| |

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, ආත්මය සහ ඊගෝ එක..!

image source
https://data.atomiyme.com/image/3e460596703c0ea7.jpg

ෆ්‍රොයිඩ් පැහැදිලිකල ” ආත්මය” පිළිබඳ සංකල්පය.

Sigmund Freud.

අපගේ එදිනෙදා අත්දැකීම් බොහෝ විට කැබලිවලට කැඩී ඇත. අපි විවිධ ආශාවන්, හැඟීම් සහ විශ්වාසයන් අතර බෙදී යා හැක. ‘ආත්මය’ මෙම බෙදීයාම් පිටුපස සැඟවුණු එකමුතුවක් පවතින බව පෙන්වයි. අපගේ සැබෑ අභිප්‍රේරණයන්ගෙන් අපි වෙන් වී සිටිමු. අප ඇයි එසේ කරන්නේ දැයි අපට නොතේරෙන ක්‍රියාවන්හි අපි නිරත විය හැකියි. මෙහි වැදගත්ම කාරණය වන්නේ, ‘ආත්මය’ සාමාන්‍යයෙන් අප හඳුනා ගන්නා ‘මම’ නොවන බවයි. එය අපගේ විඥානයෙන් බැහැරව පවතින වෙනස් දෙයකි. එමනිසා, මෙම ප්‍රකාශය අවධාරණය කරන්නේ, නොදන්නා සිතුවිලි, අපගේ සිතුවිලි සහ හැඟීම් සමූහයක් පමණක් නොව, අපව හැඩගස්වන මූලික වශයෙන් ‘බාහිර ’ බලයක් බවයි. මෙම ‘බාහිරත්වය අපට තේරුම් ගත හැකිද.

මනෝවිශ්ලේෂණයේ ප්‍රිථිකාරයේ අරමුණ.

ඔහුගේ හෝ ඇයගේ තිබෙන ආශාවේ අවහිරතා වලට මුහුණ දීමේදී ඇති වන ගැටළු වටහා ගැනීමයි. ලැකාන්ගේ ප්‍රධාන විවේචනය වුනේ අනෙකුත් මනෝ විශ්ලේෂණ දිශානතියන්ගේ සායනික දිශානතියන් පිළිබඳවයි.” ලැකාන්ගේ මනෝ විශ්ලේෂණ ක්‍රමය අනෙකුත් ප්‍රවේශයන්ට වඩා වෙනස් වන්නේ( ෆ්‍රොයිඩ්වාදය, ජුංගියානු ක්‍රමය) මෙ හේතුව නිසයි. අනෙකුත් ක්‍රමවල අරමුණ වන්නේ රෝගියා සතුටින් තැබීම, සමාජයේ සාර්ථක කෙනෙකු වන්නේ කෙසේද හෝ පුද්ගලික ඉලක්ක සපුරා ගැනීම විය හැකියි. නමුත් ලැකාන් ඊට වඩා ගැඹුරු දෙයක් ගැනයි කතා කරන්නේ. ලැකාන්ගේ අරමුණ වන්නේ රෝගියාට තමන්ගේ පැවැත්මේ මුලික හරය,  (elementary coordinates) තේරුම් කර ගැනීමටත්, තමන්ගේ ආශාවන් නිසා ඇතිවන ගැටළු සහ අවහිරතා (deadlocks) හඳුනා ගැනීමටත් උපකාර කිරීමයි.

Jacques Lacan.


අවහිරතාවල ස්වභාවය.

තරිඳු මෙන්ඩිස්.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *