රනිල්ගේ ආර්ථික ගමන්මග..!

(Ranil’s recovery magic)

above image source_https://archives1.sundayobserver.lk/sites/default/files/styles/large/public/news/2022/07/16/07-The-night-01.jpg?itok=qnlHooks

ආර්තිකය , දේශපාලනය හා ජාත්‍යන්තර සබදතා පිලිබදව ඔහු සතු දැනුම හා පළපුරුද්ද මැනවින් ප්‍රයෝජනයට ගත් ජනපතිවරයා  අරගලය නිමාකොට ජීවන අරගලය නිමා කරවීම උදෙසා උපාය මාර්ගිකව ක්‍රියා කල ආකාරය පිලිබදව මේ ලිපි මාලාව  ඔස්සේ සාකච්ඡා කෙරෙනු ඇත..

පළමු කොටස – 

01. ජාත්‍යන්තර සහය ලබා ගැනීම.

ගෝලීය දේශපාලනය තුල සාර්ථකව ඉදිරියට යාම සදහා ජාත්‍යන්තර දේශපාලනය පිලිබදව රටක පාලකයන්තුල ඇති දැනුම ඉතා වැදගත් වනුඇත.. 

ඉන්දියන් සාගරයේ මුතු ඇටය වීම භු දේශපාලනික සාධකයක් ලෙස භාග්‍ය සම්පන්න වූවා සේම අපගේ අභාග්‍ය සඳහාද එයම ඉවහල්වන බව දේශපාලන නායකයන් තුල මනා අවබෝධයක් තිබිය යුතුය..

සේද මාවතේ වෙළඳ කේන්ද්‍රස්තානයක් ලෙස අපගේ පිහිටීම නිසාවෙන්ම පිලිවලින් පෘතුගීසින් , ලන්දේසීන් හා ඉංග්‍රීසින් අපව ඔවුන්ගේ අණසකට යටත් කරගත් බව ඉතිහාසය උගත් සියල්ලන් දන්නා කාරණයකි..

ඉන්දියාව , චීනය හා ඇමරිකාව තම වෙළද හා දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කුරුමානම් අල්ලන ඉන්දියන් සාගරයේ මුතු ඇටය මිසයිල ගසා විනාශ කිරීමට ඔවුන් උත්සහ නොකරනු ඇත.  නමුත් මිසයිල යුද්ධයට එහා යන ආර්තික යුද්ධයක් හරහා රට ආර්ථික වශයෙන් අස්ථාවර කර අපව ඔවුන් සතු කරගැනීමේ නවීන උපක්‍රම ඔවුන් අනුගමනය කරනු නොඅනුමානය..

අපගේ අල්ප වූ දේශපාලන සාක්ෂරතාව පිලිබඳව මනා අවබෝධයක් ඇති ඉහත සදහන් කල ආර්තික යෝධයන් දුර්වල පාලකයන් බලයට ගෙනඒම සදහා තම උපායන් ක්‍රියාත්මක කරන අතර අප නායකයන් මෙන්ම ජනතාවද ගෝලීය ආර්තික යුද්ධය පිලිබදව අවබෝධයෙන් තම දේශපාලන තීන්දු තීරණ ලබාගත යුතුය..

කෙසේ හෝ ජාත්‍යන්තරය පිලිබදව හසල අවබෝධයක් ඇති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  ඉන්දියාවේ මෙන්ම චීනයේද එපමණක් නොව පැරිස් සංගමයේද සහය ලබාගැනීමටත් , ජපානය ආරක්ෂකයකු ලෙස යොදාගැනීමටත් කටයුතු කිරීම දේශපාලනිකව ඔහු ගත් බුද්ධිමත්ම තීරණ අතර ප්‍රමුඛ විය ..

එසේම …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිලිබදව ඇති පූර්ණ අවබෝධය හමුවේ ඔවුන් සමග සාකච්ඡා ආරම්භ කිරීමේදි ඔවුන් විසින් අප වෙත කරනු ලබන පළමු යෝජනාව වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිලිබදව පූර්ව සූදානමක් ලෙස  ලෝකයේ ප්‍රධානපෙලේ සමාගම් දෙකක් වන Clifford Chance LLP , සහ Lazard යන ආයතනව සහය ලබා ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඉන්පසුව IMF සංවිධානය සමග සාකච්ඡා ආරම්භ කිරීම.

ඩොලර් බිලියන 4 ක ආසන්න මූල්‍ය පහසුකම් ලබාගනිමින් අත්‍යාවශ්‍ය භාන්ඩ ආනයනය සදහා ඉන්දියානු සහය ලබාගැනීමට මෙරට දේශපාලන නායකත්වයට මූලිකත්වය ගැනීම..

ජපානය, ඉන්දියාව හා පැරිස් සංගමය මගින්  ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා අනුමැතිය ලබා ගැනීම හා එමගින් තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන රජය පොළබවා ගැනීම..

ඩොලර් මිලියන 52 කට ආසන්න මානූෂීය ආධාර ඇමරිකන් රජය හරහා ලබාගැනීම හා එමගින් අත්‍යාවශ භාන්ඩ ආනයන කඩිනම් කිරීම.. 

එසේම ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, පාකිස්තානය හා රුසියාව වැනි රටවල් මගින්ද මෙරට ආර්තිකය ස්ථාවර කිරීම සදහා ණය හා ආධාර ලබාගැනීම ඒ අතර ප්‍රධාන වේ

(ඉතිරිය පසුවට) 

ආචාර්‍ය චමින්ද මලලසේකර

(ව්‍යාපාර කලමණාකරන උපදේශක හා මනෝවිද්‍යාඥ)

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *