මළල ක්‍රීඩාහි සම්භවය…

ඉතාමත්ම සංවිධානාත්මක අයුරින් මළල ක්‍රීඩා තරඟා වලියන් පැවැත්වීම සහ පුරාණ ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වීම් ක්‍රි:පු: 776 පමණ සිට සඳහන් වන නමුත්, මළල ක්‍රීඩාවල ඉතිහාසය ඊටත් බොහෝ අතීතයට යන්නකි. ක්‍රි:පූ: 2250 කටත් ප්‍රථම පවා ඊජිප්තු පුරාණ මිනී වලවල් වලින් පවා යම් යම් මළල ක්‍රීඩා ඉරියව් නිරූපනය කරන ලදී. එකල එසේ නිරූපිත ඉරියව් වලින් ගල් විසිකිරීම, දිවීම, උස පනිම වැනි ක්‍රීඩා නිරූපනය කරන ලදී.

වත්මන් මොඩර්න් ලෝකය තුලදී ලෝක මළල ක්‍රීඩා පාලක මංඩල විසින් මළල ක්‍රීඩා සඳහා පිලිගැනීමට යෙදුනු කාරණා වලට අනුව, ජවන හා පිටිය ක්‍රීඩා, වීදි හරහා දිවීම, රට හරහා දිවීම, ඇවිදීම, කඳුවල දිවීම, රේස් දිවිම සහ ට්‍රේල් දිවීම යන විශේෂ අංග මළල ක්‍රීඩා සඳහා අයත් කොට ඇත. මෙම ජාතාන්තර මළල ක්‍රීඩා පාලක මංඩල නිසියාකාරව ස්ථාපිත වූයේ 1912 දී පමණය. මේ වනවිට එහි සාමාජිකත්වයට රටවල් 215 කට අධික ප්‍රමාණයක් ඇතුලත්වේ.

පුරාණ ග්‍රීසියේ ඇතන්ස් නුවර ඔලිම්පික් ඇරඹීමෙන් පසුව, මොඩර්න් ලෝකය තුලදී නැවත ඔලිම්පික් උළෙලක් සංවිධාණය කෙරුනේ, වර්ශ 1896 දී ඇතන්ස් නුවරදීයමය. මෙහිදී ජාතීන් 14 ක් මෙයට සහභාගිවී ජාතීන් 10 ක් විසින් ජයග්‍රහන කුසලාන ලබා තිබිණි. ඇමරිකා එක්සත් ජනපදය මෙහිදී රන් කුසලාන 11 ක් ලබා වැඩිම රන් කුසලාන ජය වාර්ථා කරන ලද අතර, සත්කාරක ග්‍රීසිය වැඩිම කුසලාන ප්‍රමාණයක් වන කුසලාන 47 ක් දිනාගන්නා ලදී. එසේම මේ වනවිට මළල ක්‍රීඩා සංගම් ලොවපුරා ව්‍යාප්තවී ඇති අතර ඒවා ප්‍රමාණයෙන් ලක්ශ දෙකකට අධික වේ. ලොව අංක එකේ ක්‍රීඩා සංගමය ලෙස ඇමරිකාවේ ඩෙට්‍රොයිට් (Detroit) සංගමය ඉදිරියට පැමිණ සිටි අතර, නිව් යෝක් ක්‍රීඩා සමාජය, ඇට්ලන්ට ක්‍රීඩා සමාජය, ඔලිම්පික් ක්‍රීඩා සමාජය ආදී සංගම් ලොව ප්‍රධාන ස්ථන උසුලනු ලබයි.

the above image source_https://ecdn.dhakatribune.net/contents/cache/images..

Ranjana Senanayake.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *