දෙමළාට අකැප සිංහළයන්ට කැප ස්වං නිර්ණය අයිතිය….?

අපි විජය වික්‍රමබාහු වාසු ප්‍රමුඛ ලංකාවේ වමාංශික පක්ෂ සමඟ ජිවිත පරිත්‍යාගයෙන් JVP විජේවීරලා නලින්ද සිල්වලා හා ගුණදාස අමරසේකරලා ප්‍රමුඛ දේශප්‍රේමී දේශපාලනය සමඟ 80 දශකයේ සිට පොර බැඳූ මෙම උතුරේ දෙමළ සුළු ජාතික ස්වං නිර්ණ නැතහොත් ස්වං තීරණ අයිතිය පිළිබඳ සාකච්ඡාව අද නැවතත් කරළියට පැමිණ ඇත. ඒ කලාපීය ඉංදියානු අධිරාජ්‍යකරණය තුළ ලංකාවේ සිංහල ජනතාව සුළු ජනතාවක් වීමේ ඛෙදවාචකය තුළය.ඒ තුළ අද නලින් ද සිල්වා ජිවතුන් අතර නැති වූවද ගුණදාස අමරසේකරලා ගෙවිඳු කුමාරතුංගලා මේ දෙමළ නිජබිම් හා ස්වං නිර්ණ සටන සිංහල කරගෙන ආරම්භ කර ඇති බව හැඟවෙමින් ඇත. එහෙත් එදා ඒ සටනනේම සිටි JVP මතවාදයද වෙනස් වී ඇත…

above source-https://www.aithiya.lk/wp-content/uploads/2023/01/Wickramabahu-Karunaratne-2.jpg, https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_5ac93577d0.jpg, https://24.siyathafm.lk/wp-content/uploads/2018/11/kjdbgkjahbajkdbna.png

ඒ ⁣එදා දෙමළ නිජබිම් අයිතිය හා ස්වං තීරණ අයිතිය මරා දැමූ ඔවුන් දැන් එම දෙමළ ස්වං තීරණ අයිතිය වැලඳ ගෙන තිබීම ඓතිහාසික සිද්ධියකි. ඕනෑම මතයක් සංවාදයන් මත වෙනස් වෙන අතර එම සංවාදය සමඟ වෙනස් වූ මතවාදයද… ගෝලීය හා කලාපීය දේශපාලන වෙනස්වීම් මතඳ ඒවා වෙනස් විය යුතුය. එදා දෙමළ නිජබිම් අයිතිය ඉල්ලා පොර බැඳූ ලංකාවේ රාජ්‍ය අද ඉංදිය කලාපීය රාජ්‍ය බවට පරිවර්තනය වෙද්දී ඉංදිය කලාපීය බලවත් ජාතින් ලෙස දෙමළ හා මුස්ලිම් ජාතින් බලවත් වී ඇත. මෙම බලවත් වීම හමුවේ සුළු ජාතියක් වූ සිංහල නිජබිම් අයිතිය හා ස්වං තීරණ අයිතිය ඉල්ලා හඬ නඟන්නට අද ගුණදාස අමසේකරලා ප්‍රමුඛ සිංහල ජාතික දේශපාලනයට සිදුවීම එක්තරා දෛව⁣පගත සිද්ධියක්ව පවතී.

අද ඉංදියානු අධිරාජ්‍යවාදී අපේක්ෂාව හා ඒ වෙනුවෙන් වූ ගිවිසුම් ගත එකඟතා මත… මෙතෙක් දෙමළ නිජබිම් අයිතිය හා ස්වං නිර්ණ අයිතිය පඟා දැමූ JVP මාලිමා දේශපාලනය එදා ඔවුන් සමපාත වූ දේශප්‍රේමී දේශපාලනය පඟා දමද්දී…. ඇත්තටම ඒදා JVP හා දේශප්‍රේමී දේශපාලනය සිංහළ රාජ්‍යයක් තුළ පීඩිත ජනවර්ගයක් නොවූ සිංහල ජාතික බලයට පීඩිත දෙමළ ජනවාර්ගය පඟා දැමූ ලෙසින් අද JVP මාලිමා ආණ්ඩුව ලෙස රාජ්‍ය බලය ගෙන ගිවිසුම් හරහා ඉංදියානු කලාපීය බලවත් කමට රාජ්‍ය යටත් කිරීම හරහා ඉංදියානු කලාපීය රාජ්‍යය බලය තුළ දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන්ට නිරායාසයෙන්ම සිංහල බලය යටපත් වීම තුළ තවදුරටත් සිංහල රාජ්‍ය බලයක් ඇතැයි යන විශ්වාසයන්ද නිෂේධණය වනු ඇත.

ඒ නිෂේධණාත්මක බලපෑම අද ගුණදාස අමරසේකර පරම්පරාවට ඔරොත්තු නොදෙන තත්ත්වයට පත් වී ඇත.ලංකාව ගෝලීය ජාත්‍යන්තරයට එකතු වෙද්දී ඒ තුළ රට තුළ වූ ජාතික බලය අහෝසි වී කලාපීය ජාතික බලය පෙරට එද්දී එදා පීඩිත ජාතීන් වූ දෙමළ මුස්ලිම් ජාතින්ද අද පීඩිත නොවන ජාතින් බවට පත් වී ඇති අතර අද පීඩිතයන් බවට පත් වෙමින් ඇත්තේ එදා රාජ්‍ය බලය පැවති සිංහල ජාතින්මය… මේ දෘෂ්ටිවාදී අනාගත දැක්ම එදා අප හොඳින් දැන සිටියාය.

(මෙය මුහුණු පොතෙන් ලබාගත් ලිපියකි)

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *