
රුසියානු ජනාධිපති පුටින් විසින් අසර්බයිජාන් (Azerbaijan) නායකයා වෙත ඔවුන්ගේ අසර්බයිජාන ගුවන් යානයක් වැරදීමක් ලෙස බිඳහෙලීම ගැන සමාව ඉල්ලා ඇත. සිදුවූ එම සිද්ධිය ගන කණගාටුවන බවත්, ඔවුන් යුක්ක්‍රේනයේ ඒරියල් යානා බිඳහෙලීමේ උත්සාහයක නිරත වෙමින් සිටි බවත් ක්‍රෙම්ලිනය මේ ගැන ඉතා කනගාටු වන බවත් ප්‍රකාශ කරන ලදී. එසේම, ක්‍රෙම්ලිනය පවසන පරිදි, අසර්බයිජාන් මගී ගුවන් යානාවක් එහි නියමිත ගමන් මාර්ගයෙහි ගමන් ගන්නාවිට Mozdok, Vladikavkaz සහ Grozny යන ප්‍රදේශ වලට යුක්රේන් ඒරියල් යානාවක් මගින් ප්‍රහාර එල්ල කල අතර, මෙම ප්‍රහාර මැඩපැවත්වීම සඳහා රුසියානු ගුවන් ආරක්ශක පද්ධතිය ක්‍රියාත්මක වීමේදී අසර්බයිජාන් මගී යානාවට අනතුර සිදුවී ඇත.
බටහිර ආසියාවෙන් සහ නැගෙනහිර යුරෝපයෙන් මායිම් වන අසර්බයිජානය (Azerbaijan) 1920 අප්‍රේල් 28 වනදා සෝවියට් රුසියාවේ බෝල්ශෙවික් රතු හමුදා පාලනයට යටත්විය. එතැන් පටන් අසර්බයිජානය සමාජවාදී මොඩලයක 1989 දී සෝවියට් සමූහාන්ඩුව තුල බෝල්ශෙවික් පාලනය අවසන් වනතුරු පැවති අතර 1989 දී එය වෙන්විය. අසර්බයිජානයේ “බකු” ප්‍රදේශය විශාල වශයෙන් ස්වාභාවික තෙල් නිධි වලින් සමන්විත වේ. දෙවන ලෝක යුද්ධයේදීද නැගෙනහිර සෝවියට් යුධ පෙරමුණ සඳහා අවශ්‍යවූ තෙල් වලින් 80% ක්ම සපයාදෙනු ලැබුවේ අසර්බයිජානයේ “බකු” ප්‍රදේශයෙනි. ඒ අනුව රුසියාවට ඉතාම වැඳගත් ප්‍රදේශයක් ලෙස අසර්බයිජානය අතීතයේ සිට පැවතිණි.
අසර්බයිජාන් ගුවන් සේවයට අයත් 8243 ගුවන් යානය මෙසේ අනතුරට භාජනය වුනු අතර එහිසිටි මගීන් 62 ක් සහ ගුවන් යානයේ 5 දෙනෙකුගෙන් යුත් කාර්ය මංඩලයෙන් 38 දෙනෙකු මියගිය බව මුල් වාර්ථා වල සඳහන් විය. 29 දෙනෙකු අනතුරින් බේරුනු බැව්ද එහි සඳහන් විය. මෙම යානය දෙසැම්බර් 24 දින Baku සිට Grozny බලා පියාසර කරමින් තිබූ බව රුසියානු නිව්ස් ඒජන්සිය සඳහන් කරයි.
above image source_https://images.indianexpress.com/2024/12/2024-12-25T180312Z_1847302196_RC25VBAVUAUX_RTRMADP_3_KAZAKHSTAN-CRASH.jpg?w=640
