වමේ පටලැවිල්ල..!

පැරණි වමේ පක්ෂවල

වම දකුණ පැටලිල්ල


කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආණ්ඩුවක් තේමා කොට කාල් මාක්ස් සහ පෙඩ්‍රික් එංගල්ස් ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනයලියන ලද්දේ 1848 දීය. බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂය 1920 දී බිහිවූයේ බ්‍රිතාන්‍ය කම්කරු පන්ති ව්‍යාපාරයේ නැගීමත් සමගය. ලංකාවේ  දක්ෂිණාංශය නියෝජනය කළ ප්‍රභූ පැලැන්තිය 1919  ලංකා ජාතික සංගමය පිහිටුවා ගන්නා ලදී. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ප්‍රථම දේශපාලන පක්ෂය ලෙස ලංකා සම සමාජ පක්ෂය පිහිටුවා ගන්නා ලද්දේ 1935 දීය. දෙවන ලෝක යුද්ධයත් සමග ලසසපය න්‍යායික වශයෙන් බෙදී ගිය අතර 1943 දී ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහිවිය.

ඩී ඇස් සේනානායක ප්‍රමුඛ ප්‍රභූ පැලැන්තියේ දක්ෂිණාංශික නායකයෝ 1947 දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්හ.  වමේ ව්‍යාපාරයේ  ආරම්භයේ

විශේෂ ලක්ෂණයක් වූයේ  බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලද ප්‍රභූ පැලැන්තියේ පිරිස් මෙරට වාමාංශික ව්‍යාපාරයේ  පුරෝගාමී නායකයින් වීමය. දක්ෂිණාංශික ප්‍රභූ පැලැන්තියේම කොටසක් කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකත්වය ගැනීම වසර 76 ක් රට බංකොලොත් කරමින් ප්‍රභූ පැලැන්තියේ පාලනය පවත්වා ගැනීමට ඉන්තේරුවෙන්ම ඉවහල් විය.

ඉතිහාසය පුරාම අපට දකින්නට ලැබුණේ හැමවිටම වම දක්ෂිණාංශයනියෝජනය කළ අන්දමය. ලංකාවේ වම ඉතිහාසය පුරා වමෙන් ඇවිත් දකුණට සිග්නල් දැමුවේය. වමේ නායකයින්ට හැමදාමත් වම දකුණ පැටලී තිබිණ. මේ පැටලිල්ල නිසා නිදහසින් පසු මේ රටේ පුරවැසියන්ගේ පරම්පරා කිහිපයකට අභාග්‍යසම්පන්න ජීවිත උරුම විය.  2024 ජනාධිපතිවරණයේ ජයග්‍රාහී සංසිද්ධිය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රභූ පැලැන්තිය නියෝජනය කළ දකුණට අයත් නොවූ සැබෑ වම ආණ්ඩු බලය සියතට ගැනීමය.

ජවිපෙ සහ ජාතික ජන බලවේගය විසින් නියෝජනය කරන ලද්දේ මේ රටේ වාමාංශික ව්‍යාපාරය බවත් ඔවුන් ලැබූ ජයග්‍රහණය සුවිශේෂී බවත් වාසුදේව නානායක්කාර පසුගියදා ප්‍රකාශ කර තිබිණ. වාසු 86 හැවිරිදි වියේදී එය තේරුම් ගෙන තිබේ. උපන් ගෙයි සිටම

දක්ෂිණාංශය නියෝජනය කළ වාසුලාගේ  පරම්පරාවේ පැරණිතම දේශපාලන පක්ෂ වූ ලසසප, කොප, නායකයෝ තවමත් එය තේරුම් ගෙන නැත. ඔවුන් මේ මොහොතේත් ඇදෙන්නේ පන්ති සහයෝගතාවාදය දෙසටය. ඔවුහු කොම්ප්‍රදෝරු ධනපතියන්ගේ ගජ මිතුරෝය. කොප ඩිව් ගුණසේකරලා

උදේනි සමන් කුමාර.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *