|

මාකස් අබේගේ වංහුං (5)..!

“කඩුගන්නාව පොලීසියට කල දැවැන්ත ප්‍රහාරය”

අප්‍රේල් විරුවෙකුගේ කතාව-2

රෙජිෆෝම් ස්මාරකයක් – දැල්වෙන ඉටිපහන් – පොකුරු පොකුරු රතුමල් – රක්තවර්ණ වස්ත්‍රාභරනයෙන් ( කමිසයෙන් ) සැරසුනු, මවාගත් දෝරෙ ගලන මානව ප්‍රේමයත් පංති වෛරයත් එකට කලතා මේකප් කල මුහුනුත්, පුම්බා වීරත්වය එන්නත් කර කෙලින්කල ශරීරත් එක්තැන්කල ෆොටෝ එකක් දකින උඹලට මැවිල පේන සිදුවීම් මොනවද ? “හරියට හරි. එක්කො 71අප්‍රේල් 5 නැත්නම් 89 නොවැම්බර් 13 “ මේ, 71 ගැන කියවෙන විච්චූර්ණ කතාවලින් චූන්උනු ” අහෝ මිනිසුන්ගෙන්” “විප්ලවීය උත්තමාචාර ” ( තව ඩිංගෙන් “උත්තමාචාර උරේ කරේ” නෙවි පෝර උරේ ) ලබන්න වාසනාවක් නොලත් මාකස් අබේගෙ අප්‍රේල් විරුවෙකුගේ කථාව-2 කොටස .

මේ අප්‍රේල් විරුවෙකුගේ කථාව-2, කතාවෙ එන වැඩිහිටියො මේ වෙනකොට ජීවිතයෙ සැඳෑ සමයෙ වෙන්න ඕන . පොඩිඋන් උස් මහත් වෙලා කොයි දීපංකරේක හරි ජීවත් වෙනව ඇති . ” ජිනසේන අයියෙ , ඔබට දීර්ඝායුෂ ” මීට , 71 මාර්තු මාසෙ එක්තරා මූසල රැයක, ඔබෙත් බිරිඳගෙත් පුංචි උන්ගෙත් ජීවිත රැක දුන් මාකස් අබේ” කතාව මේකයි. ජිනසේන අයිය වැඩ කෙරුවෙ කැම්පස් එකේ . ආරංචියක් ආව තුවක්කුවක් තියෙනව කියල . කිරිටිං බටයන් වන අපිට තුවක්කු බටයක් කියන්නෙ මල්ටි බැරල් එකක් . ඕං අපි තුන් දෙනෙක් කිරිටින් කීපෙකුත් අරන් යනව ජිනසේන අයියගෙ දිහා . “ගෙදරකට හා හා පුරා යනකොට අත් දෙක වන වනා යන්න බැරි හින්ද නෙවි බොලව්නෙ. ඕකවත් තේරෙන්නෙ නැද්ද ? ” ඕං අපි කලුවරේම” ගමනේ… යා” ” ජිනසේන, කරුනාකරල දොර අරිනව, අපි ආවෙ තුවක්කුව ගන්න ” ම්හු . හාවක් හූවක් නෑ. කීප වතාවක් නියෝග කෙරුව . ඇරෙන්නෙ දොර නෙවි . ” දාමු අතුලට බෝම්බයක් . ” භුහ්ධිමත් රතු භටයෙක් කට ඇරිය . දැවිල පිච්චිලා යන බැල්මකින් පිලිතුරු දුන් පැටි මහත්තයගෙ ආඥ්ඥාව” ආපසු හැරේන් . ” ” තුවක්කුවකට පවුලක් මරා දාන්න ? මොන තිරිසන් කමක්ද ” එදා ජීවිත බේරුන ඒ කිරි සප්පයො මේ වෙනකොට උස් මහත් වෙලා කොහේ හරි දීප දීපංකරේක ජීවත් වෙනව ඇති. අහම්බෙන් හරි මේ ක කියවන්න ලැබුනොත් එදා ඒ මුස්පේත්තු රෑ, ඔයාලගෙ සර්වාංගය වෙලාගත් වේදනාව කමෙන්ට් එකකින් කිව්වොත්, ඒක තලත්තෑනි මගේ හිතට හරි සනීපයක් :

කඩුගන්නාවෙ පොලීසියට ප්‍රහාරය..? අප්‍රේල් විරුවෙකුගේ කථාව-2.

අනෙක් සේනාධිනායකයින් හොයන්න එලියට බැස්සෙ ඊලඟ සැලස්ම ගැන දැනගන්න . කොහේ කියල හොයන්නෙද ?. බෝම්බ විමලයත් කඩු පියත්, අවසර නොමැතිව නම කියන්න බැරි තවත් ඉහල නිලධාරියෙකුත් ඊයෙ රෑ පේරාදෙනි පොලිසියට අහුවෙලා. නායකයො නෑ කියල සටන අත අරින්න විප්ලවීය ප්‍රභාෂ්වර අලෝකයෙන් ගිනිකන වැටුන පැටි මහත්තය සූදානම් නෑ.


පැටි මහත්තයගෙ “විහින් පත්වීම ”

පැටි මහත්තයට උඩින් හිටිය කවුරුවත් දැන් නෑ . ” හන්තානේ රජදහනේ කේශර සිංහයෙක් ” වන අබේසිංහ හෙවත් මාකස් අබේ හෙවත් පැටි මහත්තය විසින් ( විහින් නැහෙන්නද මන්ද ) ” හන්තාන සන්නද්ධ බලකායේ ” සේනාධිනායක තනතුරේ ” රජ ඔටුන්න ” තමන් විසින්ම දාගත්ත. හැබැයි පුතෝ මේක ඒකත් එක්ක ගලප්පනවහෙම නෙවි . ” ඒක කිවිවෙ ?”


” මොනවද ඔය කුනු කුනු ගාන්නෙ ? අනේ මේ, මගෙන් මොකවත් අහගන්නෙ නැතිව ඉන්නවල ” මොන මගුලක්ද මන්ද කියන්න හදන එක නෙවි ලියවෙන්නෙ. ඕං කියපල්ල ” විප්ලවවාදීන් පැන්ෂන් ” ගියාම ඔහොම තමයි කියල . අනේ මගේ කට . මොකට කියනවද . මොකද්ද මං කිය කිය හිටියෙ ? ආ …. පැටි මහත්තයගෙ “විහින් පත්වීම ” ගැන . ” මුලු දඹදිවටම මම වෙමි අග රජ ” මට සුකුමාර මනමේ කුමාරයගෙ “කයිය ” මතක් උනා . පැටි මහත්තයට උඩින් කාක්කෙක්වත් නෑ දැන් වන් මෑන් ප්ලෑන්.

නුවර පොලිසියට ගැහිල්ල ලේසි නෑ. පේරාදෙනිය පොඩි උනාට ඇලට් එකේ. අනෙක නුවරින් සහායක බල ඇණි පට ගාල ගෙන්න ගන්න පුලුවන්. කඩුගන්නාව පොලිසියට ගහන එක ලේසියි. ඒකෙ ආයුධ අරගෙන හතර අතට නෙලන්න බැරුවයැ. පැටිය හිතුවෙ එහෙම. 6 වෙනිදා හවස රජවත්තට පොලිසියෙන් දෙන්නෙක් දැම්ම ගාඩ් එකට. උන් දෙන්නගෙ රයිෆල් දෙක ගත්තනන් ප්‍රහාරක ශක්තිය නහුතෙට නගිනව. කිරිටිනුත් තියෙනව නේ. හබරල පිති වෙපන් ට්‍රේනින් එක හින්ද දෙන්න බැරිය පොලිස්කාරයුන්ට ඉක්ක වැටෙන්න. කලින්ද ( අප්‍රේල් 5 දා ) අවසන් සාකච්ඡාවෙ උපදෙස් මතක්කර ගත්ත .

චන්ද්‍රසේන මල්වරකාව. දැන් පැන්ෂන්. හිටපු විදුහල්පති. අනෙක් රතු බටයත් ගුරු භවතෙක්ව ඉඳල දැන් පැන්ෂන්. අවසර නොගත්ත හින්ද නම කැපුව. නම් ගම් එක්ක කියන්නෙ ඕන කෙනෙකුට හොයල බලන්න පුලුවන්වෙන්න මං කෙප්ප කෙලිනවද කියල. අර කියමනක් තියෙනව නේ ” ජෙප්පොනං කෙප්පො , කෙප්පොනං ජෙප්පො ” කියල. ඒකයි.

හතර වටේ ලයිට්.කිරිටින් සබ්බුවක් දෙන්නනං පුලුවන් ඒත් පොලිස්කාරයො උනත් අපේ පංතියෙ උන් දෙන්නෙක් නේ.ඒක විප්ලවීය සදාචාරෙ අපචාරෙට ලක් කිරීමක්.එතන විතරක් ලයිට් ඇරියට වැඩක් නැහැ.හොඳම දේ අක්කර 1760 ක මුලු කැම්පස් එකේම කරන්ට් කපන එක.                                               "මොකක් ? මට ඇහුනෙ නෑ"                                     "නෑ මං ඇහුවෙ ට්‍රාන්ස්ෆෝමරේ ගිනිතිබ්බ නේද කියල"                         "ඇයි ඒ බූරු ප්‍රශ්ණෙ?"                                        " නෑ අර කවුද කිව්ව නේ "ඔව් අපි ගිනි තිව්ව තමයි.හමුදාවට පොලිසියට අපි ගැහුවෙ රෑ.ලයිට් දාගෙන ගහන්න තරං අපිට අන්දකයිප්පු නෑ"ඒකයි මං අරහෙම ඇහුවෙ.කැම්පස් එකේ විදුලිය අංශෙ හිටිය අපේ සගයෙක්.නම කියන්න බෑ අහන්නෙ නැතිව.අක්කර 1760 ටම කරන්ට් එක බෙදාහරින ට්‍රාන්ස්ෆෝමරේ ලිවර් එක ඇද්දනන් වැඩේ හරි.ගිනි තියන්නෙ අහවල් බම්බුවටය.අහවල් වෙලාවට-මතක හටියට 8.30 විතර වෙන්න ඕන-ලයිට් ඇරීමට උපදෙස් නිකුත් කෙරුව.නැකත හරි." සැර…සෙන් ….ගමනේ……යා…අණ දුන්න( අං මෝරපු එකෙක් විසින් අං මෝරපු තවත් උන් දෙන්නෙකුට නියෝග කරන ලදී ).ලයිට් ගිහිපු හැටියෙ පොලිසියෙන් එනව.වැඩේ හබක් වෙනව.අම්බුස් එකක් දැම්මනං හරි.තව රයිෆල් ටිකක් එකතු කර ගන්නත් පුලුවං.ඇම්බුස් එකට හොඳම තැන මාස් හෝල් එක පහුවෙනවත් එක්කම තියෙන රජවත්ත පාරෙ බෝක්කුව.එතන මාන පඳුරු බුස් එක ඇම්බුස් එකකට කියපු තැන. ඇම්බුස් එකේ වගකීම පැටිය බාර ගත්ත.

(1971 අප්‍රේල් 6 දින රාත්‍රියේ පොලිස් ජීප් රථයට බෝම්බ ගසා රයිෆල් ටික පැහැර ගැනීමේ බලාපොරොත්තුවෙන් මාකස් අබේ හෙවත් පැටී මහත්තයා පැරකුම් ටින් වලින් සෑදූ බෝම්බ දෙකකුත් සමඟ පොලිස් ජීප් රිය එනතුරු රැකසිටි රජවත්ත පාරෙ බෝක්කුව අප්‍රේල් විරුවෙකුගේ කථාව-2, ලියන අදවනවිට දිස්වන අයුරු. ඔහු එදා එහි රැක සිට ඇත්තේ බෝක්කුව සමඟ පැත්තකින් සරුවට වැවී තිබූ මානා පඳුරු වලට මුවාවී බව පවසේ)

චන්දරේල ගේන රයිෆල් දෙකයි, අම්බුස් එකෙන් ගන්න රයිෆල් ටිකයි අරන් කඩුගන්නාව පොලිසියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරනව. ” කඩුගන්නාව පොලිසිය ත්‍රස්තවාදීන් යටතට”. ” 7 දා දිනමින පත්තරේ හෙඩ් ලයින්. ” මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි .මෙන්න ප්‍රවෘත්ති. ඊයේ මධ්‍යම රාත්‍රි 1 .30 ට පමන කඩුගන්නාව පොලිසියට දැවන්ත ප්‍රහාරයක් එල්ල කල ත්‍රස්තවාදීන් පොලිසිය තම පාලනයට ගනියි. වැඩි විස්තර දහවල් ප්‍රවෘත්ති විකාශනයෙන් බලා පොරොත්තු වන්න” . ” ඒ කන්දත් අපේ තමයි… මේ කන්දත් අපේ තමයි… කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ… සෙබලු අපියි සෙබලු අපියි අපේ රාජ්ජේ… ” හීන දකින්න නින්ද යන්නම ඕනද ?

ලයිට් ගිහින් විනාඩි 10 ක්වත් ගියේ නෑ. පිඹගෙන එන වාහනයක් . ” වරෙන් දෙන්නං ” මටම කියාගත්ත. මාස් බෙන්ඩ් එක ගන්නවත් එක්කම දැක්කෙ කැම්පස් එකේ මිනිමෝක් ජීප් එක. වැඩි වෙලා ගියේ නෑ . ආපහු යනව ආවට වැඩි වේගෙන්. විනාඩි 25 ක් විතර යන්න ඇති. චන්දරේල ආව. අරුං දෙන්න නෑ නේ ” මිනිමෝක් එක උන් දෙන්න අරන් ගිහින්. පැටි මහත්තය දැවන්ත ප්‍රහාරයකින් පසු කඩුගන්නාව පොලිසිය යටත් කර ගත්තෙ ඕං ඔහොමයි මිත්‍රවරුනි.

[එකල පේරාදෙනි 1973 සරසවි බර ඉසිලීමේ කංඩායම-(වමේ සිට සිටගෙන)-D.H අමරසූරිය, S.A.C.S.W ජයතිලක, K.G නන්දපාල, (වමේ සිට ඉඳගෙන) U.S ජයවික්‍රම, ලෙස්ලි හඳුන්ගේ, S. අබේසිංහ හෙවත් මාකස් අබේ(නායක), N. කන්ගතරෙලිංගම්, W.W.M.T.B කඹූරදෙනිය]

දැන් උඹලට මොනවද කියන්න තියෙන්නෙ අප්‍රේල් විරුවෙකුගේ කථාව-2 යටතේ ලියපු, එදා විශ්ව විද්‍යාල බුද්ධිමත් ( ? ) ශිෂ්‍ය මාකස් අබේ හෙවත් පැටි මහත්තයා හෙවත් උප්පැන්නෙට අනුව තොටමුන හේවා වික්‍රම අබේසිංහ සිරිසේන ගැන. අප්‍රේල් විරුවෙක්.. ! පොල් බූරුවෙක් ? උඩ යන්නෙත් නෑ. තරහත් නෑ.

S. අබේසිංහ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *