ගීතයේ අයිතිය පිලිබඳ බලු පොරය..!
තමන්ගේ හඬ අයිතිය පසෙක තබා ගීතයේ පරිකල්පනීය අයිතියේ බලු පොරය….?
බුද්ධිමය දේපල පිලිබඳ ලෝක ප්‍රඥ්ඥප්තිය පිලිගත් රටක.
කොච්චර තෙරුම් කරත් ගායක ගායිකාවන් ගීතයේ අයිතිය බේරුම් කර ගැනීමට එකඟතාවක් නැතිව ඔවුන් පමණක්ම තනියෙන් භුක්ති විදින්න යන ගොන්කමත් එක්ක මේ ගීතයේ අයිතිය ඉල්ලා නැවත නැවතත් ලංකාවේ දේශපාලකයන් ඇමතිලා ජනාධිපතිලා පස්සේ යන ගොන්කම නවතා ගන්න බැරි වීම තුල ලෝකයට ලංකාවේ ගායක ගායිකාවන්ගේ උගත්කමේ හා බුද්ධියේ ප්‍රමාණවත් කම් හෙලිදරව් කරමින් ඇත. ලෝක බුද්ධිමය දේපල අයිතිය පිලිගත් රටක් ලෙස අපි අපේ රටේ එම ලෝකය පිලිගත් නීතියට පරිභාහිර නීතියක් ගොඩනඟා ගත නොහැක. එය රාජ්‍ය තාන්ත්‍රිකව එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියට අනුව ගිවිසුම් ගත එකඟතාවක් වේ.

https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_1032804e2e.jpg
ගායක ගායිකාවන් පළමුවෙන් ලෝක බුද්ධිමය නීතිය ගොඩනැගී ඇති ආකාරය අවබෝධයක් ගත යුතුය ඔවුන් එවැනි දේශන හා දැනුවත් කිරිම් ඒ පිලිබඳව ලියවුණු දේ පරිශීලනය කල යුතුය. එහෙත් එවැනි පරිශීලනයක් නොකර අතිශය ආත්මාර්ථකාමි ගායක ගායිකා සංගමයේ පුද්ගලික අවශ්‍යතාවක් මත ක්‍රියාත්මක වෙන මේ මිත්‍යාවේ හඹායෑම නවතා සහොදර පද රචකයන් සංගීතඥයන් හා එකතු වී නිවරදි හා නිත්‍යනුකූලව මේ ප්‍රශ්නයට එම පවතින ලෝක නීතිය යටතේ වූ ගායක ගායිකාවන්ගේ ගායනයන්ට භාදකයක් වූ තැන් සඳහා විසඳුම් සොයාගැනීමට එකතු විය යුතුය.
දුන්න දුනු ගමුවේ ඊතල කිතල ගමුවේ තියෙද්දී ගායක ගායිකාවන්ගේ මුවා සබරගමුවේදී පන්නා මේකට කවදාකවත් විසදුමක් අත්නොවේ….
බුද්ධිමය දේපල යනු නිර්මාණයක පරිකල්පණීය අයිතිය ලෙසින්.
බුද්ධිමය දේපල යනු නිර්මාණයක පරිකල්පනීය අයිතියයි. ඒ අනුව මුලින්ම ගීතය පරිකල්පනය වන්නේ පද රචකයා තුලය එය සමහර විට තනුව ලෙසද පරිකල්පනය වේ.ඒ අනුව ගොලීය ලෝකයේ නීතිය විසින් ගීතයක පරිකල්පනීය අවස්ථා දෙකක් පවතී එකක් පද රචනය අනෙක තනු රචනය. මේ ගොලීය විද්‍යත්ම පදනමට අභියෝග කරන්නට හැකි විකල්ප පදනමක් තිබේද …? සිංහබාහු… මනමේ… නාට්‍ය නිර්මාණය තුල රඟපාන නළුවන්ට එම නාට්‍යයේ අයිතියට සටන්කල හැකිද…? මෙයද එලෙසම වූ නිර්මාණය කල ගීතයට ගායකයකු විසින් නළුවෙකු රංගන ශිල්පීය දක්ෂතාව ඉදිරිපත් කල සේම තමන්ගේ ගායන ශිල්පීය දක්ෂතාව එක්කිරීමය. මේ ඇත්ත පිලිගෙන ක්‍රියාත්මක වීම ගායක ගායිකාවන්ගේ පළමු කාර්ය්‍ය වේ. ගායක ගායිකාවන් ඔළුව බිම තියන් කකුල් උස්සන් කීවත් ලෝක නීතියෙන් යම් ගායනයක් තුලින් යම් ශිල්පීය දක්ශතාවකට එහා වූ පරිකල්පනීය නිර්මාණාත්මක බවක් තහවුරු නොවෙද්දී. ගායනයට බුද්ධිමය නිර්මාණ අයිතිවාසිකම් ලබාගත නොහැකි සත්‍ය තෙරුම් ගනිමින් කොදෙව් දූපත් මානසික මිනිසුන් ලෙස නොවී ගායක ගායිකාන්ගේ මේ ප්‍රවේශයන් ශිලාචාර හා බුද්ධි ගොචර විය යුතුව ඇත.
සම්මුතිකව ගීතයේ අයිතිය තුල වූ සමස්ත නීති රාමූවක් සැකසෙන තෙක් ඉවසා සිටින ගීතයේ සැලකිය යුතු ප්‍රතිලාභයක් නොලද බහුතරයක්ම වූ පද රචකයන් එදාද අදද නිහඬව සිටිද්දී යම් සැලකිය හැකි ප්‍රතිලාභයක් ලද සංගීතඥයන්ද ගීතයෙන් වැඩිපුරම ප්‍රතිලාභ ලැබූ ගායක ගායිකාවන්ද ඉතිහාසය පුරාද වර්තමානයේද ගීතවල ප්‍රතිලාභ ලබමින් තව තවත් වැඩිපුර මස් රාත්තලම ඉල්ලා පොරකන බලු පොරය තුල ප්‍රාග්ධන යෙදවුම් ශක්තිය නැති නිර්ධන පද රචකයන් මේ තුල අන්ත අසරණව සිටී.
ගායක ගායිකාවන්ගේ අර්බුධය.

https://www.divaina.lk/wp-content/uploads/2025/08/Gayaka.jpg
ගායක ගායිකාවන්ගේ අර්බුදය හට ගන්නේ ගීතයේ බුද්ධිමය අයිතිය තුල නිවරදි සම්මුතියක් ඇති නොවූ වට පිටාවක එම අයිතිය විවිධ අය හොරාවට මංකොල්ල කන වෙලාවක බුද්ධිමය අයිතිය වෙත කඬාපැන අයිතිය තහවුරු කරගත් රෝහණ වීරසිංහයන්ගේ ක්‍රියාන්විතය තුලය. මේ කාර්ය්‍ය තුල රොහණ වීරසිංහයන්ගේ ආදරනීය බව රොහණ වීරසිංහයන්ගේ C මියුෂික් ආයතන සංග්‍රහය තුල උල්ලංඝනය වීමෙන් ඇතිවූ ගැටුම අද ගායක ගායිකාවන්ගේ බුද්ධිමය අයිතියක් නිත්‍යනුකූලව තහවුරු නොවන ගායන ශිල්පීය දක්ෂතාවට බුද්ධිමය අයිතිය ඉල්ලා දිගින් දිගටම ඇමතිලා ජනාධිපතිලා ලඟට යන තැන දක්වා පත්වීම තුල ඇත්තේ ගීත නිර්මාණයක අලි සංසර්ඝ ගැටුමකි.
ඒ තුල පද රචකයන් වූ අපි තෙරපෙති. එ තෙරපිල්ලේ තෙරපෙමින් සිටින පද රචකයන් වූ අපට ගීත අයිතියද තහවුරු නැත. ගීතය වෙනුවෙන් මූල්‍ය අදායම්ද නැත. කවදා හෝ බුද්ධිමය දේපල පණත් තුල ගීතයට බුද්ධිමය දේපල අයිතිය ලැබෙන තුරු මොකද්දෝ වැටෙනකම් කට ඇරගෙන බලා සිටිමින් අඹ ඇටයක් නැතුව හිස් අතින් නමක්ද නැතිව කනත්තකට යද්දී මස් රාත්තල වෙනුවෙන් ගායක ගායිකාවන් හා ගීත අයිතිය තහවුරු කරගත් අය අතර වූ අලි සංසර්ඝ ගැටුමෙන් ජනාධිපතිවරු හමුවීම් ආදී විවිධ ආලවට්ටම් දමමින් ඒ ඒ අය සූරාන්තයට පත්වීම පමණක් ඉතුරු කර ඇත.
කෙසේ හෝ ලංකාවේ ගීත මුල් අවධියේදී… පද රචනයන් තනු රචනයන් හා සංගීත නිර්මාණ බහුතරයක් ගුවන් විදුලිය තුල බිහිවූයේ මෙවැනි වූ බුද්ධිමය අයිතියක් හා ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවීය පද රචනයට තනුරචනයට මෙන්ම ගායනය වෙනුවෙන්ද මේ අතර වූ පුංචි මධු විතක රස බලන අවස්ථාද විය. ගායක ගායිකාවන්ගේ ගායනයන්ටද මිලක් නැත සංදර්ශනයකට පැමිණ දෙන ගානක් රැගෙන ඒම නැතහොත් කා බී හිස් අතින් ඒම හිතවත්කමට ගැයීම මේ ආදීවූ හුදු මිනිස් සම්බන්ධතා මතවූ ගනුදෙනුව අද මිල ගනුදෙනුවකට එහා වූ බුද්ධිමය අයිතියේ ගනුදෙනුව දක්වා විහිද ඇත. කාර්මික ලෝකය තාක්ෂණික ලෝකය අද බුද්ධිමය ලෝකය තෙක් පැමිණ ඇත.
හඬ අනන්‍යතා අයිතිය පසෙකලා.
අද Ai සමඟ තරඟ කරහැකි පරිකල්පනීය මිනිසුන් අවශ්‍යය යුගයකි. ඒ යුගය අතික්‍රමණය කරන්න අවශ්‍ය බුද්ධිමය පරිචය අපකාටත් අද අත්‍යවශ්‍යව ඇත. ගායක ගායිකාවන් ලෙස මේ හනමිටි තැනට ඔබ්බෙහි වූ අළුත් තැනක් අවධිකර ගතයුතුව ඇත. ඒ අනුව ගායක ගායිකාවන් ලෝක බුද්ධිමය නීතිය යටතේ තහවුරු කර ඇති නීතියක් වූ හඬ අනන්‍යතා අයිතිය තහවුරු කරගැනීමේ හැකියාව පසෙක තබා පරිකල්පනීය බුද්ධිමය නීතිය යටතේ පරිකල්පනය වූ ගීතයේ අයිතිය ඉල්ලා හඬනඟන මිත්‍යවක් තුල ගායක ගායිකාවන්ගේ ඇත්ත හඬ අනන්‍යතා අයිතිය තහවුරු කරගැනීමේ අත්‍යවශ්‍ය කාර්ය්‍ය මඟහැරගෙන ඇත. ගායක ගායිකාවන් කියන පරිදි ගීතයක රසවත් කරන්න ඔවුන්ගේ හඬ ශිල්පීය දක්ෂතාව විසින් අලංකාර වූ බව සත්‍යයකි. ඒ සත්‍ය හඬ ශිල්පයට පමණක්ම ලඝු නොවේ එය වාදන ශිල්පීය දක්ෂතාමත වාදනයන් තුලින්ද ඉස්මතුව ඇත. මැන්ඩලීන් ගීටාර් වයලීන් සිතාර් ආදී වූ විවිධ වාදනයන්ද මේ ගායක ගායිකාවන්ගේ හඬත් අභිබවා සංගීත වාදනය ආකර්ෂණය කරද්දී ඒ අයිතියට නැති ගීතයක විශේෂ හඬ අයිතිය කුමක්දැයි ගායක ගායිකාවන් තමන්ගෙන්ම විමසා ගත යුතුය.
ලංකාව තුල ගීතයක් නිර්මාණය කිරීමේදී එයට අවශ්‍ය ප්‍රාග්ධන යෙදවුම් ශක්තිය ඇති ගායක ගායිකාවන් එම ගීතයට අවශ්‍ය පිරිවැය යොදවා ගීතයක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කිරීම කරන්නේ නම් එම ප්‍රකාශණ අයිතිය ගායක ගායිකාවන් සතුකර ගත හැකි අතර ලෝක බුද්ධිමය දේපල අයිතිය යටතේ ප්‍රකාශයන්ට ඇති අයිතිය ගායක ගායිකාවන් සතු කර ගැනීමට ඇති ඉඩ පිලිබඳව පද රචකයන් තනු රචකයන් වූ අනෙක් පාර්ශ්වයන් සමඟ සාකච්ඡාවක් ගොඬ නොනඟා තනියෙන් මස් රාත්තලේ අයිතිය ගන්න යන ගොන්කම තවදුරටත් ගොන්කමක්ය යන තෙරුම් ගැනීම තුල සම්මුතියක් ගොඬනඟන්නට ACPO SL සම්මුතියක් හැඳිමට කතාකරන්න හමුවෙමු.
ජාත්‍යාන්තරය සමග එක්ව යාම.
ලංකාව ලෝකයේ රටක් මිස ලෝකය ලංකාවේ ඇතුලේ ඇතිය යන මිත්‍යවෙන් ලංකාවේ ජනාධිපතිට ලෝක නීතිය වෙනස්කරන්න පුළුවන්ය කියා හිතාගෙන ජනාධිපති හමුවූ ගොන්කම් පසෙක තබා දැන්වත් මම එදත් අදත් හෙටත් එකඟ ගායක ගායිකාවන්ට ප්‍රකාශණ අයිතිය දීමේ එකඟතාව තහවුරු කරමු. එසේම පද රචකයන් තනු රචකයන් විශේෂ වෙළද හෝ විකුණුම් අවස්ථාවකින් තොරවූ ගායන භාවිතයකදී ලක්ෂ ගණනක්වූ හඬ ලබාදීමේ අශිෂ්ටත්වයද මේ සමඟ තුරන්ව යායුතුව ඇත.කෙසේ නමුත් ප්‍රසිද්ධ ගායක ගායිකාවන් අසරණ අළුත් පද රචකයකුගෙන් තනු හා සංගීතඥයන්ගෙන් ගීතයකට හඬ දීමට ලක්ෂ ගණන් ඉල්ලීමේ හා අළුත් ගායක ගායිකාවක්ට පද රචනා හා තනු හා සංගීතය වෙනුවෙන් පද රචකයන් හා සංගීතඥයන් ලක්ෂ ගණන් මිලක් ඉල්ලිමේ අශිෂ්ටකම්ද මේ සමඟමඅවසන් විය යුතුව ඇත.
ලෝක බුද්ධිමය දේපල යටතේ ලංකාවේ ගීතයන් නීතිමය වශයෙන් ලංකාවේ අනන්‍යතාවක් ගොඬ නොනඟාගෙන ක්‍රියාත්මක වීම තුල ලංකාවේ ගීතවල ඇති ඉංදියානු අනන්‍යතාව මත ඉංදියාව සතුවිය හැකි බුද්ධිමය අයිතිය බේරා ගැනීමට පද හා තනු රචකයන් හා එක්වී ගෝලීය එක්සත් ජාතින්ගේ බුද්ධිමය දේපල ජාත්‍යන්තරය හා ගිවිසුම් ගත විය යුතු පළමු අවස්ථාව මෛත්‍රීපාල ජනාධිපති අවධියේදී ගායක ගායිකා සංගමයේ මැදිහත් වීමෙන් කඬා බිඳළුව සේම මෙවරද එම ගිවිසුම් ගත වීම් කඬා බිඳලීම කුහක දුෂ්ඨ කාර්ය්‍යයකි. ගායක ගායිකාවන් තමන්ගේ හඬ අයිතිය Ai වලින් බේරාගැනීමේ සටන පසෙක තබා පද හා තනු පරිකල්පනීය බුද්ධිමය අයිතිය මංකොල්ල කෑමට යෑම තුල ගායක ගායිකාවන්ගේ හඬ අයිතිය Ai සතු වී පදරචකයන්ගේ හා තනු රචකයන්ගේ පද හා තනු බහුතරයක්ම ඉංදියානු බුද්ධිමය අයිතිය සතුවෙනු ඇත. මේ අණතුරුදායක
ප්‍රතිඵල ගැන අවබෝධයක් නැතිව හෝ ඇතිව එම උපායික අරමුණ මෙහෙයවන හිවළුන්ද… අනෙකුත් කිසිදු අවබෝධයක් නැති අසරණයන්ද මේ තුල පාවිච්චි වෙමින් කුමන්ත්‍රණයන්ට අසුවෙද්දී එම කුමන්ත්‍රණය පරදා ලංකාවේ පද රචකයන් තනු රචකයන්ගේ ශ්‍රි ලාංකික අනන්‍යතාවට ඇති බුද්ධිමය අයිතිය තහවුරු කරන සටනද ගායක ගායිකාවන්ගේ හඬ අයිතිය දිනා ගැනීමේ සටනද
කුහක විරසකය.
ජයග්‍රහණයෙන් අවසන් කරගන්න ගායක ගායිකාවන් සංගීත ශිල්පීන්…ශබ්ද පරිපාලකයින් ගීත ප්‍රකාශකයින් ආදී වූ සමස්ත ගීත නිර්මාණ කරුවන්ම එකතු වීම අත්‍යවශ්‍යම මොහොත මෙය බව අවධාරණය කරමී.
කෙසේ නමුත් හොඳ නිර්මාණාත්මක ලාංකික ගීතයක් සම්මුතියක් නැති මුල්‍ය ගනුදෙනුවක් විසින් විනාශකර ඇති මොහොතක අවශ්‍ය පද රචනයක් අවශ්‍ය තනු රචනයක් අවශ්‍ය හඬ ශිල්පීය දක්ෂතාව ලබාගත හැකි නිදහස ගීත නිර්මාණ කරුවන් අතර එකඟතාවක් හදා ගැනීම අත්‍යවශ්‍යම මොහොත වෙත පැමිණ ඇත. දැන්වත් එම කාර්ය්‍ය අපි අපිම හදාගමු ගායක ගායිකාවන් තමයි පොරවල් කියන පොර මානසිකත්වය හා උඬගුකම් උද්දච්චකම්ද නැතහොත් පද රචකයන් සංගිතඥයන් තමයි පොරවල් කියන පොර මානසිකත්වය හා උඬගුකම උද්දච්චකම්ද අතහැරලා තියෙන කුහකකම් අයින් කරන් සමාජයක් සුවපත් කරනවා කියන කලාකරුවන් වූ ගීත නිර්මාණ කරුවන් වූ අපි පලමුවෙන් අපේ ලෙඩේ හොඳ කරන් සුවපත් එවුන් ලෙස මේ කටයුත්තේදී වැඩකරමු.
මම ආදර්ශයක් ලෙස මගේ තියෙන ස්වල්පයක් වූ පද රචනා කල ගීතවල ප්‍රකාශණ අයිතිය ගායක ගායිකාවන්ට ලබාදීමේ ගිවිසුම් අත්සන් තබමින් මේ අවුල ලිහීමේ ප්‍රවේශයක් ගැනීමට බලාපොරොත්තු වෙන අතර ඒ සඳහා වූ මගේ මේ මැදිහත් වීම් තුල මේ බලු පොරය අවසන් වේවායි පතමී. හැම විටම ලාභය මුදල කියන දේ තුල අන්ද වී ඇති සමහර ගායක ගායිකාවන්ගේ අන්ධ විශ්වාස තුල ගායක ගායිකාවන් සමස්තයගේම බුද්ධිමත්කම අභියෝගයට ලක්කර බහුතර ගායක ගායිකාවන්ගේම ප්‍රතිරූපය විනාශකර දමන මෙවැනි වූ ගායක ගායිකා ක්‍රියාත්මක වීම් තුල ගොඩනඟන්නට යන කුහක විරසකය අවසන් වේවායැයිද පතමින් නිහඬ වෙමී….!

වර්ණගේ සුගත් ෆොන්සේකා.
