අද 2025 අප්‍රේල් 5..!

image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_24fe63cdf6.jpg

අද බුකියේ බැලු බැලූ අත තියෙන්නේ ඒ යුග දෙකක් අතරේ ජනතා විමුක්ති පෙරමුණ වෙනස්වෙච්ච විදිය. දැඩි ඉන්දියන් විරෝධයක ඉඳල දැවැන්ත අනුගතවීමක් දක්වා ඔවුන් පරිණාමය වෙච්ච විදිය තමයි අද දවසේ බුකියේ හයිලයිට් එක. ජවිපෙ පැත්තෙන් ඒ ගැන ලොකු මතවාදී පැහැදිලිකිරීමක් නැහැ. හැබැයි අද නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා හමුවෙච්ච වෙලාවේ දෙන්න ඉතා සමීපව ගත්ත චායාරූපයක අනුරගේ මුහුණේ ජයග්‍රාහී හිනාවක් තිබ්බ. 

අත්සන් කරන්න යන කිසිම ගිවිසුමක් අපි කවුරුත් දැකලත් නැහැ. අන්තර්ගතය ගැන දන්නෙත් නැහැ. ජවිපෙ කියන්නේ මෙතෙක් ආණ්ඩු අත්සන් කළ හැම ගිවිසුමක් දිහාම සැකයෙන් බලපු, ඒ හැම ගිවිසුමක්ම ජනතාවට පෙන්නන්න කියල බලකරපු පක්ෂයක්. ඒ ජනතාව පැත්තෙන් පෙනීසිටිය පැරණි අතුරු මුහුණත ඔවුන්ට මේ දක්වා දිගු ගමනක් එන්න ප්‍රයෝජන උණා. 

නමුත් දැන් රතු කමිස වෙනුවට ටයිකෝට් දාල ජවිපෙ අලුත් සමාජ අතුරු මුහුණතක (interface) ගමන්කරමින් ඉන්නවා. අනුර මෝදී අගමැතිතුමා හම්බවෙන මොහොතේ තිබ්බ ජයග්‍රහණයේ සිනහවට යටින් අති දැවැන්ත පරාජයකුත් සනිටුහන් වෙනවා. සමහරවිට ඒක ඔහුට වැටහෙනවත් ඇති. නැතුවත් ඇති.

above image source-https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/deshaya/assets/uploads/image_17dd734281.jpg

මොකද අපි දන්නවා මෙවන් ඉන්දියන් – ලංකා ගිවිසුමක සියල්ල අපිට යහපත් විදියට අපේ පැත්තටම කැරකෙන්නේ නැහැ කියල. ඒකට ලොකු සමීකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවාසි දේවල් වෙනුවෙන් පෙනීසිටින්න අවශ්‍ය අතිශයින් වැදගත් දේශපාලනයක් අද සිට ආරම්භවනවා. 

ඉතිං අදින් පස්සෙත් දේශපාලනය පවතිනවා. පවතින්න වෙනවා. 

අද 2025 අප්‍රේල් 5.

මහේෂ් හපුගොඩ.

Author

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *