|

සෝමවංශ අමුම අමු පිස්සෙක්..!

පෙරවදන ඉවර කරන්න කලින් මේ ටිකත් කියන්න ඕන. රතු පාටින් තියෙන්නෙ සෝමවංශ 1997/98 කාලෙ අබේසිංහට ලියපු ලිපිවලින් ගත්තු කොටස් . ” ඕව අබයගෙ පච ” පච වලටනම් දැරූ පචෝරිස්ල ඔය වගේ අවජාතක කතාවක් කියාවි . ” කතා ඕන නෑ . චැලේන්ජ් එක බාර ගනිව් ! උද්ඝෝෂනවල පෝස්ටර් කියවලම ” ගනිව් ” කියන නොසරුප් වචනෙ ලියවුනා . සමාවෙන්න. ඒ වෙනුවට ” ගන්න “යන ශීලාචාර වචනෙ යොදා “ගනිව් “හුටා! ආයෙ ඒකම කෙරුව. ” ගනිව්” නෙවි “ගන්න”. ජන්මෙට වැඩියෙ පුරුද්ද ලොකුයි කිව්වලු. ඇයි අර තව කතාවක් තියෙන්නෙ ” බලු වලිගෙ ඇද ඇරුනෙ කවදද” කියල. සිහි කල්පනාවෙන් බලං උන්නොත් මේ වගේ බලු වලිග ඇතිපදං මේ දවස්වල බලා ගතෑකි. ” සෝමවංශ ඔහොම ලියල නෑ. පුලුවන්නං ඔප්පු කරපං ” ” හරි, චැලේන්ජ් එක බාර ගත්ත. මොනවද ඔට්ටු ? නිකං පඩික්කං හලන්නෙ නැතුව හා නං හා , බෑ නං බෑ . උඹල දින්නොත් මගෙන් රු: ලක්ෂ 10 යි . නැත්තං උඹලගෙන් ලක්ෂ 5 යි. නිකං හුච හුච නොගා අභියෝගෙ බාර ගනිල්ල. හරි නේ. ඒ ගැන එච්චරයි. ඒ සිංහ ( අමරසිංහ ) ගැන මේ සිංහ ( අබේසිංහ ) ගෙ මතකය මකන්න ලේසි නෑ. වෙන උන් වගේ අදුර්මිස්ට(ර් )යෙක් වෙන්න මට බැහැ. මේ පෙල ගැහෙන්නෙ ඒ අතීත කතාව . “මාකස් අබයා කියන්නාවූ මේ කරුනු සත්‍යවාදී සැබෑනං, සෝමවංශ පිස්සු වට්ටපු උන්ගේ ඔලගෙඩි වලට වැහි නැති හෙනගෙඩි පාත් වී ඉස්මුදුන් හත් කඩකට පැලේවා.! පැලේවා.!! පැලේවා.!!! සතර අගතියෙන් දුගතියට නොගිය, ඕනම සත්පුරුසයෙකුට එහෙම හිතේවි. ඒත්… ” පව් කාරයාට නොව පවට ගල් ගසන්න ” ජේසු ස්වාමිදරුවාණන්. ආමෙන් ! හොඳයි, එහෙමනං, මේ මං දැකපු, මං අහපු, මං කියවපු සෝමවංශ අමරසිංහ .

image source-https://www.lankaweb.com/news/items/wp-content/uploads/2016/06/dharman18061502.jpg

අමර / අබේ සිංහලා එකම පක්ෂයක, දෙරටක සිටින දේශපාලන මිතුරන් ( පාක්ෂිකයන් ) දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදාත්මක ස්වරූපයේ ලිපි හුවමාරුවක් ලෙස හැඟී ගියා. ඔබේ ( අබේ ) පැත්තෙන් යැවෙන ලිපිවලට පිලිතුරු ලෙස අමර (සිංහ)යන් ඔබ අමතා ඇති දීර්ඝ ලිපිපෙල ඔහුගේ අදහස්, විවේචන සහ සුහදම ඇමතීම් වලින් පෝෂිතව ඇත. ඔහු, අමරසිංහයන් කථානායක ලෙස මේ ලිපිපෙල පිටතින් බලන්නෙකුට පෙනීයනු ඇත. ඔබ ඒ තුලින් මතුවෙන්නේ ඔහුගේම අදහස් අනුව ඔහු හැසිරවීමට, පෙලඹවීමට ප්‍රයත්න දරන අයෙකු ලෙසයි. ඉංදීයවේ ගාන්ධි පවුලේ ජවහල් නේරු තුමා හා ඉංදිරා ගාන්ධි මැතිනිය අතර හුවමාරු වූ මෙවැනි ලිපි පෙලක් මෙහිදී මතකයට නැගුනා. එහෙත් අමරසිංහයන් කරුනු ඉදිරිපත් කිරීම අතින් ඊට වඩා ප්‍රශස්ථ මට්ටමක සිටිබවයි හැඟීයන්නෙ. ඔහු ශ්‍රී ලාංකික සමාජයේ විජේවීර භූමිකාවට පන පොවන්නට කරන උත්සාහය මුල් ලිපිවලින් සනාථ වන අතර පසුව එන ඇතම් අදහස් ඔබගේ බලපෑම් තුලින් ඉන් ඉදිරියට යෑමට, පක්ෂයට නව මුහුනුවරක්, නව පනක් ලබා දීමට ඔහු තුල තිබූ උවමනාව පෙන්නුම් කරයි .

ඔහු, ඔබ දකින්නේ පරිනත කෙනෙකු ලෙසයි. ඇතම් විට ඔබද අදහස් “ඉදිරිපත් කිරීමේදී ” වෙනස් විය යුතු බව ඔහු ඔබේ උපහැරන ගොඩවල් දෙකකට බෙදා වෙන් කිරීමෙන් පැහදිලි වේ. ශ්‍රී ලාංකික සමාජය 20 වන සියවසේ අවසන් කාර්තු දෙක තුල අගාධයට ඇද වැටී ඇති අයුරු ඇතම් කෙටි සඳහන් තුලින් මොනවට පැහදිලිවේ. චන්ද්‍රිකා මැඩම් ගේ ක්‍රියාකාරකම් මෙන්ම එජාප ක්‍රියාකාරකම්ද ඔහුගේ වචන වලින් පෙන්වා දී ඇති ආකාරය ඊට නිදසුන් සපයයි. ජවිපෙ වත්මන් පරපුර හා පැරණි නායකයින් අතර ඇති පරතරය වර්තමානය වන විට එහි ඇතිවී තිබෙන පරිනාමය ඔහු ඈත සිට දැක ඇති ආකාරය ඔහුගේ ලිපි වලින් සනාථ වී ඇත. එය ප්‍රසස්ථ නායකයෙකුගේ ස්වරූපය පෙන්නුම් කරන සාධකයකි. ඔබ අදහස් කරන්නේ මෙම ලිපි ග්‍රන්ථයක් ලෙස එලි දැක්වීමට නම් ඔහු ඇමතූ ඔබේ ලිපිද සම්බන්ධ කර “අමර -අබේ (සිංහ )” නමින් ඉදිරිපත් කිරීම ආධුනික දේශපාලන නායකයින්ට මෙන්ම ප්‍රශස්ථ පාඨකයින්ගේ ප්‍රයෝජනයට හේතු විය හැකියි. එය මියගිය අමරසිනංහයන්ට පිදෙන උපහාරයක්ද වෙනු ඇත.

එදා, වසර 9 ට පෙර ,සෝමවංශ අමරසිංහ ගේ අවමංගල සභාව අමතා මාකස් අබේසිංහ විසින් පවත්වන ලද කථාව.

ඔහුගේ 9 වන ගුන සැමරුම පවත්වන මේ මොහොතේ ( 2025 ජූනි 15 ), සෝමවංශ අමරසිංහ නාමයට පිදෙන උපහාරයක් ලෙස මෙසේ සටහන් කරමි.

පියසේන අමරසිංහ සහෝදරයගෙන් අවසරයි. මම දන්න ඒත්, වෙනත් අය නොදන්න සොමවංශ අමරසිංහ ගැන ඇබිත්තක් කියන්න අවසර දෙන්න. 76 යේ නත්තල් දා හිරෙන් නිදහස් වෙලා ඇවිත් වැඩි දවසක් නෑ. මං හම්බ වෙන්න RMV එකට ආවෙ මෝටර් සයිකලේ පැවරීමට අවශ්‍ය වැඩ වගේකට. ඒක විකුණල තමයි ” නියමුවා ” පත්තරේ පටන් ගත්තෙ . මෙතන ඉන්න කවුද දැනං උන්නෙ පක්ෂෙට මුලින්ම සේලයින් දුන්නෙ මේ මනුස්සය කියල. මට මතක් වෙනව මං බැංකොක් ඉන්නකොට බිරිඳගෙත්(අයිරාන්ගනී අක්කගෙ) පුතාගෙත් ගුවන් ටිකට්පත් දෙක මට එවල කියපු කතාව.” රිෆන්ඩ් කරල, සල්ලි බැංකොක් වලට එන අපේ සහෝදරවරුන්ගෙ නඩත්තුවට තියා ගන්න. මට එවන්න එපා . ” මේ කියන්නෙ සරනාගතයෙක් විදියට ලැබෙන සොච්චන් මුදලින් ජීවිතේ ගැට ගහගන්න සෝමවංශ. ඒ විතරක් නෙවි, 97 දි මට චෝදනා කරනව ” මගේ හිඟන දීමනාවෙනුත් මං පක්ෂෙට සාමාජික මුදල් ගෙවනව. ඇයි මං ගෙවන්නෙ නැත්තෙ” කියල. 98 දි විතර මට එවපු ලිපියක තියෙනව ” සල්ලි වලින් මාව හේ කරන්න බෑ වගේම මම වෙන කෙනෙකේ ඒ ජරා වැඩේට පොලඹවන්නෙත් නැහැ ” කියල. කෝටිපති ජාවාරම් කාරයින්ගෙ සාක්කුවල ලැගල ඉන්න ” ඉකේ සහෝදරවරු ” එක්ක සසඳද්දි සෝමවංශ අමරසිංහ නාමය අමරණීය නැද්ද? තමන්ටෙයි කියල සත පහක් නැතුව මැරිච්ච මනුස්සයෙක් මේ ඉන්නෙ . කඳුලු පිසදා ගන්න. එහෙමෙයි කියල එයා කවදාවත් දුක් උනේ නෑ. එහෙමනං ඇයි අපි දුක් වෙන්නෙ? දුකයි තමයි.

කරපිංච මිටියකට වත් වංචා නොකරපු අවංක මනුස්සයෙක්. කරපිංච මිටියෙ කතාව පැහදිලි නොකලොත් අඩුවක්. දවසක් රෑ මං ගියා සෝමවංශගෙ ගෙදර. මේ 89 මුල් කාලෙ දවසක්. සෝමවංශත් ගෙට ගොඩ වෙලා වැඩි වෙලාවක් නෑ. දවසේ ගෙදර වියහියදම් අම්මගෙන් අහ අහ ලියමින් ඉන්නව. රෙජිනෝල්ඩ් පැට්‍රික් ගෙ අම්ම බර්ගර්. වයසයි. රෙජිනෝල්ඩ් සුදුයි බැලුවම බර්ගර්ම තමයි. ඒ අම්මගෙ ඇත්තම පුතා ඉන්නෙත් මේ ගෙදර. පිට මිනිස්සුන්ට හැබෑම බර්ගර් පවුලක්.(89 අරගල කාලයේදී සෝමවංශ සහෝදරයා ආරක්ශාව සඳහා මව සහ පුතෙක් සිටින බර්ගර් පවුලක රෙජිනෝල්ඩ් නමින් වැඩිමහල් පුතා ලෙස හෝමාගම මාකුඹූරේ මාකස් අබේ සොයාදුන් කුලී නිවසක කාලයක් පදිංචි වී සිටින ලදී ) හරි, ඒක වෙන කතාවක්. රෙජිනෝල්ඩ් ගිනුම් ලියමින් ඉන්න අතරෙ ” අම්මේ අද කරපිංච ගෙනාවෙ නැද්ද ? ” “ගෙනාව” “කීයද ගාන ? ” ” මොනවද අප්පච්චියේ කරපිංච මිටියත් ලියන්න ඕනද ? ” මට කිය උනා . ” මේව ජනතාවගෙ සල්ලි. පික් පොකට් ගහන්න නෙවි තියෙන්නෙ ” මට කට උත්තර නෑ. අත් දෙක බැඳල තිබුනත් අශූචි තැම්බක තියෙන රුපියලයත් දිවෙන් ගන්න උන් අතර සෝමවංශ පට්ට මෝඩයෙක් කියල හිතෙනවද ? මේ වගේ සරල නිහතමානී මනුස්සයෙක් මම ජීවිතේට ජෙප්පො අතරනං දැකල නෑ. ඒ වෙනකොට (86/ 88 ) මගේ දුව පුංචියි. එනකොට චොකෝ මෝල්ට් දෙකක් ගේන්න වරද්දන්නෙ නෑ. දුවට ” චොකෝ මාම” නැත්තං “රැවුල් මාම”. ඒ උඩු රැවුල නිසා. දෙපාමුලට හෙන ගැහුවත් ගානක් නෑ. දවසක් රෑ, හෝමාගම කැන්දලන්දෙ 1 වන පටුමගේ අපේ ගෙදර ඉඳල පාරට එනව බස් එක ගන්න. තරමක පොද වැස්ස. හෙනයක් පාත් උනා. දැනුනෙ හරියට දෙපා මුලට වගේ. ” තව ඩිංගෙන් හෙට පත්තරේ හෙඩිමට යන්න තිබුන. අන්න අරුං දෙන්නට ඊයෙ රෑ හෙන ගහල කියල”. මාව ෂොක් උනාට මෙයාට ගානක් නෑ. ” සෝමවංසට පිස්සු. පක්ෂෙන් ගියේ පිස්සුව තද වෙලා. පිස්සු ටැබ්ලට් අරගෙන නෑ. ‘ ඔය බේගල් ප්‍රචාරය කරද්දි මට සිද්ද උනා මම එදා ආදර‍ය කල සෝමවංස සමග මගේ දුවගෙ වෙඩිං එකට සහභාගි උන ජිනදාස කිතුලෙගොඩට කෝල් කරල කියන්න, ” ඔය ජරා වැඩේ නවත්තන්න කියන්න. මං සිරි අයියව මාස කීපෙකට නව සීලන්තෙට ගෙන්න ගන්නං ” “හරි අබේ , මං කරන්නං. අනේ අබේ කොහොමහරි අයියව ගෙන්න ගන්න . ” ගෙන්න ගන්න හැදුවට, එන්නං එන්නං කිව්වට, එන එක පස්සට දැම්ම. එදා ආවනං මෙදා ඉතිහාසය වෙනස් වෙන්න තිබුන, 2015 දි මං ලංකාවට ගිය වෙලේ මට ඕන උනා ඇත්තටම ඔය කියන විදියෙ මානසික තත්වයක් තියෙනවද කියල බලා ගන්න . එයාටත් ඕන උනා හම්බ වෙලා කතා කරන්න. ස්ථානය හොරන රංජිත් සපුතන්ත්‍රිගෙ ගෙදර . ලංකා බැංකුවෙ ලොකු පුටුවක පොඩිකමට ඉඳල පැන්ෂන් අරන් දැං වැරන්ඩා එකේ හාන්සි පුටුවට වෙලා කල නොකල අනං හා මනං ගැන හිතමින් වැඩිපුර කාලෙ ගෙවනව. මගේ ඉල්ලීම උනේ ” මචං හොඳට විමසිලිමත්ව ඉඳල මට කියපං සෝමවංශට ඔය කියන විදියෙ අසනීපයක් තියෙන බවක් උඹට පේනවද කියල. රංජිය මනෝ වෛද්‍ය වරයෙක් නූනට හොඳ මීටරයක් වගේම ස්වාධීන පුද්ගලයෙක්. උගේ නිරීක්ෂණ වාර්ථාව මේ ” මොන බූරුවද කියන්නෙ එයාට පිස්සු කියල? ” එදා වෙච්ච මේ කතාවත් කියලම ඉන්නං, ගෙදර ලොකු රෙපයාර් එකක් හිංද රෑ කෑම කඩෙන්. ” බඩ ගිනියෝ ” රන්ජියට ඇහෙන්න කියනව. රංජිය ගියා කෑම ගේන්න. පරක්කුයි. ” උද්ඝෝෂණයක් කරමුද ? ” මේ මනුස්සයගෙ සරල කමට වෙන කතා ඕනද ? සමාවෙන්න කතාව දිගට ඇදිල ගියාට. මේ ටිකත් කියලම මගේ කතාව අවසන් කරන්නං.

ඉදිරියේදී බලාපොරොත්තු වන්න..

  • අබේ අමරෙට ටියුෂන් දෙයි.
  • TOO good is no Good.
  • අමරෙ කෙළවගත්තු හැටි.
  • එහෙනම් “මාළීමාව” මුං දෙන්නගෙ නිශ්පාදනයක්..ඈ..!
  • කියන නාහන ගුරු ඉහලයතත් පල, පහල යතත් පල, කිව්වලු මාකස් අබේ.. (කාටද…සෝමවංශ අමරසිංහට)

S. Abeysinghe.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *