භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ..!

තිලීපන් ගැන බුකියේ යම් යම් අය කතා කරලා තිබුණ. ගොඩක් වෙලාවට එයා ගැන සඳහන් කරලා තිබ්බේ මාරාන්තික උපවාසයක් කරලා මැරුණු කෙනෙක් විදියට. එල්. ටී. ටී. ඊ. අරගලයේ පංගුකාරයෙක් විදියට. යම් අරමුණක් වෙනුවෙන් දිවි පුජා කරපු කෙනෙක් විදියට. යම් අරගල තීරුවක් පරමාදර්ශයක් විදියට පවා ඔහුව වරනඟනවා පේනවා. හොඳයි. මම ඕනිනම් ඒ තේමාවල් එක්ක එකඟ වෙන්නම්. ගැටළුවක් නැහැ. මේ අරගල රාමුවට තවත් එකතු කරන්න චේ සහ විජේවීර වගේ චරිතත් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි වෙනම තලයක.

image source
https://th.bing.com/th/id/OIP.rY05EnKMMA61twOqpbxqRgHaFj?w=241&h=181&c=7&r=0&o=7&dpr=1.3&pid=1.7&rm=3

මේ සැමරීම කරන්නේ අපේ පරම්පරාව. යම් නොස්ටැල්ජියාවක් එක්ක. අහිමි විප්ලවය(revolution) ගැන කාංසාවක් එක්ක. කාල පරාසයක් එක්ක ගත්තොත් හැටේ අග, හැත්තෑවේ දශකයේ සහ අසුව දශකයේ අය. පොදුවේ ගත්තම අලුත් පරම්පරාව මේ චරිත ගැන, සැමරීම ගැන උනන්දු වෙන්නේ නැහැ. මේ ඉහත චරිත එක්ක එයාලගේ ලෝකේ ගොඩ නැගෙන්නේ නැහැ කියල මට හිතෙනවා. ඒ කියන්නේ හැත්තෑවේ සහ අසූවේ පරම්පරාවේ දූ දරුවෝ තමයි දැන් පාරේ තොටේ වැඩියෙන් ඉන්නේ.

මට හිතෙන්නේ එයාලගේ සිහින වෙනස් කියල. චේ ගේ ටී ෂර්ට් අඳින පොඩි සමාජ තීරුවක් නැතුවා නෙවෙයි. නමුත් එයාලගේ සමාජ බලපෑම අඩුයි. මේ අලුත් සමාජ කොටස සංඛ්‍යාත්මකව වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. 

image source
https://th.bing.com/th/id/OIP.MtwQpPWbDUzzqMjW1EyGBgHaEK?w=291&h=180&c=7&r=0&o=7&dpr=1.3&pid=1.7&rm=3

ඩිජිටල් පරම්පරාව වෙනුවෙන්.

ඒ නිසා උතුරේ සහ දකුණේ ඔය මතකයන්, කාංසාවන්, මිණී වලවල් සහ ඇටකටු සහ විප්ලවය(revolution) ගැන දැන් කවි ලියලා, චිත්‍රපට හදලා ඒ අහිමි ආශාව (lost desire) සැමරීම ගැන දිගින් දිගට පොරොත්තු වෙලා ඉඳීමෙන් පලක් නැහැ කියල මට හිතෙනවා. මම කියන්නේ ‘පාංශු’ නෙවෙයි අහිමි අතීතයට පාංශුකූලේ දීලා ඉවර කරලා අපි මේ කෙළවරක් නැති වරදකාරී බවෙන් මිදෙමු.

බය නැතුව අලුත් වැඩකට අත තියමු. ඔවුන් පැතුව අළුත් ලෝකය ඔවුනුත් නොසිතුව විදියට ගොඩ නඟමු. විප්ලවය(revolution) කියන්නේ කිසිවෙක් නොසිතුව දෙයක් නොසිතූ ලෙස සිදු කරන එකට. ඩිජිටල් පරම්පරාව වෙනුවෙන් ඒ අයත් එකතු කරගෙන විසි වෙනි සියවසේ කිසිවෙක් නොසිතුව දෙයක් විසි එක් වන සියවසේ සිදු කරන එකට. 

විසි වෙනි සියවස වෙනුවෙන් කැඹුරුවා ඇති නේද?

ආචාර්‍ය මහේෂ් හපුගොඩ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *