|

ද්‍රවිඩ භාෂාව..!

මැදට අල බැදුමක් තබා රෝල් කර එතු අඩි එකහමාරක් පමණ දිග රොටියක් කොළඹ ශාන්ති විහාර් ආපන ශාලාවේදි ඔබට රස බැලිය හැක. එළගි තෙලෙන් අනා සැකසු  ඒ රසවත් රොටියේ නම මා හට දැන් මතක නැත. 1590 දී පමණ ඉපදුනු මිනිසෙකු එවන්ම ඇදුමකින් සැරසී 1995 වර්ෂයේ එක් දවසක ආපන ශාලාවේ හිදගෙන සිටිනවා දුටිමි. ඉතා ඝණකම් විශාල ඇහිබැමි දෙකක් ඔහුගේ නළලටත් පිටතින් දික් වී තිබිනි. හින්දු කෝවිලක අඹා ඇති පිළිමයක් බදුය. කළගෙඩියක් වැනි ගෝලාකාර තඩි බෙරයක් කරේ එල්ලාගෙන සිටි මේ අමුතු මිනිසා දෙස මා ගල්ගැසී බලාගෙන සිටි නිසා කලු මුහුනේ සුදු දත් විලිස්සා ඔහු සිනහසුනේය. ඔහු ඉන්දීයාවේ සුප්‍රකට බෙර වාදකයෙකු විය. හරියටම කියනවානම් ඔහු world famous VIP බෙර වාදකයෙකු විය. TNL රේඩියෝවේ අද රෑ ඔහු  බෙර වාදන සටහනක් කරන බව මා සමග පැවසීය. අද දහවල් කොළඹ එක් නිවසක් තුල බෙර ප්‍රසංගයක් පවත්වන බවත් ඔහු පැවසීය. එකී ප්‍රකට නිවස මා හදුනන නිසා taxi එකේ නැගී මම ඔහු සමග එම නිවසට ගියෙමි. 

ශාන්ති විහාරයේ මතක.

අමරදේවගේ මාස්ටර් සමග චන්දෝ බිළිදේ ගීතය ගායනා කල ඉන්දියාවේ ගැහැණිය ඔහුගේ මිතුරියක් බව ඔහු taxi එකේදී මා සමග පැවුසවේය. එම යුග ගීතය මා සතු විය. recording copy එකක් වු එම කැසට් පටය අතුරුදහන් වීම නිසා අද වනතුරා යලි එම යුග ගීතය මට සොයාගත නොහැකි විය. 

බෙරකරු නිවස තුලදී දෙමළ බසින් කවි කිහිපයක් කියුවේය. එතන සිටි එක කාලකන්නියෙකුටවත් දෙමළ බස තේරුම් ගැනීමේ හැකියාවක් නොතිබුනි. බෙරකරු ඉංග්‍රිසි බසින් කවි පද පැහැදුවේය. කවියක් තරම් හදවත දෙපළු වී යාමට වෙඩි තැබිය හැකි වෙනත් උණ්ඩයක් ලොව නොමැති බව මා දැනගත්තේ එදාය. 

ශාන්ති විහාර් රොටියේ නම මතක නැති වුනාට කෙලිලොල් ආදරයක් ගැන කතා කරන අම්මා කෙනෙකු සහ දියණියක් ගැන කියවු බෙරකරුවාගේ ඒ කවි පදවැල් කිහිපයක් අද තවමත් මට මතකය. 

අම්මා ඔහු මැටි කොතලයෙන් බීමට වතුර ටිකක් ඉල්ලුවා

වතුර දෙන විට වළලු තියෙන මගෙ අත මිරිකා ඔහු මට රිද්දුවා 

අතේ දිලිසෙන වළලු ඇති මගේ දුවේ ලස්සන

නුඹ සැදු වැළි කෝම්පිට්ටු පයින් ගසා කැඩුවේ

ඔය දඩබ්බරයාමයි

නුඹේ හිසේ මා ගැසු කහ මල් ඇද දමා 

නුඹගේ හිස අවුල් කර 

පැන දිව්වේ ඔය දඩබ්බරයාමයි

අද නුඹේ දිළිසෙන වළලු ඇති ඔය අත මිරිකන්නේ 

ඔය දඩබ්බරයාමයි

හිස්මොල්ලේ ගිහින් වතුර හිරවී යටසින් යටසින්

නුඹ දෙස බලන්නේ ඒ දඩබ්බරයාමයි

දිළිසෙන වළලු ඇති අතින් ගිහින් සුමුදුවට 

පිට අතගාපන් ඒ දඩබ්බරයාගේ

භාෂාව.

සංගම් කවි වල පරිවර්තන සොයමින් මම පුස්තකාල ගානේ ඇවිද්දෙමි. Lord  Byron ගේ හෝ Milton ගේ කවි නම් British Council පුස්තකාලයේ පිරී ඇත. මට සංගම් කවි වල සිංහල පරිවර්තනයක් සොයාගත නොහැකි විය. ඒක නෙමෙයි ඇයි මට දෙමළ භාෂාව  බැරි ? 

සාගරයක් තරම් මහා ජලාශයක් ඇත. ඉන් එක් ජල දෝතක්වත් මට රස බැලිය නොහැක. මට දෙමළ භාෂාව තේරුම් ගත නොහැක.

ලෝක සිතියමේ උත්තර අර්ධ ගෝලයේ ෆින්ලන්තයේ සිට දක්ෂිණ අර්ධ ගෝලය දක්වා ඇගිල්ල ඇදගෙන එන විට ආර්යය භෂාවක් කතා කරන අන්තිම තුඩුව වන්නේ සිරිලංකා දුපතයි. ද්‍රවිඩ භාෂාව ආර්යය භාෂාවක් නොවන අතර එය දක්ෂිණ ඉන්දියාවට පමණක් ආවේණික වු ඉතාම සුවිශේෂි භාෂාවක් වේ. බංගලිදේශ රටේ භාෂාව සහ සිංහල භාෂාව අතර දැඩි සමානකම් තිබුනත් අපට ඉතාම සමීපයේ වු තමිල්නාඩුවේ දෙමළ බස සහ සිංහල බස සමග එවන් සමීපතාවයක් නොමැත. අයර්ලන්තයේ Celtic භාෂාව සහ සිංහල භාෂාව අතර සමානතම් තිබුණත් ද්‍රවිඩ භාෂාව සහ සිංහල භාෂාව අතර එවන් සමානකමක් නොමැත. 

ද්‍රවිඩ භාෂාව එතරම්ම unique වේ. දකුණු ඉන්දියාවේ එක් නිශ්චිත ප්‍රදේශයක් තුල මෙම භාෂාව කෙසේනම් මෙතරම් ස්වකීයව පෝෂණය වුවාදැයි කියා මම නොදනමි. Genetically දක්ෂිණ ඉන්දියාවේ ගෝත්‍රික DNA (Native South Indian Ancestry) සහ උත්තර ඉන්දියාවේ DNA ( North Indian Ancestry) අතර වෙනස්කම් ඇත. බොහෝවිට ඉතිහාසය තුල මේ ජනවර්ග 2 මිශ්‍රවී නැත. 

නුගත් මා හට  ද්‍රවිඩ භාෂාව මුලයන් වෙනත් භාෂාවක් තුල සොයාගත නොහැක. අප්‍රිකානු මහාද්වීපයෙන් ඉන්දියාවට සංක්‍රමණය වු ජන පිරිස් Toba ගිනි කන්ද පුපුරා ගිය අවස්ථාවේ බොහෝ සෙයින් විනාශ වී ගිය අතර වනාන්තර තුල ඉතුරු වු එම ජන පිරිසකගෙන් ද්‍රවිඩ භාෂාව පැවත ඒ යැයි මාගේ කුතුහලය සංසිදවා ගැනීමට මමම theory එකක් සාදා ගතිමි. මධ්‍යම අප්‍රිකාවේ රටක වනාන්තරයක් තුල ද්‍රවිඩ භාෂාව කතාකරන ගෝත්‍රික පිරිසක් තමන්ට හමුවු බව එතන සිටි  කුරුදුවත්තේ posh ගැහැනියක් බෙරකරුගේ කවි අසා උත්තේජනය වු මා හට  පැවසුවාය. 

එකම මේසයක් මත ඇති මැණික් දෙකක් බදුය දෙමළ බසත් සිංහල බසත්. ඉතා ඈත අතීතයේ මේ භාෂා 2 අත් වැල් අල්ලා එකට ගමන් කර ඇතත් දෙක එකට මිශ්‍ර වී නැත. නමුත් එකට ගමන් කර ඇත. මේ භාෂා 2 ඇති uniqueness එක එයයි. එය අපගේ හිත මිතුරු භාෂාවක් වේ. එකක් ආර්ය භාෂාවක් වේ. අනෙන කොහෙන් කොහොම බිහි වුනාදැයි කව්රුත් නොදන්නා ආර්ය භාෂාවක් නොවේය. මේ භාෂා දෙකම අපගේ රට තුල ඇත. නමුත් මා හට අදත් දෙමළ කවියක් තේරුම් ගත නොහැක. 

political වැඩක්.

සති 2 පෙර Fakebook පිස්සන් කොටුවෙන් මට inbox කරන කොල්ලෙකුට වැඩක් පැවරුවෙමි  සමලිංගික සීන් එකයි බල්ලගෙ ෆින්ලන්ත අධ්‍යාපන සීන් එකයි නැතුව ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දෙමළ සාහිත්‍යය ඇතුලත් කරන්න යෝජනා කරන  පුද්ගලයෙකු හෝ තැනක් පිළිබදව මට පොඩ්ඩක් හොයල කියන්න මල්ලී.

කොලුවා ඉයේ රෑ මට inbox කලේය – අයිය් අර සීන් එක මිස දෙමළ සාහිත්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඇතුල් කරන්න කියලනම් කව්රුත් කියන තැනක් අහුවුනේ නෑ මට.

අර සීන් එක කිව්වේ මොකක්ද ??

LGBT සීන් එක. අයියේ ඔයා ලියන post එකකට like කරන්නත් බෑ share කරන්නත් බෑ. 

ඒ ඇයි ? 

ඔයා දරුණු විධිහට මිනිස්සුන්ට “පාදඩ” වගේ ඒවා ලියමින් කුණු හරුපයෙන් බැනල ලියනවනෙ. ඕවා share කලාම ඒ මිනිස්සු අපි එක්ක තරහ වෙනවනෙ.

කැහිල්ලට “මනහර” සගරාවට ලිපි ලියනවා වගේ වැඩක් නෙමෙයිනේ කරන්නේ මම කරන්නේ political වැඩක්.

එල අයියේ එල.

ද්‍රවිඩ ශිෂ්ඨාචාරය.

ද්‍රවිඩ ශිෂ්ඨාචාරය පිළිබද මා මවිත වුයේ කීලඩි කැණීම් තුලින් හමුවු දේවල් නිසාය. මේ අල්ලපු වත්තේ රටේ තිබු ඒ ශ්‍රි විභුතිය මා හට තේරුම් ගත නොහැක. මට දමිළ සාහිත්‍යයක් නැත. ඇගේ හැපෙන දුරින් දමිළ භාෂාව කතා කරන මිනිසුන් සිටියත් මා ද්‍රවිඩ සාහිත්‍යය තේරුම් ගන්නේ එංගලන්තයේ ඉංග්‍රිසි භාෂාව හරහාය. නොදෝමකින් මා වැනි උන් . දේශපාලනිකව බැලුවෙත් මොන පාදඩ බල්ලෙක්ද මම ? 

සාමාන්‍යයෙන් ළමයෙකු වාසය කරන භුමිය ආශ්‍රිත භාෂාවන් එකක් දෙකක් පාසැල් විෂය නිර්දේශය තුල ඉගැන වීම  compulsory වේ. ඉතාලි භාෂාව අති දැවැන්ත භාෂාවක් වවුත් වටේ රටවල ඇති ලතින් ග්‍රීක ජර්මන් ප්‍රංශ බසක් ඉගෙන ගැනීම අනිවාර්ය වේ. මළ භාෂාවක් වු පාලි බස පමණක් අප සිරිලංකාවේදි දහම් පාසැල තුල ඉගෙන ගනිමු. සිරිලංකාවේ පාසැල් ළමුන් බොහෝවිට භෟතිකව අපට ඉතා දුර වු ජර්මන් ප්‍රංශ ඉංග්‍රිසි බසක් මිස අප ආසන්නයේ වු දෙමළ බස තේරාගන්නේ නැත. ඔවුන්ට එය නොතෝරාගන්නට උපදෙස් දෙන්නේ post colonial දෙමව්පියන්ය. දෙමව්පියන්ටද තෙල් බැදුමක රස මිස ද්‍රවිඩ සාහිත්‍යය රසයක් ඇගට වැටී නැත.  සිරිලංකා දුපතේ උතුරේ දෙමළ බස දකුණේදි අපගේ කණට වැටෙන්නේ නැත. මේ නිසා අපට අපගේම රටේ උතුරේ දෙමළා තවමත් ආගන්තුකය.

Shakespeare, Dante, Goethe, Homer, Zizek, Derrida, Foucault වැනි නම් දොඩවන අපට අපගේ අත සමීපයේ වාසය කල ද්‍රවිඩ සාහිත්‍යය කරුවන් මෙතරම් ආගන්තුක වුයේ සුද්දාගේ වතු ආර්ථිකයේ තේ පදුරු අස්සෙන් බිහිවුන post colonial ව්‍යාපාරික පැළැන්තිය නිසා නොවේය. ඒ ඔවුන්ගේ ඉවුම් පිහුම් කටයුතු කල  රදාවනේ සුමනෙලාගේ ඇරියස් නිසා අපට උතුරේ දෙමළාව මුලුමනින්ම ignore විය. අල්ලපු වැටේ මිනිසාව මෙසේ ignore කිරීම සාහසික වැරැද්දක් වේ. වසර 100 ක් අතීතයට දිවයන මේ වැරද්ද අපට නිවැරිදි කරගත හැක්කේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින්මය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ.

මේ ප්‍රාණීය වැරැද්ද ගැන කතා නොකර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දොඩවන පිරිමින්ට දිග කලිසම් අදින පාදඩ තක්කඩියන් කියා මා ආමන්ත්‍රණය කිරීම වැරැද්දක්ද ? 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් සිදුවිය යුත්තේ ග්‍රාමීය post colonial මානසික හිගන පිරිමින්ගේ ඇරියස් එක cover කිරිම පමණද ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉලක්ක විය යුත්තේ GDP එකට විතරද ? අඩුම තරමින් දහම් පාසැල තුලවත් භෟතිකව අප සමීපයේ ඇති දෙමළ බස අපට පුරුදු පුහුණ කල නොහැක්කේ මන්ද ? උතුරේ බයිසිකල් පැද යන දෙමළා මිනිසෙකු නොවේද ? ඔහුව මිනිසෙකු ලෙස අප දකින්නේ කවදාද ? මිනිසෙකුව මිනිසෙකු ලෙස නොදැකීම අපකරන පාපයක් නොවේද ? 

දිග කලිසම් ඇන්දත් කෙතරම් කුරිරුද අප ? Binoculars තුලින් මිනිසෙකුව දකින සොලද්දාදුවා හට මුනුෂ්‍යයෙකුව නොපෙනේ. මනුෂ්‍යයෙකුව අපට දැකිය හැක්කේ සාහිත්‍යය සංස්කෘතිය තුලින් පමණි. 

සෑම මිනිසෙකු තුලම රැදී පවතින අභ්‍යන්තර ආදරයත් ( අකම් ) බාහිර භෟතිකයත් ( පුරම් ) අතර පවතින අනවරථ යුද්ධය වෙනත් කිසිවක් නොව මිනිස් ජීවතයම බවට දාර්ශනික අවබෝධයක් දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජනතාව තුල පහල වුයේ මිහිදු හිමියන් ඉන්දියාවෙන් සිරිලංකා දුපතට පැමිණිමටත් පෙර සිටය. සැතපුම් දහස් ගණනක් දුරු රටක ග්‍රීසියේ විසු Sappho ගේ කවි මා තේරුම් ගත යුත්තේ ඉංග්‍රිසි භාෂාව හරහාය. නමුත් මා අසන්නයේම ජීවත් වු අවයියාර්ගේ ද්‍රවිඩ කවියක් මට ඉංග්‍රිසි හරහා තේරුම් ගැනීමට සිදුවේ නම් යම් තැනක වැරැද්දක් සිදුවී ඇති බව ඔබට තේරුම් යා යුතුය. ද්‍රවිඩ සාහිත්‍යය තුල තරම් ගැහැනුන් කවි ලියු වෙනත් සාහිත්‍යයක් ලොව වෙනත් කිසිම රටක මා දැක නැත. 

ද්‍රවිඩ සංගම් සාහිත්‍යය පිළිබදව මීට පෙර මවිසින් Fakebook පිස්සන් කොටුවට post එකක් දෙකක් ලියා ඇත. 

ආදරය කිරිමට සුදුසු දවස් සහ හෝරාවන්

මනාලියගේ මුහුණට කොදුරන අක්කා 

ඒවා ඉගෙන ගත්තේ කාගෙන්දැයි සිතන

නංගීගේ රත් පැහැ වු මුහුනට තවත් කොදුරන අක්කා

ලිංගික ශ්‍රාව සෝදාගැනීමට ඇදෙන් බැස

ස්නානය කලයුතු බව පවසන විට 

නංගි ඇස් දෙක වසා ගනී

Sappho ගේ කවියක් සමග සසඳන විට.

Sappho ගේ කවියක් සමග සසදන විට. ද්‍රවිඩ ගැහැනුන්ගේ කවි ඉට වඩා ප්‍රබලය. ආදරය ගැන පමණක් නොව එදිනෙදා ජීවිතය පිළිබදව ද්‍රවිඩ ගැහැනුන් ලියු කවි තුලත් මෙම ප්‍රබලතාවය අපට නිරීක්ෂණය කල හැක.

පාෂාණ සම ගලවා බිහිවුන ගල් දේවතාවිය 

පහන් එළියෙන් අඩ අදුරේ ඔබ ලැජ්ජාවෙන්ද 

වැස්සෙන් අව්වෙන් සාප නොකර බලන්න මා දෙස

මාත් ගැහැනියක්ය ගලක් නොවුවත් ඔබ වැනිම

කවියෙන් එසේ කීවත් මේ post එක ලියන මට ඔබව දැකිය නොහැකිය. මිනිස් හැගීම් සමුදායක් කැටි කල උතුරේ ඔබගේ කවි මාගේ දකුණේ පිරිමි පාදඩයින් යාපන පුස්තකාලයත් සමගම  ගිනි තබා විනාශ කලහ. 

මම ඔබව නොහදුනන්නෙමි. මට ඔබව දැකිය නොහැක. මම ඔබව මග හැරියෙමි. මට Silvia Plath ව දැකිය හැක ඔබව දැකිය නොහැක. මට සමාවන්න ඔබට මා කල වරදට. ඓතිහාසික වැරද්දක් අප විසින් ඔබට කර තිබේ. 

වැරදි සාදාගත හැක. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් සිදු විය යුත්තේ මෙම ඓතිහාසික වැරදි නිවැරිදි කර ගැනීම මිස ෆින්ලන්තයේ හෝ සිංගප්පුරුවේ ජීවත්වීමට ළමයින්ට ඉගැන්වීම නොවේය. තියෙන හැටියට බෙදාහදාගෙන සමාජයේ කා සමගත් ජීවත් වීමට ඉගැන්වීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් සිදුවිය යුතුය. 

අප දෙයක් හදුනාගන්නේ එහි රසයෙන්ය. රස නොබලා එය නීරස බව ඔබ පවසන්නේ කෙසේද ? අපගේ දෙමළා අපටම නීරස වුයේ දෙමළ සාහිත්‍යයේ රසය අප නොදත් නිසාය. වැරදි නිවැරිදි කරගත යුතුව ඇත. ෆින්ලන්තයේ smoked salmon මාලු වලට වඩා අපේ ඇඹුල් තියල් රසවත් බව ඔබට මම පවසමි.

ජනා චාමින්.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *