සෞම්‍යගේ කතාවේ සරල පරිවර්තනය…

ග්‍රීසියේ යානිස් වරුෆාකිස්ගේ ඉඳල කෙන්යාවේ PLO ලුමුම්බා දක්වා හැමෝම පිළිගන්නා දෙයක් තමයි විසිඑක් වන සියවස කියන්නේ අදහස්වල සියවස කියන එක (the century for ideas). අදහස් ගොඩක් වෙලාවට සමන්විත වෙන්නේ වචන වලින්. අදහස් ප්‍රකාශ කරන්න වචන ඕනි. විශාල වශයෙන් විසිඑක් වන සියවසේ දේශපාලනය පවා මේ ‘අදහස් යුද්ධය’ ඇතුලට ඇවිල්ල ඉවරයි.
above image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_afe865d2dd.jpg
යම් කිසි මොහොතක අදහස්වල සහ වචනවල ආධිපත්‍යය තමන් සතුකර ගන්නා දේශපාලන ව්‍යාපාරය එකී සමාජය ඇතුලේ දේශපාලන අර්ථයේ සහ අර්ථකතනයේ ආධිපත්‍යය සතුකර ගන්නවා. ඒ නිසා අදහස්වල තරඟය මේ වෙද්දී ‘අදහස් යුද්ධයක්’ දක්වා ඉදිරියට ඇවිල්ල තියනවා. ඕනිනම් කියන්න පුළුවන් මේ තියෙන්නේ දෘෂ්ටිවාද අතර යුද්ධයක් කියලත් (ideological war).
මේ යුද්ධය සඳහා මේ මොහොතේ හේතුවෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය. ඒවා ඇත්තටම අදහස් වලින් තමයි පිරිලා තියෙන්නේ. අදහස් ප්‍රකාශ කරනවා. ෂෙයා කරනවා. ලයික් කරනවා. හා හා දානවා. ඒ හැම අදහසක්, ෂෙයා එකක්, ලයික් එකක්, හා හා එකක් හරහාම සකබර්ග් තමන්ගේ ‘වලාකුළු ප්රාග්ධනය’ (cloud capital) වැඩිකර ගන්නවා. ඒ වලාකුළු ප්රාග්ධනයේ ගෝලීය හිමිකරුවන් තමයි ගූගල්, සකබර්ග්, එලෝන් මස්ක්, ජෙෆ් බයෝස් වගේ අය. එයාල මේ අදහස් යුද්ධයට කැමතියි. මොකද ඒක විසින් මේ මානව ඉතිහාසයේ ලොකුම ප්රාග්ධනය කොහේදෝ වලාකුළක උපදවමින් සිටින නිසා.
මාලිමාවේ මහාචාර්ය සෞම්‍ය ලියනගේගේ කතාවට බණින වගේම ඒක උත්කර්ෂයට නංවන ගොඩක් අය අමතක කරන දෙයක් තමයි ඉහත අදහස් යුද්දයේ මේ වෙලාවේ ලාංකික ජයග්‍රාහකයා මාලිමාව කියන එක. දේශපාලනය පැත්තෙන් ගත්තම අනික් කාටවත් ඒ තැන ගන්න ලැබුණේ නැහැ. පුනරුදයේ ඉඳල දේශපාලන සදාචාරයේ ඉඳල මඩේ පිපෙන නෙළුම දක්වා අදහස් ගොඩාරියක් මාලිමාව විසින් පාවිච්චි කරනවා ඔයාල අහල ඇති.
ඉතින් සෞම්‍ය කලේ මේ අදහස් සහ වචන යුද්දයේ එක සංධිස්ථානයක් මාලනීගේ අවමගුලේදී සනිටුහන් කරපු එක. අනික් පක්ෂයක් බලයේ හිටියනම් කරන්න තිබ්බ ‘සාමාන්‍ය මළගෙදර කතාවකින්’ මේ කතාව ඔබ්බට ගෙනියපු එක. ඒක නිකම් පණ්ඩිතකම පෙන්නන්න කරපු එකක් නෙවෙයි කියන එක තමයි මගේ මතය. ඉන් එහා දේශපාලනයක ප්රකාශනයක් ඒක. කට්ටිය පොඩ්ඩක් හෙල්ලුම්කෑවේ ඒ නිසා.
ඒක තේරෙන්නේ නැහැ කියන හැමෝම වක්‍රව කියන දේ තමයි මේ අදහස් සහ අදහස් ප්‍රකාශ කිරීමේ ‘වචන යුද්දය’ ඇතුලේ තමන් තවම ඉන්නේ පහල නැත්නම් සාමාන්‍ය තැනක කියන එක (mediocre level). යම් යම් ඇකඩමික සහ එසේ නොවන පුද්ගලයින් කිහිප දෙනෙක් හරහා මාලිමාව මේ අදහස් යුද්දයේ (නැත්නම් සංකල්ප යුද්දයේ) ඉහල තැනකට ළඟාවෙලා තියනවා කියන එක.
ඒක ඔවුන්ගේ පැත්තෙන් ප්‍රාග්ධනයක්. හිමිකාරීත්වයක්. සරලම විදියට කිව්වොත් සෞම්‍ය කළේ යුද්දයක්. අදහස් යුද්දයක ප්රකාශනයක්. අයිතිය ප්‍රකාශකිරීමක්.
