අලුතින් තේරී පත්දවූ ජාතික ජන බල වේගයේ මාලිමාව පාර්ලිමේන්තු මන්ත්ර්ර්රීවරු සහ විශේශයෙන් කැබිනට් ඇමතිවරු තීරනාත්මක ප්‍රශ්න සම්බන්ධව ජනමාධ්‍ය විසින් ඔවුන් වෙත ප්‍රශ්න යොමු කරන විට, ඒ සම්බන්ධව ඔවුන් කෙලින් ප්‍රතිචාර දැක්වීමට යම් දෙගිඩියාවක් දක්වන බව ජනමාධ්‍ය වේදීන්ගේ කවයන් දන්නා ප්‍රසිද්ධ රහසක් බවය පත්වී ඇත.
එවැනි අලුතින් පත්වූ එක් මන්ත්‍රීවරයෙකු පෞද්ගලික තොරතුරු සාකච්චා කිරීම සඳහා ජනමාධ්‍ය ආයතනයක් ඔහුව සම්බන්ධ කරගත්විට එම මන්ත්‍රීවරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ, එම තොරතුරු බෙදාගැනීමට පෙර පක්ශ මූලස්ථානය දැනුවත් කලයුතු බවයි. එවැනි තවත් සිදුවීමක් වූයේ, යූටියුබර්/ටෝක් ශෝ නිවේදිකාවක් සම්මුඛ සාකච්චාවක් සඳහා ඇමතිවරයෙකු වෙත ආරාධනා කිරීමට උත්සාහ කිරීමයි. අදාල නිවේදිකාව x සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ගැන සටහනක් තබමින් මෙම කාරනය ප්‍රසිද්ධියට පත්කර ඇත. තමා අදාල ඇමතිවරයාගෙන් සම්මුඛ පරීක්ශනයක් ඉල්ලා සිටි බවත්, සම්මුඛ පරීක්ශනයට පෙර ඔහුට මූලස්ථානයේ අවසරය අවශ්‍ය බවත් පැවසීමත් සමඟ තමා පුදුමයට පත්වූ බවත් ඇය පවසා තිබේ.
” ජාතික ජනබලවේගයේ මාලිමාව ස්ථාවරය මෙයද?” ඇය විමසා ඇත.
මේ කියන විදියට මාධ්‍යයට කථාවක් දීමට මූලස්ථානයෙන් අවසර ගතයුතු බව මාලිමාව මන්ත්‍රීවරු කියන්නේනම් එය සුලුකොට තැකිය හැකි දෙයක් නොවන්නේ මෙකී මන්ත්‍රීවරු පත්කර එව්වේ මූලස්ථානයෙන් නොව ජනතාවගේ චන්දයෙන් නිසාය. මැතිවරණයේදී ජවිපෙ නායකයින් කියා සිටියේත් අනතුරුව පත්වූ මාලිමාව 129 ක් වූ නියෝජිතයින් ලක්ෂ්මන් කදිරගාමර්ලා බවයි. නමුත් අප දන්නා පරිදි හිටුපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා මාධ්‍යවලට ප්‍රකාශ දීමේදී ඔහු අයත් පක්ෂයේ මූලස්ථානයෙන් අවසර ගෙන මාධ්‍යවලට ප්‍රකාශ දුන්නේ නැත. එතුමා ඉතාමත් නිදහස් පුද්ගලයෙකු ලෙස තම අදහස් මාධ්‍ය වලට ඉදිරිපත් කල කෘතහස්ථ දේශපාලකයෙකි. නමුත් මේ කියන මාලිමාවේ මන්ත්‍රීවරු මාධ්‍යයට අදහස් දැක්වීමටත් මූලස්ථානයෙන් අවසර ගතයුතුව අත්තේ ඔවුන් කට අරිනවිට කියවෙන දේවල් ගැන කිසියම්ම විශ්වාසයක් ඔවුන්ගේම පක්ෂ මූලස්ථානයටවත් නොමැති හෙයිනි.
(Lanka power news වෙත ඉහත News එක සඳසා ඇති කතෘ සටහන..)
නව රජය සඳහා පත්වී ඇත්තේ ඉතාමත් අලුත් සහ අත්දැකීම් අඩු පිරිසකි. එබැවින් ඔවුන් හට සැලකිය යුතු කාලයක් යම් යම් කාර්යයන් සඳසා පරිණතවීමට අවශ්‍ය බැව් අපි විශ්වාස කරමු. තවත් කරුණක් නම්, ජාතික ජන බලවේග මාලිමාව ආන්ඩුව තුල අරටුව ලෙස ස්ථාපනය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. ජවිපෙ යනුම ඉතාම මද්යගතවාදී ව්‍යුහයක් පවත්වාගෙන යන සහ එසේ ගිය පක්ශයකි. දැන් රාජ්‍ය බලය අලුතින් හෙබවීමේදීද ඔවුනට සුපුරුදු මද්‍යගත භාවය තුලින් එක් වරම මිදිය හැකියයි විශ්වාස කල නොහැක.
එහෙත් ඉතා කෙටි කාලයක් තුලදී ඔවුන් තම තමන්ගේ අඩුපාඩුකම් නිවැරදිකරගත යුතු අතරම, රාජ්‍ය බලය හෙබවීමේදී රජයක් ලෙසරැකගතයුතු සදාචාරයන් පිළිබඳව කෘතහස්ථ බවක් පෙන්විය යුතුය. එබැවින් අපගේ විශ්වාසයනම් මාලිමාව රජය ගනුලබන ජනතා විරෝධී, ප්රජාතන්ත්ර විරෝධි සහ සංවර්ධන විරෝධි ක්‍රියාවන් වලට විරුද්ධව මධ්‍යවේදීන් ලෙස අපි විවේචනය ගෙන එන අතරතුරම මෙවැනි අපහසුතා යම් කාලයක් ඉවසා සිටීමට අවශ්‍ය පරිනත භාවය අපද දියුනු කරගත යුතු බවයි.
ස්තූතියි.
Lanka Power News.
