදකවන පෞරුෂයන් මත තීරණය වන්නක් බවයි. එවිට මේ රැළ්ලේ පාවෙන සෙට් එක අපට කීවේ අපි රනිල්ට රෙදි නැතිව කඩේ යනබවයි. අපගේම මිතුරන් පවා කීවේ අපි පට්ට කුහක බවයි. නමුත් අනුර දිසානායක ජනාධිපති වරයාටත් ඒ හා සමානව ඇදුමට ගැරහුම් අවමන් සහ නින්දා එළ්ලවවනවිටත් අපට කීමට ඇත්තේ රනිල්ගේ කලිසමට ගැරහූ දේශපාළණ ළඳරුවන්ට අප එදා කී දේවල්මය.

මේ ඇඳුම් පිළිබඳ ගැටලුව ජවිපෙ ඉතිහාසය තුල කීපවරක් මම දැකඇත. මුල්වරට කිහිප දෙනෙකු දෙදහස් ගණන්වල මුලදී ජවිපෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ විට, එකල ජවිපෙ ඉහල සංවිධානවල බොහොමයකගේම අදහස උනේ පාර්ලිමේන්තුවේ අඳිනු ලබන සම්ප්‍රදායික ඇඳුම, එනම් කොළර් නොමැති මන්ත්‍රී කමිස හෝ ටයි කෝට් ජවිපෙ මන්ත්‍රීවරු බැහැර කලයුතු බවයි. එහෙත් ජවිපෙ දෘශ්ඨීවදයට පිටතින් ලෝකය දුටු පිරිසකගෙන් ජවිපෙ ඉහල නායකත්වයට ආ උපදෙස උනේ, පවත්නා සම්ප්‍රදාය අනුව නොගියොත් එම සම්ප්‍රදායන් පිලිබඳ අවබෝධයක් නොමැති බවට තේරුම් යා හැකි බැවින්, මුලදී එම ඇඳුම ඇඳ පසුව අවශ්‍යනම් එය වෙනස් කලයුතුය යන්නයි.

https://deranaarunalk.s3.amazonaws.com/wp-content/uploads/2018/12/14193911/mahinda3.png

දේශපාලන පෞරුශය ඇඳුමින් හෝ ශරීර ලක්ෂණ වලින් මනින සංකල්පය වඩාත්ම උත්කර්ශයට ආවේ මහින්ද රාජපක්ශ ජනාධිපති වරයාගේ සාටකේ සහ උඩු රැවුළ සමගින් ජාතික ඇදුම කරලියට ඒමත් සමගය. ඔහු එමගින් ජාතියේ ” අප්පච්චී” ලෙස ජාතියේ සංකේතීය අප්පච්චී බවට පත්විය. එහෙත් විශල පෞරුශවලින් ඉතිහාසගතවුනු නායකයින්ද සැලකූ විට, රුසියාවේ බෝල්ශෙවික් නායකයෙක්ව සිටි ස්ටාලින්ගේ උස අඩි 5 ක් පමණි. වියට්නාමයේ සදාදරණීය නායකයා වන හෝචිමිං ඉතාම කුඩා මිනිසෙකි. ප්‍රංශයේ විශාල පෞරුශයක් හෙබවූ නැපෝලියන් බොනපාට් උස අඩි 5 කුත් අඟල් දෙකක් පමණි. මේ ආකාරයෙන් ගත්විට ඒ ඒ දේශපාලණ පෞරුෂයන් ඒ ඒ පුද්ගලයන් අත්පත්කොටගෙන ඇත්තේ ඔවුන්ගේ උසින්වත්, තරබාරු කමින්වත්, අඳින ඇඳුමින්වත් නොව ගත් ක්‍රියාමාර්ග සහ ඒවා කලමණාකරනය සඳහා දක්වූ සාමාර්ථයන්තුලිනි.

රටක නායකයෙකුගේ රාජතන්ත්‍රික භාවයට බලපාන ඇඳුම.

එහෙත් යම් අයෙකු අඳින ඇඳුම් සැලකූ විට ඒ ඒ අවස්තාවට ගැළපෙන හෝ ඒ ඒ අවස්ථාවට උචිත ඇඳුම් ඇඳීමට ඒ ඒ පුද්ගලයා දැනගත යුතුය. ඒ පුද්ගලයා යම් රටක නායකයෙකුනම් ඔහු හෝ ඇය අඳින්නාවූ ඇඳුමින් රාජත්‍රාන්ත්‍රික අවස්ථා නියෝජනය කරනාවිටදී ඒ ඒ රටේ ගෞරවයද යම් තරමකට නියෝජනය වේ. අනුර දිසානායක මහතාට චීන සංචාරයේදී ඒ අවස්ථාවට ගල්පෙන ඇඳුමක් පිලියෙල කරදීම ඒ ජනාධිපති කාර්‍ය මංඩලය සතු වගකීමකි. ඔහු සංචාරය කරන රටේ කාලගුණය අනුව ඊට ගැපලපෙන ඇඳුම තීරණය කිරීම ඒ කාර්‍ය මංඩලටය සතු කාර්‍යයකි. ජනාධිපති කාර්‍ය මංඩලය සීමාකිරීමෙන් මුදල් ඉතුරු කිරීම ඒ කාර්‍යාවලියන් හරිහැටි ඉටුකිරීමට භාදාවක් නම් ඒවා වහා ඉවත් කොටගෙන අවශ්‍ය කටයුතු පිලියෙල කිරීම ජනාධිපති වරයා සතු කාර්‍යයකි.

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *