ශ්‍රී ලංකා -ඉන්දියන් පාළම..!

above bridge’s image source_https://organiser.org/wp-content/uploads/2024/06/palk-strait-bridge-jpg.webp

මෙයින් සිහියට එන්නේ 1956 දී තිරගත වුණු ඩිංගිරි මැණිකා චිත්‍රපටයයි. පියදාස සිරිසේනයන්ගේ නවකතාවකට අනුව, ඒ.එස්.ඒ සාමි මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිපදවූ මෙහි කතාවට අනුව සුරූපී ඩිංගිරි මැණිකා සොරුන් විසින් පැහැරගෙන ගොස් වනාන්තරයක සිරකර තබයි. ඇය සෙවීම සදහා වනාන්තරයට පිවිසෙන්නේ රහස් පරීක්ෂක කෝන්ගොඩ වික්‍රමපාල ය. ඩිංගිරි මැණිකා සොයමින් ඝණ වනාන්තරයේ ඇවිදින කෝන්ගොඩ වික්‍රමපාල පාළු වලකට වැටෙන්නේය. වනාන්තරය මැද කිසිම පිළිසරණක් ඔහුට නොතිබිණි. මුහුණදීමට තිබුණේ ඉරණම් දෙකකට පමණි. කෙසේහෝ වලෙන් ගොඩට ඒම හෝ නැත්නම් මරණයට මුහුණ දීම පමණි. වලෙන් කෙසේ හෝ උඩට යා යුතුමය. ඔහු උත්සාහ කලේය. වැල් පොටක එල්ලී උඩට ඒමට උත්සාහයක යෙදුනේය. ඔහුගේ අවාසනාවකට වැල් පොට කඩා වැටුනේය. ඒත් ඔහුට උත්සාහය නම් කෙසේවත් අත්හැරිය නොහැක. ඔහු දෙවෙනි වරටද වැල් පොටක එල්ලී උඩට නැගීමට උත්සාහ කරනවිට එයද කඩා වැටුනේය. තව ඉතිරිව ඇත්තේ එකම එක වැල් පොටක් පමණි. එම වැල් පොටේ එල්ලී උඩට ඒමේ දී එයද කඩා වැටුනේය. උඩට ඒමට තිබූ සියලුම වැල් පොටවල් කැඩී ගොස්ය. ජීවිතයත් මරණයත් අතර සටනින් මරණය දෙසට ගමන් කරමින් සිටියේය. දැන්නම් කිරීමට කිසිම දෙයක් නොමැත. නමුත් ජීවිතය, එය බේරා ගැනීම සදහා කළ නොහැක්කක් නොමැත. ඔහු වෙනත් කිරීමට කිසිම දෙයක් ඉතිරිවී නොතිබුණු හෙයින් එම වල පතුළේ ගොඩගැසී ඇති ඝණ කොළරොඩු තට්ටුව පහුරු ගාන්නට පටන් ගත්තේය. වෙන නම් කළයුතු දෙයක් නම් නොමැත. කොළරොඩු තට්ටුව හනිහනිකට පහුරුගෑම දිගටම කරගෙන ගියේය.

අඳුරු වළ තුළ ජීවිතය ඉතාම කෙටිය. ඒ ටිකද ඉතාම අමිහිරිය. නමුත් ගොඩබිමට ආවිට, මේ මුහුදෙන් වටවූ බිමේ, ජීවිතය ඉතාම අගනේමය. රට වටා නීල දිය දහරය. කොලම කොළ පාට වන වදුළු වලින් මුළු පොළවම වැසී ඇත්තේය . අහස් ගැබේ හිරුද, සඳුද, තරුද, බැබලෙන්නේය. සූදුම සුදුපාට වළාකුළු නීල අහස්තලයට යටින් පාවෙන්නේය. කොතරම් ලස්සනද, කොතරම් මිහිරිද, කොතරම් සුන්දරද , කොතරම් ආදරේද, කීමට වචන නැත, සියල්ලටම ආදරේමය.

ගොඩබිම, දිවයින, නැතහොත් ශ්‍රී ලංකාව බාහිරින් බැලුවිට එහි පරිසර අලංකාරය නම් ඉතාමත්ම උසස්වූ මට්ටමක ඇත්තේමය . ඒනම් භාහිර පෙනුමයි. නමුත් අභ්‍යන්තරයෙන් ශ්‍රී ලාංකික සමාජය දෙස බැලීමේදී තත්වය මීට ඉඳුරාම වෙනස්වන්නේමය. ශ්‍රී ලාංකික ජනසමාජයේ බහුතරයක් වූ දෙනාට තමන්ගේ මූලිකම අවශ්‍ය තාවයන් සපුරාගැනීමට නොහැකි තත්වයක පසුවන්නේමය. ඒවා ප්‍රශ්ණ බවට පත්වී ඇත්තේමය. ළමා හා වැඩිහිටි මන්දපෝෂණය දිනෙන් දින උග්‍ර වෙමින් පවතියි. රෝගී ජනතාවට ප්‍රතිකාර සහ බෙහෙත් නිසි පරිදි ලබාගැනීමට නොහැකි වී ඇත්තේ පවතින අධික මිල ගණන් නිසාය. මුඩුක්කුවල, පැල්පත් වල, පදිකවේදිකාවල, බස් නැවතුම් පොලවල, වීදිවල, පාලම් යට, ලයින් කාමරවල, වෙසෙන ජනතාවගේ ගණන වැඩිවෙමින් පවතී. මුදල් මතම ඉගෙනීම සීමාවී ඇත්තේය. මගී ප්‍රවාහනය ජීවිතයත් මරණයත් අතර වූ තරඟයකි. ජීවන වියදම දිනෙන් දින ඉහළ නගිමින් තිබෙන්නේය. ජීවන තත්වය දිනෙන් දින පහළ යමින් තිබෙන්නේය . ඒ සමගම මත්ද්‍රව්‍ය ය නිසා සිදුවෙන පරිහානිය වැඩිවෙමින් පවතී. මිනීමැරීම් මංකොල්ල පැහැරගනී ම්, හදිසි අනතුරු ප්‍රමාණයන් දිනෙන් දින වැඩිවෙමින් පවතී. මේ සියලුම දේවල් වලින් පීඩනයට පත්වූ ජනතාව හොදටම හෙම්බත්වි සිටින්නේ මය. ගොවි, කම්කරු, වතුකම්කරු, ධීවර, වෙද, ගුරු ඇතුළු සමස්ත ජනතාවම මහත් වූ පීඩනයකට පත්වී සිටින්නේය.

වඩාත්ම ඛේදජනක ප්‍රශ්නය වන්නේ, ප්‍රශ්ණ තිබීම නොව දීර්ඝ කාලයක් තුල තමන්ගේ අවශ්‍ය තාවයන් ප්‍රශ්ණ බවට පත්වී ඒවා සමග ජීවත් වීමට ජනතාව හුරුවී සිටීමය. මෙහිදී මෙම හුරුවීම තමයි තිබෙන එකම ඛේදවාචකය . එයනම් හුරුවීමනිසා විකල්ප විසදුම් සෙවීමට පෙළඹීමක් ඇති නොවීමයි. ප්‍රශ්ණ දෙවියන්ගෙන් ලැබුණු තෑගි ලෙස සලකා ඒවා තුරුල්කර ගෙන ජීවත් වීමට හුරුවී සිටීමයි. කරුමය බවට ඒවා භාරගෙන සිටීමයි. හුරුවීම නැත්නම් ඇබ්බැහි වීම පිළිබඳව සිරසේ චන්දන සූරියබණ්ඩාර මහතා හරි අපූරු කතාවක් කීවේය. යම් පරීක්ෂකයෙකු විසින් පරීක්ෂණයක් කළේය. එහිදී බෝතලයකට මැස්සෝ කීපදෙනෙකු දමා මූඩිය හොදින් වසන ලද්දේය. මෙහිදී මැස්සන්ගේ හැසිරීම නිරීක්ෂණය කලේය. මැස්සන් සියල්ලම බෝතලය තුළින් පිටතට ඒමට උත්සාහ කලේය. පුළුවන් තරම් උත්සාහ කළේය. බැරිම තැන ඔවුන් බෝතල් අඩියටවී සිටියේය. දින කිහපයකට පසුව බෝතල් මූඩිය විවෘත කළේය. නමුත් කිසිම මැස්සෙක් නම් එළියට ආවේනම් නැත. ඔවුන් බෝතලයේ අඩියට හුරුවීම නිසා බෝතලය තුළම සිටියේය. නැතුව ඔවුන්ට එළියට ඒමට බැරි නිසානම් නොවේමය. දූපත්වාසීන්ද දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නේමය. දූපතතුළම සිට දූපත සංවර්ධනය කිරීමේ මානසිකත්වයෙන් ඔවුන් පෙළෙන්නේමය. මෙයනම් අභාවාචකයකි. මෙයෙන් ගොඩට ආ යුතුමය. හුරුවීම වෙනුවට නවමාවත් පිළිබඳව සෙවීම කළයුතුය. එවිට කෙතරම් අදුරුපටල තිබුණද මාවතක් සොයාගත හැක්කේමය.

සෑම ඇදුරු වලාවකම රිදී රේඛාවක් ඇත්තේමය. අප අදුරේ අතපත ගාමින් සිටීම නොව රිදී රේඛාව සොයාගත යුතුමය. අපේ ඉතහාසයේ දී මෙම රිදී රේඛාව පිටතින් අප ලබාගෙන ඇත්තේය. නැතහොත් බලෙන් අප වෙත ලබා දී ඇත්තේය. බොහෝවිට සිදුවී ඇති දේ නම් බලෙන් අපේ අකමැත්ත පිට අප මත පැටවීම මය. මල්වතුඔය අසබඩ ජනාවාස ඉඳිකරමින් වාරිකර්මාන්තයට අඩිතාලම දැමුවේද , ගොවිතැන ප්‍රමුකකරගත් කෘෂීආර්ථීකයකට අඩිතාලම දෙමුවේද, විධිමත් දේශපාලන ක්‍රමයක් රටට ලබා දුන්නේද , ගෝත්‍රික ඇදහිළි ක්‍රම වෙනුවට බුද්ධාගම වැනි දියුණු වූ දර්ශණයක් ලබාදුන්නේද, සමාජයේ උසස් වූ චාරිත්‍ර වාරීත්‍ර ලබාදුන්නේද, කොටින්ම කියතොත් අපගේ ඇදුරුපට ගලවා දමා රිදී රේඛාව මතුකර දුන්නේද, වෙන කවරෙක් නම් නොව ඉන්දියාව ප්‍රමුඛ බාහිරින් පැමිණි බලවේගමය. අපගේ දුම්රිය සහ මහා මාර්ග ඉදිකරණ ලැබුවේද, දුම්රිය සහ බස් සේවාවක් ලබාදුන්නේද , වැවිලි ආර්ථීකයක් ලබා දුන්නේද , රාජාගේ කටවචනයෙට පාලණයවූ, රජා යටතේ සියලුම ජනතාව නරපනුවන්වූ පාලනය වෙනුවට ලොව දියුනුම පාලන කෙඅමයක් වූ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර වාදය ලබාදුන්නේද,පාසැල් පද්ධතියක් හා විශ්වවිද්‍යාල ඉදිකරණලද්දේද, වරායවල් ඉදිකරන ලද්දේද, යනාදී වශයෙන් නොයෙකුත් දේවල් රටට ලබාදුන්නේ වෙන කවුරුත්ම නොවේ සුදු අධිරාජ්‍යවාධින්මය. එදා ඔවුන් ජනතාව පීඩා විදි ඇදුරු පටල බලහත්කාරයෙන් ගලවා දමා රිදී රේඛාව බලෙන්ම ලබා දුන්නේමය. ඒ බලෙන් ලබාදීමේදී ඔවුන් ඒවා අපට බලෙන්ම ලබාදුන්නේ අපට ඇති ආදරයකට නොවන බව සැබෑවකි. නමුත් ඒ රිදී රේඛා තුලින් අපට සමාජයක් ලෙස ඉදිරියට පැමිණීමට සහ ලොව අන් රටවල් සමග ඉදිරිගාමී ගණුදෙනුවක නියැලීමට ඒවා බොහෝසේ උදව් උපකාර වූයේමය.

above image source_https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.dailymirror.lk/assets/uploads/image_9b13d64d7b.jpg

අද ඉන්දියාව අප ඉදිරියට පැමිණ ඇත්තේය. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යෝජනාක්‍රම ගණනාවක් ඉදිරිපත්කර ඇත්තේමය. විදුලි රැහැන් සම්බන්දතාවයක්, ඉන්ධන නළ මාර්ගයක්, LNG නළ මාර්ගයක්, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියක්, ඇතුළුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකට යාකරන පාලමක් ඉදිකිරීම යෝජනා ඉදිරිපත් වී ඇත්තේය . මේ හා සම්බන්ධ තවත් යෝජනා රාශියක් ඇතිබවට කථාබහ වෙමින් පවතින්නේය. අපි අදුරෙන් එළියට යායුතුමය. ඒ සඳහා දැක්ම ඉතිහාසයේ සටහන් අද්දැකීම් මගින් ලබාගත යූතුමය. ඒවා උපයෝගීකරගෙන ඇදුරුවලාවේ ඇති රිදී රේඛාව සොයාගත යුතුමය. ඒ රිදී රේඛාවන් සොයා යාමේදී අසල්වැසි ලෝක 5 වෙනි ආර්ථික බලවතා වන ඉංදියාව සමග ඇතිකරගන්නා ගණුදෙනු බෙහෙවින් ඉතා දරුණු ආර්ථික අර්බුධයක හිරවී ඇති අපට උපකාර වන්නේමය.

ගාමිණී ජයසූරිය.

(අධ්‍යයන කවය)

” 89-සහෝදරත්වය”

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *