රාජවී, ඉරාන යකඩ ගැහැණීය..!
Maryam Rajavi ඉරාන රාජකීය ආන්ඩුවේ ටෙහෙරාන්හි ඉංජිනේරු පීඨයට ඇතුලත් වු විගසම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යය සංගමේ ක්‍රියාවන් වලට හවුල් වුයේ ඇයගේ වැඩිමහල් සොහොයුරාද විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යය සංගම් ක්‍රියාධරයෙකු වු නිසාය. Teheran නගරයෙහි වු Technology University එක තුලද සිරිලංකා දුපතේ Colombo lost university එකේ තිබු ස්වාධීන ශිෂ්‍යය සංගමය වැනි අමු ගොම ගොඩවල් එකල බිහිවී තිබු අතර එමනිසා එම විශ්වවිද්‍යාලය සිසුන් හට භයානක ස්ථානයක් විය. මෙවන් කුහක පිරිමින් රොත්තක් මැද Rajavi කැපී පෙනෙන ලෙස Shah පාලනයට එරෙහි ශිෂ්‍යය සංගමයක් තුල වැඩකටයුතු කලාය.

https://static.majalla.com/styles/1200xauto/public/2020/07/31/226851-1183052482.jpg?VersionId=6.C9I0PsRsqIfJjI_uewU8Yy79aJvyK6
ඇය ටික කලකින්ම ශිෂ්‍යය සංගමේ නායිකාව බවට පත්වුවාය. Rajavi විශ්වවිද්‍යාලයේ ඇතුල් වුයේ Teheran නගරයේ posh පවුලකින්ය. Technology University එකේ ස්වාධීන ශිෂ්‍යය සංගමයේ සිටි ග්‍රාමීය කුහක පිරිමින් සිදුකලේ ඇයව Mohammad Reza Shah පාලනය යටතේ පැවති “ප්‍රා “ වැනිවම වු para military එකක් වු SAVAk (The Bureau for Intelligence and Security of the State) එකට Rajavi ව පාවා දීමයි. Rajavi සැගවුනාය. ඇයගේ නිවසට ප්‍රහාරයක් එල්ල කල SAVAK කල්ලිය නිවසේ ඉතුරුවී සිටි Rajavi ගේ වැඩිමහල් සොහොයුරියව රැගෙන ගියෝය. මේ ඉරාන විප්ලවය දිගහැරෙමින් පවතින සමයයි.

රාහුල්ලා කොමිනිගේ සම්ප්‍රාප්තිය.
පැහැරගෙන ගිය Maryam Rajavi ගේ වැඩිමහල් සොහොයුරියව(Narges) ලණු වලින් බැද දමු Shah ගේ SAVAK භටයෝ ඇයට අමානුෂික වධ පමුණවමින් Rajavi සහ ඇයගේ සොහොයුරා සිටින තැන විමුසුවෝය. ඇය කටින් වචනයක් පිටකලේ නැත. මේ අතරතුර Rajavi ගේ සොහොයුරාව අල්ලා ගැනීමට SAVAK භටයෝ සමත් වුහ. සොහොයුරාව සොහොයුරිය ඉදිරියේ ඝාතනය කෙරුනේ දස වධ දීමෙන් අනතුරුවය. ඊලඟට ඇය දෙසට හැරුනු SAVAK භටයෝ ඇයවද ඝාතනය කලහ. නමුත් Rajavi පැවති Shah පාලනයට එරෙහි අරගලය දිගටම ක්‍රියාත්මක කලාය. විප්ලවය මහපාරේ සිදුවු අතර ආණ්ඩුව පෙරලුනි. ප්‍රංශයේ කුඩා නිවසක රටකජු කමින් සිටි Ruhollah Khomeini ප්‍රංශ DGSI ඔත්තු සේවාවේ ආරක්ෂාව මැද ඉරානයට පැමිණ ගුවන් යානයෙන් බිමට බසිනවා ඇය බලාගෙන සිටියාය. Ruhollah Khomeini ගුවන් යානයෙන් බිමට බැස airport එකේ කොන්ක්‍රිට් පොළොව සිප ගැනීමේ ගොං පාට් එක දැමුවේ නැත.
නමුත් Ruhollah Khomeini වෙනම පාට් එකක් දැමුවේය. ඔහු Velayat e faqih පාලනය ඉරානයට හදුන්වා දුන්නේය. ඔහු ආගමික Mullah පාලන තන්ත්‍රයක් ඉරානය තුල පිහිටු වුවේය. ඩෙනිම් jeans ඇදපු Rajavi හට දිගු ලෝගු පොරවා ගන්නට සිදු විය. එය කබලෙන් ලිපට වැටීමක් බදු විය.
පසුගිය සතිය තුල Khomeini ගේ පුත්‍රයා වු ඉරානයේ උත්තරීතර Mullah පාලකයාව ඇමෙරිකාව විසින් මරා දැමීම නිසා සිරිලංකා දුපතේ පල් තක්කඩින් සිරිලංකාවේ ගැහැනුන්ට පෙනෙන්නට විවීධ ශෝක ප්‍රකාශ Fakebook පිස්සන් කොටුවේ පලකර ඇති අතර සිරිලංකාවේ සිට කොල්ලෙකු මා හට call කර අයියේ කාටද “ ආර්යය” කියන්නේ කියා මාගෙන් විමසීය. සිරිලංකා දුපතේ දිග කලිසම් අදින basic literature නැති ගංකබරයින් කිහිප දෙනෙකු ඝාතනය වු Khomeini ගේ පුත්‍රයා “අර්යය” මිනිසෙකු බවට සදහන් කර ඇත.
ආර්‍යයන්ගේ සම්බන්ධතාවය.
ආර්යය විශේෂණ පදයක් වන්නේ ගෞතම බුදු දහම තුල පමණි. ඉන්දු යුරෝපීය දේශ සීමාව තුල ආර්යය යනුවෙන් විවිධ ජන කොටස් හැදින් වුනි. එලෙස ජන කොටස් විවිධ භුමි ප්‍රදේශයන් තුල segregation වීමට බලපෑ විවිධ භුදේශපාලනික හේතුන් ඇත. ඉන්දියාවේ ආර්යයන් සහ ඉරාන ආර්යන් අතර කිසිදු සබධතාවයක් නොමැත. Hitler ගේ ආර්යයන් සහ හින්දු ආර්යන් අතරද කිසිදු සබධතාවයක් නොමැත. අදුරු යුරෝපීය Medieval යුගය තුල ජීවත්වු යුරෝපීය ආර්යයන් සහ ඉරාන ආර්යයන් සහ හින්දු ආර්යයන් යන මේවා සමග කිසිදු සමානතාවයක් නැත.
මේවා වෙන වෙනම භුදේශපාලනික හේතුන් මත ඒ ඒ ප්‍රදේශ තුල වෙනමම segregated වු ජන කොට්ඨාශයන් වේ. ආර්යය ජන කොට්ඨාශ පිළිබදව පැහැදිලි කිරිමට මෙම post එක තුල මට ඉඩක් වෙන් කල නොහැක. මම කොලුවාට අන්තිමට මෙසේ කීවෙමි – චෙම්මිනි මීනී වල වැනි දේශපාලනිකව ඝාතනය කර වලදැමු සමුහ මිනී වලවල් දහයකටත් වඩා රට පුරා විසිරි ඇති දුපත දිග ඒ ගැන ප්‍රශ්ණ නොකරන ඒ ගැන ශෝක නොකරන කලිසම් අදින තක්කඩින් Khomeini ගේ පුත්‍රයාගේ මරණය පිළිබද ශෝක කරන්නේ සුදු දිග කකුල් ඇති ගැහැනියක් සමග සංසර්ගයේ යොදෘමට නොහැකි වු නිසාය.

විප්ලවයෙන් පසුව නව ඉරානයක් වෙනුවෙන් දෙවියන් විසින් පත්කර එවු Ruhollah Khomeini ගේ ඇසට Rajavi ලක්වීමට වැඩි කාලයක් ගතවුයේ නැත. Khomeini ගේ IRGC එකේ වෙනම section එකක් වු පැරා military කණ්ඩායමක මිනී මරුවෝ Rajavi ව හඹා යන්නට පටන් ගත්තෝය. Rajavi සැගවුනාය.
රාජවිගේ නැගණීයගේ ඉරණම.
Maryam Rajavi ගේ බාල සොයුරිය එංගලන්තයේ Newcastle university එකේ අධ්‍යාපනය ලබන අතර Amnesty International ආයතනය වෙනුවෙන් ස්වේඡාවෙන් වැඩ කලාය. Maryam Rajavi අල්ලා ගත නොහැකි වු නිසා Ruhollah Khomeini ගේ para military Rajavi ගේ බාල සොහොයුරියව අත්අඩංගුවට ගත්තේ ඇයගේ ගැහැනු දරුවන් දෙදෙනාත් සමගමය. ඇය මාස 8 ගැබිනඅයක් වු අතර Ruhollah Khomeini ගේ para military එක දුන් අමානුෂික වධ නිසා ඇයගේ දරු ගැබ ඇයට අහිමි විය. සිය ගැහැනු දරුවන් දෙදෙනා ඉදිරියේම දෙඅත් බැද දමා ඇයට අමානුෂික ශාරීරික වධ පැමිණවීම 1982 වසරේ සිට 1988 වසර 6 ක් සිදුවු අතර 1988 වසරේදි එක් දිනක විනාඩි 3 නඩුවක් අසා ඇයව එල්ලා මරා දැමුනේ දරුවන් දෙදෙනා ඉදිරියේදීමය. ඇය සිර කුඩුවේ සිටිද්දි 1985 වසරේදී දරුවන්ගේ තාත්තාව එල්ලා මරා දැමුනි. Rajavi ප්‍රංශයේ Paris city එකට පලා ගියේ ශික්ෂණය වු පිරිමින් අතර තමන් හට ආරක්ෂාවක් තිබු නිසාය. මේ අතර Shah ගේ පුත් Reza Shah අමෙරිකාවට පැන ගත්තේය.
Maryam Rajavi Paris city එකට යන විට Paris is burning !
Paris city එකේ පිරිමි බිම බඩගාමින් ගැහැනුන්ගේ අඩි උස සපත්තු වල heal එක ලෙව කමින් ලිංගික උත්තේජනයක් ලබමින් සිටියහ. අල්ලපු රටේ ඉතාලියේ Tinto Brass films නිෂ්පාදනය වෙමින් තිබුනි.
තෝරා බේරා සිදුකල මිනී මරුම් 30000 ක් පමණ Shah ගේ para military එක විසින් ඉරානය තුල සිදුනල අතර ඉට පසුව බලයට පත්වු Khomeini ගේ පුත්‍රයාගේ para military එක විසින් තවත් එවැනිම තෝරා බේරා සිදුකරන මිනී මැරුම් 30000 ක් පමණ සිදු කෙරුනි. ඇමෙරිකාවට පැනගත් Reza වැට වටේ කැරකී පිලිකන්නෙන් White House එක තුලට රිංගුවේය. Maryam Rajavi ප්‍රංශයේ විවිධ අධ්‍යයන කව තුලට රිංගා ගත්තාය.
රෙජීම් මාරුව.
2023 වසරේ Maryam Rajavi ඉතාලියට පැමිණියාය. European Parliament එකේ සැලකිය යුතු පිරිසක් ඇයව වටකරගෙන සිටිනු පෙනිනි. ඇය ඉරානයේ රාජ්‍යය සකස් විය යුතු දස පනතක් ඉදිරිපත් කලාය. එය progressive approach එකක් බව කා හටත් පැහැදිලි විය. ඇය ප්‍රබල ඩයස්පෝරාවක් සංවිධානය කරමින් සිටින බව මේ post එක ලියන මා හට දැතගත හැකිවිය. 2025 වසරේදී ඇය නැවත වරක් ඉතාලියට පැමිණි අතර ඒ වන විට Reza ඇමෙරිකාවේ CIA නියෝජිතයින් සමග Golf පිට්ටනි වල කැරකෙමින් සිටින බව Rajavi මෙන්ම මේ post එක කියවන අප කාටත් දැකගත හැකි විය. ඉරානයේ regime change එකකට යලි කාලය පැමිණ තිබේ. Rajavi ගේ එක් සොහොයුරියක් Shah විසින් මරා දැමුනු අතර අනික් සොහොයුරිය Khomeini විසින් මරා දමා තිබේ.
2025 වසරේදී Rome city එක තුල යුරෝපයේ බිෂෝප්ලා දම් පාට ලෝගු ඇදගෙන Maryam Rajavi ව වටකරගෙන සිටින අයුරු දැකගත හැකි විය. Maryam Rajavi මෙසේ කියුවාය –
Neither Mullah nor Shah we need, they both eradicate our humanness.
මෙය අසා ඇමෙරිකාවේ සිට ඉරානයේ regime change එක මෙහෙයවන Reza කලබල වුවේය. ඔහු Donald Trump ට මෙසේ කීවේය. මට ඉරානයේ ජනාධිපති වෙන්න ඕනේ නැහැ බලය හුවමාරු කරන එක හරියට කරන්න තාවකාලික තනතුරක් මට දෙන්න. Donald Trump තම සගයන්ට මෙසේ කීවේය – මිනිහ කතාවටනම් හොදයි ඒත් කවුද දන්නේ මිනිහට බලය ලැබුනයින් පසුව තාත්තා වගේම වෙයිද කියල.
දූපතේ ආතල්.
ඉරාන යුද්ධයේදි සිදුවිය හැකි නරකම දේ පිළිබදව පසුගිය සතිය තුලදී Trump ගෙන් දිගින් දිගටම ප්‍රශ්ණ කරනු ලැබිනි. ඉරානය දිනයිද ඇමෙරිකාව දිනයිද වශයෙන් සිරිලංකා දුපතේ ගොබ්බයින්ට තිබෙන ගොං ආතල් එක නොව මෙම ප්‍රශ්ණය Trump සීරියස් ගත් බවක් පෙනෙන්නට තිබේ. ඔහු මෙසේ කීවේය – අපි මොකා පත් කලත් මොකා ඔතනට ආවත් ටික කලක් යද්දී පරණ සෙල්ලමම දාවිද කියන බිය තමයි මට තිබෙන්නේ.
ඉරාන regime change එක මෙවර සිදුවිම හෝ සිදු නොවිම දෙකමට ලොකු ඉඩක් ඇත. නමුත් කවර කලෙක හෝ regime change එක සිදුවේ. පසුගිය ශතවර්ෂය තුල post colonial ඉරානය තුල වසර 40 -40 ට regime changes සිදුවන කලාවක් මවිසින් නිරීක්ෂණය කර ඇත.
දෙවියා එවන පුජක පිරිමියා සහ වෙළද පොලින් එවන ලෞකික පිරිමියා යන පාලකයන් ප්‍රභේද 2 තුලින්ම Maryam Rajavi ඇතුලු සියදහසක් ඉරාන කාන්තාවන්ට අමානුෂික වධ හිංසා සිදුවී තිබේ. මෙවරද ඉරානය තුල අරගලයක් ඇතිවීමට මුලිකම හේතුව වුයේ කොණ්ඩය පෙන්වීම නිසා ගැහැනියක්ව පුජකයින් විසින් මරා දැමීමය. එම නිසා Maryam Rajavi ගේ Aristotelian විසදුම වන්නේ ඉරානය පාලනයට ගැහැනියන් ඉදිරිපත් කිරිම වේ. අම්බානක බිජුහීනතාවයෙන් පෙලෙන ජන සමාජයක් බැවින් ඉරානය තුල එවැන්නක් සිදුකිරීම ලෙහෙසි පහසු නැත.
පුජකයාද ලෞකික පිරිමියාද නොව ප්‍රශ්ණය ඉට වඩා ටිකක් බැරෑරුම් බවක් පෙනී යයි. ඉරාන ගැහානිය දෙපැත්තෙන්ම බැට කා තිබේ. Trump තුල මෙන්ම Maryam Rajavi තුලද මෙම අවිනිශ්චිත භාවය තිබේ.

නමුත් White House එක ඇතුලේ උවමනාවටත් වඩා විනීතව කීකරුව සිටගෙන සිටින Reza pahalavi දැන් back down වීමට කැමැත්ත පලකර තිබේ. Regime change එකට දායක වීම මිසක් කිසිදු පාලන තනතුරක් තමා ඉරානය තුල බාර නොගන්නා බව Reza දැන් පවසමින් සිටි. Maryam Rajavi අභියස Reza පසුබැස නිකම් romantic වී තිබේ. මෙම පසු බැසීම මෙම romantic වීම තෙකරම් කාලයක් පවතීද ?
ලබන වසර 5 ඇතුලත Maryam Rajavi ඉරානයේ පාලන තන්ත්‍රය තුලට ඇතුලත් වේ යැයි උපකල්පනයක් කරමු. නමුත් ඉරාන පිරිමියා Rajavi දෙන දේ බාර ගැනීමට කැමතිද ? මෙම post එක කියවන පිරිමි ඔබ ඔබගේ බිරිඳ ඔබට දෙන දෙය බාර ගැනීමට කැමතිද ?
ධනවාදය තුල ගැහැණීය.
පුජකයාත් ලෞකික පිරිමියාත් ජීවත් වන්නේ ධනවාදය තුල බව අප විසින් සිහියට නගා ගත යුතුව තිබේ. Rajavi Paris city එකට යන විට Paris පිරිමියා පුදුම විධිහට හික්මවී nightclubs ඇතුලේ ගැහැනුන්ගේ උල් සපත්තු ලෙවකමින් සිටියේය. මේ අතර ඉරානයේ Teheran නගරයේ පුජකයා ගැබිනි මව් වරුන්ව එල්ලා මරා දමමින් සිටියේය. සිය මව ඩයි ගා කොණ්ඩේ රන් පැහැ කරගත් blonde කෙනෙකු වුවුත් Reza හට දැන් කොණ්ඩේ කලු ඉරාන ගැහැනුන් සියල්ලම මගේ අශෝකා මගේ විශාකා මගේ මල්ලිකා බවට පත් වෙමින් තිබේ. පිරිමියාගේ මෙම පසු බැසීම කෙතරම් කාලයකද ?
මේ සියල්ලෝම ධනවාදය තුල ගැහැනියට මුහුන දිය කොහැකිව දෙතට තුනට කැඩී යන පිරිමින් බවට පත් වෙමින් සිටිති. ධනවාදය තුල ගැහැනියකට මුහුනදීම මෙතරම් අමාරු වන්නේ ඇයි ?
සියලුම දේ වෙළදපොලින් මිලදී ගත හැකි නම් තව දුරටත් ගැහැනියක් සිටීමේ තේරුම කුමක්ද ? – Capitalism Discourse- Jacques Lacan .
