නීට්ෂේ කියවමු..! (පළමු කොටස)
නීට්ෂේ හඳුනා ගැනීම..

ඔහුගේ ලේඛණ, බුද්ධිමය ඉතිහාසයට විශාල බලපෑමක් ඇති කර තිබේ. ඔහුයේ දර්ශණය ප්‍රධාන වශයෙන් හඳුන්වනු ලබන්නේ මිනිසාගේ පැවැත්මේ තත්වය ( Existentialism) කෙරෙහි අවධානය යොමු කරන දර්ශනයක් ලෙසටය. ඔහු Existentialism(පැවැත්මවාදය) ව්‍යාපාරයේ වැදගත් පූර්වගාමියෙකුයලස සැලකේ. නීට්ෂේ යනු, ඉතිහාසයේ වඩාත්ම වරදවා වටහා ගත් දාර්ශනිකයන්ගෙන් කෙනෙකි. නීට්ෂේ සියලු චින්තනයන්හි කේන්ද්‍රීය තේමාවක් වන අතර නීට්ෂේ නිතර නිතර වරදවා වටහා ගැනීමට එය එක් හේතුවක් වේ. නීට්ෂේව බොහෝවිට හඳුන්වනු ලබන්නේ “ආප්තවාදී” ලේඛකයෙකු (aphoristic’ writer) ලෙසය. ඔහුයේ ලිවීමේ ආප්තමය ස්වරූපය දුෂ්කරතාවයට හේතු වන බව ඔහු පිළිගනී. ඇතැමුන් නීට්ෂේව හඳුන්වනු ලැබුයේ විනාශයේ අනාගතවක්තෘවරයෙකු ලෙසටය. ඔහු විධිමත් දර්ශන පාසලක් වැළඳ ගත්තේ නැත. ඔහු දැඩි ලෙස ස්වාධීන විය. ඔහු දර්ශනවාදයේ න්‍යාය සහ භාවිතාව යන දෙකම වෙනස් කලේය. නීට්ෂේ ක්‍රමානුකූල දාර්ශනිකයෙකු නොවූ අතර ඔහුලියූ බොහෝදේ අර්ථ නිරූපණයට විවෘත කලේය. ඔහුයේ දර්ශනය විවිධ ආකාරවලින් අර්ථ නිරූපණය කරඇත, නමුත් එය බොහෝවිට විට ශුන්‍යවාදය (Nihilism) පැවැත්මවාදය (Existentialism) සහ පශ්චාත් නූතනවාදය (Postmodernism) සමඟ සම්බන්ධ වේ.
ඇතැමෙකුට අනුව ඔහු ශුන්‍යවාදය වැලඳගත් සහ දාර්ශණික තර්කනය ප්‍රතික්ශේප කළ විචාරකයෙකි. නීට්ෂේගේ දර්ශනයේ ආරම්භය ඔහුයේ මුල් කෘති වනThe Birth of Tragedy and Human, All Too Human වැනි කෘතිවලින් සොයා ගත හැක. තමන් ද්‍රව්‍යමය ලෝකයක කොටසක් බව මිනිසා පිලිගතයුතු බව ඔහු කීවේය. ජීවත් වීමට අසමත් වීම, අහේතුකව අවදානම් දැරීම, මිනිස් හැකියාවන් අවබෝධ කර ගැනීමට අසමත්වීමකි. දාර්ශනික හේගල්ට වඩා පියවරක් ඉදිරියට තබමින් නීට්ෂේ පැවැත්මවාදයේ (Existentialism) පිටත මායිම සලකුණු කළේය. නීට්ෂේගේ දර්ශණය බටහිර චින්තනයේ තාර්කික පදනම පිළිබඳ තිරසාර විවේචනයක් ලෙස සැලකේ. නීට්ශේගේ චින්තනයේ මූලික සංඝටකය වන්නේ ස්වයං ප්‍රතිවිරෝධතාවයි. ඔහු සෑම දෙයක් ගැනම මත දෙකක් ඇති බවක් ලබා දෙයි. නීට්ෂේගේ පළමු දායකත්වය ග්‍රීක කවියෙකු වන තියෙෝග්නිස් පිළිබඳ රචනාවක් විය. ඔහුයේ බුද්ධිමය හැකියාවන් ඉතා තරුණ කාලයේ සිටදීම උද්දීපනය විය. ෆෙඩ්‍රිච් නීට්ෂේගේ වයස අවුරුදු 24 වන විට ස්විට්සර්ලන්තයේ බාසල් විශ්ව විදයාලයේ ග්‍රීක භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ මහාචාර්‍ය වරයා යලස පත් විය.
සාම්ප්‍රදායික දර්ශණය නීට්ෂේගේ නව දර්ශනයට යටත් විය, එය සත්‍යය නිර්මාණය කිරීමට උත්සාහ කළ අතර සත්‍යය සොයාගැනීමට දරණ වෙහෙස ප්‍රතික්ශේප කරයි. නීට්ෂේ මුල් කාලයේදී සොක්‍රටීස් අධ්‍යයනය කලේය. සොක්‍රටීස්ගේ දර්ශණය මිනිසා ජීවත් විය යුතු ආකාරය විමසා බලයි. ඔහු ප්‍රඥාව, යුක්තිය, ධෛර්‍යය, භක්තිවන්තකම, යනාදී ගුණ ධර්ම සාකච්ඡා කලේය. සොක්‍රටීස් ඔහුගේ සංස්කෘතියේ මුල් බැසගත් අගතීන්ට එරෙහිව තර්කයේ සහ සංශයවාදයේ (skepticism) මූලයක් ලෙස පෙනී සිටියේය. නීට්ෂේ තර්ක කරනුයේ සොක්‍රටීස්ගේ ප්‍රඥාව හරහා දර්ශණයේ උපත සිදු වූබවයි. ඔහුයේ පළමු පොත සෘජුවම සොක්‍රටීස් අමන්ත්‍රණය කළේය. ඔහු සොක්‍රටීස් හැඳින්වූයේ ශ්‍රේෂ්ඨතම දැනුමේ බලවේගවලින් සන්නද්ධ වූ න්‍යායික මිනිසා ලෙසටය. නීට්ෂේ වරක් මෙසේ කීවේය; “සොක්‍රටීස් මට කොතරම් සමීපද යත්, මම ඔහු සමඟ නිතරම පාහේ සටන් කරමි” එහෙත් සොක්‍රටීස් පිළිබඳ නීට්ෂේගේ දෘශ්ඨීයේ විවිධ වෙනස්කම් දක්නට තිබේ. සොක්‍රටීස්වාදයේ අන්තරායන් හඳුනාගත් පළමු මිනිසා තමා බව නීට්ෂේ ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, ඇපලෝනියන් මූලධර්මය ඕනෑවට වඩා අවධාරණයකළ බටහිර සමාජය සහ සංස්කෘතිය සම්බන්ධයෙන් ඔහු සොක්‍රටීස්ට දොස් පැවරීය. තාර්කිකත්වය ආරක්ෂාකිරීම සඳහා සොක්‍රටීස් බොහෝ දුර ගොස් ඇතැයි සැලකේ.

Baruch Spinoza(1632-1677)
image source_https://www.neh.gov/sites/default/files/2018-07/2013_09-10_Spinoza_01.jpg
ස්පිනෝසා (Baruch Spinoza 1632 – 1677) මෙන්, නීට්ෂේ ස්වභාවිකවාදියෙකු (Naturalist) සහ නියතිවාදියෙකි (determinist). ස්පිනෝසා ගේ conatus සංකල්පය සහ නීට්ෂේගේ Will to Power අතර බොහෝ සමානකම් ඇත. ස්පිනෝසාගේ ‘conatus’ යනු ඔහුගේ චින්තනයේ සංඥා සංකල්පයකි. සෑම දෙයක්ම එහි පවතින තාක් දුරට, එහි පැවැත්ම තුළ විඳදරාගැනීමටඋත්සාහ කරන බව මෙයින් පවසයි. සමාජයේ බලයේ ඉහලම ස්වරූපය ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති බව ස්පිනෝසා විශ්වාස කලමුත් නීට්ෂේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වඩාත් නරුම විය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර යනු,”මිනිසාගේ සාමූහික පරිහානිය” බව නීට්ෂේ පැවසීය. නීට්ෂේ නිදහස සඳහා සෑම විට පදනම් වී ඇත්තේ තමා සහ තමා සමඟ ඇති සම්බන්ධතාවය මත වනඅතර, ස්පිනෝසා සඳහා එය තමන් සහ අන් අය අතර සම්බන්ධතාවයක් මත රඳා පවතී. නීට්ෂේ, ආතර් ශෝෆෙන්හවර්ගේ බුද්ධිමත් පෞරුෂය කෙරෙහි වශීවිය. ෂෝෆෙන්හවර්ගේ The World as Will and Representation කෘතිය නීට්ෂේ තුල බුද්ධි කලම්බනයක් ඇති කලේය. The World as Will and Representation හි, ෂෝෆෙන්හවර් තර්ක කරන්නේ අප අත්විඳින ලෝකය, ආනුභවික ලෝකය, එය තුලම නොපවතින නමුත් එය සමඟ අන්තර් ක්‍රියා කරන විට සංජාණන විෂයන් විසින් නිර්මාණය කරන ලද නිරූපණයක් ලෙස පමණක් බවය. ෂෝෆෙන්හවර් විශ්වාස කළේ පුද්ගල අභිප්‍රේරණය මිස සමාජ බලපෑම් නොවේ.

Arthur Schopenhauer (1788-1860)
ෂෝෆෙන්හවර්ගේ චින්තනය බොහොමයක් නීට්ෂේගේ දර්ශණය තුළ, විශේෂයෙන් මුල් කාලපරිච්යේදය තුළ අන්තර්ගත විය. නීට්ෂේ ඔහුගේ දර්ශණය, ෂෝෆෙන්හවර්ගේ දර්ශනය නිවැරදි කිරීමක් ලෙස සැලකීය. නීට්ෂේ විසින් ක්‍රමානුකූලව අධ්‍යයනය කර ඇති එකම දාර්ශණිකයා ආතර් ෂෝෆෙන්හවර් වෙයි. ෂෝෆෙන්හවර් ඔහුගේ අශුභවාදය සහ විශ්වාසය මත දෙවියන්ව ප්‍රතික්ශේප කළේය. එබැවින් දෙවියන් වහන්සේ සිටියේනම්, ඔහු ද නපුරු විය යුතුය. ෂෝෆෙන්හවර් සහ නීට්ෂේ යන දෙදෙනාටම ජීවිතය පිළිබඳ ඉතා අශුභවාදී ප්‍රවේශයක් තිබිනි. එහෙත් ඔවුන්ගේ අදහස් අතර අසමානතාවන් දැකිය හැක. ෂෝෆෙන්හවර් දුක් වේදනා මනුස්ස පැවැත්ම සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති බවසලකන අතර, නීට්ෂේ දුක් වේදනා මිනිසුන්ගේ පැවැත්මෙන් අවසානයේ ඉවත් කළ හැකි දුර්වලතාවයේ සලකුණක් යලස සලකයි. නීට්ෂේ ජර්මානු සංගීතඥයෙකු වූ වැග්නර් කෙරෙහි ආශක්ත විය. නීට්ෂේ වැග්නර්ගේ පෞරුෂයෙන් යටපත්වූ අතර ඔහුයේ බුද්ධිමය මාවතට වැග්නර්ගේ බලපෑමේ වැඳගත්කම පසක් කළේය. ඔහුයේ The Birth of Tragedy හි වැග්නර්ගේ බලපෑම දැකිය හැක. ඔහුට ආතර් ෂෝෆෙන්හවර් බුද්ධිමය වශයෙන් ද රිචඩ් වැග්නර් චිත්තවේගීය වශයෙන් ද බලපෑවේය කිවහොත් නිවැරදිය.

image source_https://static.wikia.nocookie.net/everworld/images/b/bd/Apollo.jpg/revision/latest?cb=20170803111221
ඔහුගේ මුල්ම කෘති කලාව තුළ ඇපයලෝනියානු සහ ඩයොනිසියානු ආවේගයන්ගේ විරුද්ධත්වය අවධාරණය කරන ලද අතර, ඩයොනිසස්ගේ චරිතය ඔහුයේ පසුකාලීන චින්තනයේ කාර්‍යභාරයක් ඉටු කළේය. ඩාවින්වාදය උකහා ගැනීමට උත්සාහ කළ පළමු දාර්ශනිකයා නීට්ෂේ විය. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ සිට කාන්ට් සහ හේගල් දක්වා පෙර පැවති දාර්ශනික පද්ධති පරිණාමයේ අර්බුධය සමඟ කටයුතු කිරීමට ප්‍රමාණවත් නොවන බව නීට්ෂේ දැනසිටියේය. පරිණාම ක්‍රියාවලියේ ස්ථාවර හෝ සදාකාලික හෝ අධ්‍යාත්මික කිසිවක් අඩංගු නොවන බව ඔහු ප්‍රත්‍යක්ශ කළේය . නීට්ෂේ ඩාවිනිසියානු චින්තනයේ බලපෑමට ලක් වූ බවක් පෙනෙන්නට තිබුණද, ප්‍රබලයා සැමවිටම “ජයග්‍රහණය කරයි” යන ඩාවිනියානු අදහස නීට්ශේ මුළුමනින්ම පිලිගත්තේ නැත. එහෙත් නීට්ෂේ කියා සිටියේ, ඩාවිනියානු පරිණාමය සියලු සාම්ප්‍රදායික සාරධර්ම බිඳවැටීමට හේතු වූ බවයි. මුල් කාලයේදී ප්‍රොයිඩ් – නීට්ෂේගේ පාඨකයෙකු විය. ප්‍රොයිඩ් ඔහුගේ ප්‍රකාශනය ආරම්භ කිරීමට වසර 10-30කට පෙර නීට්ෂේගේ කෘති නිකුත් විය. ඔවුන් දෙදෙනා භාවිතා කරන සංකල්ප සහ යෙදුම් අතර බොහෝ සමානකම් සහ ප්‍රතිසමයන් පැහැදිලිවම තිබේ. නීට්ෂේගේ ලියවිළි වල අවිඤ්ඥාණක මනස පිළිබඳ සංකල්පය ඇතුළත් වේ. ප්‍රොයිඩ්ගේ සමහර මූලික පද නීට්ෂේ විසින් භාවිතා කරන ලද ඒවාට සමාන වේ. එහෙත් ප්‍රොයිඩ් පුන පුනා ප්‍රකාශ කළේ තමන් නීට්ෂේ කියවා නැති බවයි. එයෙත් සත්‍යනම් ප්‍රොයිඩ්, නීට්ෂේගේ කෘති කියවාගෙන යනවිට ඔහු විසින්ඉදිරිපත් කිරීමට යන න්‍යායන් නීට්ෂේ කතා කරන බව ප්‍රොයිඩ්ට තේරුම් ගියේය. මේ නිසා තමන් ගේ ස්වාධීන මතයන්ට නීට්ෂේයේ අදහස් වලින් ඇතිකරන බලපෑම පිලිබඳව බියවූ ප්‍රොයිඩ් , නීට්ෂේයේ කෘති කියවීම අත්හැර දැම්මේය.
නීට්ෂේට අනුව, සෑම කෙනෙකුටම සහ සෑම විටම සත්‍යවන විශ්වීය සත්‍යයක් නොමැත. ඒ වෙනුවට, නීට්ෂේ තර්ක කලේ එක් පුද්ගලයෙකුගේ දෘශ්ඨීකෝණයෙන් සත්‍යවූ වූ දෙය, තවත් පුද්ගලයෙකුයේ දෘශ්ඨීකෝණයෙන් සත්‍ය නොවිය හැකි බවයි. නීට්ෂේ ඔහුගේ කෘතිවල යහපත සහ අයහපතේ පදනම ප්‍රශ්න කළේය. ඔහුයේ ලේඛණ සදාචාරය, ආගම සහ විදයාව පිළිබඳ අදහස් පිළිබිඹු කරයි. අදේවවාදය පිළිබඳ ඔහුගේ අදහස් ඔහුගේ ලේඛණ වලින් පිලිඹිබු වෙයි. දෙවියන් වහන්සේ වෙනුවට; නියතවාදී විශ්වයක ස්වභාව ධර්මයේ ආනුෂංගික කොටසක් ලෙස නීට්ෂේ “මිනිසාව” දුටුවේය. තමන්ව ක්‍රිස්තු විරෝධී (Anti Christ)ලෙස හඳුන්වා ගත්තද, යුරෝපයේ නූතන පරිහානියේ එකම මූලය ක්‍රිස්තියානි ධර්මය බව නීට්ෂේ විශ්වාසකළේ නැත. ඒ සඳහා කලාව මෙන්ම විද්‍යාවද වග කිවයුතු බව ඔහුයේ අදහස විය. නීට්ෂේ පවසන්නේ විද්‍යාව සහ ආගම තාවකාලික මිනිසුන්ගේ නිර්මාණ බවයි. ඒවා කිසිකලෙක සදාකාලික සත්‍ය ප්‍රමිතියක් හෙළි නොකරයි.
( දෙවෙනි කොටස මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)
ෆෙඩ්‍රිච් නීට්ෂේ ගේ දර්ශණය ගැන මට මුලින්ම අධ්‍යාපනය කිරීමට ඉඩ ලැබුනේ යුක්රේනයේ විනිට්සා වෛද්‍ය සරසවියේ අපහට Dialectical Materialism විෂය ඉගැන්වූ ආචාර්ය ස්ටෙපානොව් මගිනි. ඉන්පසු කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය රිචර්ඩ් ලේලොන්ඩ් ගෙන් නීට්ශේගේ මනෝ විද්‍යාවත්, එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය බෙරිල් ලෝගන් ගෙන් නීට්ෂේ දර්ශණයන් මා හැදෑරුවෙමි. එසේම වැඩිදුරටත් නීට්ෂේ කියවූවෙමි. මේ එම අධ්‍යයනයන් සහ කියවීම් ආශ්රයෙන් ලියනලද කෘතියකි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග.
