සෝශියර්ගේ භාෂාව පිළිබඳ විග්‍රහය..!
තරිඳු මෙන්ඩිස්.
Saussure ගෙනාපු විප්ලවය කොපර්නිකන් විප්ලවයකට සමානයි.”මේහිදී කියන්නේ, සාමාන්‍යයෙන් මිනිස්සු තමන්ගේ වචන, එහෙමත් නැත්නම් භාෂාව, තමන්ගේ යථාර්ථය තේරුම් ගන්න අනුබද්ධ දෙයක් විදිහටයි දැක්කේ. ඒ කියන්නේ, අපි ලෝකය ගැන දැනගන්න කලින්, ඒ ගැන දැන ගන්න කතා කරන්න වචන පාවිච්චි කළා. ඒත් සොශියර් කිව්වේ, ඇත්තටම මිනිස්සුන්ගේ යථාර්ථය ගැන තියෙන අවබෝධය, භාෂාව පාවිච්චි කරන විදිහ අනුව හැදෙනවා කියලයි. ඒ කියන්නේ, අපි වචන පාවිච්චි කරලා ලෝකය තේරුම් ගන්නවා වෙනුවට, අපි භාෂාව පාවිච්චි කරන විදිහෙන් තමයි ලෝකය ගැන අපේ අවබෝධය හැදෙන්නේ කියන දෙයයි.

https://media.springernature.com/full/springer-static/image/art%3A10.1038%2F483538a/MediaObjects/41586_2012_Article_BF483538a_Figa_HTML.jpg
චින්තනමය වෙනස.
කොපර්නිකස්, පෘථිවිය සූර්යයා වටා කැරකෙනවා කියලා කිව්වා වගේ, සොශියර් පෙන්නලා දුන්නේ අපි යථාර්ථය තේරුම් ගන්නේ භාෂාව හරහා කියලයි. ඒක රැඩිකල් වෙනසක්.සරලව කිව්වොත්, පැරණි මතය විදිහට තිබුනේ භාෂාව, යථාර්ථය පැහැදිලි කරන්න පාවිච්චි කරන මෙවලමක් ආකාරයටයී. එතකොට සොශියර් ගේ මතය වුනේ භාෂාව, අපි යථාර්ථය දකින්නේ කොහොමද කියන එක තීරණය කරන දෙයක් කියලයි. එතකොට මේක දැවැන්ත චින්තනමය වෙනසක්.
ෆර්ඩිනන්ඩ් ද සෝශියර් කියන්නේ 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ සිටි ඉතාමත් වැදගත් ස්විස් වාග් විද්‍යාඥයෙක්. ඔහු විසින් වාග් විද්‍යාවට නව මඟක් පෙන්වූ අතර, ඔහුගේ අදහස් අදටත් වාග් විද්‍යාව සහ අනෙකුත් විෂයයන් කෙරෙහි බලපෑම් එල්ල කරනවා. ඔහු ගේ ශිෂ්‍යයින් විසින්”සාදාරන වාග් විද්‍යාව පිළිබඳ පාඨමාලාව” නමින් පොතක් එළිදැක්වූ අතර, එහිදී ඔහු ගේ මූලික සංකල්ප කිහිපයක් තේරුම් ගැනීමට උත්සහ දරමු. ඒවා පහත පරිදි දැක්විය හැකියි:1. භාෂාව යනු පද්ධතියක් (Language as a System)සෝෂියර් ට අනුව භාෂාව කියන්නේ වචන එකතුවක් විතරක් නෙවෙයි. ඒක එකිනෙකට සම්බන්ධ වූ සංකේත (symbols) වලින් සමන්විත සංකීර්ණ පද්ධතියක්.
මේ පද්ධතියේදී වචනයක තේරුම තීරණය වෙන්නේ වෙනත් වචන සමග ඇති සම්බන්ධතාවය අනුවයි. සරලව කිව්වොත්, “ගස” කියන වචනයට තේරුමක් ලැබෙන්නේ “මේසය”, “ගෙය” වැනි වෙනත් වචන වලට සාපේක්ෂවයි.2. සංඥාව (The Sign)සෝසුර් සංඥාව කොටස් දෙකකට බෙදුවා: හැගවුම් කාරකය(Signifier): වචනයක ශබ්දමය ස්වරූපය හෝ ලිඛිත ස්වරූපය (උදා: “ගස” යන වචනය). හැගවුම (Signified): එම වචනය මගින් නිරූපණය වන සංකල්පය හෝ අදහස (උදා: ගසක් පිළිබඳ සංකල්පය).සෝෂියර් ට අනුව හැගවුම් කාරකය සහ හැගවුම අතර සම්බන්ධය අත්තනෝමතිකයි (arbitrary). ඒ කියන්නේ ඒ දෙක අතර ස්වභාවික සම්බන්ධයක් නැහැ. “ගස” කියලා කියන්නේ ඇයි කියල කියන්න කිසිම හේතුවක් නැහැ. ඕනෑම වචනයක් භාවිතා කරන්න පුළුවන්. 3 (Synchronic and Diachronic Linguistics)සෝෂියර් භාෂාව අධ්‍යයනය කිරීමේ ක්‍රමවේද දෙකක් හඳුන්වා දුන්නා. සමකාලීන අධ්‍යයනය (Synchronic)යම්කිසි නිශ්චිත කාලයකදී භාෂාව පවතින ආකාරය අධ්‍යයනය කිරීම.

වාග් විද්‍යාවට කල බලපෑම.
භාෂාවේ ව්‍යුහය සහ වචන අතර සම්බන්ධතා මෙහිදී අවධානයට යොමු වෙනවා. විපර්යාසීය අධ්‍යයනය (Diachronic) කාලයත් සමග භාෂාවේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරීම. වචනවල අර්ථය වෙනස් වීම, නව වචන එකතු වීම වැනි දේ මෙයට ඇතුළත්.සෝශියර්ගේ මතය වාග් විද්‍යාවට විශාල බලපෑමක් කළා. ඔහුගේ මතවාදයන් භාෂාව පිළිබඳ නව කෝණයකින් බැලීමටත්, භාෂාවේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමටත් උපකාරී වුණා.
“Cours de linguistique générale” පොතේ, මේ අලුත් විදිහේ කල්පනාව පැහැදිලිවම මුලින්ම දකින්න පුළුවන්. වචන කියන්නේ, සොබාදහම විසින් කලින්ම හදපු දේවල් වලට සහ ගුණාංග වලට අමුණලා තියෙන කටහඩේ ලේබල් නෙවෙයි.”මේකෙන් කියන්නේ, සාමාන්‍යයෙන් මිනිස්සු හිතුවේ වචන කියන්නේ, සොබාදහමේ තියෙන දේවල් වලට අපි දෙන නම් විතරයි කියලා. උදාහරණයක් විදිහට ගත්තොත්, ගහක් තියෙනවා, අපි ඒකට “ගහ” කියලා නමක් දානවා. සෝෂයර් මේක ප්‍රතික්ෂේප කරනවා. සෝශියර්ගේ මතයට අනුව, වචන කියන්නේ, සොබාදහමේ තියෙන දේවල් වලට අපි දෙන නම් විතරක් නෙවෙයි.
ඒකෙන් අදහස් වෙන්නේ, වචන වල තේරුම තීරණය වෙන්නේ ඒවා අතර තියෙන සම්බන්ධතාවය අනුවයි. “ගහ” කියන වචනයේ තේරුම, “ගහ” නැතිනම් “tree” කියන වචනය අපි අනිත් වචන එක්ක කොහොමද පාවිච්චි කරන්නේ(වෙනස) කියන එක මත තීරණය වෙනවා. වචනයකුයි, අර්ථයකුයි අතර සම්බන්ධයක් ස්වභාවයෙන්ම නැහැ. “ගහ” කියන එකට ඒ නමම දෙන්න කිසිම හේතුවක් නැහැ. සෝශියර්ගේ මතය අනුව, භාෂාව කියන්නේ එකිනෙකට සම්බන්ධ වචන වලින් හැදුනු පද්ධතියක්. තනි වචනයකට ස්ථාවර තේරුමක් නැහැ, ඒ වෙනුවට තේරුම හැදෙන්නේ වචන අතර වෙනස්කම් සහ සම්බන්ධතා වලින්. භාෂාව එක කාලයකදී අධ්‍යයනය කරන එක (සමකාලීන) සහ කාලයත් සමග භාෂාව වෙනස් වෙන ආකාරය අධ්‍යයනය කරන එක (අතීතමය) වෙනස් ආකාරයක් බවයි.
භාෂාව අප යථාර්තය දකින විදිහ බවට පත්වීම.
සෝෂයර් ගේ Cours de linguistique générale බටහිර සමාජයේ මිනිසා ගැන ඇතිවූ චින්තන ඉතිහාසයේ අද්විතීය ස්ථානයක් හිමි කරගන්නවා. එය, වාග් විද්‍යාවේ දියුණුව තුළ පමණක් නොව, විසිවන සියවසේ පුළුල් බුද්ධිමය ව්‍යාපාරයක් ලෙස හැඳින්වෙන Structuralism ගොඩනැගීමේදීද ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නා.සෝෂයර්ගේ අදහස් භාෂාව ගැන විප්ලවීය වෙනසක් ගෙනාවා. ඔහු වචන අතර වෙනස්කම් සහ සම්බන්ධතා මගින් අර්ථය නිර්මාණය වන ආකාරය ගැන අවධානය යොමු කළා.ඔහුගේ අදහස් සාහිත්‍ය විචාරය, මානව විද්‍යාව, දර්ශනය සහ මනෝවිද්‍යාව ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට බලපෑ අතර, Structuralism වර්ධනය වීමට එය මහෝපකාරී වුණා. Structuralism මගින් සාහිත්‍යය, මිථ්‍යාවන් සහ සමාජ ව්‍යුහයන් වැනි මානව සංස්කෘතියේ විවිධ අංග සංඥා පද්ධති ලෙස විශ්ලේෂණය කිරීමට උත්සාහ කළා.
භාෂාව, මිනිස් මනස තුළ ස්වාධීනව පවතින අදහස් පිළිබිඹු කරනවාය යන අදහස සෝෂයර් ප්‍රතික්ෂේප කරනවා. අපි මුලින්ම හිතනවා, ඊට පස්සේ ඒවට වචන දානවා කියන අදහසට ඔහු අභියෝග කරනවා. සෝෂයර් අවධාරණය කරන්නේ භාෂාව සමාජ අන්තර්ක්‍රියාවලින් නිර්මාණය වන බවත්, ඒක සාමූහික නිෂ්පාදනයක් බවත්ය. භාෂාව අප යථාර්ථය විශ්ලේෂණය කරන සහ තේරුම් ගන්නා ආකාරය හැඩගස්වන මූලික රාමු සපයන බව ඔහු තර්ක කරනවා. ඔහුගේ කොපර්නිකන් විප්ලවය මෙතනට එනවා. භාෂාව අප යථාර්ථය දකින විදිහ බවට පත් වෙනවා.ඒ සමගම, භාෂාව අපි ලෝකය විස්තර කිරීමට භාවිතා කරන වාචික මෙවලම් (වචන මාලාව, ව්‍යාකරණ, ආදිය) සපයයි. භාෂාවක ව්‍යුහය සහ වචන මාලාව තුළින් අප යථාර්ථය වටහා ගන්නා සහ තේරුම් ගන්නා ආකාරය අනුව තේරුම් ගත හැකි වන ලෙස සංකල්ප සපයයි.